පිළිකා නාශක පලතුරු වර්ග 4 ක්‌


වෛද්‍ය වික්‍රමාරච්චි - ඉතිරි තුනෙන් පළමුවැන්න තමයි Chronic Limphocytic Leukemia‌ රෝගය. මෙය රුධිරය සහ ඇට මිදුලු තුළ හටගෙන ක්‍රමයෙන් නරක තත්ත්වයට පත්වන රෝගයක්‌. මෙය දරුවන්ට වැළඳෙන්නේ ඉතාම කලාතුරකින්. වැඩිහිටියන්ට මැදිවිය ඉක්‌මවීමෙන් පසු මෙය වැළඳෙනවා. මේ රෝගයේදී බොහෝ මූල සෛල සුදු රුධිරාණු බවට පත් වනවා. මේ සෛලවලට බැහැ ආසාදන සමග සටන් කර ඒවා සුවපත් කරන්නට. මේ සෛල රුධිරය සහ ඇට මිදුලු තුළ නිෂ්පාදනය වී තොග වශයෙන් එකතු වෙන්නට පටන් ගත්තාම නිරෝගී සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ රුධිර පට්‌ටිකාවලට පවතින්නට ඉඩක්‌ නැතිව යනවා.

මැදි වයසේ සහ මහලු වයසේ පසුවන අයටත් මේ වර්ගයේ පිළිකා වැළඳීම පිළිබඳව ජානමය උරුමයන් තිබෙන පවුල්වල අයටත් මෙය හටගැනීමට තිබෙන ඉඩකඩ වැඩියි.

දැන් අපි බලමු මෙහි රෝග ලක්‍ෂණ මොනවද කියලා. පළමුවන රෝග ලක්‍ෂණය තමයි ගෙල, කිහිල්ල, බඩ සහ යටිබඩ යන ප්‍රදේශවල වේදනාවක්‌ නැති පරිදි කුද්දැටි හටගැනීම. දෙවැනි රෝග ලක්‍ෂණය තමයි අධික විඩාව, තුන්වැනි රෝග ලක්‍ෂණය වන්නේ ඉල ඇට යටින් වේදනාවක්‌ හටගැනීමයි. උණ සහ ආසාදන හටගැනීම හතරවැනි රෝග ලක්‍ෂණයයි. කිසිදු හේතුවක්‌ නැතිව ශරීරයේ බර අඩු වීමට පටන් ගැනීම අවසන් රෝග ලක්‍ෂණය විය හැකියි.

මේ වර්ගයේ රෝගියකු හමුවූ විට ඔහුගේ හෝ ඇයගේ නාඩි බලා රෝගය පවතින්නේ කවර තත්ත්වයක ද කියන එක දැනගන්නට ලංකාවේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයට පුළුවන්.


ඊළඟ ලියුකේමියා වර්ගය තමයි Chronic Myelogenons leukemia රෝගය. කලින් හඳුන්වා දුන් ලියුකේමියා වර්ගය වගේම මේ ලියුකේමියාවත් කුඩා දරුවන්ට හැදෙන්නේ කලාතුරකින්. ඒ වගේම මැදි වයස ඉක්‌මවූ අයට තමයි මෙය ඉතා බහුල ලෙස හැදෙන්නේ. මේ රෝගයේදී ශරීරය විසින් නිෂ්පාදනය කරනු ලබන ඇටමිදුලු මූල සෛල එක්‌තරා සුදු රුධිරාණු වර්ගයක්‌ බවට පරිවර්තනය වෙනවා. මේ ඇට මිදුලු මූල සෛලවලින් සමහරකට බැරි වෙනවා මෝරන ලද සුදු රුධිරාණු බවට පත් වෙන්නට. ඊළඟට මේ දුර්වල සුදු රුධිරාණු කොටස්‌ රතු රුධිරාණු සහ පට්‌ටිකාවලට පිරෙනවා. එවිට සියල්ල අවුල් වන අතර ශරීරයට බැරි වෙනවා ආසාදන සහ විෂබීජ හඳුනාගෙන ඒවා සමග සටන් කරන්නට.

කිසිදු ආකාරයකින් මගහැරී නොයන විඩාව, ශක්‌තිය මඳවීම, ශරීරයේ බර අඩු වීම, රාත්‍රි කාලයේදී අස්‌වාභාවික ලෙස දහදිය වැගිරෙන්නට පටන් ගැනීම, උණ, පපුවේ වම්පස තිබෙන ඉල ඇට මහත්සේ වේදනා දීම මෙහි රෝග ලක්‍ෂණ හැටියට හඳුන්වන්නට පුළුවන්.

අවසන් ලියුකේමියා වර්ගය වන්නේ Hairy cell Leukemia‌ රෝගය. මෙය ඇටමිදුලු සහ රුධිරයෙහි හටගන්නා පිළිකා වර්ගයක්‌. මේ ලියුකේමියා සෛල වර්ගය අන්වීක්‍ෂයකින් බැලූ විට කෙස්‌වලින් ගැවසුණු සෛල වර්ගයක්‌ ලෙසයි පෙනෙන්නේ. මෙහිදී සිදුවන්නේත් මෙයට කලින් සාකච්ඡා කළ ලියුකේමියා වර්ගවල සිදුවූ පරිදිම රතු රුධිරාණු, නිරෝගී සුදු රුධිරාණු සහ රුධිර පට්‌ටිකාවලට ශරීරය තුළ ඉඩ නැතිවීමයි. මේ නිසා ශරීරයට බැරි වෙනවා ආසාදන සහ විෂබීජ සමඟ සටන් කරන්නට.

ප්‍රශ්නය - ලියුකේමියා වැනි රෝගයකට සුදුසු අත් බෙහෙත් තිබෙනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ලියුකේමියාවට අත් බෙහෙත් සුදුසු නැහැ. එය රෝගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමක්‌. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පාරම්පරික වෛද්‍යවරුන් වශයෙන් අප රෝගියා ඉතා සියුම්ව පරීක්‍ෂා කරනවා. ඉන්පසු ඔහුට හෝ ඇයට තිබෙන ලියුකේමියා රෝගය කවර වර්ගයකට අයත් ද කියන එක හඳුනා ගන්නවා. ඒ අනුව රෝගියාගෙන් රෝගියාට ප්‍රතිකාර වෙනස්‌ වෙනවා. මේ නිසා අපට හැකි වන්නේ ලියුකේමියා රෝගීන්ට සුදුසු ආහාර වර්ග නිර්දේශ කරන්නට විතරයි. මේ ආහාරවලින් හැකි වනවා ලියුකේමියා රෝගියාට රෝගය සමග සටන් කරමින් නිසි ඖෂධ සිරුරට උරාගන්නා තුරු ජීවත් වන්නට.

රුධිර පිළිකාව හෙවත් ලියුකේමියාව ශරීරයේ පිත දූෂ්‍ය වීම නිසා හටගත් රෝගයක්‌ ලෙසයි, ආයුර්වේද වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් පිළිගන්නේ. ඒ නිසා සියලුම වර්ගවල ලියුකේමියා රෝගීන් ශරීරය සිසිල් කරන ආහාර ගත යුතුයි. උදාහරණයක්‌ වශයෙන් හිස්‌බඩ තැඹිලි වතුර හෝ පොල් වතුර පානය කරනවා නම් ඉතා හොඳයි. එසේම ක්‍ෂාරමය ගුණය සහිත එනම් අම්ල ගුණය රහිත ඇපල්, පෙයාර්ස්‌, ගස්‌ලබු, කොමඩු වර්ග ඉතා සුදුසුයි. මේවා අප හඳුන්වන්නේ පිළිකා නාශක පලතුරු වර්ග කියලයි. ඊට අමතරව රටඉඳි සාමාන්‍ය ප්‍රමාණයක්‌ අනුභව කළ හැකි නම් එයත් ප්‍රයෝජනවත් වනවා.

එහෙත් දොඩම්, දෙහි වැනි ආම්ලික පලතුරු සුදුසු නැහැ. එමගින් සිදුවන්නේ තව දුරටත් පිත දූෂ්‍ය වීමයි. මෙවැනි රෝගීන්ට මිරිස්‌ සුදුසු නැහැ. එහෙත් කහ ඇතුළු කුළුබඩු සාමාන්‍ය ප්‍රමාණවලින් ගත හැකි නම් හොඳයි. එසේම යෝගට්‌, කෙසෙල්ගෙඩි බණ්‌ඩක්‌කා වැනි සෙවල සහිත බර ආහාරවලින් ඈත් විය යුතුයි. චීස්‌, පැණි රස ආහාර, කිරි ආහාර, කල්තබා ගත හැකි පරිදි සකස්‌ කළ ආහාර නූඩ්ල්ස්‌, පැස්‌ටා වැනි සකස්‌ කළ පිටි ආහාර, කල්තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය එකතු කළ ආහාර ටින් කළ ආහාර යනාදියත් සුදුසු නැති බව මතක තබාගැනීම වැදගත්. කිරි ආහාර හොඳ නැති වුණත් එළඟි තෙල් සෑම වර්ගයකම ලියුකේමියාවට සුදුසු ආහාරයක්‌.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0759061771 අංකයට කතා කරන්න

Post a Comment

0 Comments