අප රටට බුදුදහම දායාද කළ සාංචිය


බුද්ධ කාලයේ අවන්ති දේශය ලෙස හඳුන්වනු ලැබුවේ වර්තමානයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයයි. මෙහි අග නගරය බෝපාල් ය. එහි සිට කි. මී. 40 ක්‌ පමණ දුරින් සාංචි නගරය පිහිටා ඇති අතර. එය අයත් වන්නේ වීදිසා මැතිවරණ කොටසටයි.

එකල අවන්ති ජනපදයට අයත් වූ මෙහි මූලික පියවර වශයෙන් ධර්මය ප්‍රචාරය කරන ලද්දේ අසූමහා ශ්‍රාවකයන්ට අයත් මහා කච්චායනා මහ රහතන් වහන්සේය. උන්වහන්සේ ඇතුළු භික්‍ෂුහු මෙම සාංචි පුදබිමේ වැඩ සිට ඇත.

සාංචිය මුලින්ම ඉදිකළේ. ක්‍රි. පූ. 3 වැනි සියවසේදී අශෝක රජතුමා විසිනි. බිංදුසාරගේ පුත් අශෝක යුව රජකු ලෙස අවන්තියට පැමිණ වේදීස නුවර සිටුතුමාගේ දියණිය වූ දේවි කුමරිය විවාහ කරගෙන අවන්තියේ අග නගරය වූ උඡ්ඡේන්වල වාසය කළේය.

පසු කලෙක අශෝක රජුට දාව වේදීස දේවියට දරුවන් දෙදෙනකු ලැබුණු අතර එම දෙදෙනා මහින්ද හා සංඝමිත්තා ය. මෙසේ අවන්තියේ පාලකයා වශයෙන් කටයුතු කරද්දී බිංදුසාර රජුගේ අභාවයෙන් පසුව අශෝක රජුට නැවත පාඨලී පුත්‍රයට (අවන්ති නගරයට) යැමට සිදු වූ අතර ඔහු සමඟ වේදීස දේවිය ද ගිය බවට සඳහනක්‌ නොවේ. ඊට හේතුව වෛශ්‍ය කුලයේ කාන්තාවක වීම නිසා ඇය මාලිගාවට රැගෙන යැමට අශෝක රජු අකැමැති වීමයි.

කෙසේ වෙතත් අශෝක රජු සමඟ මහින්ද හා සංඝමිත්තා දරු දෙදෙනා ද අවන්තියට පිටත් කර යෑවූ වේදීස කුමරිය උඡ්ඡේන්වල නතර වූවාය. පසුව පාඨලි පුත්‍රයේ රජ වූ අශෝක තම රාජ්‍ය බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා අසල්වැසි රාජ්‍යයන් අල්ලා ගැනීමට මහා සංහාරයක්‌ දියත් කළේය. අවසන්වරට කාලිංග දේශය වූ වර්තමානයේ ඔරීසා ප්‍රදේශය යටත් කර ගැනීමට යුද වදිද්දී සිදු වූ මහා මිනිස්‌ ඝාතනයන් දැක සංවේගයට පත් අශෝක රජු පසු කලෙක දරුණු ක්‍රියා අතහැර ධර්මිෂ්ඨ වී ධර්මාශෝක ලෙසින් ප්‍රකට වී තම දරුවන් දෙදෙනා ද පැවිදි කළේය.

පසුව තුන්වැනි ධර්ම සංඝායනාව පවත්වා වෙහෙර විහාර මුළු දඹදිව පුරාම ඉදිකළ අතර අනතුරුව අශෝක රජු විසින් සාංචියට විශේෂ අවධානය යොමුකර එම පුදබිම තුළ මහා ස්‌ථූප, අශෝක ස්‌ථම්භය හා සංඝාවාසය නිර්මාණය කරන ලදී.

කාලයාගේ ඇවෑමෙන් 40 වසරක රාජ්‍ය පාලන කාලයකින් පසු ක්‍රි. පූ. 232 දී අශෝක රජු අභාවයට පත්විය. ඔහුගේ අභාවයෙන් පසු එම වෙහෙර විහාර ද විනාශයට පත්විය. තවද අශෝක රජුගේ බිසවක වූ තිස්‌ස රක්‌තාගේ පාලන කාලයේදී සම්බුදු සසුනට විශාල හානියක්‌ සිදුවිය.

නමුත් පසුව එළැඹුණු ශුංග රාජ්‍ය සමයේ එසේ විනාශ වූ වෙහෙර විහාර විශාල ගණනක්‌ යළි ගොඩනැඟුනි. ඒ අතර විනාශ වූ සාංචි ස්‌තූපයට ද යළි පණ ලැබිණි. අශෝක රජු විසින් ගඩොලින් නිර්මාණය කරනු ලැබූ සාංචි ස්‌ථූපය ශුංග රජු විසින් කළුගල් ආවරණයකින් යළි ගොඩනඟන ලදී.

ඉන් පසු එළැඹෙන්නේ සාතවාහන යුගයයි. එනම් ක්‍රි. පූ. පළමුවැනි ශත වර්ෂයේදී සාතවාහන රාජ්‍ය සමයේදී අද වන විට ලෝක උරුමයක්‌ බවට පත් වූ සාංචි තොරණ නිර්මාණය විය. සියුම් කැටයමින් නිම කළ තොරණ අසල ප්‍රතිමා හතරක්‌ ද මහා ස්‌ථූප සහිත විහාර ගෙය ද ගරාදි වැටවල් ද ගොඩනගා තිබේ.

7 වැනි ශත වර්ෂයේ සිට 12 වැනි ශත වර්ෂයේ මැද දක්‌වා වෙහෙර විහාර ගොඩනැඟුණ ද එම කාලයේදී ආක්‍රමණිකයෝ ද සාංචියට පහර දුන්හ. අනතුරුව 14 වැනි ශත වර්ෂයේ සිට 19 වැනි ශත වර්ෂය දක්‌වා සාංචිය කැලයෙන් වැසී ගියේය.

පසුව 1822 දී සාංචියට පැමිණෙන ජනරාල් ජොන්සන් මහතා ස්‌ථූපයේ බටහිර පැත්ත හෑරූ අතර එහි උඩ කොටස ගරා වැටී බටහිර තොරණ ද කැඩී බිමට පතිත විය. මේ අතර එම තොරණ ජොන්සන් විසින් එංගලන්තයට

රැගෙන යැමට උත්සාහ කළ ද කැප්ටන් ඒඩ්න් මහතාගේ විරෝධය හමුවේ එය නතර විය.

1851 දී පුරාවිද්‍යාඥයකු වූ ජනරාල් කණීම්හැම් හා කැප්ටන් මෙයිසි දෙදෙනා සාංචියට පැමිණ කැලෑවෙන් වැසී තිබූ සාංචිය එළි පෙහෙළි කොට එහි ඇති සෙල් ලිපි අධ්‍යයනය කොට ස්‌ථූප කැණීම් කරන ලදී. පසුව එහි තිබී මොග්ගලීපුත්ත තිස්‌ස තෙරුන් ඇතුළු රහතන් වහන්සේ දහනමකගේ ධාතුන් තැන්පත් කර තිබූ මංජුසා සහ සැරියුත් මුගලන් දෙනමගේ ධාතුන් තැන්පත් තිබූ කරඬු සොයා ගන්නා ලදී.

අනතුරුව 1861 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිට වූ අතර එතැන් පටන් 1912 දක්‌වා කාලය තුළ සාංචිය සංරක්‍ෂණය කරන ලදී. එම කාලයේදී සාංචියට පැමිණෙන ජෝන් මාර්ෂල් තුමා විසින් වසර 7 ක්‌ ම සාංචියේ දියුණුවට කළ කැපවීම අමතක කළ නොහැක. ඉන් පසුව සාංචි පුද බිමට උදා වූයේ හොඳ කලකි. මුස්‌ලිම් ජාතිකයකු ලබා දුන් ඉඩමක ෙච්තියගිරි විහාරයට ඔහු අතින්ම මුල්ගල් තැබීම සිදුවිය. එපමණක්‌ නොව එංගලන්තයට රැගෙන ගොස්‌ තිබූ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේ නැවතත් සාංචියට වැඩම කොට 1952 දී ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුතුමන් අතින් ඒවා තැන්පත් කිරීම හා ෙච්තියගිරි විහාරය විවෘත කිරීම සිදුවිය. ඒ 1952 වසරේ නොවැම්බර් මස අවසාන ඉරිදා ය. එය සිහිවීම පිණිස අද දක්‌වාම සෑම වසරකම නොවැම්බර් අවසන් ඉරිදා මෙම ධාතු ප්‍රදර්ශනය සිදු කෙරේ.

එකල සාංචි කඳු ගැටය පුරාම තාවකාලික කූඩාරම් ගසා නවාතැන් ඉදිකර ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළේ ඉතා දුෂ්කර වකවානුqවක්‌ පසු කරමිනි. වර්තමානයේ මෙය ආරක්‍ෂිත ගර්භයක තැන්පත් කර සේප්පුවක දමා තිබෙන අතර එහි යතුරු දිසාපති හා මහාබෝධි සංගමය සතු විය. විශේෂ පොලිස්‌ ආරක්‍ෂාව සහිතව පිටතට වැඩම කර ප්‍රදර්ශනයෙන් පසු වතාවත් කර යළි සවස එහි තැන්පත් කිරීම සිදුවේ.

ලොව අනෙකුත් බෞද්ධයන්ට වඩා ශ්‍රී ලාංකික අපට සාංචිය වැදගත් වන්නේ එය මුල් කරගෙන ශ්‍රී ලංකාව තුළ බුදු දහම ස්‌ථාපිත වීම නිසාය. එනම් 3 වැනි ධර්ම සංඝායනාව පවත්වා රටවල් 9 කට ධර්මය ප්‍රචාරය කළ අතර ශ්‍රී ලංකාවට වැඩම කරවීමට භාර වූයේ මිහිඳු මහ රහතන් වහන්සේටය. ඊට මාස කීපයකට පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සංඝමිත්තා තෙරණිය ද ශ්‍රී ලංකාවට වැඩම කළාය.

විශේෂයෙන්ම විහාරාධිපති හැඩිගල්ලේ පCඳ්C¹තිස්‌ස හිමියන් එදා පුංචි කාමරයක වැඩ සිට දුෂ්කර දිවියක්‌ ගෙවමින් සාංචි පිංබිමේ දියුණුවට කළ කැපවීම අගනේය. එපමණක්‌ නොව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්‌ස නාහිමියන්ගේ උත්සාහය නිසා බෞද්ධ සහ ඉන්දීය අධ්‍යයන කටයුතු සම්බන්ධ බෞද්ධ විශ්වවිද්‍යාලයක්‌ ඇති කිරීමටත් මහාබෝධි සංගමයේ නිර්මාතෘ වන අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවක්‌ ෙච්තියගිරි විහාරයේ ස්‌ථාපිත කිරීමට පියවර ගැනීම ද පැසසිය යුතුය.

සුරංග පෙරේරා
ඉන්දියාවේ සාංචි නගරයේ සිට

Post a Comment

0 Comments