ජාන තාක්‍ෂණයෙන් රෝග හඳුනා ගැනීම


ජාන තාක්‍ෂණය මද සරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වන්නේ කෙසේද?

දෙමාපියන් තුළ විකෘතිතා ඇති සැඟවුණු ජාන මඳ සරු භාවයට ප්‍රබල සාධකයකි. මෙම ජාන මගින් ඇති වන්නා වූ කලලයන් විකෘතිතා ඇති කලලයක්‌ වන අතර බොහෝ විට එම කලලයන් ස්‌වභාවික ගබ්සා බවට පත් වී යයි. (Recurrent Miscarriages) එමෙන්ම මෙවැනි විකෘතිතා ඇති ඩිම්බයක්‌ හෝ ශූක්‍රාණුවක්‌ සංසේචනය නොවීම හෝ පිළිසිඳ නොගැනීම බොහෝ විට මඳ සරුභාවය ඇති විවාහ පත්වූවන්ගේ දැකිය හැකි ලක්‍ෂණයකි. මෙම සංකූලතාවය ලේ නෑකම් සහිත විවාහයකදී බොහෝ විට දැකිය හැකිය. ජාන තාක්‍ෂණය මගින් මෙම ජාන විකෘතිතා හඳුනා ගැනීමෙන් මද සරු භාවයට නිසි ආකාරව ප්‍රතිකාර කිරීමට හා එම ප්‍රතිකාර මගින් නිරෝගිමත් දරු සම්පතක්‌ ලබා ගැනීමට මහත් සේ උපකාරී වේ. මෙම සියලුම ජාන තාක්‍ෂණයන් අප රටෙහිද ඇති අතර මද සරු භාවය සහිත පුද්ගලයන් ජාන රාaග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් ය.

ජාන පරීක්‍ෂාව නළ දරු තාක්‍ෂණය මගින් නිරෝගී දරුවකු බිහිකිරීම සඳහා මෙන්ම නළ දරු තාක්‍ෂණයේ සාර්ථකත්වය ඉහළ නැන්වීමට යොදා ගන්නේ කෙසේද?

නළදරු තාක්‍ෂණය සඳහා යොදා ගන්නා පුරුෂයා මෙන්ම කාන්තාවගේ පූර්ව ජාන පරීක්‍ෂාව මෙන්ම වැඩෙන කලලයේ ජාන පරීක්‍ෂාව Peri - implantation
Genetic Diagnosis මගින් නිරෝගී සාර්ථක කලලයක්‌ ඇති කිරිමට හැකියාව ඇත. එම නළ දරු තාක්‍ෂණය සඳහා යොදා ගන්නා යුවළගේ ජාන විකෘතිතා ඇතිනම් ඩිම්බ ප්‍රදානය, ශුක්‍රාණු ප්‍රදානය හෝ කළල ප්‍රදාහය මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ජාන තාක්‍ෂණය ඉවහල්වේ. එම නිසා නළදරු තාක්‍ෂණය මගින් දරුවකු බලාපොරොත්තු වන යුවළක්‌ ජාන පරීක්‍ෂාවට යොමුවීම ඉතා වැදගත් ය.

ජාන තාක්‍ෂණය පිළිකාව පූර්ව හඳුනා ගැනීමකට හා නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වැදගත් වන්නේ කෙසේද?

පිළිකාව යනු යම් සෛලයක සිදුවන්නා වූ ජාන විකෘතිතාවයක ප්‍රතිඵලයකි. මෙහිදී විවිධ පිළිකා වර්ග දැකිය හැකි අතර සමහර පිළිකා වර්ගවල පාරම්පරික සම්ප්‍රේෂණයක්‌ දැකිය හැකිය. උදාහරණ ලෙද පියයුරු පිළිකා දැක්‌විය හැකිය.

විශේෂිත වූ ජාන පරීක්‍ෂාවන් Cancer Panels මගින් මෙම පිළිකා ඇතිවීමට ප්‍රථම පූර්ව හඳුනා ගැනීමට ලක්‌කර ගැනීමට හැකි වන අතර මෙම පිළිකා තත්ත්ව පාලනය කිරීමට හැකියාව ඇත. මෙම තාක්‍ෂණය ද අප රට තුළ ඇති නවීන ජාන තාක්‍ෂණික ක්‍රමයකි.

ජාන හා සම්බන්ධ අනෙකුත් රෝගාබාධ මොනවාද?

ළමා අවධියේදී මෙන්ම තරුණ අවධියේදී ඇතිවන්නා වූ ජානමය රෝගාබාධ මෙහිදී සඳහන් කළ හැකිය. උදාහරණ වශයෙන් හිමොµSලියාව, තැලසිමියාව, ලියුකේමියාව, හා වෙනත් රුධිරගත නිධන්ගත රෝග මෙන්ම ස්‌නායු ආබාධ, වලිප්පුව, බුද්ධි වර්ධනයේ දුර්වලතා දැකිවිය හැකි වන අතර මෙම රෝගාබාධ ජාන පරීක්‍ෂාවක්‌ මගින් නිශ්චිතවම පූර්ව අවදියේදී හඳුනාගත හැකිය.

තරුණ අවධියෙහි ඇතිවන්නා වූ හෘදයාබාධ, දියවැඩියාව මෙන්ම අධි රුධිර පීඩනය බොහෝ විට ජාන විකෘතිතා සමඟ පාරිසරික හා ජීවන රටාවේ බලපෑම් මූලික කරගෙන ඇතිවන්නා වූ රෝගී තත්ත්වයන් බවට සැලකිය හැකිය. මෙවැනි තත්ත්වයන් පාරම්පරිකව දැකිය හැකි පවුල්වල නිරෝගී පුද්ගලයන් ජාන විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ලබා ගන්නා උපදේශන සේවාවන් හා ජාන පරීක්‍ෂණ මගින් මෙම රෝගී තත්ත්වයන් ඇතිවීම පාලනය කිරීමට මහෝපකාරී වේ.

ජාන ප්‍රතිකාර ක්‍රම යනු මොනවාද?

ජාන විකෘතිතා ඇති රෝගීන් සඳහා එම විකෘති වූ ජාන වෙනුවට නිරෝගී ජාන වර්ණ දේහ තුළට ඇතුළත් කිරීම මගින් එම ජාන විකෘතිතා මගින් ඇති වන්නා වූ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම ජාන ප්‍රතිකාර ක්‍රමයයි. මෙය බොහෝ දියුණු රටවල පමණක්‌ දැකිය හැකි වන අතර අධික වියදම් සහිතය. නමුත් ඉතා දැඩි ජීවිත අවදානමක්‌ ඇති ජාන විකෘතිතා ඇති දරුවන් සඳහා මෙය යෝග්‍ය වේ. ඇටමිඳුළු බද්ධය Bone Marrow Transplantation තරමක්‌ අඩු වියදම් සහිත ප්‍රතිකාර ක්‍රමයකි. බොහෝ රුධිරගත ජාන රෝග (උදා. තැලසීමියාව, ප්‍රතිශක්‌තී ඌනතාවය) මෙමගින් සුවකළ හැකිය.

ජාන රෝග වලින් තොර සමාජයක්‌ ඇති කළ හැක්‌කේ කෙසේද?

ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක්‌ රෝහල්ගත වන්නේ ජානමය විකෘතිතාවක්‌ නිසා ඇතිවන්නා වූ සංකූලතාවයන් නිසා ය. මෙවැනි තත්ත්වයන් වළක්‌වා ගැනීමට ජාන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදේශන මෙන්ම විශේෂිත වූ ජාන පරීක්‍ෂාවන් මගින් ජාන රෝග හඳුනා ගැනීම වැදගත් ය. එමගින් එම ජාන රෝග හඳුනා ගැනීම වැදගත්ය. එමගින් එම ජාන රෝග ඊළඟ පරම්පරාව වෙත සම්ප්‍රේෂණය වීම වැළැක්‌වීම මගින් ජාන රෝග වලින් තොර සමාජයක්‌ වෙත ළඟා වීමට හැකියාව ඇත.

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us