පුරස්‌ථිත පිළිකාව වළක්‌වාගන්නේ කොහොමද?

ප්‍රශ්නය - පුරස්‌ථිත ග්‍රන්ථයේ හටගන්නා ආසාදනයක්‌ සහ එම ග්‍රන්ථය ඉදිමීම හෙවත් Prostate Enlargement යන කාරණය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ අප ඔබ සමඟ සාකච්ඡා කළා. ඒ අතර පාඨකයන් කිහිපදෙනෙක්‌ අපට දන්වා තිබුණා පුරස්‌ථිත ග්‍රන්ථයේ පිළිකාව හෙවත් Prostate -cancer ගැන ලිපි පෙළක්‌ පළ කරන ලෙස. මොකද්ද මේ පුරස්‌ථිත ග්‍රන්ථයේ පිළිකාව කියන්නේ?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර -Carcinoma of the Prostate ලෙස හැඳින්වෙන මෙය හට ගන්නා ඉJද්‍රිය පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් වැදගත්ම ඉන්ද්‍රියක්‌ වන පුරස්‌ථිතය බව ඔබ දන්නවා. ශුක්‍රානු සඳහා අවශ්‍ය ශ්‍රාවය නිෂ්පාදනය කරන්නේ පුරස්‌ථිතය තුළයි. මේ පිළිකාව තරුණ වියේදී වැළඳුනොත් පුරුෂ ප්‍රජනන පද්ධතියට විශාල හානියක්‌ සිදු වෙනවා. පුරස්‌ථිත පිළිකාව සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ ඉතා සෙමින්. එහෙත් සමහර අවස්‌ථාවලදී එය ක්‍ෂණිකව වර්ධනය වෙනවා.

ප්‍රශ්නය - මෙය ශරීරයේ වෙනත් තැන්වලටත් පැතිරෙනවාද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ඔව්· පුරස්‌ථිති පිළිකා සෛල එම ග්‍රන්ථයේ සිට ශරීරයේ වෙනත් තැන්වලට පැතිරීමේ අවදානමක්‌ තිබෙනවා. විශේෂයෙන් ම lymph nodes හෙවත් වසා ග්‍රන්ථි සහ අස්‌ථිවලට තමයි මෙකී පැතිරීමේ අවදානම තිබෙන්නේ. මේ රෝගයේම රෝග ලක්‍ෂණ තිබෙන තවත් රෝගයක්‌ තිබෙනවා. ඒ තමයි BPH හෙවත් අපි පසුගිය සතිවල කතා කළ ප්‍රත්ථිත ග්‍රන්ථය ඉදිමීමේ රෝගය. හැබැයි එය පිළිකා තත්ත්වයක්‌ නොවෙයි.

ප්‍රශ්නය - ප්‍රරස්‌ථිත පිළිකාවට අදාළ රෝග තත්ත්ව මොනවාද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මුත්‍රා පහවන වාර ගණන ඉහළ යනවා. එසේම රාත්‍රි කාලයේදී මුත්‍රා කරන වාර ගණන වැඩි වෙනවා. 

මුත්‍රා කිරීම පටන් ගැනීම දුෂ්කර වන අතර මුත්‍රා පිටවන ප්‍රමාණය ඒකාකාර රටාවකින් වෙනස්‌ව සිහින් හෝ කඩින්කඩ පිටවන මුත්‍රා ධාරාවක්‌ බවට පත් වෙනවා. ඊළඟට මුත්‍රා කිරීමේදී වේදනාවක්‌ හට ගන්නවා. ඒ අතර මුත්‍රාවලට ලේ මිශ්‍ර වෙනවා. කොහොම වුණත් රෝගීන් තුනෙන් දෙකකට රෝග ලක්‍ෂණ නැතිව මේ පිළිකාව වර්ධනය විය හැකි බවයි පිළිගැනීම.

පුරස්‌ථිත ග්‍රන්ථයේ පිහිටීම මුත්‍ර වාහිනියට සහ මුත්‍රා බොක්‌කට කෙළින්ම බලපානවා. පුරස්‌ථිත ග්‍රන්ථය ඉදිමෙනවා නම්, එහෙමත් නැත්නම් එහි පිළිකාමය තත්ත්වයක්‌ හට ගන්නවා නම්, එහි පීඩනය මුත්‍රා වාහිනියට එල්ල වෙනවා. පුරස්‌ථිත පිළිකාවලදී මුත්‍රා පහ කිරීම දුෂ්කර වීමට හේතුව එයයි. මෙවැනි පිළිකාවක්‌ මගින් ලිංගික ජීවිතයට විශාල බාධාවක්‌ ඇති වෙනවා. පළමුවන බාධාව තමයි ලිංගික අකර්මන්‍යතාව. දෙවැන්න තමයි ශුක්‍ර පහවන විට අධික වේදනාවක්‌ හට ගැනී. මේ වේදනාව නිසා සංසර්ගයේ යෙදීමට අවශ්‍ය පූර්ව මානසික මට්‌ටම හීන වී බියක්‌ ඇතිවන නිසා එමගින් ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට පුළුවන්. මේ අතර පුරස්‌ථිත පිළිකාව නිසා ශරීරයේ කෂේරුකාවේ අස්‌ථිවල බලගතු වේදනාවක්‌ හටගන්නවා. උකුල් ඇට සහ ඉල ඇට රිදෙනවා. කෂේරුකාව තුළ ව්‍යාප්ත වන පිළිකාව නිසා සුෂුම්නාව තෙරැපී ගොත ගැසීම, හරිහැටි ඇවිද ගැනීමට බැරිවීම, මුහුණේ පේෂිවල අසමතුලිතතා හට ගැනීම ඇති වෙනවා.

ප්‍රශ්නය - ඉහත සඳහන් පිළිකා තත්ත්වය හට ගැනීමට ඉවහල් වන රෝග කාරක මොනවාද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - පුරස්‌ථිත පිළිකාවට හේතුවන කාරණාව ස්‌ථිර වශයෙන් ම මෙය කියා කියන්න බැහැ. එහෙත් මූලික හේතු විය හැක්‌කේ ස්‌ථුලභාවය, වියපත් වීම සහ පවුලේ ඉතිහාසය තුළ මේ රෝග තත්ත්වය සහිත අය සිටීම විය හැකියි. එවිට එය ජානමය උරුමයෙන් එන තත්ත්වයක්‌ වෙනවා. තවත් කාරණයක්‌ තමයි පියාට හෝ සහෝදරයාට පුරස්‌ථිත පිළිකාවක්‌ තිබෙනවිට එම පවුලේ හැම පිරිමියකුටම එම පිළිකාව හට ගැනීමට ඇති අවස්‌ථාව දෙගුණ වෙනවා. මාමාට හෝ බාප්පාට එම පිළිකාව තිබෙන විට ඥති පුත්‍රයාට එය හට ගැනීමට තිබෙන අවස්‌ථාව පහෙන් එකයි. කලු ජාතිකයන්ටත් මේ පිළිකාව හට ගැනීමේ ප්‍රවණතාව වැඩියි. හැබැයි වැදගත් ම දේ තමයි හඳුනාගත් අලුත්ම ආයුර්වේද ඖෂධ මගින් මේ පිළිකාව සුව කිරීමට තිබෙන හැකියාව.

Post a Comment

0 Comments