ෆයිබ්‍රොයිඩ් තිබෙනවා නම් මේ සරළ බෙහෙත බීලා බලන්න

කාන්තාවකට වැළඳෙන තන්තුවාහ හෙවත් Fibroid නමැති රෝග තත්ත්වය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. ගර්භාෂයේ මාංශමය පටකයේ හටගන්නා මේ රෝගය මාරාන්තික නොවුණත් ඉතා කරදරකාරී රෝගයක්‌ බව ඔබ පැහැදිලි කළා. ඒ සාකච්ඡාවේදී හෙළි වූ වැදගත් කරුණු කිහිපයක්‌ යළි මතක්‌ කර දීම වැදගත් එනම්. 

1. fibroid කියන්නේ ටියුමර් තත්ත්වයක්‌. ආයුර්වේදයට අනුව එය අර්බුදයක්‌. හැබැයි පිළිකාවක්‌ නොවෙයි.

2. එය වැළඳීමට එක්‌ හේතුවක්‌ තමයි අධික ස්‌ථුල භාවය. එසේම ජානමය උරුමය. ඊළඟට ගර්භාෂය අඩුවෙන් පරිහරණය වීම හෙවත් දරුවන් අඩුවෙන් සිටීම හෝ දරුවන් නැතිවම සිටීම. සමහරුන්ට මෙය රෝග ලක්‍ෂණයක්‌ හැටියට පෙන්නුම් කරන්නේ නැහැ. තවත් සමහර අයට ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක්‌ තුළදී ගර්භාෂයෙන් අධික ලෙස ලේ වහනය වෙනවා.

ප්‍රශ්නය - ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමට සැත්කම් සිදු කෙරෙන බව අප දන්නවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - නව්‍ය විද්‍යාවට අනුව ශරිරයේ රෝගාබාධයන් හට ගත්තාම එය සංකීර්ණ නම් බොහෝ විට සිදු කරන්නේ රෝගයට පාදක වූ ප්‍රදේශය කපා ඉවත් කිරීමයි. එහෙත් ආයුර්වේදය නිතරම බලන්නේ ශරීරයට අයත් අංගෝපාංග එහෙමම තබාගෙන ප්‍රතිකාර කරලා සුවපත් කිරීමයි. පිළිකා රෝගය පවා සැත්කම්වලින්තොරව සුවපත් කිරීමට ආයුර්වේද ශාස්‌ත්‍රය යොදා ගන්නේ ඒ නිසයි. ෆයිබ්‍රොයිඩ් එකක්‌ කපල ඉවත් කළාම නැවතත් හැදෙනවා. එතකොට නැවතත් කපලා ඉවත් කරනවා. මේක දිගින් දිගටම කරන්න බැහැ. ඒ නිසා අන්තිමේදී කරන්නේ සමස්‌ත ගර්භාෂයම කපලා අයින්කරන එකයි. මේක විසඳුමක්‌ නොවෙයි.

ඉන්දියානු ආයුර්වේදය තුළ ෆයිබ්‍රොයිඩ් සුව කිරීම සඳහා පර්යේෂණ සිදු කරනවා. කාලයෙන්කාලයට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරනවා. ඒවා ඉන්දියානු වෛද්‍ය සඟරාවල සහ පර්යේෂණ වාර ප්‍රකාශන වල පළ කරනවා. සමහර විට ඔවුන් පැරැණි ආයුර්වේද වට්‌ටෝරු අරගෙන ඒවා නවීකරණය කරලා තවත් අලුත් ඖෂධ එකතු කරලා රෝගීන්ට දෙනවා. එවැනි වට්‌ටෝරුවක්‌ පසුගියදා පළවුණා. 

මෙය ෆයිබ්‍රොයිඩ් රෝගය මර්දනය කර ගැනීමටකිරි. කහ, කොත්තමල්ලි කුඩු සහ ත්‍රිපලා වලින් කරන බෙහෙතක්‌. එය ඔබටත් මේ ආකාරයෙන් නිවසේදීම සාදා ගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය

උණු එළකිරි වීදුරු 1 යි

කහ කුඩු තේ හැඳි 1 යි

කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 යි

ත්‍රිපලා හෙවත් අරළු, බුලු, නෙල්ලි කුඩු තේ හැඳි 1 යි

මේ සියල්ල එකට එකතු කර ඉතා හොඳින් මිශ්‍ර කර දිනකට දෙවරක්‌ වරකට එක වීදුරුව බැගින් පානය කළ යුතුයි. කහ මගින් ආසාදනය පාලනය කරනවා. කොත්තමල්ලි, ලේ පිරිසිදු කරනවා. ත්‍රිපලා මගින් ශරීරය (එහි සෛල) ප්‍රාණවත් කිරීමත් අලුත් කිරීමත් සිදු කරනවා.

මෙය ෆයිබ්‍රොයිඩ් රෝග තත්ත්වය සුව වනතුරුම පාවිච්චි කළ හැකියි. ඒ රෝගය සඳහා ඔබ දැනටමත් ඖෂධ ගන්නවා නම් ඒවාත් සමඟ සමාන්තරව මෙය ගත හැකියි. මෙයින් කිසිදු අතුරු ආබාධයක්‌ හට ගන්නේ නැහැ.

Post a Comment

0 Comments