වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය.
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
ප්රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළා රණවරා ගසේ පස් පංගුවෙන් දියවැඩියාව සුව කර ගන්නා ආකාරය. මේ ගසේ තිබෙන ඖෂධීය ගුණය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවාද?
පිළිතුර - ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පෙර වැදගත් දෙයක් පැහැදිලි කර දිය යුතුයි. රණවරා ගසේ පස් පංගුව කියන්නේ කුමක්ද කියා. පසුගිය සතියේ සියයකට වැඩි පිරිසක් දුරකථන ඔස්සේ මගෙන් විමසීම් කළා. මෙයට අවුරුදු 30 කට පෙර මේ ප්රශ්නය මතු වුණා නම් හැමෝම දන්නවා ගසක පස් පංගුව කියන්නේ කුමක්ද කියලා. එහෙත් අද ශාක වර්ග කෙළින්ම යොදා ගෙන කරන වෙදකම ක්‍රමයෙන් අභාවයට ගොස් ඇති නිසාත්, ශාක වර්ග සොයාගෙන බෙහෙත් සාදා ගැනීමට ජනතාවට කාල වේලාව නැති නිසාත් ගසක පස් පංගුව ගැන දැන ගැනීමේ වුවමනාව නැතිව ගොස් තිබෙනවා. රණවරා ගසේ පස් පංගුව කියන්නේ මුල්, කොළ, පොතු, මල්, ගෙඩි යන කොටස්වලටයි. මේවා සෝදා පිරිසිදු කර තම්බා බීමට හැකි නම් ගුණදායක බව ඉහළින්ම ලබා ගත හැකියි. එහෙත් අමු ගස් වර්ග වෙළෙඳපොළෙන් ලබා ගැනීමට බැරි නිසා වියළි ගස් වෙත නැඹුරු වීමට සිදුව තිබෙනවා.
රණවරා ගස ගැන විද්‍යාත්මක පරීක්ෂණ කිරීම ගැන දැන් ඔබට කියන්නම්. රණවරා ගසේ උද්භද විද්‍යාත්මක නාමය වන්නේ Senna auriculata යන්නයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල සමුද්‍රdසන්න ප්‍රදේශවල සහ වියළි කලාපයේ රණවරා ශාකය හැදෙනවා. රණවරා ගස තුළ cardiac glucoside රසායනිකය බහුලව තිබෙනවා. එසේම ගසේ පත්‍ර සහ පොතුවල anthraquinones සහ Tanin අන්තර්ගත වනවා. මෞත්‍රවාහිනී පද්ධතියේ රෝග සහ මළ බද්ධයට මේ ශාකයේ යුෂ මගින් ප්‍රතිකාර කළ හැකියි. එසේම උණ සහ දියවැඩියාවටත් මේ ශාකයේ සාරය ඖෂධයක් හැටියට යොදා ගැනීමට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සිදු කෙරෙනවා. බඩවැලේ රෝගවලටත් ප්‍රතිකාර කිරීමේදී රණවරා ශාකය වැදගත් වනවා. ඒ මෙහි තිබෙනLaxatives රසායනික ද්‍රව්‍ය නිසයි. රණවරා ඇටය වියළා කුඩු කර සාදා ගන්නා සිහින් කුඩු මගින් ඇස්වල හදිසි රතුවීම නැතිකර ගන්නට පුළුවන්. අප්‍රිකාව තුළ රණවරා ගස බහුලව යොදා ගන්නේ (දියවැඩියාවට අමතරව) රූමැටික උණ සහ ගොනෝරියා වැනි සමාජ රෝගය සුවපත් කර ගැනීමටයි. එසේම රක්ත වාතයට ප්‍රතිකාර කරන්නටත් රණවරා ගසේ පස් පංගුව යොදා ගන්නවා. රණවරා යුෂවල විෂබීජ නාශක ගුණයක් තිබෙන බව විද්‍යාගාර පර්යේෂණ මගින් ඔප්පු කර තිබෙනවා.
ප්රශ්නය - දියවැඩියාවට අමතරව පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමය මගින් සුවපත් කළ හැකි වෙනත් රෝග මොනවාද?
පිළිතුර - ප්‍රමේහ රෝග හෙවත් ආතරයිටීස් වර්ගයේ රෝග, පිළිකා සහ වණ, ආහාර අසාත්මිකතා රෝග, හතිය, ඇදුම ඇතුළු ශ්වසන රෝග, චර්ම රෝග. වකුගඩු රෝග, අක්මා රෝග යනාදිය සිංහල වෙදකම මගින් හොඳ කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සිංහල වෙදකමට පමණක් ආවේණික සුවිශේෂී කැඩුම් බිඳුම් වෙදකමක් තිබෙනවා. හොරිවිල වෙද මහත්තයා ජීවතුන් අතර සිටියදී මේ වෙදකම ව්‍යවහාර කළා. එය තනිකරම ශාකසාර ආශ්රයෙන් කළ වෙදකමක්. කැඩුණු ඇට හා කරන්නට ඒ වෙදකමට පුළුවන්.
අසාත්මිකතාව කියන්නේ අපේ රටේ බහුලව තිබෙන ලෙඩක්. සමහරු ඉන්නවා ආහාරයක් ගත් විට ඇඟේ පලු දානවා. තව සමහරු ඉන්නවා පලතුරු කෑ විට හෝ පලතුරු යුෂ පානය කළ විට හුස්ම ගන්න බැහැ. එක්කෝ උගුර ඉදිමෙනවා. නැත්නම් පෙණහළු ඉදිමෙනවා. ශ්වසන පද්ධතිය ඉදිමුනාම හුස්ම හිරවෙනවා. එවිට රෝගියා තුළ මරණ භය ඇතිවෙනවා. වැඩි දෙනා කියන්නේ මේක ශාරීරික තත්ත්වයක් කියලයි. ඒත් මෙහෙම වෙන්නේ විෂක් ශරීරගත වුණාම. සමහර විට ඒ විෂ ශරීරගත වෙන්නේ අද නොවෙයි. අවුරුදු පහකට දහයකට ඉස්සර වෙන්න පුළුවන්. ඒත් ඒක පිට දාන්නේ අද. උදාහරණයක් කියන්නම්. මීට මාස කිහිපයකට ඉස්සර මා හමුවීමට ආවා රෝගී තරුණියක්. ඇයට තිබුණේ අසාත්මිකතාවක්. හිටි ගමන් ඇඟේ පලු දැමීම, ඇඟ කැසීම වැනි දේවල් ඇයට හට ගන්නවා. ඇය පරීක්ෂා කර නාඩි බැලුවම මට තේරුණා ඇගේ ශරීරය තුළ කිසියම් විෂක් තිබෙන බව. ඉතින් මා ඇගෙන් ඇහුවා මීට කලකට පෙර නයෙක්, ගරුඬෙක්, පත්තෑයෙක්, පොළඟෙක් වැනි සතෙක් ඇයට දෂ්ට කළාද කියලා. එහෙත් ඇය කිව්වේ එසේ නොවන බවයි. අන්තිමේදී මම ඇහුවා අඩු ගණනේ ගැරඬියෙක්වත් ඇයව කෑවාද කියලා. එවිට තමයි ඇයට මතක් වුණේ අවුරුදු 5 කට ඉස්සර මල් පෝච්චියක සිටි ගැරඬියෙක් ඇයට දෂ්ට කළ බව. ගැරඬියෙක් දෂ්ට කළාම වෙන කිසිම සතෙක් ඒ පුද්ගලයාව දෂ්ට නොකරන බවට කතාවක් තිබෙනවා. එසේම ගැරඬියා විෂ සහිත සතෙකු නොවන බවත් කියනවා. ඒ නිසා ඇය මේ සිද්ධිය ගණන් ගෙන නැහැ. හැබැයි ඒ විෂ ඇගේ සිරුර තුළ වසර ගණනාවක් තිබිලා පසුගිය මාසය තුළදී මතු වෙන්න පටන් ගත්තා. මම ඇයට ශාක සාර අඩංගු බෙහෙත් මාලාවක් නියම කළා. සිංහල බෙහෙත් වලින් ලෙඩක් නිට්ටාවට සුව කරන්න නම් රෝගියා පැවතිය යුතු, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. අපත්‍ය ආහාර නොගැනීම, අවේලාවේ නෑම දේ නොකළ යුතුයි. ඒ වැඩපිළිවෙල අනුව බෙහෙත් බීපු ඇය මාසයක පමණ කාලය තුළ සුවපත් වුණා.
මේ අතර පසුගිය දවසක මා හමුවෙන්න රෝගියෙක් ආවා. ඔහුට අවුරුදු 10 ක සිට ඇඟ කසන රෝගයක් තිබෙනවා. අඩුම ගණනේ හාල්මැස්සෙක්වත් කන්න බැහැ. මේ තත්ත්වය දරා ගන්න බැරි තැන තමයි ඔහු මා ළඟට ආවේ. පළමුවැනි සතියේ බෙහෙත් පන්තිය ගැනීමෙන් පසු ඔහු මා වෙත ඇවිත් කිව්වා අවුරුදු 10 කට පස්සේ මුල් වතාවට සාලයෙක් කන්න පුළුවන් වුණා කියලා. ඔහුගේ රෝගය වැළඳිලා තිබුණෙත් පිටතින් ශරීරයට ඇතුළු වූ විෂ වර්ගයක් නිසයි.
ඇදුම, හතිය, දද, කුෂ්ඨ හට ගන්නේ මෙහෙමයි
අධි සංවේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඔබ තුළ තිබේ නම් එහි ඊළඟ පියවර වන්නේ ඔබ අසාත්මිකතා රෝගියකු බවට පත්වීමය.
මෙවැනි රෝග තත්ත්වලට බෝ නොවන allergic diseases යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ. බටහිර වෛද්‍ය විද්‍යාව මගින් මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය මගින් ද අර්ථකථනය කරන ආකාරයට allergic රෝග තත්ත්වයන් කිහිපයක් පහතින් සඳහන් කරමු.
Hay Fever - අප අවට තිබෙන වාතයෙහි පවත්නා අසාත්මික ද්‍රව්‍ය, එනම් දූවිලිs, මල් පරාග, දුම් වර්ග, විෂ සහිත වායු යනාදිය ආඝ්‍රාණය කරන විට අධි සංවේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති තැනැත්තා තුළ නාසය හිරවීම, කිවිසුqම් යැම, නාසය රතු පැහැ වීම සහ කැසීම, ඇස්වලින් කඳුළු වැගිරීම, ඇස් කැසීම, ඇස් වටා ඉදිමීම යන තත්ත්වයන් හට ගනී. මේ තත්ත්වය වර්ධනය වූ විට හතිය හෝ හුස්ම ගැනීමට අපහසු තත්ත්වයක්, සංසන්ධිත ප්‍රදාහය හෙවත් allergic conjuctivitis තත්ත්වය දරුණු ලෙස අත් පා කැසීම යනාදිය හටගනී.
ආහාර අසාත්මිකතා - ආහාරයක් අසාත්මික වූ විට එමගින් දිව ඉදිමීම, වමනය, පාචනය, කුෂ්ඨ රෝග, හුස්ම ගැනීමේ අපහසුව, රුධිර පීඩනය පහත වැටීම යනාදිය සිදු වෙයි. මෙය anaphylaxis යනුවෙන් හඳුන්වන අතර ආහාර විෂ වීමක් නොවන බව වටහා ගත යුතුය.
Atopic dermatics - සම මත හට ගන්නා කුෂ්ඨ රෝග තත්ත්වයකි. කැසීම හට ගන්නා ප්‍රදේශය රත් පැහැ ගැන්වී ඉදිමී, සම ඉරිතැලී යැම හටගනී. කැසූ විට සුදු පැහැති දියරයක් සම තුළින් උනන්නට පටන් ගනී. ළමා කාලයේ සිට පටන් ගන්නා මෙකී අසාත්මික තත්ත්වය රෝගියා වියපත් වීමත් සමඟම වැඩි වී කැසීම හටගන්නා ප්‍රදේශය ගන වීම සිදුවෙයි. මේ කුෂ්ඨ රෝග තත්ත්වය හටගන්නා ප්‍රධාන ප්‍රදේශ වන්නේ වැලමිටි පිටත සහ ඇතුළත ප්‍රදේශයය. වියළි කාලගුණය, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම යනාදියෙන් මෙන්ම ජානමය උරුමයෙන් ද මෙය හට ගැනීමට පුළු වන.
අසාත්මික ඇදුම - පෙණහලු තුළ ඇති වායු නාල අවහිර වීමේ රෝගයක් වන ඇදුම රෝගයෙහි ප්‍රධාන ලක්ෂණ වන්නේ හතිය, කැස්ස සහ ඉක්මනින් හුස්ම ගැනීමය. මෙය සති පතා, සතියකට කිහිපවරක් හෝ දිනපතා, දිනකට කිහිපවරක් හෝ හට ගනී. මහන්සි වූ විට සහ රාත්‍රී කාලවලදී මෙකී රෝග තත්ත්වය වැඩි වෙයි. ඇදුම හට ගැනීමට හේතු දෙකක් පෙන්වා දෙයි. පළමුවැන්න ජානමය උරුමය ය. දෙවැන්න පාරිසරික හේතු ය.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා
0759061771 අංකයට කතා කරන්න.
සාකච්ඡා කළේ
අශේන් රඹකොස්වැව
0 Comments