දියවැඩියා රෝගීන්ටත් චොක්‌ලට්‌, පැණි රස කැවිලිවල රස විඳිය හැකියි


ව්‍යායාම මගින් බර අඩු නොවේ. ඉන් සිදු වන්නේ ශරීරයේ තැන්පත්ව ඇති මේදය අඩු කිරීමය. ව්‍යායාම කිරීමේදී මාංශ පේශී ශක්‌තිමත් වන නිසා බර වැඩි විය හැකිය. ව්‍යායාම කරන අතර නිසි පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ද ගත යුතුය. එසේ නොමැතිව මා ව්‍යායාම කරන නිසා ආහාර පාලනය අවශ්‍ය නැතැයි කියා නොසිතිය යුතුය.

මට අඩු සීනි තේ එකක්‌ දෙන්න. යමෙක්‌ එසේ පැවසුවහොත් එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළෙන බව අනුමාන කළ හැකිය.

නිරෝගී පුද්ගලයකුගේ රුධිරයේ තිබිය යුතු සීනි අගය විය යුත්තේ ඩෙසිලීටරයට මිලිග්‍රෑම් සියයට අඩු අගයකිනි. (100පටරැdක)

එම අගයට වඩා වැඩි අගයකින් රුධිර සීණි මට්‌ටම පවතී නම් එම තැනැත්තා දියවැඩියා රෝගයට ලක්‌ව හෝ අවදානම් මට්‌ටමේ සිටී.

දියවැඩියාව සඳහා සිදු කරන රුධිර සීනි පරීක්‍ෂාවන් දෙකක්‌ ඇත. පළමු වැන්න පැය 12 ක්‌ නිරාහාරව සිට සිදු කරන රුධිර සීනි පරීක්‍ෂාවය එහිදී රුධිර සීනි මට්‌ටම 140පටරැdක සහ 100 පටරැdක අගයක පවතී නම් එම තැනැත්තා දියවැඩියා රෝගයට ලක්‌ව ඇත.

දෙවැනි පරීක්‍ෂාව ග්ලූකෝස්‌ මිලි ලීටර් 75 ක්‌ (75පක) පානය කරීමෙන් පසු සිදු කරනු ලබයි. එම රුධිර පරීක්‍ෂාවේදී රුධිර සීනි මට්‌ටම 200 පටරැdක වැඩි නම් එම තැනැත්තා දියවැඩියා රෝගියෙකි.

දියවැඩියා රෝගයට ලක්‌ වූ පුද්ගලයෙක්‌ සිටින්නේ දෙලොවක්‌ අතරය. දියවැඩියාව නිසා සීනි ආහාර වර්ග වැඩිපුර කෑමත් අනතුරු දායකය. එවැනි ආහාර වර්ග නොකා නොබීත් සිටිය නොහැකිය. 

මෙම තත්ත්වය නිසා ඇතැම් දියවැඩියා රෝගීහු සීනි පාලනයකින් තොරව ආහාර ගනිති. තවත් පිරිසක්‌ සීනි ආහාර වර්ග ගන්නේම නැත.

කිඹුලා කනවා ඉවසිය හැකි වුවත් කොහිල කටු ඇනෙනු ඉවසිය නොහැකි යෑයි පවසනු සේ දියවැඩියා රෝගය නිසා මතුවන ශරීර දුර්වලතා ඉවසා සිටිය හැකිමුත් සීනි සහිත ආහාර පාන ගැනීමට යොමු වීමේදී සමාජයෙන් අසන්නට සිදුවන කථා ඉවසිය නොහැකි තත්ත්වයට ඇතැම් දියවැඩියා රෝගීන් පත්වේ.

සීනි සහිත ආහාර පානයක්‌ ගැනීමට උත්සාහ කළොත් දියවැඩියාව නේද? ඕවා ඔයාට හොඳ නැහැ යෑයි ඇතැම්හු පවසති.

මොකද මැරෙන්නද හදන්නේ සීනි ආහාර වර්ග අරගෙන... ඔයාට දියවැඩියාව කට පරෙස්‌සම් කරගන්න. මේ අතර තවත් සමහරු පවසති. මෙම තත්ත්වය නිසා දියවැඩියා රෝගීන් පසුවන්නේ දැඩි අසරණ තත්ත්වයකිනි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම රෝගය සම්බන්ධව බහුලව පවතින මිත්‍යා මතය. එවැනි මිත්‍යා මත කිහිපයක්‌ අපි විමසා බලමු.

දියවැඩියාව වැළදුන අය විශේෂ ආහාර ගත යුතුය

දියවැඩියා රෝගියකු ද සාමාන්‍ය අයකු ගන්නා අයුරින් සෞඛ්‍යමය ආහාර වේලක්‌ ගත යුතුය. නමුත් මෙවැනි ආහාර වේලක ධාන්‍ය වර්ග, එළවළු හා පළතුරු වැඩිපුර තිබිය යුතුය.

දියවැඩියා රෝගීන්ට සුදුසු සීනිවලින් තොර ආහාරය.

වර්තමානයේ බොහෝ දෙනා දියවැඩියාව රෝගයෙන් මිදීමට යෑයි කියා සීනි රහිත ආහාර (Sමටැර Fරුe) ගනිති. නමුත් සීණි රහිත බොහෝ ආහාරවල කැලරි බහුලය. එවායේ මේදය සහිතය. කාබෝහයිඩේ්‍රට්‌ද. අඩංගුවිය හැකිය. එනිසා නිසි වෛද්‍ය උපදෙස්‌වලින් තොරව මෙවැනි සීණි රහිත ආහාර වර්ග නොගත යුතුය.

ව්‍යායාම මගින් බර අඩු කර ගත හැකිය

ව්‍යායාම මගින් බර අඩු නොවේ. ඉන් සිදු වන්නේ ශරීරයේ තැන්පත්ව ඇති මේදය අඩු කිරීමය. ව්‍යායාම කිරීමේදී මාංශ පේශී ශක්‌තිමත් වන නිසා බර වැඩි විය හැකිය. ව්‍යායාම කරන අතර නිසි පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ද ගත යුතුය. එසේ නොමැතිව මා ව්‍යායාම කරන නිසා ආහාර පාලනය අවශ්‍ය නැතැයි කියා නොසිතිය යුතුය.

පැණි රස කැවිලි හා චොකලට්‌ දියවැඩියා රෝගීන්ට සුදුසු නැත

වඩාත් සැලසුම් සහගතව සෞඛ්‍ය සම්පන්න අයුරින් ව්‍යායාමවල නිරත වෙමින් දිවි ගෙවන දිය වැඩියා රෝගියෙකුට පැණි රස කැවිලි හා චොකලට්‌ ආහාරයට ගත හැකිය.

දියවැඩියා රෝගීන්ට තිරිඟු ආහාර සුදුසු අතර 

බත් හොඳ නැත

මෙය සත්‍ය නොවේ. තිරිඟු ආහාර සහ බත් යන දෙවර්ගයේම සමාන කාබෝහයිඩේ්‍රට්‌ස්‌ ප්‍රමාණයක්‌ ඇත. (70%) එනිසා මෙම දෙවර්ගයටම වඩා දියවැඩියා රෝගියකුට සුදුසු වන්නේ ධාන්‍ය වර්ගය.

දියවැඩියා රෝගීන් අධික ලෙස ව්‍යායාම කළහොත් 

රුධිර සීනි මට්‌ටම පහළ බසී

නිසි ලෙස ඉන්සියුලින් ගන්නා සහ රුධිර සීනි පාලනය සඳහා මෙට්‌ෙµdමින් ඖෂධය ගන්නා අය කොපමණ ප්‍රමාණයක ව්‍යායාමවල නිරත වූවත් රුධිර සීනි මට්‌ටම පහළ නොයයි.

දියවැඩියා රෝගියකුට ලේ දන්දිය නොහැකිය

දියවැඩියා රෝගය හොඳින් පාලනය කරගෙන යන අයකුට ලේ දන්දිය හැකි බව අනාවරණය වී තිබේ.

රුධිර සීනි මට්‌ටම ඉහළ හෝ පහළ යන බව මට දැනේ. එනිසා රුධිර පරීක්‍ෂාවක්‌ අවශ්‍ය නැත.

තමාගේ රුධිර සීනි මට්‌ටම ඉහළ හෝ, පහළ යැම නිවැරදිව දැන ගත හැකි ක්‍රමය වන්නේ රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂාවට ලක්‌ කිරීමය.

මඳ ක්‌ලාන්ත බව, නිතර මුත්‍ර පිටවීම වෙනත් රෝගවලදී ද මතුවේ. එනම් සෙම ගතිය වැඩි වූ විට සමබර බව අඩුවේ. මුත්‍රාශයේ රෝග නිසා නිතර මුත්‍ර පිටවේ.

ගිලින පෙති වකුගඩු විනාශ කරයි

දියවැඩියා රෝගය සඳහා ගනු ලබන ගිලින පෙති මගින් රුධිර සීනි මට්‌ටම අපේක්‍ෂිත සීමාවේ පවත්වාගනු ලබයි.

වකුගඩු අක්‍රීය වීම සිදු වන්නේ දිය වැඩියාව උග්‍ර වූ විටදීය. එනිසා නිසි වෛද්‍ය උපදෙස්‌ මත දියවැඩියාව පාලන සඳහා ඖෂධ ලබා ගත යුතුය.

තොරතුරු - ලෝක සෞඛ්‍ය සංවිධානයේ දියවැඩියා පාලන ඒකකය

සකස්‌ කළේ - උපාලි ද සේරම්

Post a Comment

0 Comments