ඇමරිකාවේ සසෙක්ස් නමැති කෝරළයට අයත් ඩෙල්වෙයා නමැති පළාතේ මෙයට අවුරුදු 96 කට පෙර ජීවත් වූ විල්මාර්Êස්ටීල් නමැති කාන්තාවට කුකුල් කූඩුවක් තිබිණි. ඉපැරැණි ඇමරිකාවේ ගැමි ගෙදරක කුකුල් කූඩුවක් තිබීම කිසිම ලෙසකින්වත් විශේෂ කාරණයක් නොවේ. එහෙත් විල්මර් ස්ටීල්ගේ කුකුල් කූඩුව විශේෂ වන අතර එයට හේතුව ලොව පළමුවන බ්‍රොයිලර් කුකුල් රැළ අද වැනි දවසක මේ කූඩුවේදී ඉපැදීමය.
විල්මර් ස්ටීල් කුකුළන් ඇති කළේ සුරතලයට නොව කිකිළියන්ගෙන් බිත්තර ගැනීමටත් සති අන්ත දිනවලදී සහ උත්සව අවස්ථාවන්හිදී උන් මරාගෙන කෑමටත් ය. අතන මෙතැන ඇවිදිමින් අහුලාගෙන කන කුකුළන් දිහා බලාගෙන සිටි ඇය, උන් උස්මහත් වී මරාගෙන කනු පිණිස අඩුම ගණනේ අවුරුදු දෙකක්වත් ගත වන බව සිහිපත් කර උන්, ඉක්මනින් මහත් කර මසට ගත හැකි ක්‍රමයක් ගැන සිතුවාය. සැනෙකින් ඇයට අදහසක් පහළ විය. ඒ අනුව 1923 අප්‍රේල් මාසයේ සති අන්තයකදී සිය සැමියා උදව්වට අල්ලාගත් ඇය අඩි 16 ක් දිග විශාල කුකුළු කූඩුවක් තනා කුකුළු පැටවුන් 500 ක් එහි පදිංචි කර කෙළවරක් නැතිව උන්ට කෑම දෙන්නට පටන් ගත්තාය. මේ අනුව කුකුළු පැටව් බලා සිටියදී තර වී පිට්ටු ගෙඩි හා සම වූහ. මාස 6 ක් යන විට උන් එළි පහළියේ අහුලා කමින් ජීවත්වන අවුරුද්දක් වයසැති සෙසු කුකුළන් ට සහ කිකිළියන්ට වඩා විශාල වූහ. තවත් මහත්වීමට තරම් උන්ගේ ශරීර කූඩුවල ඉඩක් නැති බව වැටහුන බැවින් විල්මර් ස්ටීල් කුකුළු රැළ මරා විකුණන්නට පටන් ගත්හ. ඇගේ හැම කුකුළෙක්ම රාත්තල් 3 ට වඩා බර වූහ. හැම කුකුළෙක්ම රාත්තල ඩොලර් සත 60 බැගින් වූ මිලකට විකුණා ගැනීමට ඇයට හැකි විය.
ඊළඟ අවුරුද්දේදී එනම් 1924 දී විල්මර් ස්ටීල් කුකුළන් 1000 ක් දැමිය හැකි කූඩුවක් තැනුවාය. එය සීත කාලය වූ බැවින් ඇය කූඩුව තුළම සාදන ලද දර උදුනක් මගින් කුකුළන්ට උණුසුම ලබා දුන්නාය. වෙන සීත කාලවලදී විල්මර්ගේ කුකුළන් සීතලට මිය ගිය ද මෙවර එවැන්නක් සිදු වූයේ නැත. හය මාසයක් තුළ කුකුල් රැළ ඌරු පැටවුන් සේ තර වූහ. විල්මා උන් මරා අලෙවි කළාය. මෙසේ කුකුළු මස් තොග වශයෙන් අලෙවි කිරීම එකල ඇමරිකාවේ කොතැනකවත් නොතිබිණි. 1925 දී විල්මා කුකුළන් 10,000 ක් දැමිය හැකි කූඩුවක් තනා එයට ආහාර ජලය සහ උණුසුම සපයමින් මාස 5 ක් තුළ පල නෙළා ගත්තාය. ඇගේ මෙම කුකුළු කූඩු ක්‍රමය ඇමරිකාව පුරා ජනප්‍රිය වූ අතර, වසර 50 කට පසු, එනම් 1973 දී පමණක් ඇමරිකාව කුකුළන් බිලියන 5 ක් උපදවා බ්‍රොයිලර් ක්‍රමයට හදා මරාගෙන කා දමා තිබිණි.
විල්මා ස්ටීල්ගේ කුකුළු කූඩුව අදටත් තිබේ. ඇමරිකාවේ ඩෙල්වෙයාර් විශ්වවිද්‍යාලයේ කෘෂි පර්යේෂණ අංශය විසින් මේ කුකුළු කූඩුව සංරක්ෂණය කරනු ලැබ තිබේ. මෙය අද ඇමරිකාවට අයත් ඓතිහාසික උරුමයේ කොටසකි. විල්මා ස්ටීල් මෙය හඳුන්වන ලද්දේ බ්‍රොයිලර් හවුස් යනුවෙනි. බ්‍රොයිලර් යන නම කුකුළාට ලැබුණේ ඌ බ්‍රොයිලර් හවුස් නමැති කූඩුවෙන් පිටතට ගෙන විකුණන ලද නිසාය. ඒ අනුව ගෙවත්ත පුරා අහුලාගෙන කමින් සිටි කුකුළා බ්‍රොයිලර් කුකුළා ලෙස මුල් වරට හඳුන්වන්නට පටන් ගත්තේ 1923 - 1925 අතර කාලය තුළදී ය.
*******************************
ලොව පළමුවන බ්‍රොයිලර් කුකුල් ගහනය 1923 අද වැනි දවසක බිහි වූයේ නම්, බ්‍රොයිලර් කුකුල් සංකල්පය මෙලොවට හඳුන්වා දී මේ අවුරුද්දට අවුරුදු 94 ක් සම්පූර්ණ වන්නේය.නූතන ලෝක ජනගහනය බිලියන 10 කට කිට්ටුය. නූතන බ්‍රොයිලර් කු=කුල් ගහනය බිලියන 50 කට කිට්ටුය. සෑම දවස් 41 කට හෝ 45 කට වරක් බ්‍රොයිලර් කුකුළන් මස් පිණිස මරණ නමුදුÊ මේ ගණන එහා මෙහා නොවන්නේ මියයන උන්ගේ තැන ගැනීමට තව තවත් පැටවුන් බිහිවන නිසා ය. මෙයට අවුරුදු 94 කට පෙර බ්‍රොයිලර් සංකල්පය බිහිවන විට කුකුළු කොටුවල සිටි බ්‍රොයිලර් කුකුළන් සියලු දෙනා විවිධය. එහෙත් පසුගිය අවුරුදු 40 ක පමණ සිට බ්‍රොයිලර් කුකුළන් සියලු දෙනා සුදු නිල ඇඳුම් ඇන්දාක් මෙන් සුදු පාටය.
සම්පූර්ණයෙන් ම කැලෑ සතකු වූ කුකුළා ගෘහස්ථ සතකු බවට පත්වන්නේ මෙයට අවුරුදු 4000 කට පෙරය. Red Jමබටකැදෙඅක හෙවත් ලංකාවේ ජීවත්වන වලි කුකුළු වර්ගයේ කුකුල් ප්‍රජාවට අයත් සාමාජිකයෝ එකල ඇති කළ කුකුල්ලුය. ඉන්දියානු උප මහාද්වීපයේ සහ අවට රටවල පහළ වූ බවට විශ්වාස කෙරෙන මේ සතා මුලින්ම ඇති කරන්නට පටන් ගෙන ඇත්තේ මස් හෝ බිත්තර පිණිස නොව පොර කෙටිල්ලටය. අවුරුදු 4000 කට පෙර ද සූදුව අද මෙන්ම ජනප්‍රියව පැවැතියේය. කැසිනෝ ක්ලබ් නොතිබුණාට කුකුල්ලුද, වහල්ලු ද පොර පිටිවල ලේ හලාගෙන සටන් කරද්දී මිනිස්සු උන් වෙනුවෙන් ඔට්ටු ඇල්ලූහ. තමා දිනුවොත් තම ස්වාමියාට ලැබෙන මුදල ගැන වහලාට දැනුමක් තිබූ නමුත් කුකුළා තනිකරම සටන් කළේ තම ප්‍රතිවාදියා පැරදවීමේ එකම අරමුණ සහිතවය. එක් පුරාතන කතාවක මෙසේ සඳහන් ය. ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ පළමු දශකයේ එක් දවසක ග්‍රීක සෙන්පතියකු වූ ඔයෑපසිඑදජකැs පර්සියානු හමුදාවකට එරෙහිව යුද්ධයට යමින් සිටියේය. ඔවුන් ගමන් කරන මග අයිනේ කුකුළන් දෙදෙනෙක් පොරකමින් සිටියහ. කුකුළන් දෙදෙනා මාරුවෙන් මාරුවට උඩ පනිමින් අනෙකාට පොරකටුවලින් පහර දුන්හ. එය දුටු සෙන්පති තෙමිස්ටොක්ලිස් සිය හමුදාවට නවතින ලෙස පවසා මෙසේ කීවේය. "මේ කුකුළන් දෙදෙනා සටන් කරන්නේ රට ජාතිය ආගම හෝ දේශසීමා වෙනුවෙන් නොව අනෙකාට පැරදීමට ඇති අකමැත්ත නිසාය. එය නිරර්ථක අරමුණකි. පර්සියන් හමුදාව කඩු ගෑමට අප යන මේ ගමනද එවැනි නිරර්ථක ගමනකි. අපට පැරදීමට ඔවුන් තුළ ඇති අකමැත්තත්, ඔවුන්ට පැරදීමට අප තුළ ඇති අකමැත්තත් නිසා එකිනෙකා මැරී වැටෙන තුරු දෙපැත්තම සටන් කරනවා ඇත. එබැවින් ආපසු හැරී ගෙවල් බලා ගොස් රට දැය සමයට සේවය කිරීම සඳහා ජීවිත ආරක්ෂා කර ගනිමු.
*******************
බ්‍රොයිලර් කුකුළන් බිහිකිරීමේ කටයුත්ත සිදු වන්නේ 1923 දී වුවද, ඒ පිළිබඳ මූලික පරීක්ෂණ පැවැත්වීමට පටන් ගන්නේ 1919 සිටය. ඉතා අඩු කාලයක් තුළ කුකුළකු උස් මහත් කර ඌ මරාගෙන කෑම මේ පර්යේෂණවල අරමුණය. එකල සිටි කුකුළකුගේ උපරිම බර රාත්තල් එකහමාර ඉක්ම වූයේ කලාතුරකිනි. අඩුම ගණනේ රාත්තල් දෙකහමාරක්වත් බර කුකුළකු උපදවා ගැනීම පර්යේෂකයන්ගේ ආරම්භක අරමුණ විය. මේ අනුව කුකුල් පැටවකුගේ ආයු කාලයේ පළමුවන දින 120 තුළ රාත්තල් 2.2 ක බරක් ලබා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය. වසර 2005 වන විට දින 30 ක් තුළ මේ බර ලබා ගැනීමට හැකි විය. මෙසේ අධි වේගයෙන් බර වර්ධනය වන කුකුළන්ට හදිසියේම හෘදයාබාධ වැළඳෙයි. එවැන්නකු මිය යැමට ගත වන්නේ තප්පර 60 ක් වැනි සුළු කාලයකි. මේ අතර අධික ලෙස ශරීරය වර්ධනය වන කුකුළාට එහි බර දරා ගැනීමට බැරිව දුක් විඳීමට සිදුÊවෙයි. මසට හදන µdම් කුකුළාට පයිsන් ඇවිදීම මහත් වේදනා ගෙන දෙන්නකි. යුරෝපයේ කුකුළු ගොවිපළවල වර්ග මීටරයක් තුළ කුකුල්ලු 25 ක් පමණ ගාල් කරනු ලැබේ. එවිට උන්ගේ ශරීර ශක්තිය වැය වී මාංශ පේෂි හීන වීමක් සිදු වන්නේ නැත. මෙසේ එක රොත්තට ගාල් කර තැබීමේ අනෙක් ප්‍රයෝජනය වන්නේ කුකුළන්ගේ ශරීර උෂ්ණත්වය සුරැකී ශරීර වර්ධනය හොඳින් සිදුවීමය.
බ්‍රොයිලර් කුකුළා යනු එළවළුවක් නොව සතෙකි. එහෙත් ලංකාව වැනි රටවල බ්‍රොයිලර් කුකුළා එළවළුවක් ය යන මතය වංචනික ලෙස ජන මනසට කාවද්දන වැඩපිළිවෙළක් තිබේ. එහි පළමුවන පියවර කුකුල් කොටුවට කුකුල් ගොවිපළ නම තැබීමය. මසට කුකුළන් ඇති කිරීමට යොදන නම කුකුල් පාලනයය. කුකුල් කොටු හිමියාට ද ගොවියා යන වචනය යොදනු ලැබේ. එහෙත් උපතේ සිට මරණය දක්වා මේ අසරණ සතා විඳින වධයේ පාපයෙන් ගැලවීමට මේ වචන පාවිච්චි කිරීමෙන් කාටවත් නොහැක.
0 Comments