කෘමීන් පළවාහරින පංකගාව්‍යා සහ තවත් ප්‍රතිකර්ම

ස්‌වභාවික ශාක සාර, කොළ පොහොර, සත්ත්ව ස්‍රාව යනාදී දැ භාවිතයෙන් මෙන්ම කෙම්ක්‍රමද භාවිතයට ගැනීමෙනි. එහෙත්, වර්තමාන වෙළෙඳ කෘෂිකාර්මික රටාව මගින් මේ සොඳුරු පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේද වළපල්ලට ඇද දමා ඇත. බෝග වගාවන්හි ඉහළ පළදාවක්‌ සඳහා රසායනික පොහොර භාවිතයට අමතරව හිතකර - අහිතකර සෑම සියලු ජීවියකුම පාහේ පළවා හරින්නට කෘෂිරසායන යෙදැවේ.

කෘෂි රසායනික නොයෙදූ පරිසර හිතකාමී බෝග වගාව ශ්‍රී ලාංකිකයන්ට අමුතු දෙයක්‌ නොවේ. මෙරටට කෘෂි රසායන හඳුන්වා දෙන්නට පෙර වී වගාව ඇතුළු අනෙකුත් සියලුම බෝග වගාවන් සිදුවූයේ පරිසර හිතකාමී ලෙසටය. ස්‌වභාවික ශාක සාර, කොළ පොහොර, සත්ත්ව ස්‍රාව යනාදී දැ භාවිතයෙන් මෙන්ම කෙම්ක්‍රමද භාවිතයට ගැනීමෙනි. එහෙත්, වර්තමාන වෙළෙඳ කෘෂිකාර්මික රටාව මගින් මේ සොඳුරු පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේද වළපල්ලට ඇද දමා ඇත. බෝග වගාවන්හි ඉහළ පළදාවක්‌ සඳහා රසායනික පොහොර භාවිතයට අමතරව හිතකර - අහිතකර සෑම සියලු ජීවියකුම පාහේ පළවා හරින්නට කෘෂිරසායන යෙදැවේ. දිලීර ඇතුළු රෝග සඳහා දිලීරනාශක යනාදී රසායනික ද්‍රව්‍යයක්‌ යෙදීමද, එදා අතින් ගලවා යාන්ත්‍රික ක්‍රමයට හෝ යන්ත්‍රානු සාරයෙන් මැඩ පැවැත්වූ වල්මර්ධනය සඳහා අද බහුල ලෙසම වල්නාශක භාවිතයට ගනිති. එතැනින් නොනවතින "කෘෂි වෙළෙන්දොa" අස්‌වනු නෙළන්නේද කෘෂිරසායන යෙදීමෙන් අනතුරුවය. ඒ අස්‌වනු කල්තබා ගැනීම, පැහැපත් බව රැකගැනීම වැනි කරුණු ගැන පමණක්‌ සලකාය. මෙනිසා අද අප අනුභව කරන්නේ වස - විෂ යෙදූ එළවළු පළතුරු බව සැබෑවකි. වස විස නොයෙදූ කාබනික ක්‍රමයට වගාකරන එළවළු පළතුරු සෙවීම අද "කළුනික" සොයනවාටවත් වඩා දුර්ලභය. අසීරුය.

එවන් කෘෂි - ආර්ථික රටාවක්‌ අතරේ සැබැවින්ම පරිසරයට, කෘෂිකර්මාන්තයට, ආහාර නම් වන උත්තුංග අවශ්‍යතාවට, අනාගත පරපුරේ උරුමයට ගෞරවාන්විතව වගා කටයුතුවල යෙදෙන අතලොස්‌සක පිරිසක්‌ද නැත්තේ නොවේ. එවන් මිනිසුන්ගේ දහදිය මහන්සියට මෙන්ම යහපත් චිත්ත ශක්‌තියටද පින්සිදුවන්නට අදටත් අප රටේ කොතැනක හෝ පරිසර හිතකාමී, කාබනික ගොවිතැන ඉතිරිව තිබේ. ඔවුන් විසින් පාරම්පරිකව රැගෙන එමින් භාවිතයට ගන්නා අත්බෙහෙත් මෙන්ම ඵලදාව වැඩිකරගන්නා කෘෂිකාර්මික දේශීය ක්‍රමවේද මෙරටේ පාරම්පරික දැනුම නොහොත් ඥනය පිළිබඳව අපට ඇත්තේ සෑබම ගෞරවයකි.

අතීතයේ පටන් මෙවන් පාරම්පරික දැනුම කෘෂිකර්මාන්තය, දේශීය වෙදකම, සත්වපාලනය ඇතුළු කටයුතු බොහොමයක යොදවාගත්තේ ඒ පෙරදිග ජාතීන්මය. පෙරදි තරම් මෙවන් ඥන සම්භාරයක්‌ තිබූ ජනකොටස්‌ ලොව කොතැනකවත් හමු නොවේ. පසුගිය දිනෙක ඈත පෙරදිග රටක්‌ ලෙස ප්‍රකට මැලේසියාවේ පාරම්පරික කෘෂිකාර්මික කටයුත මෙන්ම පරිසර සංරක්‍ෂණ කටයුතු පිළිබඳ අධ්‍යයනයකට සහභාගිවූ අපට මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවල අද දක්‌වාත් පවත්වාගෙන එනු ලබන පාරම්පරික කෘෂිකාර්මික පිළිවෙත් මගින් බෝග වර්ධනය, කෘමීන් පළවාහැරීම මෙන්ම වැඩි අස්‌වනු ලබාගත හැකි ක්‍රමවේද පිළිබඳවද උගැනීමට අවස්‌ථාවක්‌ ලැබිණි. ඒ සඳහා අපට අවස්‌ථාව උදාකර දුන්නේ මැලේසියාවේ - පිනෑන් ප්‍රාන්තයේ "කැප්" නම් සංවිධානය මගිනි. පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් හා යහපත් ආහාර කෘෂිකාර්මාන්ත, පාරිසරික සංස්‌කෘතියක්‌ සඳහා කැපව කටයුතු කරන මෙම සංවිධානය කෘෂිකර්මාන්තයේ පාරම්පරික දැනුම ආරක්‍ෂා කරමින් ඒවා ප්‍රායෝගික භාවිතයටද යොදාගන්නා සංවිධානයකි. එහි ගතකළ කෙටි කාලයේදී අප වෙනුවෙන් සකස්‌ කරන ලද කෙටි පුහුණු සැසිවාරයකදී මැලේසියාවේ මෙවන් කෘෂිකාර්මික අත් බෙහෙත් පිළිබඳව අපට කියාදුන් සංවිධායකයින් පිනෑන් දුපතේ පිහිටි ඔවුන්ගේ මූලස්‌ථාන කාර්යාල පරිශ්‍රයේ පිහිටි අපූරු කාබනික ගෙවත්තද අපට නිරීක්‍ෂණය කරන්නට අවස්‌ථාව උදාකර දුන්නේය.

එහිදී ඔවුන් අපට හඳුන්වා දුන් දේ අතර පරිසර හිතකාමී ගොවිතැන් රටාවේදී කෘමීන් පළවාහැරීම (මර්දනය කිරීම නොවේ) මෙන්ම ස්‌වාභාවික හෝමෝන මගින් ශාක වර්ධනය හා පෝෂණය සැපයීමද වැදගත් විය. පහත දැක්‌වෙන්නේ එවන් දේශීය ප්‍රතිකාරක නිෂ්පාදනය කරගන්නා පිළිවෙල හා වගාවට යොදන මාත්‍රාව ගැන තොරතුරු සම්පිණ්‌ඩනයකි. එවන් තොරතුරු අප රටේ දේශීය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ටද යම් අස්‌වැසිල්ලක්‌ වනු ඇතැයි අප විශ්වාස කරන බැවින් මෙසේ ලියා පළ කරන්නෙමු.

(පිටි මකුණා මර්දනය කරන මැලේසියානු අත් බෙහෙත ගැන තොරතුරු පසුගියදා කමත අතිරේකයේ පළ කළෙමු.)

කෘමීන් පළවා හරින බුලත් කොළ යුෂ

බුලත් කොළ අඹරා පෙරාගත් යුෂ මිලිලීටර් 300 ක්‌ වතුර ලීටර් 10 ක දියකර ස්‌ප්‍රේ කිරීම මගින් බෝග වගාවන්හි හානිකරන සියලු ආකාරයේ මකුණන් විශේෂ හා දළඹුවන් මර්දනය වේ. එසේම ශාක පත්‍ර පහේ (5) ප්‍රතිකාරකය ලෙස නම් තර ඇති ප්‍රතිකාරකයක්‌ද වගාවේ කෘමි සතුන් පළවා හැරීමට මැලේසියානුවන් භාවිතයට ගනිති. ඒ සඳහා බුලත්, පැපොල්,ෙ කාහොඹ ඇතුලත්ව තවත් ශාකපත්‍ර දෙවර්ගයක්‌ එහිදී භාවිතයට ගනී. එම ශාක පත්‍ර දෙවර්ගය ලංකාවේ සොයාගැනීම දුෂ්කර බැවිනි. දුංකොළ දාස්‌පෙතියා, ගඳපාන වැනි වර්ගයන්ද භාවිතයට ගත හැකි ඉතා හොඳ කෘමි විකර්ශනයන්ය. මෙම ප්‍රතිකාරකය "පංතකාව්‍යා" ලෙස හඳුන්වයි. එසේම නව ධාන්‍ය සංකල්පය ලෙස මැලේසියාවේදී පස සරු කිරීම සඳහා රනිල කුලයේ හා නයිට්‍රජන් අඩංගු ධාන්‍ය වර්ග 9 ක්‌ වගාබිමට වපුරා පැල අවදියේදී පසත් සමඟ කෙටීමෙන් පසට නයිට්‍රජන් අඩංගු මූලික පෝෂණයක්‌ ලබාදීම සිදුකෙරේ. ශ්‍රී ලංකාවේද මෙය අතීතයේදී ජනප්‍රිය ක්‍රමවේදයක්‌ව පැවතී ඇත. මුං, කව්පි, උඳු, මෑ, බෝංචි ඇතුළු ධාන්‍ය මේ සඳහා යොදා ගනී.

බෝග වගාවන්හි ශාකයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබාදීම සඳහා මැලේසියානුවන් භාවිත කරන වැදගත් ප්‍රතිකාරයක්‌ වෙයි. එය එල්. ඊ. එස්‌. (ඛසපැ Eටට Sදකමඑසදබ) ලෙස හැඳින්වේ. මේ සමඳහා අවහ්‍ය වන්නේ දෙහි ගෙඩි 30 ක්‌ දුඹුරුසීනි ග්‍රෑම් 250 ක්‌ සහ බිත්තර 10 ක්‌,

සාදන ක්‍රමය

දෙහි යුෂ දුඹුරු සීනි සමග වතුර දමා හොඳින් දියකර ඊට බිත්තර කටුපිටින් නොකඩා එක්‌කර ගිල්වා තබනු ලැබේ. දින 10 කදී මෙම බිත්තර රබර් බෝල මෙන් මෘදු වන අතර එම අවස්‌ථාවේදී යළිත් දුඹුරු සීනි ජලය සමඟ 1(1 අනුපාතයට මිශ්‍රකර භාජනයට එකතු කරයි. තවන් දින 10 කදී පමණ මෙම මිශ්‍රණය තුළ බිත්තර හොඳින් දියවී දියරමය මිශ්‍රණයක්‌ බවට පත්වී තිබෙනු ඇත. මෙය ඉතා හොඳ වර්දක හෝමෝනයකි. මාස හයක්‌ පමණ තබාගත හැකි අතර ජලය සමඟ මිශ්‍රකර ස්‌ප්‍රේ කිරීම මගින් ශාක වර්ධනයට යොදාගත හැකිය.

එµa ඒ. ඒ. වර්ධන හෝමෝනය

Fසිය Aප්සබද Aජසා ලෙස හැඳින්වෙන මෙය යකඩ බහුල වර්ධක හෝමෝනයකි. මෙයද මැලේසියානුවන් භාවිතයට ගන්නා කාබනික ප්‍රතිකාරකයකි. මේ සඳහා පහත දැ යොදා ගනී. ලොකු භාජනයක්‌ හා සුදු රෙදි කඩක්‌, පොඩි මාලු හෝ මාලු අවශේෂ කිලෝග්‍රෑම් 1 ක්‌ දුඹුරු සීනි කිලෝග්‍රම් 1 ක්‌ වශයෙනි.

සාදන ක්‍රමය

මාලු කෑලි කුඩා කැබලිවලට කපා භාජනයට දමා ඊටම දුඹුරු සීනි ප්‍රමාණයද එකතු කරයි, ඉන්පසු භාජනයේ කට රෙදි කඩකින් බැඳ දින 10 ක්‌ ඝන තත්ත්වයෙන් තබන අතර සෑම දිනකට වරක්‌ බැගින්ම දින 10 ක්‌ යනතුරු හොඳට සොලවා තැබිය යුතුය. දින 10 කදී මෙහි තුළ යම් දියරමය තත්ත්වයක්‌ දැකගත හැකිය. රෙදිකඩ ඉවත්කර ඉන්පසු මෙම දියර වෙනමම බේරාගෙන (මාලුකටු රහිතව) එහි මිලිලීටර් 30 ක්‌ වතුර ලීටර් 10 කම මිශ්‍රකර භාවිතයට ගතහැකිය. යකඩ බහුල මෙම ප්‍රතිකාරය පළාවර්ග හා කෙළ එළවළු සඳහා ඉතා යෝග්‍ය කාබනික දියර පොහොරකි. බටු, බණ්‌ඩක්‌කා, බෝංචි, මෑ, වැනි දිගුකරල් සහිත එළවළු සඳහා මෙම ප්‍රතිකාරකයේ මිලි ලීටර් 50 ක්‌ ලීටර් 10 කට මිශ්‍රකර යෙදීමෙන් වැඩි හා පෘෂ්ඨිමත්a ඵලදාවක්‌ ලබාගත හැකි බව මැලේසියානුවන් පවසයි. ප්‍රතිකාරකය ඉතා හොඳින් වසා තැබීමෙන් මාස 6 ක්‌ දක්‌වා කල්තබාගෙත හැකිය.

Special Thanks - CAP Penang - Malaysia
ජගත් කණහැරආරච්චි

Post a Comment

0 Comments