නිදහස අගයන දනමන පුබුදන සත්‍ය කතාව


දෙසිය ගණනක්‌ වූ ලෝකයේ ලොකු කුඩා සියලු රටවල් අතරින් ජාතික නිදහස උදෙසා සිංහලේ ජනතාව තරම් උදාර කැපකිරීම් කළ වෙනත් ජනකායක්‌ නැත. එය සුවිශේෂ තත්ත්වයකි. එය ලෝ දනන් සිත් සසල කරන තරම් ප්‍රබල සංවේදී අත්දැකීම් වලින් පිsරිපුන් කතා වස්‌තුවකි. පරපුරින් පරපුරට සිංහලේ ජනතාව විසින් කර ඇත්තේ ලොව වෙනත් කිසිදු ජනතාවකට සිතා ගත නොහැකි තරම් ප්‍රබල වූ අසාමාන්‍ය මහා පරිත්‍යාගයන් රැසකි. වසර දෙදහස්‌ තුන්සියයක්‌ තරම් කාලයක්‌ තුළ සිංහල ජනතාව විසින් කර ඇත්තේ මිහිකත කම්පා කරන තරම් ශ්‍රේෂ්ඨ වූ උදාර පරිත්‍යාග සමුදායකි. එය ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ හෝ යුරෝපයේ වෙනත් කිසිදු කලාපයක ජනතාවකට සිතා ගත නොහැකි තරම් වූ විශ්මය දනවන විමුක්‌ති කතා විස්‌තරයකි. නිදහසේ නාමයෙන් පසුගිය දෙසතිය තුළ දේශපාලන බලවතුන් විසින් කරන ලද හරසුන් පුරාඡේරු කතා නිසා ජාතියේ සැබෑ විමුක්‌ති කතා විස්‌තර මෙසේ නැවත ලියා දැක්‌විය යුතුව තිබේ.

මහින්දාගමනයත් සමඟÊවිමුක්‌තිකාමී චින්තනයකින් ආලෝකවත් වූ සිංහලේ පළමුවැනි විමුක්‌ති සටන ඇරඹෙන්නේ වසර දෙදහස්‌ දෙසිය ගණනකට පෙර දේවානම්පියතිස්‌ස රජතුමන් අභාවයට පත් වී දශක තුනක්‌ ගත වන්නට පෙරය. මහ වැව්, ඇළවේලි තනා කුඹුරුයායන් අස්‌වද්දවා විහාර දාගැබ් ගොඩ නංවා සමෘද්ධිමත් සෞභාග්‍යවත් රජදහනක්‌ බවට පත් කරන ලද අනුරපුරය අගනුවර කරගත් රජරට පළමුවරට යටත් කර ගන්නා ලද්දේ ලංකාවට අශ්ව වෙළෙ¹මේ පැමිණි සේන, ගුත්තික නම් වූ වෙළෙඳ නායකයන් දෙදෙනා ප්‍රමුඛ පරසතුරන් විසිනි. දේවානම්පියතිස්‌ස රජතුමාගේ සොයුරු සූරතිස්‌ස කුමරු රජ වී දසකයක්‌ ගතවෙත්ම අනුරාධපුර රාජධානිය පරසතුරන් අතට පත් වුවද, බුදු දහමින් සන්සුන් වූ ශක්‌තිමත් සිත් ඇති ජනතාව හඬා වැළපුණේ නැත. දේවානම්පියතිස්‌ස රජතුමාගේ බාල සොහොයුරු අසේල කුමාරයාගේ නායකත්වයෙන් සංවිධානය වූ රජරට ජනතාව සේන, ගුත්තික ප්‍රමුඛ පර සතුරන් පරදා අනුරපුර රාජධානිය මුදා ගත්හ.

අසේල කුමාරයාගේ නායකත්වයෙන් සිදු වූයේ ලංකා ඉතිහාසයේ පළමුවැනි විමුක්‌ති සටනයි. එසේ වුවත් විමුක්‌තිකාමී අසේල රජතුමාට අනුරාධපුර රාජධානිය කරවියහැකි වූයේ දස වසක්‌ පමණි. බලවත් එළාර මහ සේනාවක්‌ රැගෙනැවිත් මහ සටන් කර විමුක්‌තිකාමී අසේල රජු මරා අනුරපුර රජදහන යටත් කරගෙන ගෙන ගිය පාලනය අවසන් වූයේ රුහුණෙන් මතු වු දුටුගැමුණු රජතුමා ප්‍රමුඛ විමුක්‌තිකාමීන්ගේ ජයග්‍රහණයත් සමඟය. දේවානම්පියතිස්‌ස රජතුමා බුදු දහම අවබෝධ කර ගැනීමට තරම් බුද්ධිමතෙක්‌ වුවද, ශක්‌තිමත් ආරක්‍ෂක හමුදාවක්‌ ගොඩනැඟීමට කටයුතු නොකිරීමේ ප්‍රතිඵලය වූයේ දෙවන පෑතිස්‌ සොහොයුරු සූරතිස්‌ස රජුට එතරම් බලගතු නොවූ වෙළෙඳුන් ප්‍රමුඛ පරසතුරන් අතින් පරාජය වන්නට සිදුවීමයි. දේවානම්පියතිස්‌ස රජතුමාගේ බාලම සොහොයුරා වූ විමුක්‌තිකාමී අසේල කුමරු දේශප්‍රේමීන්ගෙන් සමන්විත සේනාවක්‌ ගොඩනඟමින් සටන් වැදී දෙවිසි වසරකට පසු සේන, ගුත්තික ප්‍රමුඛ පරසතුරන් පරදවා රජරට නිදහස්‌ කර ගත්තද, එළාර වැනි වඩා ප්‍රබල සතුරකුට මුහුණ දී අනුරපුර රාජධානිය රැක ගන්නට තරම් ශක්‌තිමත් ආරක්‍ෂක හමුදාවක්‌ ගොඩනඟන්නට අසමත් විය. එහි ප්‍රතිඵලය වූයේ එළාර ප්‍රමුඛ පරසතුරන් අතින් පරාජය වී සතුරු ප්‍රහාරයෙන් මිය යන්නට සිදුවීමයි. අවුරුදු තිස්‌ දෙකක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ සිදු වූ පරාජයන් දෙකකින් සරුසාර අනුරපුර රාජධානිය පරසතුරන් අතට පත් වූ ආකාරය දුටු රුහුණේ කාවන්තිස්‌ස රජතුමා ලංකා ඉතිහාසයේ පළමු වරට විධිමත් සංවිධානාත්මක මහා සේනාවක්‌ ගොඩනැගුවේ, දසමහ යෝධයන්ගේ නායකත්වයෙන් රට පුරා වූ යෝධයන් එක්‌දහස්‌ එකසිය දහදෙනකුගෙන් සමන්විත නිලධාරි පිරිසක්‌ ද සමගිනි. එසේ රුහුණු රට සුරක්‍ෂිත කරවූ කාවන්තිස්‌ස රජතුමා විවාහ සබඳකම් හා ආගමික සංස්‌කෘතික බැඳීම් මගින් කැලණි, දිගාමඩුලු, සේරු, සෝම ප්‍රදේශ සමගි කරවා රට එක්‌සේසත් කිරීමේ පදනම ගොඩනැංවූ නිසාම ගැමුණු රජතුමාට ජාතියේ මාතාව වූ විහාරමහා දේවියගේ හා මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වයෙන් එළාර ප්‍රමුඛ ප්‍රබල පරසතුරන් පරදවා ජය ගත හැකිවිය.

දුර දක්‌නා නුවණින් යුතු තරුණ ගැමුණු රජතුමා ජයග්‍රහණයෙන් උදම් වී දිගින් දිගටම තම මවුබිමට තර්ජනයක්‌ වූ දෙමළ දේශයෙන් පළිගන්නට කටයුතු කළේ නැත. ඒ වෙනුවට ගැමුණු රජතුමන් කළේ ලොවටම ආදර්ශයක්‌ වන අන්දමින් සුන්දර ශ්‍රී ලංකාව විශ්වන්තරවාදී ධර්ම රාජ්‍යයක්‌ බවට පත් කිරීමේ අරමුණින් ආසියාවේ සියලු බෞද්ධ රටවලින් ලක්‍ෂ සංඛ්‍යාත භික්‍ෂුන් වහන්සේලා වඩම්මවා රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කරවීමයි. එසේ කෝටි සංඛ්‍යාත ආසියානු බෞද්ධ ප්‍රජාවගේ ආශීර්වාදයෙන් අහස උස සුදු දාගැබ් කරවූ ගැමුණු රජතුමා මහා ඇලෙක්‌සැන්ඩර් රජු මෙන් රටවල් ජය ගනිමින් මරණය දක්‌වා යුද ගමනක යෙදුණේ නැත. යුද ජයග්‍රහණවලින් උදම් වූ ජුලියස්‌ සීසර් මෙන් රැජිනකට වහල් වී තමන්ගේම හමුදා නායකයන් අතින් මැරුම් කන්නට සිදුÊවන වැරදි මඟක නොගිය ගැමුණු රජතුමා "මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය උදෙසා වේ" යෑයි ප්‍රකාශ කරමින් සිංහලේ විමුක්‌තිකාමී ඉදිරි ගමන් මඟ ආලෝකවත් කළ බව ඉතිහාසගත වී තිබේ. බුදුÊදහම වැනි විශ්වන්තරවාදී දර්ශනයක පිහිටා ශක්‌තිමත් චින්තනයකින් යුතුව ලොවටම ආලෝකයක්‌ වන මහා ස්‌ථූප ගොඩනැංවූ ගැමුණු රජතුමා මෙන් තම රටවල ඉදිරිමඟ නිවැරදි කරන්නට සමත් නායකත්වයක්‌ අශෝක, කනිශ්ක හා මිළිඳු රජුගෙන් පසු ඉන්දියාවේ හෝ මලයාවේ හෝ ඉන්දුනීsසියාවේ බිහිවූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඒ රටවල් ඉස්‌ලාමීය ආක්‍රමණික බලයට යටවීමයි. මායා, ඉන්කා, ඇස්‌ටෙක්‌ හා ඔස්‌ටිසෝ වැනි තරමක්‌ ප්‍රබුද්ධ ජනතාවක්‌ අතරින් රුවන්වැලි මහ සෑය වැනි ජාතික සංකේතවත් මහා අධ්‍යාත්මික සංස්‌කෘතික උරුමයන් ගොඩනඟන්නට තරම් දුරදක්‌නා නුවණින් යුතු නායකයන් බිහිවූවා නම් ආර්ජන්ටිනාව, බ්‍රසීලය, මෙක්‌සිකෝව, කොළොම්බියාව හා වෙනිසියුලාව වැනි රටවල් ස්‌පාCඳ්Cඳ හෝ පෘතුගීසි බලයට යට වෙන්නේ නැත.

සුවිශාල අප්‍රිකා මහාද්වීපයේ නයිජීරියා, සැම්බියා, ටැන්සානියා, ඇංගෝලා, මොසැම්බික්‌ හා දකුණු අප්‍රිකාව වැනි රටවල ද මහා වැව්, ඇළවේලි හා මහා විහාර දාගැබ් කරවූ ගැමුණු, වළගම්බා, වසභ, මහාසේන, ධාතුසේන හා අග්‍රබෝධි වැනි දුර දක්‌නා නුවණින් යුතු විමුක්‌තිකාමී වීරයන් බිහිවූවා නම් අප්‍රිකා මහාද්වීපය අඳුරු මහාද්වීපයක්‌ සේ හඳුන්වමින් අප්‍රිකානු රටවල් යටත් කරගන්නට යුරෝපීයයන්ට හැකි වන්නේ නැත. යුරෝපයේ බෝල්කන් රටවල ද ප්‍රබල දැක්‌මක්‌ හා ප්‍රබල චින්තනයක්‌ සහිත කාවන්තිස්‌ස, ගැමුණු, වළගම්බා, ධාතුසේන, බුද්ධදාස, අග්‍රබෝධි, මහ විජයබා හා මහ පැරකුම්බා වැනි වීරයන් බිහි වී මහා ජාතික සංස්‌කෘතික නිර්මාණ ගොඩනැඟුණා නම් ඇල්බේනියා, සර්බියා, හර්සෙගොවිනා, බොස්‌නියා, මොන්ටිනීගෝ, මල්ඩේවියා, ආර්මේනියා, වැනි රටවල් තුර්කි,පර්සියන්, ඔස්‌ටි්‍රයන්, රුසියන් හා ඉතාලි ආදී වරින්වර බලවත් වූ රටවලට යටවන්නේ නැත. නිවැරැදි දැක්‌මකින් යුතු උසස්‌ චින්තනයක්‌ හා ප්‍රබල සංස්‌කෘතිsයකින් යුතු රටවල ජනතාවන් තුළ ප්‍රබල ජාතික ආත්ම විශ්වාසයක්‌ හා බලවත් ආධ්‍යාත්මික ශක්‌තියක්‌ ගොඩනැඟෙන හෙයින් එබඳු ජනතාවන්ගෙන් යුතු රටවල් කොතරම් කුඩා වුවද, ඒවා පහසුවෙන් යටත් කළ නොහැක. ඒ සඳහා වන හොඳම උදාහරණය ඉන්දියන් සාගරයේ මුතු ඇටයවන් සුන්දර පුංචි ලංකාවයි.

සුන්දර සරුසාර ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ දැඩි අවධානයට ලක්‌වන ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක පිහිටිය ද, අවුරුදු දෙදහස්‌ දෙසිය ගණනක්‌ තරම් කාලයක්‌ තිස්‌සේ කිසිදු බලවතකුට අපේ රට මුළුමනින් යටත් කරගත නොහැකි විය. එය විමුක්‌තිකාමී ලෝක ජනතාවටම ආදර්ශයක්‌ වනු ඇත. පරසතුරු ආක්‍රමණ දහතුනක්‌ මුළුමනින් ම පරාජය කරන්නටත් බ්‍රසීලය හා ඇන්ගෝලා වැනි සුවිශාල රටවල් යටත් කළ කාලතුවක්‌කුකාර ලෝක බලවතා වූ පෘතුගීසීන්ට එරෙහිව අවුරුදු එකසිය ගණනක්‌ තිස්‌සේ සටන් කරමින් රටෙන් හතරෙන් තුනක්‌ තරම් ප්‍රමාණයක්‌ රැක ගන්නටත් සිංහලයන්ට හැකි වූයේ සිංහලයන් සතු උසස්‌ දර්ශනය, ප්‍රබල ජාතික චින්තනය හා මහා සංස්‌කෘතික උරුමය නිසාය. ලන්දේසීන්ගේ අවි බලයට හා වාණිජවාදී උපාය උපක්‍රමවලට මුහුණ දී වසර එකසිය හතළිහක්‌ තරම් කාලයක්‌ මව්බිමේ භූමියෙන් සියයට හැත්තෑවක්‌ තරම් ප්‍රමාණයක්‌ රැක ගන්නට හැකි වූයේ සිංහලේ ජාතික ආධ්‍යාත්මික ශක්‌තියට පදනම් වූ උතුම් දර්ශනය හා මහා සංස්‌කෘතික උරුමය නිසා බව නිසැකය. ඉර නොබස්‌නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අවුරුදු එකසිය පනහක පාලනයෙන් පවා සිංහල බෞද්ධ පදනම බිඳ දැමිය නොහැකි වූයේද විමුක්‌තිකාමී බෞද්ධ දර්ශනයේ හා ප්‍රබල ජාතික චින්තනයේ මෙන්ම මහා සංස්‌කෘතික උරුමයේ ශක්‌තිය නිසා බව අවිවාදිත සත්‍යයකි. එය අවිවාදිත සත්‍යයක්‌ වන්නේ පානදුරාවාදයේදී ප්‍රකට වූ ඒ සත්‍යය හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌, ලෙඩ් බීටර් බ්ලැවැට්‌ස්‌කි මැතිනිය, රීස්‌ ඩේවිඩි හා මාරි මියුසියස්‌ හිඟින්ස්‌a වැනි බටහිර රටවල නිවහල් බුද්ධිමතුන් ද ආකර්ෂණය කිරීමට තරම් ප්‍රබල වූ නිසා ය.

ඉන්දියානු ඉතිහාසඥ නීලඛන්ධ ශාස්‌ත්‍රී විසින් පවා ප්‍රකාශ කර ඇත්තේ මහ විජයබා නමින් රජ වූ කීර්ති කුමාරයා ලොවටම ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ජාතික වීරයකු බවයි. ඉර නොබස්‌නා අධිරාජ්‍යයේ ආධිපත්‍යය ප්‍රකාශ කළ මොහොතේම බ්‍රිතාන්‍ය හමුදා මැදින් ඉදිරියට ගොස්‌ අධිරාජ්‍ය කොඩිය බිම ඇද දමා සිංහ කොඩිය ඔසවමින් විමුක්‌තිකාමී ලෝකයටම ආදර්ශයක්‌ වූ වාරියපොළ සුමංගල හිමියන් වැනි වීරයන් බිහි වූයේත් වධක කඩුවට මුහුණ දෙන මොහොතේ පවා බුදුගුණ ගයමින් දිවි පිදිය හැකි කැප්පෙටිපොළ වැනි වීරයන් බිහි වූයේත් ගිනියම් වෙඩි උණ්‌ඩයට මුහුණ දෙන මොහොතේ පවා ඊළඟ පරපුරේ සිංහලයන් කෙරේ විශ්වාසය පළ කරමින් දිවි පුදන්නට සමත් පුරන්අප්පු වැනි වීරයන් බිහි වූයේත්, කුඩාපොළ හිමියන් සිවුරු පිටින්ම වෙඩි තබා ඝාතනය කර විසිපස්‌ වසරක්‌ ගත වෙත්ම පානදුරාවාදය මගින් ලෝක බුද්ධිමතුන් අවදි කරන්නට සමත් මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි මහා ආගමික සංස්‌කෘතික වීරයන් බිහි වූයේත්, කුඩාපොළ හිමියන් ඝාතනය කර විසිපස්‌ වසක්‌ ගත වෙත්ම ලංකාවේ අධිරාජ්‍ය පාලන මූලස්‌ථානය වූ කොළඹ මරදානේ මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙන ආරම්භ කරන්නට තරම් අධිෂ්ඨාන සහගත වූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැනි නිවහල් අදීන මහා ප්‍රාඥයන් බිහි වූයේත් පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන ආරම්භ කළ රත්මලානේ ධම්මාලෝක වැනි උදාර හිමිවරුන් බිහිවූයේත් අවුරුදු දෙදහසකට වැඩි කාලයක්‌ තිස්‌සේ ජාතියට ආධ්‍යාත්ම ශක්‌තිය දුන් විමුක්‌තිකාමික විශ්වන්තර දර්ශනයත් ප්‍රබල ජාතික චින්තනයත් සිංහලේ මහා සංස්‌කෘතික උරුමයත් නිසා බව ඒකාන්තය, නිසැකය.

ළමා වියේදීම පානදුරාවාදය අසා දැක පිබිදුණු සිතින් යුතුව මිෂනාරි පාසලෙන් ඉංග්‍රීසි ඉගෙන ඕල්කොට්‌තුමන් සමඟÊරට වටා යමින් ජාතිය අවදි කරමින් ජාත්‍යන්තර වීරයකු බවට පත්වන්නට සමත් වූ අනගාරික ධර්මපාලතුමා වැනි ලෝක බෞද්ධ නායකයකු පුංචි ලංකාවෙන් බිහි වූයේ විශ්වන්තරවාදී බෞද්ධ දර්ශනයත්, ප්‍රබල ජාතික චින්තනයත්, සිංහලේ මහා සංස්‌කෘතික උරුමයත් නිසා බවට සැකයක්‌ නැත. නව යටත්විජිතවාදී ලෝක බලවේගයන්ගේ ආධාර අනුබල ලැබූ කොටි ත්‍රස්‌තවාදය පරදවා ඒකීය රාජ්‍යයත් ජන ජීවිතයත් ආරක්‍ෂා කළ හැකි වූයේ ද බෞද්ධ උරුමය පදනම් කරගත් ජාතික චින්තනය නොසිඳෙන ආධ්‍යාත්මික ශක්‌ති උල්පතක්‌ වූ නිසා ය. ලොවටම ආදර්ශයක්‌ වූ මේ විමුක්‌තිකාමී ජාතික නිදහස්‌ උරුමය පාගා දමන්නට ලක්‍ෂ ගණන් වියට්‌නාම් ජාතිකයන් ඝාතනය කර පසු බැස යන්නට සිදුÊවූ ඇමරිකානු සුපිරි බලවතාට හෝ 1817 දී මාස හයක්‌ තුළ සිංහලේ ජනතාවගෙන් දහයෙන් පංගුවක්‌ ඝාතනය කර ඌව වෙල්ලස්‌ස පාළුÊකළ බ්‍රිතාන්‍ය අධිපතිවාදීන්ටවත් විමුක්‌තිකාමී උදාර ඉතිහාසයකින් පන්නරය ලැබූ කිසිම දේශප්‍රේමියකු ඉඩ දෙන්නේ නැති බව නව යටත්විජිතවාදී බටහිර බලවතුන් හොඳින් තේරුම් ගත යුතු තිබේ.

Post a Comment

0 Comments