ස්‌පොන්ඩිලයිටිස්‌ ආත්‍රයිටිස්‌

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

රෝගය මූලික අවස්‌ථාවේදී හටගන්නා වේදනාවත් එක්‌ක ටික කලක්‌ ජීවත් වන විට ඔන්න දෙවැනි රෝග ලක්‍ෂණය හටගන්නවා. ඒ තමයි උදේ පාන්දර නැගිටින විට කොන්දේ වේදනාව වගේම කොන්ද සහ අත් පා දිග හැරගන්න බැරිව හයිවෙලා වගේ තත්ත්වයක්‌ දැනීම. රෝගය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගත් විට කොඳු ඇට පෙළ තවදුරටත් එහා මෙහා කරන්න බැරි වෙනවා. තවත් ටික කලක්‌ යද්දී ශරිරයේ බර අඩු වෙනවා. උණ ගතියක්‌ නිතරම ඇඟට දැනෙනවා. මහන්සියක්‌ දැනෙනවා. නිතර උණ ගතියක්‌ තිබෙනවා කියන්නේ ඇඟ තුළ රෝග තත්ත්වයක්‌ තිබීමයි.

ප්‍රශ්නය - පසුගිය සති ගණනාව තුළ අප ආත්‍රයිටිස්‌ රෝගය ගැනත් වෙනත් රෝග තත්ත්වයන් මගින් ආත්‍රයිටිස්‌ රෝගය හට ගන්නා අවස්‌ථා ගැනත් සාකච්ඡා කළා. පසුගිය සතියේදී අප විග්‍රහ කළේ ඇඟිලි ඉදිමීමේ රෝගය ගැනයි. මෙය කෙළින්ම ආත්‍රයිටිස්‌ රෝගය නොවුණත් එය ආත්‍රයිටිස්‌ තත්ත්වය දක්‌වා වර්ධනය වීමට තිබෙන අවස්‌ථා ගැන අපි සාකච්ඡා කළා. ආත්‍රයිටිස්‌ රෝග මාලාවේ, අප සාකච්ඡා කරන අවසන් ලිපියට අප එළැඹී සිටිනවා. Ankylosing Spondylitis නමැති රෝගය අප හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා

වෛද්‍ය වික්‍රමාරච්චි - හැකි සරලම ආකාරයෙන් මේ රෝගය ගැන මා විස්‌තර කරන්නම්. යුරෝපීයයන් නම් පහකින් හඳුන්වනු ලබන (මේ නම් බොහෝ විට සෑදී ඇත්තේ මධ්‍ය කාලීන යුගයේ මේ රෝගය වැළඳුන ප්‍රභූවරුන්ගේ නම්වලින්) වංශදාහය බෝ නොවන ශරීරය තුළම හටගන්නා ස්‌වභාවික ප්‍රතිශක්‌aතියේ ප්‍රතිඵලයක්‌. ඒ කියන්නේ ඔබේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්‌තිය ඔබේ ශරීරයට සතුරකු හැටියට සලකාගෙන එයට පහරදීමට පටන් ගන්නවා. සාමාන්‍ය පුද්ගලයකුගේ කෙළින් තිබෙන ඇට සැකිල්ලට හෙවත් ආක්‍ෂක අස්‌ථි පඳ්ඳරයට (axial Skeletonl) වංශදාහය නිසා ලොකු හානියක්‌ සිදු වෙනවා.

ප්‍රශ්නය - මොනවද ඒ හානි.....?

වෛද්‍ය වික්‍රමාරච්චි - ලොකුම හානිය තමයි කොඳු ඇට පෙළේ පුරුක්‌ එකිනෙකට හාවී කොඳු ඇට පෙළ ඇද වීම. අනෙක්‌ ආත්‍රයිටිස්‌ රෝග ප්‍රභේදවලට වඩා මෙය භයානක වන අතර, රෝගය නොසළකා හැරියොත් එසේ කරන රෝගීන්ගෙන් 50% 60% අතර ගණනක්‌ මිය යනවා. තවත් විශාල ප්‍රමාණයක්‌ කුදු වී දුක්‌ විඳිනවා.

ප්‍රශ්නය - මේ රෝගය හට ගන්නේ කවර වයස්‌ සීමාවකදීද? රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - වයස අවුරුදු 20 - 30 අතර කාලයේදී තමයි මුලින්ම රෝග ලක්‍ෂණ මතු වීමට පටන් ගන්නේ. පළමුවැනි රෝග ලක්‍ෂණය තමයි කොඳු ඇට පෙළ වේදනා දෙන්නට පටන් ගැනීම. එවිට තරුණ තරුණියන් වැඩිදෙනා කරන්නේ පේන් කිලර් පෙත්තක්‌ හෙවත් වේදනා නාශකයක්‌ අරගෙන වේදනාව මඟහරවා ගැනීම. ඔය පේන් කිලර් ඉතාම නරකයි. ඇඟ ඇතුලේ කිසියම් රෝග තත්ත්වයක්‌ තිබියදී ඊට අදාළ වේදනාව නැති කර දැමූ විට අර රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම මඟහැරී යනවා. වේදනාවක්‌ එන්නේ ලෙඩක්‌ තිබෙන නිසා නේ. ඉතින් ඒක මැඬපැවැත්වූවාට රෝගය තවදුරටත් වර්ධනය වෙනවා. මැදි වයසේ කෙනෙක්‌ නම් කොන්ද රිදෙනකොට වාත අමාරුවක්‌ කියා තෙල් ටිකක්‌ ගාගන්නවා. හැබැයි ගත යුතු නිවැරැදිම ක්‍රියා මාර්ගය තමයි සුදුසු වෛද්‍යවරයකු හමුවී රෝග නිශ්චය කර ගැනීම. එතැනදී සිංහල වෙදකමත් එකයි, ආයුර්වේදයත් එකයි. ඉංග්‍රීසි වෙදකමත් එකයි.

රෝගය මූලික අවස්‌ථාවේදී හටගන්නා වේදනාවත් එක්‌ක ටික කලක්‌ ජීවත් වන විට ඔන්න දෙවැනි රෝග ලක්‍ෂණය හටගන්නවා. ඒ තමයි උදේ පාන්දර නැගිටින විට කොන්දේ වේදනාව වගේම කොන්ද සහ අත් පා දිග හැරගන්න බැරිව හයිවෙලා වගේ තත්ත්වයක්‌ දැනීම. රෝගය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගත් විට කොඳු ඇට පෙළ තවදුරටත් එහා මෙහා කරන්න බැරි වෙනවා. තවත් ටික කලක්‌ යද්දී ශරිරයේ බර අඩු වෙනවා. උණ ගතියක්‌ නිතරම ඇඟට දැනෙනවා. මහන්සියක්‌ දැනෙනවා. උණ කියන්නේ රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌. නිතර උණ ගතියක්‌ තිබෙනවා කියන්නේ ඇඟ තුළ රෝග තත්ත්වයක්‌ තිබීමයි.

මේ තත්ත්වය තුළදි රෝගියා විවේක ගන්නවා නම් වේදනාව අඩු වෙන්න පුළුවන්. නමුත් යළි වැඩක්‌ පලක්‌ කරන්න පටන් ගත් විට පෙර කී වේදනාව එහෙමම එනවා. මේ රෝග තත්ත්වය එක කොඳු ඇටයක හෝ කොඳුඇට පේළියේම හෝ හට ගැනීමට ඉඩ තිබෙනවා. ඉන්පසු ඉඟටිය සහ උරහිස්‌වල ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌ හට ගන්නවා.

මේ රෝගයේ තිබෙන විශේෂත්වය තමයි වයස 18 ට පෙර හැදෙනවා නම් පාදයේ වළලුකර ආශ්‍රිත සන්ධි සහ දණහිස්‌ විශාල ලෙස ඉදිමීම. ඉන් පසු රෝගය ඇස්‌වලට පැතිරෙනවා. ඇස ඇතුළත අධික ලෙස රිදුම් දෙන්න පටන් ගන්නවා. ඊළඟට ඇස්‌ රතු වී ආලෝකය බලන්න බැරි වෙනවා. මිනිසුන් හිතන්නේ ආත්‍රයිටිස්‌ රෝගය හැදෙන්නේ සන්ධිවලට විතරයි කියා. දැන් බලන්න රෝගය දුරදිග යන හැටි.

ප්‍රශ්නය - මේ රෝගය සුවපත් කරන්න බැරිද?

වෛද්‍ය වික්‍රමාරච්චි - පුළුවන්. හැබැයි මුලදීම එය හඳුනා ගැනීම කළ යුතුයි. ප්‍රතිකාර පටන් ගත යුත්තේ එතැන් සිටයි. කොඳු ඇට පේළියේ පුරුක්‌ එකිනෙකට බද්ධ වීම මේ රෝගයේ ලක්‍ෂණයක්‌ බව මා මුලිනුත් කිව්වා. ඒ තත්ත්වය ඇති වුණොත් සැත්කම්වලට යන්න වෙනවා. මේ රෝගය සුවපත් කිරීම සඳහා පාරම්පරික සිංහල වෙදකම තුළ පත්තු, තෙල් සහ කසාය තිබෙනවා. රෝගය මුලදීම ආහාරවලින් ප්‍රවේශම් විය යුතුයි. කැල්සියම් සහ ප්‍රොaටීන බහුල ආහාර පාලනය කළ යුතුයි. එතැන් ඉඳලා හරියට බෙහෙත් ටික ශරීරයට ලැබුණාම ලෙඩේ සුවකර ගන්න පුළුවන්

සාකච්ඡා කළේ
අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments