අංශභාගය සුව කරන ක්‍රමවේදය


ප්‍රශ්නය (- ආඝාතය හෙවත් අංශභාගය හට ගන්නේ මොළයේ කොටසක ක්‍රියාකාරිත්වය හදිසියේම ඇනහිටීම නිසා බව මේ වන විට අප දන්නවා. මෙවිට ශරීරයේ එක්‌ අංශයක කොටස්‌ එනම් අත්, පා, මුඛයේ පැත්තක්‌ යනාදිය අප්‍රාණික වන බව ඔබ අපට පැහැදිලි කළා. මොළයේ ක්‍රියාකාරිත්වය නවතින්නේ මොළයේ ඇති නහරයක්‌ තුළ ලේ කැටියක්‌ සිරවීම නිසා බවත් පසුගිය සතිවල හෙළි කෙරුණා. එවැනි තත්ත්වයක්‌ මගින් මොළයේ පටක හානි වුණාම නැවත යථා තත්ත්වයට පත් වෙනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - සමහර විට සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. තවත් විටෙක විනාශ වූ පටකයේ කොටසක්‌ විතරක්‌ සුව වෙනවා. තවත් සමහර අවස්‌ථාවල සුව වීමක්‌ වෙන්නෙම නැහැ. එහෙත් අංශභාග රෝගීන් සම්පූර්ණයෙන්ම හෝ යම් ප්‍රමාණයකින් සුවපත් කිරීමේ හැකියාව පාරම්පරික සිංහල ආයුර්වේදය සතුව තිබෙනවා. එසේ සුවපත් වී මුලින්ම තම පෞද්ගලික කටයුතුත්, ඊළඟට ජීවනෝපාය සලසා ගැනීමත් කරන්නට ඔවුන්ට පුළුවන්. හැබැයි මෙය එක්‌ රැයකින් කරන්නට බැහැ. ක්‍රමානුකූලව ඖෂධ සමඟ කළ යුතු දෙයක්‌ මේක.

ප්‍රශ්නය - රෝගියාගේ මොළයේ පටක සදහටම මියගිය විට මොකද කරන්නේ?

වෛද්‍ය වික්‍රමාරච්චි - ආඝාතය නිසා මොළයේ 100% ක්‌ම මිය යන්නේ නැහැ. කොටසක්‌ පමණයි හානියට පත් වෙන්නේ. එසේ හානිවන කොටස්‌වලත් ඇතැම් තැන් තිබෙනවා සම්පූර්ණයෙන්ම හානියට පත් නොවූ සහ කිසිදු හානියක්‌ සිදු නොවූ. සුදුසු ඖෂධීය ප්‍රතිකාර සහ ව්‍යායාම මගින් මේ කොටස්‌ ක්‍රියාත්මක කරගත් විට සම්පූර්ණයෙන්ම මියගිය පටකවලට අයත් සමහර දේවල් ඒවාට පුරුදු කළ හැකියිs. ඒ නිසා දැන් අංශභාගය කියන්නේ පොඩ්ඩක්‌වත් බිය විය යුතු ලෙඩක්‌ නෙවෙයි. මෙසේ සුවපත් වූ රෝගීන් ගැන මට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා.

ඒ සඳහා සුදුසු ප්‍රතිකාර මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මෙහිදී වැදගත් යමක්‌ සඳහන් කළ යුතුයි. මොළයේ පටකයක්‌ මියගියාට එම පටකය සමඟ සම්බන්ධ, එහෙමත් නැත්නම් එම පටකයේ විධි විධානවලට අනුව ක්‍රියා කරන මාංශ පේශි මිය යන්නේ නැහැ. සිදු වන්නේ පටකවල විධානය නැතිව මාංශ පේශි නිශ්චල වීමයි. මෙසේ එක්‌තැන් වන මාංශ පේශි යළි ක්‍රියාත්මක කර ප්‍රාණවත් කරන්නට නම් ශරීරයේ පිටතින් ආලේප කරන තෙල් වර්ග වගේම ඇතුළතට දෙන ඖෂධ වර්ගත් තිබෙනවා. උදාහරණයක්‌ ලෙස පංචකර්ම ප්‍රතිකාර ගත හැකියි. මොනවා කළත් රෝගියාගේ සහභාගිත්වය සහ උනන්දුව නැත්නම් කිසිවක්‌ කරන්නට බැහැ. 

ප්‍රශ්නය - මාංශ පේශින් පාවිච්චි නොවී තිබෙන විට "ගල් වෙනවා" කියලා සමහරු කියනවා. 

වෛද්‍ය වික්‍රමාරච්චි - එවැනි ගල් වීමක්‌ වෙන්නේ නැහැ. සිදු වන්නේ වැඩ නැතිව ඉන්නට සිදුවීම නිසා පේශි දැඩි බවට පත්වීමයි. මෙසේ දැඩිවූ පේශි ලිහිල් කර ගැනීමටත්, නිකම්ම තිබීම නිසා ප්‍රමාණයෙන් කුඩා වීමේ තර්ජනයට මුහුණදෙන පේශි යථා තත්ත්වයට පත්කර ගැනීමටත් යොදා ගන්නා චිකිත්සාවන් ආයුර්වේදයේ තිබෙනවා. මෙයට කියන්නේ අභයංගත චිකිත්සාව කියලයි. ඒ හා සමාන චිකිත්සා ක්‍රමයක්‌ පාරම්පරික සිංහල වෙදකමෙත් තිබෙනවා.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us