මේ වන විට ලොව පුරා නව ප්‍රවණතාව බවට පත්ව ඇත්තේ විවාහ වීම සහ දික්‌කසාදය වීමයි. එය පාලනය කළ නොහැකි තරමට විලාසිතාවක් බවට පත්වෙමින් පවතියි.
අපගේ ආදී ඉතිහාසය පිරික්‌සීමේදී පෙනීයන්නේ මානවයා සාමාන්‍ය ආදී මිනිසාගේ ආයු කාලය වයස අවුරුදු 35 පමණ බවයි. මේ නිසා පුද්ගල විවාහය බොහෝ විට එක් පුද්ගලයකුගේ මරණයෙන් අවසානයට පත්විය. විශේෂයෙන් දික්‌කසාද වීම අවශ්‍ය නොවීය. මේ නිසා බොහෝ විට විවාහ බැඳීමක් පැවති වයස අවුරුදු 15 ක් පමණය. මේ වන විට වර්තමාන ලෝකය තුළද බොහෝ විවාහ සබඳතා වයස අවු( 10 - 11 අතර දී බිඳ වැටෙන බව සොයා ගෙන ඇත. මේ අනුව ස්‌වභාවික වරණ සාන්ද්‍රණයක් අපගේ විවාහ සබඳතා දශකය ඉක්‌මවා පවත්වා ගෙන යැමට ප්‍රබල ලෙස දායක වන බව පෙනී ගොස් ඇත.
ඇමරිකානු එක්‌සත් ජනපදය තුළ විවාහ සබඳතා වැඩිම ප්‍රමාණයක් මරණය නොව දික්‌කසාදයේ කෙළවර වන බව පෙනී ගොස් ඇත. මෙහි භයානක ප්‍රතිඵලය දරුවන්ගේ අධ්‍යයනයට සහ අනාගතය බිඳ වැටීමයි.
මේ නිසා දිගුකලක් පවතින විවාහ සබඳතා සෑම අන්තයකින්ම වඩා ඵලදායි වෙයි. දෙමාපියන් මෙන්ම දරුවන්ගේ ද කායික හා මානසික බැඳීම වඩා ඵලදායී වෙයි. දිගුකල් ජීවත් වීමට ද, සතුටින් කාලය ගත කිරීමට ද මෙය ආධාර වෙයි. මේ නිසා මරණය තුරා වෙන් නොවී සිටීමට (Till death do us part) ඉතා ඉහළ වැදගත් තැනක් හිමි වී ඇත.
මෙහිදී දිගුකලක් විවාහ ජීවිතය පවත්වාගෙන යැම කෙරෙහි වැදගත් වන රසායනික ප්‍රතික්‍රියා කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමුවී ඇත. මිනිස් මොළය ආදරය, ප්‍රේමය ලිංගික ආකර්ෂණය ආදී මානසික ක්‍රියා සඳහා මැනවින් හැඩගැසී ඇති බව ස්‌නායු ජෛව විද්‍යාඥ මතයයි. එකිනෙකා වන අතර රාගය (lnst) හා කාමාශාවෙන් සහකරු සහ සහකාරිය අතර බැඳීම වැඩි දියුණු කිරීමට ඉවහල් වෙයි. මෙය සියලුම ක්‍ෂීරපායින් අතර වන පොදු ධර්මතාවයකි. මෙමගින් අපට වඩාත්ම ගැලපෙන සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට අවස්‌ථාව සැලසෙයි. මෙහි අවසාන ප්‍රතිඵලය දෙමාපියන් බවට පත් වී දරුවන්ට තම යුතුකම් ඉටු කරන රැඳී සිටීමට අවස්‌ථාවක් උදාකර දීමයි.
මානව ප්‍රේමය ඉතා සංකීර්ණ බැඳීමකි. එහෙත් අපගේ මොළය තුළ ප්‍රේමය පාලනය කරන මධ්‍යස්‌ථානයක් (love centre) නැත. ආදරය සිදුකරන අවස්‌ථාවලදී මොළය ආශ්‍රිත Oxytoin සහ Vosopressin හෝර්මෝනවල සාන්ද්‍රණයක් සිදුවන බව පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත.
මෙතෙක් ක්‍ෂීරපායින් ආශ්‍රිතව සිදුකළ අධ්‍යයන වලදී හෙළි වී ඇත්තේ ගැහැනු සතුන්ගේ මොළය තුළට ඔක්‌සිටොයින් ද පිරිමි සතුන්ගේ මොළය තුළට වැසෝප්‍රෙසීන්ද ද ලබා දුන් විට ඔවුන්ගේ මොළය ආදර ක්‍රියා යහපත් ලෙස සිදුවන බවයි. අප විරුද්ධ ලිංගිකයා ස්‌පර්ශ කරන විට සම්භාහනය කරන විට හෝ ලිංගික ක්‍රියාවල නිරත වන විට ඔක්‌සාටොයින් නිකුත් වීම වේගවත් වෙයි. එසේම අපගේ අනෙක් සහකරුගේ හෝ සහකාරියගේ සිතුවිලි කියවීමට ද (mind reading) අපහසු පරිසරයක තරග කිරීමටද මෙම හෝර්මෝනය බහුල ලෙස ස්‍රාවය වෙයි.
ඔක්‌සිටොයින් හෝර්මෝනය නාසයට ලබා දුන් විට මානසික ආතතිය අඩු කිරීමටත් අයහපත් පරිසර වලදී තරග කිරීමටත් අවස්‌ථාව උදාවෙයි. එසේම එකිනෙකා අතර බැඳීම ද වැඩි කරයි.
ටෙස්‌ටෙස්‌ටරෝන් හෝර්මෝනය ද ගැහැනු පිරිමි ලිංගික ආශාවන්වලදී කැපීපෙනෙන කාර්යයන් ඉටු කරයි. ටෙස්‌ටෙස්‌ටරෝන් ලබා දුන් විටද ලිංගික බැඳීම හා ක්‍රීයාකාරීත්වය ඉහළ ගොස් ඇත. මෙහිදී විශේෂත්වය වන්නේ ඔක්‌සිටොයින් මෙන් නොව දෙදෙනා අතර ප්‍රේමණීsය බැඳීම වැඩි වර්ධනයක් නොවී ලිංගික බැඳීම පමණක් ඉහළ යාමයි. එහෙත් පවුල් බැඳීsම පවත්වා ගැනීමට ටෙස්‌ටෙස්‌ටරෝන්වල කාර්යය නොසළකාහැරිය නොහැකි බව මෙම පර්යේෂකයෝ පවසති.
ඔක්‌සිටොයින් මෙන්ම ඩොපමින් ද ප්‍රේමණීsය බැඳීම් ඇති විටද ඉතා වැදගත්ය. මේ නිසා අෙන්‍යාaන්‍ය ප්‍රේමයන්, රාගයන් ගොඩනැඟීම ඩොපමින්වල කාර්යය ද පුළුවන් බවද පර්යේෂණ මතයයි.
විවාහයක බැඳීම (Stick) ඇතිකරන ප්‍රධාන තුරුම්පුව වන්නේ ආදරයයි. ආදරය බිඳවැටීම බිය සහ දුක දන්නා නිසා ඒ දෙසට නොවීමට බොහෝ දෙනකු උත්සාහ දරති. මේ කෙරෙහි orticotropin releasing hormone -CRH වැදගත් වෙයි. අනෙකාගෙන් වෙන්වීමට පවතින කැමැත්ත බිඳ දැමීමට (deterrent from straying) මෙම හෝර්මෝනය ඉතා වැදගත් බව පර්යේෂණ මතයයි.
මේ නිසා විවාහය සහ දික්‌කසාදය හුදු සමාජීය ක්‍රියාවන් නොව පරිණාමය සහ ජෛව විද්‍යාත්මක පාලනයක් සහිතව සිදුවන්නේ මෙම විද්‍යාඥ මතයයි. විවාහය සමග ඇති වන දැක්‌ම හා ආකල්පය ඉතා වැදගත් වන නිසා දික්‌කසාදය වළකන විවාහයේ ආදරණීය බව ඉහළ නංවන ඖෂධ කෙරෙහි ඖෂධ රසායනික පර්යේෂකයින් අවධානය යොමුව ඇත.
ආදරණීය බැඳීම් පරිණාමයේ අපට උරුම වූවකි. එය නිසි පරිදි උපයෙක් උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගොස් පරිණාමය උරුම වූ ඉහළම ජීවිතයට ළඟාවීමට අප උතaසාහ කළ යුතුව ඇත. මිනිසා ගේ පරිණාමයේ ප්‍රාථමික අරමුණු වූයේ ආදරය සතුට හා වින්දනයයි. මිනිස් අවශ්‍යතාවල වෙනස් වීම හා පරිණාමය අතර වන ගැටුම මෙයට බාධාවක් නොවිය යුතුය. පරිණාමයේ පවතින ඇතැම් සීමාවලින් මිදී නිදහස් වීමට අප උත්සාහ කළ යුත්තේ ය. නූතන විද්‍යා තාක්‍ෂණය දියුණුවට අනුව ඉදිරියට යා හැක්‌කේ එවිටය.
වෛද්‍ය ජී. ජී චමල් සංජීව
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ- හම්බන්තොට
0 Comments