ආත්‍රයිටිස්‌ සුව කරන කෝමාරිකා සත්කාරය


ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය නැසීම සඳහා කෝමාරිකා හෙවත් Aloevera නමැති ඖෂධීය පැල වර්ගය ඉතා යෝග්‍ය බව පසුගියදා ඉන්දියාවේ පළවූ ආයුර්වේද පර්යේෂණ පත්‍රිකාවක සඳහන්ව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - කෝමාරිකා කියන්නේ අපේ රටේත් ඉන්දියාවේත්, ඊජිප්තුවේත් ගැමි වෙදකම, එහෙමත් නැත්නම් පාරම්පරික වෙදකම තුළ ප්‍රමුඛස්‌ථානයක්‌ ලැබුණ පැළයක්‌. ඉපැරැණි මිසරයේ වෛද්‍යවරුන් කෝමාරිකා පැළය හැඳින්වූවේ සදාකාලික බවේ පැළෑටිය කියලයි. ඒ අනුව මිසර රජවරුන් මිය ගියාම ඔවුන්ගේ සිරුරු තැන්පත් කරන පිරමීඩ තුළ තැන්පත් කරන බොහෝ දේවල් අතර කෝමාරිකා පැළයටත් විශේෂ තැනක්‌ ලැබුණා. මෙහි තිබෙන රෝග සුව කිරීමේ බලය ගැන චීන, ග්‍රීක සහ රෝමන් ජනයා දැන සිටියා. තුවාල සුව කිරීමටත්, දද, කුෂ්ඨ සහ ඉදිමුම් සුව කිරීමටත් කෝමාරිකා ඇසුරෙන් සාදන ලද බෙහෙත් ඔවුන් පරිහරණය කළා. ප්‍රදහය නසන,බැක්‌ටීරියා විනාශ කරන ශාක සාරයක්‌ ලෙස මෙය වසර 6000 ක සිට පිළිගැනුණා. මෙහි 96% ක්‌ ම තිබෙන්නේ ජලය පදනම් කරගත් ජෙල් විශේෂයක්‌. ඉතිරි 9% තුළ විටමින් A, B,C,E, කැල්සිම් ප්‍රොaටීන වර්ග, ඇමයිනෝ අම්ල සහ ආහාර ජීර්ණයට බලපාන එන්සයිම ඇතුළු වැදගත් ද්‍රව්‍ය 75 ක්‌ තිබෙනවා.

කෝමාරිකාවල ප්‍රධානතම හැකියාව වන්නේ ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර තුවාල, ආසාදන සහ ප්‍රදාහ තත්ත්වයන් සුවපත් කිරීමයි. එයිනුත් සම මූලික කරගෙන හටගන්නා ආසාදන ඉතා ඉක්‌මනින් සුව කරන්නට කෝමාරිකාවලටපුළුවන්. ඉන් පසු සන්ධි ආශ්‍රිතව තිබෙන පටකවල ඇතිවන දොaෂ තත්ත්වයන් නිවැරැදි කරන්නටත් මෙයට පුළුවන්. අපේ සමේ තිබෙනවා Fibroblats කියලා සෛල විශේෂයක්‌. සම මතුපිට තුවාලයක්‌ හට ගන්තාම එය සුවපත් කරන්නේ මෙන්න මේ හයිෙඩ්‍රා බ්ලාස්‌ට්‌ කියන සෛල වර්ගයයි. කෝමාරිකා යුෂ සමඟ ක්‍ෂණිකව අන්තර් ක්‍රියා කරන්නට ෆයිබ්‍රොප්ලාස්‌ට්‌ සෛලවලට පුළුවන්. එසේම සම තුළට කි¹ බැසීමට ජලය සතුව තිබෙන හැකියාව මෙන් හතර ගුණයක හැකියාවක්‌ කෝමාරිකා යුෂවලට තිබෙනවා. ඒ නිසා ශරීරය පිටතින් ආලේප කරන ඖෂධ සම හරහා ශරීරය තුළට යෑවීමේ ඖෂධයක්‌ ලෙසත් කෝමාරිකා යොදාගත හැකියි.

ප්‍රශ්නය - කෝමාරිකාවලින් ආත්‍රයිටිස්‌ ප්‍රතිකාරයක්‌ සාදාගත හැකිද?

වෛද්‍ය වසන්ත උදයජීව - ක්‍රම දෙකකට පුළුවන්. පළමුවැන්න තමයි කෝමාරිකා සාරය ගෙන එයට සීනි එකතු කර පානයක්‌ වශයෙන් පාවිච්චියට ගැනීම. මෙය දිනකට දෙවරක්‌ සති දෙකක්‌ පමණ එක දිගටම පානය කළ විට ආත්‍රයිටිස්‌ වේදනාව සිරුරින් නැතිව යනවා. 

ඇත්තම කියනවා නම් කෝමාරිකාවලට සීනි එකතු කරන්න අවශ්‍යත් නැහැ. එහි අභ්‍යන්තරයේ වුවමනා තරම් සංකීර්ණ සීනි වර්ග තිබෙනවා. කොහොම වුණත් සති 2 කට වඩා මෙය පානය නොකළ යුතුයි.

මෙය ආලේප යක්‌ වශයෙන් පරිහරණය කරනවා නම්, කෝමාරිකා පත්‍රය දෙකට නවා එහි ඇතුළත තිබෙන මදය සූරාගත යුතුයි. මෙයට කහ ස්‌වල්පයක්‌ මිශ්‍රකර සන්ධිවල ආලේප කළාම ක්‍ෂණික සහනයක්‌ ලැබෙනවා. එහෙත් ඇතැම් බාම් වර්ග හෝ කෘත්‍රිම ජෙල් වර්ග ආලේප කරනවාට වඩා සිය දහස්‌ ගුණයක්‌ හොඳයි කෝමාරිකා ආලේප කිරීම.

ප්‍රදහ තත්ත්වයක්‌ සමනය කරන ස්‌වභාවික ස්‌ටිරොයිඩ් වර්ග වන සලිසයිලේට්‌,බ්‍රැඩිකිනිස්‌, යනාදිය මෙහි අන්තර්ගතව තිබෙනවා. ප්‍රදාහ තත්ත්වය සමනය කරන්නට මේවාට පුළුවන්.

මනුෂ්‍ය ශරීරයේ සන්ධිවල තිබෙන කාටිලේජ තුළ අන්තර්ගතව ඇති ග්ලුකොසමින් යන සංයෝග කෝමාරිකා තුළ අඩංගුයි.

හානියට පත් වුණ සෛල අලුත්වැඩියා කරන පොලිසැකරයිඩ් වර්ග මෙහි යහමින් තිබෙනවා.

Post a Comment

0 Comments