කුරුලු සම්පත සොබාදහමේ එක් දායාදයකි. පරිසර මාතාවගේ තනියට ළඟ රැඳෙමින් මිහිරි නදින් අප පිනවීමේ නිරන්තර කාර්යයක නිරත වන ඔවුහු අපේ මිතුරෝය. ලෝකයේ අන් රටවල දක්‌නට නොලැබෙන කුරුලු වර්ගයන්ටද තවත් බොහෝ කුරුලු වර්ගයන්ටද ලක්‌බිම නිවහනක් වී තිබේ. අපටම ආවේණික වූ වටිනා කුරුලු වර්ග බොහොමයක් ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබීම ආඩම්බරයට කරුණකි. තුරුලතාවලින් පමණක් සපිරුණු පරිසරයක සොඳුරු බව ඉස්‌මතු කරන්නට කුරුලු සම්පතින් ලැබෙන්නේ නොමඳ පිටිවහලකි. එහෙත් කුරුල්ලන්ගේ අවිහිංසක බව නිසා ඒ චමත්කාරය තවත් වර්ධනය වී ඇත. සංචාරකයන්ගේ නෙත් පිනවීමටද ඔවුන් සමත් වී ඇත. අපේ කුරුලු පාරාදිසය නැරඹීමට අද සංචාරකයෝ වැඩි උනන්දුවක් දක්‌වති.
ලක්‌බිමෙහි සුන්දරත්වය වර්ධනය කිරීමෙහිලා අපමණ මෙහෙයක් කරන කුරුලු සම්පත අද විනාශවීමේ තර්ජනයකට මුහුණ පා සිටී. මිනිසාගේ අකාරුණික ක්‍රියා කලාපය නිසාම අද ඔවුන්ට ජීවත් වීමේ අයිතිය පවා අහිමි වී ඇත. පටු ෙච්තනාවෙන් යුත් මිනිසා නිර්මල සුන්දරත්වය කිලිටි කර දමන්නට තරම් සැහැසි වී තිබේ. එමගින් තුරුලතා විනාශ වනවා පමණක් නොව එහි වසන කුරුලු සම්පත ඇතුළු සියලුම සත්ව කොටස් විනාශ වීමේ ඉඩ කඩ වැඩිය. අද ශීඝ්‍රයෙන් සිදුවන විනාශය නිසා නුදුරු අනාගතයේදී කුරුලු සම්පත අපෙන් දුරස් වී යනු නිසැකය. සංචාරක කුරුලු වර්ගයන්ටද නවාතැන් පළක් වී ඇති ලංකාවට නුදුරු අනාගතයේදී තමන් සෙවෙණෙහි වැඩුණු පක්‍ෂීන්ටද රැකවරණය ලබා දෙනු නොහැකි වනු ඇත. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතිමේ ෙ€දවාචකය වනුයේ අනාගත පරපුරට සජීවී පක්‍ෂියකු නැරඹීමේ අවස්‌ථාව අහිමි ව යාමයි. කෘමි නාශක වල්නාශක භාවිතයද අද කුකුළු පරපුරට තර්ජනයක් වී ඇත. අපේ කුඩා දිවයිනේ පක්‍ෂි වර්ග 417 ක් පමණ දක්‌නට ලැබෙන අතර ඉන් වර්ග 169 ක් පමණ පිටරටවල සිට මෙරටට පැමිණ ඇත. අගෝස්‌තු සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැමිණෙන මේ කුරුලු අමුත්තෝ හය මසක් පමණ මෙහි ගත කර අප්‍රියෙල්, මැයි මාසවලදී තම නිජ බිම් කරා නැවත ගමන් අරඹති. පක්‍ෂීන් නැරඹිය හැකි නම් එය අපට ආස්‌වාදයක් මෙන්ම ආඩම්බරයටද කරුණකි. මන්ද ලංකාව වැනි පුංචි රටකට තාවකාලික නිවසක් වශයෙන් සලකා හෝ පැමිණෙන කුරුලු සම්පත අපට අගනා පරිසර දායාදයක් වන බැවිනි.
සංචාරය සඳහා අප රටට පැමිණෙන කුරුල්ලන් අතර ඉන්දියානු රැහැන් මාරා, අවිච්චියා, රතු මහ ඔලෙවියා. පෙද මුල් කැස්‌වටුවා, මලයානු තඹ කොහා, මහ ඔලෙවියා වැනි කුරුල්ලෝ වෙයි. මීට අමතරව ලංකාව නිජබිම කරගත් කුරුලු වර්ග රාශියක් ඇත. "කුමන" කුරුලු පරාදීසයේදී දකින්නට ලැබේ. ආදිවාසීන් තරම් අපි අද පරිසරයට ආදරය නොකරන්නෙමු. නාගරිකරණයට හසු වුණු මිනිසන් අතර ගහට කොළට සිවුපාමුන්ට, පක්‍ෂීන්ට ආදරය කරන්නන් සොයා ගැනීම දුෂ්කරය. වානිජ සමාජයේ ආරම්භයත් සමග මිනිසා තුළ හටගත් අධික බල ලෝභය නිසා මුළු මිහිතලයේ අසරණ තත්ත්වයට පත්වී ඇත. එපමණක් නොව ඉතිහාසයේ විශාලම සරදම වන්නේ මිහිතලය රෝගි කළ මිනිසුන්ටම එය සුවපත් කිරීමේ කර්තව්‍යය පැවරීමය. අද කුරුලු සම්පත පමණක් නොව මුළු පරිසර මාතාවට රැක ගැනීමට පැරැණි මත වෙනස් කර නම ආකල්පය තුලින් පෙරට යාමට සියලු සිදුවීම් මගින් අපට අණකර සිටි. වර්තමානයේ මිනිසා සිතා සිටින්නේ පරිසරයත් එහි සත්ත්ව කොට්‌ඨාසයනුත් මිනිසාට පමණක් අයිති දෙයක් ලෙසටය. ලක්‍ෂ සංඛ්‍යාත ජීව පද්ධතියක් වෙසෙන ලොව මත මිනිසා තවත් සිව්පාවෙකු පමණක් මම ඔහුට අවනත එම අන් සත්වයන්ගේ ජීවිත විනාශවීම ඔහු පෙළඹීමට උපස්‌තම්භකවී ඇත.
අද අපට අහිමි වී යන කුරුලු සම්පත රැක ගැනීමට අප වහ වහා පිළියම් යෙදිය යුතුය. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව සත්වවේදීන්ගේ සංගමය, ආදී ආයතන කුරුලු සම්පත සුරැකීම සඳහා ගන්නා ප්‍රයත්නය අගය කළ යුතුය. ළමා පරපුරට තරුණ පරපුරට සොබා දහමේ සුන්දරත්වය වන ජීවීන්ගේ හා පක්‌ෂීන්ගේ අගය වටහා දිය යුතුය. වන සත්ව පරිසරයත් විනාශ වු ලෝකයක මිනිසාටද පැවැත්මක් නැති වග අප වටහා ගත යුතු සත්‍යයකි. කුරුලු සම්පතේ අගය අප වටහා නොගන්නා තුරුම නිස කලෙක අපට ඔවුන් රැකීමට නොහැකි වනු ඇත. සොබා දහමේ කොටස් කරුවන් වන කුරුලු සම්පත සුරැකීමට අප අපේ ක්‍රියාකාරකම් හා ආකල්පවල නව වෙනසක් ඇති කළ යුතුය. අප අප ගැනත් කුරුලු සම්පත අතර වන සබැඳියාව ගැනත් සිතා කටයුතු කිරීමෙන් පමණක් අපට කුරුලු සම්පත සුරැකීමට පුළුවන.
සොබා දහමේ වසන කුරුල්ලන්ගේ ජීවත් වීමේ අයිතිය සුරැකීම් වස් මිනිසාට පැවරී ඇත්තේ යුගයේ ඉටු කළ යුතු කාර්ය භාරයකි. ඒ සුවිශේෂ කාර්ය සඳහා මිනිසා සාමුහිකව කටයුතු කළ යුතුය. එවිට අපේ පරිසරයේ සුන්දරත්වයද සුරැකී කුරුලු සම්පතද ආරක්‍ෂාවී මේ මිහිතලය සුන්දර වනු නොඅනුමානය. එවිට අනාගත පරපුරටද එහි සුන්දරත්වය නොමඳ ව විඳ ගත හැකිය.
දකුණු හුණුවල මාලා එදිරිසිංහ
0 Comments