කුරුඳු ග්‍රෑම් 10 යි කිරි වීදුරු 1 යි දියවැඩියාව සනීපයි


ප්‍රශ්නය - ඔබ විසින් පසුගිය සතියේදී මේ තීරුව ඔස්‌සේ අප සමඟ සාකච්ඡා කළ අලු කෙසෙල් භස්‌නයට ඉතා විශාල ප්‍රතිචාර දැනටමත් ලැබී තිබෙනවා. රුධිර සීනි මට්‌ටම අවුරුදු 12 ක්‌ තිස්‌සේ තිබුණ රෝගියෙක්‌ අලුකෙසෙල් භස්‌නයෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසු රුධිර සීනි මට්‌ටම 70 දක්‌වා අඩු කරගෙන තිබෙනවා. පසුව ඔහු වසර 12 ක්‌ තිස්‌සේ තමාට ප්‍රතිකාර කළ බටහිර වෛද්‍යවරයා වෙත ගිහින් ප්‍රතිඵලය කීවාම මීට පස්‌සේ අසනීප වුණාම දිවයින පත්තරෙන් බෙහෙත් ගන්න කියලා පළවා හැර තිබෙනවා. එය අතුරු කතාවක්‌. අද ඔබ අපට දෙන වට්‌ටෝරුව කුමක්‌ද?

වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම් - මුලින්ම කිව යුතුයි පසුගිය සතියේ අප ඔබට දුන් අලුකෙසෙල් භස්‌නය ප්‍රසිද්ධ මාධ්‍යයකින් පළවූ මුල් අවස්‌ථාව මෙය බව. සාමාන්‍යයෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් මේ වට්‌ටෝරු හෙලි කරන්නෙ නැහැ. ඔවුන් කරන්නේ බෙහෙත හදල උදේ හවස රෝගියාට ලබා දීමයි. ඒකට හේතුව ඖෂධය වැරදි අත්වලට ගියොත් ඉතා නරක ප්‍රතිඵල හට ගැනීමයි. එහෙත් අද සිටින පාඨකයා ඉතා බුද්ධිමත්. කළ යුතු සහ නොකළ යුතු දේ වෙන් කර ගන්න ඔවුන් දන්නවා. කොහොම වුණත් අද මා ඔබට දෙන්නේ තවත් වටිනා ඖෂධයක්‌ මගින් දියවැඩියාව පාලනය කරගන්නා ආකාරයයි. ඒ තමයි කුරුඳු. ALBA කියන කුරුඳු විශේෂයක්‌ තියෙනවා. මෙය ලංකාවෙන් ලබා ගත හැකියි. මේ කුරුඳු කුඩු කර ඉන් ග්‍රෑම් 10 නොඉක්‌මවන ප්‍රමාණයක්‌ කිරි වීදුරුවක්‌ හෝ තෝ කොප්පයක්‌ සමඟ මිශ්‍ර කර දිනපතාම උදේ පානය කළ යුතුයි. පළමු මාසයේ මෙය බීලා සීනි මට්‌ටම පරීක්‍ෂා කළාම ප්‍රතිඵලය දැන ගන්න පුළුවන්.

ප්‍රශ්නය - මොනවද ඇල්බා කුරුඳු කියන්නේ.

වෛද්‍ය මුහන්දිරම් - ඇල්බා තමයි ලෝකයේ හොඳම කුරුඳු වර්ගය හැටියට සැළකෙන්නේ. ලෝකයේ හොඳම මැණික්‌ වගේම හොඳම කුරුඳු තියෙන්නෙත් ලංකාවේ. හැබැයි ප්‍රමාණය ඉක්‌මවලා පරිහරණය කළොත් ගොරක වගේම කුරුඳුත් හරිම භයානකයි. Europoan Food Safety Authority නමැති ආයතනය 2008 සොයා ගත්තා ප්‍රමාණය ඉක්‌මවා කුරුඳු පරිහරණය කළ විට අක්‌මාව සහ වකුගඩු විනාශයට පත් වන බව. මේ දෙක නරක්‌ වුණාම මිනිසුන් මැරෙනවා.

කුරුඳු කියන්නේ අවුරුදු 4000 ක ඉතිහාසයක්‌ තිබෙන කුළුබඩු වර්ගයක්‌. අතීතයේදී රජවරුන්ට තෑගි වශයෙන් දුන් දෙයක්‌ කුරුඳු. මේ ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, බුරුමය යන රටවලට ආවේණිකයි.

නොමිලේ විවිස්‌තර සඳහා 0753224360/071 22277620/0815736155 අමතන්න.

Post a Comment

0 Comments