හැමෝටම හිසරදයක්‌ වූ හිසරදය

අපි දන්න කාලේ ඉඳලාම සමාජයට විශාල හිසරදයක්‌ තමයි "හිසරදය" රෝගී තත්ත්වය. ටිකක්‌ ඔළුව රිදෙනවා කියා හිස, මේසයක්‌ මත හෝ ඇඳක තබාගෙන සිටින දසුන් අපි කාටත් හුරු පුරුදු දෙයකි. ඒ තරමටම හිසරදය පොදු බහුල රෝග තත්ත්වයකි. ඇත්තටම මොකක්‌ද මේ හිසරදය කියන්නේ? මේ පිළිබඳව කරුණු සවිස්‌තරව දැන ගන්නට පාඨක ඔබ වෙනුවෙන් අප පෑලියගොඩ රන්පත වෙද මැඳුරට ගොස්‌ එහි අධිපති වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවුණා.

ඇත්තටම මොකක්‌ ද මේ හැමෝටම වධ දෙන හිසරදය?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුල් වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවයන් කරා ගොස්‌ ඒවායේ ක්‍රියාකාරිත්වයට දායක වෙනවා. එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දොaෂයක්‌ ඇති වුවත් එය මොළයට බලපෑම් කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාවේ දී හිසට දැනෙන අපහසුකම හඳුනාගන්නේ වේදනාවක්‌ ලෙසයි. එය සාමාන්‍ය ව්‍යවහාරයේ දී හිසරදය කියලයි හඳුන්වන්නේ.

මෙම රෝග තත්ත්වයට හේතු වන කරුණු මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක

විශේෂයෙන් ම වර්තමානයේ ප්‍රතිකාර පතා එන වැඩි දෙනකුගේ හිසේ කැක්‌කුම් තත්ත්වයන්ට හේතුව සෙම කුපිත වීමයි. මේ අයුරින් හිස ආශ්‍රිත කලාපයේ සෙම් බහුල වන්නේ කුමක්‌ නිසාදැයි සොයා බැලිය යුතුයි. ඊට හේතුව බොහෝ දෙනකු නොසිතන කරුණකි. සෙම් බහුල යයි කීව ද එවැනි අයගේ ශරීරයේ උෂ්ණාධික බවක්‌ පෙන්වනවා. එම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් ඇති කළ ද මොළය ආශ්‍රිතව පවතින්නේ අති සියුම් ස්‌නායු සෛල වන බැවින් ඒවා මෙම උෂ්ණාධික බව නිසා විනාශ විය හැකිය. මෙම තත්ත්වය වළක්‌වා ගන්නට ශරීරය විසින් ශීර්ෂ කලාපයට (හිස පෙදෙසට) සෙම ගෙන්වා ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ (Auto Cooling System) ඇති කරනු ලබනවා.

සියලු ගැටලු මතුවන්නේ ඉන් අනතුරුවයි. මෙසේ වැඩි වැඩියෙන් හිස්‌ කබල තුළ එක්‌ රැස්‌ වෙන සෙම නාස්‌ කුහරයෙන් බාහිර වාතය සමඟ එකතුවන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් නරක්‌ වීම (සෙම් කුපිත වීම/ සෙම් පැසවීම) ට ලක්‌ වෙනවා. එසේ දූෂණය වන සෙම නිසා හිසේ බර ගතිය ඇති වන අතර එම නරක්‌ වූ සෙම මොළ කුහරයෙන් ඉවත් වන තුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබනවා.

විශේෂයෙන් හිසේ රෝග අතරින් පීඩාකාරී බවින් වැඩිම අවස්‌ථාව ඉරුවාරදයයි. මෙම තත්ත්වය වැළඳුණු විට මෙහි ඇති පීඩාකාරී බව නිසා රෝගීන්ගේ සියලු දෛනික කටයුතු පවා අඩපණ වෙනවා.

මේ හැරුණු විට මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාද ප්‍රමුඛ වෙනවා. ඊට අමතරව දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාවය, අධික නිදි මත හෝ නින්ද නොයැම, බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, වරින් වර මතු වී නැතිවී යන වාතරක්‌ත වැනි සමේ රෝග, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග සහ ආර්ථව දොaෂ වැනි හේතූන් ද ඇතැම් ඖෂධයන් දීර්ඝකාලීනව භාවිතය ද, හිසරදය ඇති වීමට විවිධ අයුරින් බලපානවා. ඊට අමතරව විවිධ මානසික පීඩනයන් නිසා ද හිසරදය ඇති විය හැකියි.

මෙම තත්ත්වය මඟහැරීමට යෙදිය යුතු පිළියම් මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - 

පවතින සෙම ඉවත් කිරීම හා සෙම වියළිSමට ප්‍රතිකාර කිරීමේදී නැවතත් උෂ්ණාධික බව ප්‍රමුඛ වීමෙන් මොළය ආශ්‍රිතව පවතින සියුම් ස්‌නායු ශෛල විනාශ විය හැකිය. නමුත් මොළය ආශ්‍රිත කලාපය සිසිලනය කිරීමට නම් මුළු ශරීරයේම උෂ්ණාධික බව අඩු කිරීම මෙහිදී අප සිදු කරන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක්‌. ඊට අමතරව රෝගියාගේ ශරීරයේ පවතින අනිකුත් අහිතකර තත්ත්වයන්ද සොයා බලා ඊට අවස්‌ථානුකූලව නිසි පිළියම් යෙදිය යුතු වෙනවා.

හුඟාක්‌ දෙනෙක්‌ සිතන්නේ හිසරදය නිට්‌ටාවටම සුවකළ නොහැකි වරින් වර මතුවන ඒ වෙලාවට වේදනා නාශකයකින් යටපත් කළ යුතු රෝගයක්‌ ලෙසයි. ඇත්තටම මෙය නිට්‌ටාවටම සුවකළ නොහැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

ඇත්තටම අප කරා එන රෝගීන්ගෙන් වැඩි පිරිසක්‌ පවසන කරුණක්‌ තමයි ඔබ ඔය මතු කළේ. බොහෝ රෝගීන් හිස කැක්‌කුමට ප්‍රතිකාර ලබා ගත්තත් නිසි ලෙස සුව නොවූ අය බහුලයි. මේකට හේතුව ඒ අයගේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ දී නිසි ලෙස රෝගය පිළිබඳ සොයා බලා රෝග නිධානයන් ට ප්‍රතිකාර නොයෙදීමයි. ඇත්තටම වෛද්‍යවරයා සතු නිවැරදි රෝග පරීක්‍ෂාව, එමගින් රෝග නිශ්චය කිරීමේ හැකියාව සහ එම හඳුනාගත් තත්ත්වයට අවස්‌ථානුකූලව නිසි ප්‍රතිකාර කිරීම යන කරුණු අනුව මෙම රෝගයන් නිට්‌ටාවටම සුවකර ගත හැකියි. නමුත් තාවකාලිකව වේදනා නාශකවලට යොමු වීම වෙනත් අතුරු ආබාධ සහිත පසු කාලීනව බරපතළ ගැටලු ඇති කරන තත්ත්වයක්‌ විය හැකියි.

හිස කැක්‌කුම හැදුණු විට පරිස්‌සම් විය යුතු ආකාරය පිළිබඳව උපදේශයක්‌ දෙනවා නම්...?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

විශේෂයෙන් මෙම රෝගීන් සවස්‌ කාලයේ ඇල් දිය නෑමෙන් වැළකිය යුතුයි. තවද අධික උෂ්ණ ආහාර, මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් වැළකිය යුතුය. තෙල් සහිත කෘත්‍රිම ආහාරයන්ගෙන් වැළකීම ද යහපත් බව පොදුවේ කියන්න පුළුවන්.

වැඩිදුර උපදේශයක්‌ ලබා දෙනවා නම් දිය යුත්තේ ඒ ඒ රෝගීන් පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයකින් අනතුරුව පවතින තත්ත්වයට සහ පුද්ගලයාට අනුරූප වන ලෙසයි.

ආයුර්වේද ප්‍රතිකාරයන්ට බොහෝ අය මැලි වන්නේ කෂාය වර්ග වලට බෙහෙත් බඩු සෙවීම කෂාය තැම්බීම වැනි ක්‍රියාවන් සිදු කළ යුතු නිසයි. එයට ඔබට දිය හැකි විසඳුම?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

ඒකට විසඳුමක්‌ හැටියට තමයි, මම පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ රෝගීන්ට ලබා දෙන්නේ. ඒවා වර්තමාන කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන ලෙසට කාර්යාලයේ දී, වැඩ බිමක දී, මඟ තොටේදී වුවත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පර්යේෂණාත්මකව දියුණු කළ ඖෂධයි. එම නිසා පහසු ඖෂධ භාවිතය වැඩි දෙනෙකු අතර අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා දැන් දැන් බොහෝ රෝගීන් තම රෝග සුවකර ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර දෙසට යොමුවෙමින් සිටිනවා.

Post a Comment

0 Comments