චීනය අනාගත ලෝක බැංකුවේ කාර්යභාරය සඳහා වෙනම බ්‍රික්‌ස් බැංකුවක් පිහිටුවා දැනටමත් බ්‍රික්‌ස් රටවල සාමාජිකත්වයන් පවත්වාගෙන යැමට තරම් ශක්‌තිමත් ආර්ථිකයක් ගොඩනඟාගෙන තිබේ. ඒ සඳහා චීන ජාතිකයන් කැපවූයේ අද ඊයේ නොවේ. දෙවැනි ලෝක සංග්‍රාමයට පසුව ලෝකයේ රටවල් තම සංවර්ධන කාර්යයන් ඔවුන්ගේ රටවලට ආවේණික දේශපාලන සංකල්ප මත පවත්වාගෙන යනු ලැබීය.
දෙවැනි ලෝකයේ රටවල් නැතහොත් කොමියුනිස්‌ට් රටවල් වෙනස් වන්නට ආරම්භ වූයේ සෝවියට් රුසියාව ප්‍රමුඛවය. නමුත් බටහිර රටවල් ආර්ථික බිඳවැටීම් හමුවේ වුව කොමියුනිස්‌ට් රටවල්වලට තම පැවැත්ම ස්‌ථාවර කරගැනීමට හැකිවූයේ රටේ සංවර්ධනය නිසාය. චීනය ලෝකයටම ආදර්ශයක් දියහැකි ආර්ථිකයක් ගොඩනඟා ගනු ලැබුවේ මාක්‌ස්‌වාදය පදනම් කොටගත් සංවර්ධන ආකෘතියක් අනුගමනය කළ නිසාය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට් සමාජවාදී දෘෂ්ටිවාද පැතිර ගියද කිසිදිනෙක වාමාංශික රජයක් හෝ වාමාංශික රටක් හැදීමට නොහැකි ඇයි ?
මෙරට බටහිර අධිරාජ්‍යවාදීන් විසින් දිගු කලක් සියතට ගෙන පාලනය කිරීම නිසා පරම්පරා කීපයක් තුළ ඔවුන්ගේ අදහස්, පාලන ක්‍රම, අධ්‍යාපනය වැනි විශේෂිත අංශ කෙරෙහි ඇති වූ නතුවීම වෙනත් ජාතියකට ආදේශ කිරීමට මෙරට ජනයා අකැමැතිය. යම්කිසි ලෙසකට චීනය හෝ රුසියාව හෝ මෙරට ආක්‍රමණය කළා නම් බොහෝවිට මෙරටද මාක්‌ස්‌වාදී රටක් වීමට ඉඩ තිබිණි. වාමාංශික දේශපාලන බීජ මෙරට පොළොවේ වැපිරීමට මෙතෙක් නොහැකිවී ඇත්තේ මේ නිසාය. එසේ වූවානම් ශ්‍රී ලංකාවද චීනය හෝ ඉන්දියාව වැනි ආර්ථික මට්‌ටම ඉහළ රටක් වීමට ඉඩ තිබිණි. එය හඳුනාගත හැක්‌කේ චීනය තම රට ගොඩනැඟීමට එකිනෙකාට උගන්වමින් කළ ජාතිය ඥනනය කිරීමේ ක්‍රමවේදය විමසා බැලීමේදීය.
දෙවැනි ලෝaaක යුද්ධයෙන් පසු ලෝකයේ විවිධ රටවල් තම රටවලට ආවේණික දේශපාලන සංකල්ප හා ආර්ථික ක්‍රමවේද වෙත තල්ලු විය. ඒ අනුව යුරෝපා රටවල් කාර්මීකරණයේ ප්‍රමුඛ ආර්ථිකයකට පිsළිපන් අතර රුසියාව හා චීනය මාක්‌ස්‌වාදී සංකල්ප වුව භාවිත කළේ වෙන් වෙන් වශයෙනි. රුසියාවේ කාර්මික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකළ ස්‌ටාලින්ගේ ආප්ත වාක්‍යය වූයේ "එක රටක සමාජවාදය" යන්නයි. ඉන් ඔහු අදහස් කළේ එවකට රුසියාවේ නොදියුණු කොටස් වඩාත් ශීඝ්‍රයෙන් කාර්මික වශයෙන් සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමටයි. මේ හැරුණුවිට රුසියාවේ සංවර්ධන ආකෘතිය සකස්‌වූයේ දැඩි කාර්මික පදනමක් ආශ්‍රයෙනි. එම සංවර්ධනය ඇති කිරීමෙහිලා ඉතා බලසම්පන්න මධ්‍යම පක්‌ෂයෙන් විශාල මෙහෙයක් ඉටුවිය. රුසියාවද අද බ්‍රික්‌ස් රටවලින් එකකි.
එහෙත් චීනයේ සංවර්ධන කාර්යය ආරම්භ වූයේ මීට මඳක් වෙනස් ආකාරයෙනි. මහජන චීනයේ ප්‍රමාණවත් කාර්මික පදනමක් බිහිවනතුරු බලා නොසිට ආරම්භයේ පටන්ම සමාජයේ සෑම ජන කොටසක්‌ම සමාජවාදී විඥනයක් පළකළ යුතු බව ඔවුහු අවධාරණය කළහ.
මහජන චීනයේ සංවර්ධන ක්‍රියාදාමයේ මුල්ම කාරණය වූයේ ඒ සඳහා වන සෑම අංශයකදීම මහජනතාවගේ සහභාගිත්වය ලබා ගැනීමයි. විවිධ සේවා හා ශේ්‍රණි පොදු ජනතාව සමඟ සුහද සම්බන්ධතාවක් ඇතිවීමට එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම මහජන චීනයේ ක්‍රම සම්පාදකයෝ නිතරම පෙන්වා දුන්නේ ඔවුන්ගේ ආප්ත වාක්‍යය ලෙස "මහජනයාගෙන් මහජනයාට " යන්න භාවිත කරමිනි. ගොවි කම්කරු ජනතාව සහ විවිධ සේවා ශේ්‍රණි අතර ඉතා කාර්යක්‌ෂම ලෙස සන්නිවේදනය සිදුවීම මෙහිදී වැදගත් කොට සලකනු ලැබේ. ජනතාව තුළින්ම සංවර්ධන කාර්යය ඉටුකර ගැනීමේදී ඔවුන් මාඕ සේතුං විසින් අවධානය යොමුකළ කොටස් 4 ක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. මෙහි මුල්ම කාරණය "ප්‍රජානනය" ලෙස හඳුන්වන අතර එහිදී විවිධ ශේ්‍රණිවල සේවාවන්හි නියුතු නිලධාරීන් පොදු ජනතාව සමඟ එකට සම්බන්ධ වී සංවර්ධනය සඳහා ඒ ඒ ප්‍රදේශවල ප්‍රමුඛත්වයක් දිය යුතු ප්‍රශ්න තෝරා බේරා ගැනීම මෙහිදී මුලින්ම සිදු කරයි. එහිදී ජනතාව සමඟ සාකච්ඡා කිරීම මෙහිදී මුලින්ම සිදුවන අතර එකී ප්‍රදේශවල සාරාංශය ඉහළ ප්‍රධාන පාලක පක්‌ෂ වෙත යොමු කෙරෙන්නේද සම්බන්ධක ශේ්‍රණි නිලධාරීන් විසිනි. උදාහරණයෙක් ලෙස ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට පිළියමක් වශයෙන් උතුරු මැද පළාත තෝරාගෙන එහි ගොවීන් සමඟ සාකච්ඡා කරමින් කෘමිනාශක හා පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය හා වෙනත් වී වර්ග වගා කිරීමට ආරම්භ කිරීම වැනි සංවර්ධන ප්‍රශ්න නිරාකරණය එම "ප්‍රජානනය" යන ආකෘතියෙන් ක්‍රියාත්මක වේ.
මීළඟට එක් එක් ප්‍රදේශයකින් තෝරාගත් ප්‍රශ්න ගැඹුරු ලෙස විමර්ශනයට බඳුන්කොට ක්‍රියාවට නැංවීමට අනුමැතිය ලබා ගන්නේ ප්‍රාදේශීය මට්‌ටමෙන් ඒවා ක්‍රියාවට නැංවීමටයි. එය "ප්‍රමාණීකරණය" ලෙස හඳුන්වනු ලැබේ. චීනයේ සංවර්ධනයේ ප්‍රධාන ශ්‍රම බළකාය යනු පොදු ජනතාවයි. ඔවුන්ගේ නිර්මාණාත්මක බලය හා උත්පාදක ශක්‌තිය උපයෝගි කර ගැනීම අනෙකුත් කිසිදු රටක නොකෙරෙන්නකි. ඒ නිසා කේන්ද්‍රය හා පරිධිය එනම් රජය හා ජනතාව අතර පුළුල් පරතරයක් ඇති නොවේ. එසේම සංවර්ධනය මැන බැලීම සඳහා අනෙක් රටවල් අනුගමනය කරන ඒක පුද්ගල ආදායම හෝ දළ ජාතික නිෂ්පාදනය කෙරෙහි විශ්වාස නොකරන චීනය නිලධාරී පැලැන්තියේ බලය පැවරීම වැළැක්‌වීම, සදාචාරව කටයුතු කිරීම, කාර්මීකරණය නිසා උද්ගතවන නොමනා අංග ලක්‌ෂණ දුරු කිරීම යනාදී කරුණු රැසක් සැලකිල්ලට ගනු ලැබේ.
අප අද කතාකරන යහපාලන සංකල්පය චීනය අත්දුටුවේ දෙවැනි ලෝක සංග්‍රාමය නිමාවූ වකවානුවේදීමය. ඒ අනුව ඔවුන් මනුෂ්‍ය සාධක මුල්තැන්හිලා සංවර්ධන කටයුතු කරන බව හඳුනාගත හැකිය. චීනය සංවර්ධනය වූ අනෙක් කාරණය නම් එහි ක්‍රමසම්පාදනයේදී සීමිත ප්‍රභූ පංතිය හා පොදු ජනතාව අතර ඇති පරතරය හැකිතාක් අඩුකර ගැනීමයි.
සන්නිවේදනය භාවිත කිරීමේ ක්‍රමවත් බව චීනයේ සංවර්ධනයට බලපෑ තවත් සාධකයකි. එරට සෑම පුරවැසියෙකුම කිසියම් කණ්‌ඩායමක ට අයත් වේ. ප්‍රාදේශීය මට්‌ටමෙන් ආර්ථික සංස්‌කෘතික සාමාජික ප්‍රශ්න සාකච්ඡා කෙරෙන්නේ මෙම කණ්‌ඩායම් විසිනි. එරට සන්නිවේදන දේහයේ වැදගත්ම කණ්‌ඩායම මේ පුරවැසි කණ්‌ඩායමයි. ඔවුන් එකිනෙකා වශයෙන් සෑම කෙනකුටම රටේ සංවර්ධනය පිළිබඳව පූජනීය හැඟීමක් තිබේ.
ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡාකොට සංවර්ධන සැලැසුම්වල ඌණතා පෙන්වා දෙන මේ කණ්‌ඩායම් අතර ඇති අන්තර්පුද්ගල සම්බන්ධතාව අති ප්‍රබලය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කරන්නේ රටේ ප්‍රධාන ප්‍රතිපත්ති පැහැදිලි කරදීමත් රට වැසියන්ට අවශ්‍ය දේශීය විදේශීය තොරතුරු ඉදිරිපත් කිරීමත්aය.
මේ කණ්‌ඩායම් මඟින් ජාතික සංවර්ධනාත්මක සැලැස්‌ම ක්‍රියාවට නැඟේ. ජාතික සංවර්ධනය යනු පාලක පක්‌ෂයට හෝ තාක්‌ෂණික ශිල්පීන්ට හෝ සීමාවූවක් නොවේ. මුළු මහත් ජාතියෙහි සාමූහික ප්‍රයත්නය පතන්නකි ඒ බව නිතර නිතර සිහිපත් කරදීමට පුරවැසි කණ්aඩායම් මහෝපකාරී වේ.
එසේම පුද්ගලයා කෙරෙහි සාමූහික ප්‍රතිපත්ති බලපාන්නට අවයවයක් සලසා දීමක් සන්නිවේදනයෙන් සිදු කෙරේ. චීනයේ වෑයම හැකිතාක් දුරට මිනිසාගේ පුද්ගලත්වය යටපත් කොට පොදු සාමූහික විඤ්Æණයකින් යුත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමයි. රටේ සංවර්ධනය සඳහා එකිනෙකාගේ දායකත්වය ඉතා ඉහළ අගයකට පත්කොට නිතරම සංවර්ධනය යන්න පෞද්ගලිකත්වයට වඩා පොදු බවට පත්කිරීමට එරට ජාතික සැලසුම් හා සන්නිවේදනය පුරෝගාමී වේ. චීන ජාතිකයන් නිතරම රටේ සංවර්ධනය "මගේ" නොව "අපේ" යන හැඟීමෙන් කටයුතු කරන්නකි. මාක්‌ස්‌වාදය බිහිව පැතිර එය යටපත් ව යළි යළි මතුවන අවස්‌ථා මේ රටවලින්ම දැකගත හැකිය. රටේ සංවර්ධනය හා සම්බන්ධව සෑම ව්‍යාපෘතියක්‌ම මාක්‌ස්‌වාදයේ සෙවණැල්ලෙන් තවමත් ක්‍රියාත්මක වේ. සන්නිවේදනයේදීද එය එසේම බලපායි. දැනට ලෝකයේ විද්යුත් තැපෑල සුලබ වුවද චීනයේ විද්යුත් තැපෑල සඳහා පුරවැසියන් කිසියම් ලියාපදිංචියකින් ඒවා ලබාගත යුතුය. සන්නිවේදන ක්‌ෂේත්‍රයේද බලපානුයේද කෙතරම් දියුණුවකට පත්වුවද සියල්ල කෙරෙහි පක්‌ෂය ප්‍රමුඛ රාජ්‍යයේ අවසරය, අධීක්‌ෂණය මත සිදු වුව සෑම පුරවැසියෙකුම තමා රට වෙනුවෙන් මිස තමා වෙනුවෙන් සේවය නොකරන මානසිකත්වය තවමත් චීන ජාතිකයන්ගෙන් නැති වී නැත. රටේ දියුණුව සාමූහික දියුණුවක් වන්නේ එබැවිනි. මේ රටේ සමාජවාදය හෝ මාක්‌ස්‌වාදය සහිත රජයක් බිහිවීමට නම් කවදා හෝ ඔවුන්ගේ යටත් විජිතයක් වුවහොත් මිස කිසිදා සිදු නොවන්නකි.
මාහාචාර්ය - අජන්තා හපුආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලය
0 Comments