කතරගම පුදබිමේ හෙළි නොවු අභිරහස්‌ : දිවුරුම්ගල


අතීතයේදී අද මෙන් නොතාරිස්‌වරයකු ඉදිරියේ ඉඩම් ඔප්පු ලියා දීමක්‌ සිදුවූයේ නොමැත. සිය මව හෝ පියා විසින් මායිම් පෙන්වා ඉඩම ලබා දෙන අතර කිසිදු ලියවිල්ලක්‌ ලබා දීමක්‌ සිදු නොවීය. මෙවැනි අයුරින් ඉඩම් ලබා ගත් පවුල් අතර දෙමාපියන් මියයැමත් සමඟ ඉඩම් ආරවුල් සිදු වේ. මෙම අවස්‌ථාවන්හිදී මෙම ඉඩම් නඩු බේරුමක්‌ කිරීම පිණිස අධිකරණයට තිබූ එක්‌ විසඳුමක්‌ වූයේ කතරගම දේවාලයට ගොස්‌ ආරවුල් ඇතිකරගත් අය ලවා කතරගම දේවාලය ඉදිරිපිට ඇති දිවුරුම් ගලේ දිවුරවීමයි. මෙහිදී ඉඩම් අයිතියක්‌ නොමැති පුද්ගලයා කතරගම දෙවියන්ට වන බය නිසාත් දේව ශාපය ලැබෙන නිසාත් කිසිදු අයුරකින් මෙම දිවුරුම්ගලේ දිවුරවීSම නොකරන අතර මෙහිදී සත්‍ය ජය ගන්නා පුද්ගලයාට සිය ඉඩමේ අයිතිය ලැබී තිබේ. මේ කතාව කවුරුත් නොදන්නා කතරගම තවමත් විවිධ පුද්ගලයන් රහසින් දිවුරුම් දීම සිදු කරන දිවුරුම් ගල පිළිබඳවයි.

ක්‍රි. පූ. 161- 137 දක්‌වා අපේ රට පාලනය කළ දුටුගැමුණු මහ රජතුමා එළාර රජු සමඟ යුද්ධයට යැමේදී කඳ සුරිඳුන් හමුවේ සිදුවූ බාරයක්‌ අනුව යුද්ධයෙන් ජයගත් දුටුගැමුණු මහා රජතුමා අද වර්තමානයේ ඇති කතරගම මහා දේවාලය සාදවා ඉර හඳ පවතිනා තුරා කඳසුරිඳුන්ට පුද කටයුතු සිදුකිරීම පිණිස කතරගම දේවාලය ඉදිකර ඇත.

මෙම දේවාලය ඉදිවීමත් සමඟ ජනහදට ළංවූ ප්‍රධානම දෙවියන් ලෙස කතරගම දෙවියන් හඳුන්වන්නට හැකි අතර කුඹුරු ගොවිතැන සිදුකරන ගොවියා සිය මුල් වී සහල් ටික බුදුන්ට පූජා කර කොටසක්‌ ඉඳුල් නොකර කතරගම දේවාලයට වෙන්කර දේවාලයට රැගෙනවිත් ලබා දෙන අතර හේන් ගොවියා ද තම හේනේ මුලින් ලබාගත් එළවළු ටික කතරගම දෙවියන්ට පූජා කිරීම අදටත් සිදුවේ.

මෙයට අමතරව අලුත් රථයක්‌ ගන්නා බොහෝ අය පොල් මලක්‌ ගසා ගෙන කතරගමට පැමිණ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගැනීම අදටත් සිදු වේ. යම් අයකු රෝගාතුර වූ විට දී ලෙඩ සුව කරදෙන ලෙස ඉල්ලා කතරගම දෙවියන්ට පඬුරක්‌ ගැට ගැසීම අදටත් සිදුකිරීම තවත් ක්‍රියාවකි. මෙයට අමතරව කතරගම දෙවියන්ටම පෙනීයන්, දොවියෝ සාක්‌කි, කතරගම දෙවි පිහිටයි. දෙයියොම බලංගනිං වැනි වචන අදත් අපේ ජනයා අතර නිතරම කියවෙන්නේ කතරගම දෙවියන් මුල්කරගෙනය.

මේ අයුරින් කතරගම දෙවියන් අප ලාංකික ජනයා අතර නිතර දෙවේලේ අදහන දෙවියකු වන අතර කතරගම දෙවියන් පිළිබඳව විවිධ අයුරින් හාස්‌කම් පිssළිබඳවද රසවත් කතා රැසක්‌ පවතී.

කතරගම දෙවියන් මුල්කරගෙන දුටුගැමුණු රජතුමාද යුද්ධයේදී ජයග්‍රහණය කළ අතර 1818 කැරැල්ල වෙලාවේදී වීර කැප්පෙටිපොල නිලමේතුමා කොහු කුඹුරේ රටේ රාළ, වැනි විරුවන්ද කතරගම දෙවියන් මුල්කරගෙන පැවැති යුද්ධයන් විස්‌මිත අයුරින් ජය ලබා ගෙන තිබේ.

කතරගම දෙවියන් විවිධ වෙස්‌ ගෙන ජනයා අතරට පැමිණෙන අතර වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙන දෙවියකු ලෙස ද ප්‍රසිද්ධියක්‌ උසුලයි. සුර අසුර යුද්ධයේදී අසුරයන් සමූල ඝාතනය කිරීම පිණිස ඉසිවරයා කතරගම දෙවියන් පත්කිරීමෙන් පසු අසුර සංහාරයක්‌ කර සුර රජයක්‌ පිහිටුවා ගෙන දෙවි සේනාධිපති තනතුරක්‌ ගෙන කතරගම දේවාලය මුල් කරගෙන ජීවමානව වැඩ සිටින දෙවියකු නිසා විවිධ නඩුහබවලදී තීන්දුවක්‌ ගැනීමට නොහැකි වූ ගම් මුලාදෑනින් හා රජවරුන් හා පසුකාලීන අධිකරණය කතරගම දේවාලයේ දිවුරවීම සිදුකර ඇත.

ඇතැම් පුද්ගලයන් විවිධ අයුරින් සොරකම් සිදු කිරීමේ දී එම ක්‍රියාවන් ඔප්පු කිරීමට අපොහොසත් වූ විටදී කතරගම දේවාලයේ දිවුරවීම සිදුකර ඇත. මෙහිදී මෙම දිවුරුම් දීමට පැමිණෙන දෙපිරිසෙන් වැරදි පුද්ගලයා කිසිදු අයුරකින් දෙවියන් හමුවේ දිවුරුම් දීම සිදු නොකරන අතර මෙහිදී තමන් වරදක්‌ කළා මුසාවක්‌ කළා යෑයි පැවසූ සිද්ධීන් රැසක්‌ පවතී.

මේ එවැනි සිදුවීමකි. තිස්‌සමහාරාමයේ මුතියංගන ප්‍රදේශයේ එක්‌ අක්‌කා නඟොa දෙදෙනෙක්‌ එක්‌ කුඹුරකට ගහමරා ගැනීමට තැත් කිරීම නිසා 1969 හම්බන්තොට අධිකරණයේ නඩුවක්‌ පොලිසිය විසින් පනවනු ලැබීය. මෙහිදී අක්‌කා නඟොa දෙදෙනාම පැවසුවේ තම මෑණියන් තමන්ට ලබාදුන් කුඹුර බවයි. මෙම දෙදෙනාටම මෙම කුඹුරට සම්බන්ධ කිසිදු ලියවිල්ලක්‌ නොතිබුණු අතර පසුව අධිකරණය මගින් කතරගම දේවාලයට ගොස්‌ දේවාලය ඉදිරිපිට ඇති දිවුරුම් ගලේ අත් තියා දිවුරන ලෙස දැන්වීය. අධිකරණයේ තෝල්කයාද මෙම අවස්‌ථාවට එක්‌වූ අතර මෙම ගල ළඟට පැමිණි කාන්තාවන් දෙදෙනාට වෙන වෙනම තමන්ට මෑණියන් දුන් කුඹුර බව දෙවියංපල්ලා කියා දිවුරන ලෙස තෝල්කයා දැන්වීය. මෙහිදී පළමු කාන්තාව කතරගම දෙවියංපල්ලා අම්මා මට දුන් කුඹුර කියමින් දිවුරූ අතර දෙවැනි කාන්තාවට ද දිවුරන ලෙස තෝල්කයා පැවැසීය. මෙහිදී ඇය දිවුරුම් දීම ප්‍රතික්‌ෂේප කර කුඹුර තමන්ට අයිති නැති බවත් කුඹුර මාරුවෙන් මාරුවට කන්න කර ගැනීමට අවස්‌ථාව දෙන ලෙස තම නංගීගෙන් ආයාචනා කරනු ලැබීය.

මේ තවත් අධිකරණයෙන් දුන් දිවුරුමකි. නිවසකට පැමිණි ඥාතියකු විසින් රන් භාණ්‌ඩ තොගයක්‌ සොරකම් කළත් එය සොයා ගැනීමට නොහැකි විය. නිවසට කිසිවකු පැමිණ නැති අතර පැමිණි පුද්ගලයා තම ඥාතියා බව තේරුම් ගත් නිවෙස්‌ හිමියන් ගම් මුලාදෑනියාට දන්වනු ලැබීය. මෙම ආරවුල දිගින් දිගටම සිදු විය. බැරිම තැන ගම්මුලාදෑනියා මෙම දෙපිරිස කතරගම දේවාලය ඉදිරිපිටට පැමිණ දිවුරුම් ගලේ දිවුරවනු ලැබීය. මෙහි ඥාතියා තමන් රන් භාණ්‌ඩ සොරා නොගත්ත බවට දිවුරුම් දෙනු ලැබීය. ගතවූයේ දින 21 කි. මහා වැස්‌සක්‌ සමඟ හෙනයක්‌ ගසා බොරුවට දිවුරූ රන් භාණ්‌ඩ සොරාගත් පුද්ගලයා මිය ගිය අතර ඔහුගේ මළගම අවසන් කර තම සැමියා සොරාගත් සියලුම රන් භාණ්‌ඩ ඔහුගේ බිරිඳ විසින් අයිතිකරුවන්ට ලබා දෙනු ලැබීය.

ඇතැම් නඩු තීන්දුවලින් විසඳුම් දීමට නොහැකි අප රට අල්ලා ගෙන සිටි ඉංගී්‍රSසීන්ද කතරගම දේවාලයේ දිවුරුම්ගලට නඩු එවා තිබූ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි.

1944 දී එක්‌ පුද්ගලයකු තම බිරිඳට වස කවා මරා දමනු ලැබීය. මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතුණු ඥාතීන් මේ බැව් පොලිසියට දන්වනු ලැබීය. පසුව මෙය ඔප්පු කර ගැනීමට නොහැකිවූ තැන මෙම පුද්ගලයා කතරගම දිවුරුම්ගල වෙත රැගෙනවිත් තිබුණි. මෙම දිවුරුම් දෙන්නා ප්‍රථමයෙන් මැණික්‌ ගඟේ දිය නා පිරිසිදු වන අතර මැණික්‌ ගඟට ගොස්‌ දිය රෙද්දෙන් දිවුරුම් ගල ළඟට පැමිණ සැකකරු මහා හයියෙන් කෑගසා අනේ මාව මරන්න එපා මෙන්න මාව මරනවෝ මම තමයි රන් එතනා මැරුවේ. අනේ මාව මරන්න එපා යෑයි කියා පිස්‌සුවෙන් දොඩවනු ලැබූ බව කතරගම දේවාලයේ පාරම්පරික මහා බෙත්මේ ලේකම් දයානන්ද අධිකාරි මහතා පැවැසුවේය.

මෙයට අමතරව අනියම් සම්බන්ධතා ඇති ගැහැනු පිරිමි අය ද මෙම දිවුරුම් ගලේ දිවුරුම්දීම අදත් සිදු වේ. තම සැමියා වෙනත් සම්බන්ධයක්‌ අසුවූවොත් එය නවතා දමන ලෙස දිවුරුම් ගලේ දිවුරුම් දී නතර කළ අවස්‌ථාද ඇති අතර හොර සැමියන් සමඟ ගොස්‌ ඇතිවූ සැකසහිත සිද්ධීන්වලටද සිය බිරින්දෑවරුන් රැගෙන එන සැමියන් සිය බිරින්දැවරුන් මෙම දිවුරුම් ගලේ තමන් එවැන්නක්‌ යළිත් සිදු නොකරන බවට දිවුරුම් දීමද සිදු කර ඇත. මේ සඳහන් වන්නේ කතරගම ප්‍රදේශයේ එක්‌ කාන්තාවක්‌ දිවුරුම් ගලේ දිවුරවූ අපුරු රසවත් කතාවකි. ඇය සැමියා නොමැති අවස්‌ථාවේ සැමියාගේ ඥාතියකු වන අයකු සමඟ රහසිගතව ඇසුරක්‌ පවත්වා ඇති බව සිය මව තම පුතා වන ඇයගේ සැමියාට දැන්වූවාය. මේ පිළිබඳව අසා බිරිඳට සිය සැමියා පහර දුන් නමුත් වචනයක්‌වත් පිට නොවුණි. පසුව සැමියාගේ පවුලේ අය කතරගම දේවාලයේ දිවුරුම් ගල වෙත මෙම සැක බිරිඳ කැටුව පැමිණියේය. මෙහිදී සිය බිරිඳ කතරගම දෙවියන් ගැන දන්නා නිසා ඇය උපායක්‌ කල්පනා කර දෙවියන් ඉදිරියේ බොරු නොවන පරිදි දිවුරුම් දීමට හිතාගෙන ගියේය. මැණික්‌ ගඟේත් දිය නා පිරිසිදු වූ මෙම කාන්තාව දිවුරුරම් ගල වෙත පැමිණ කපුරු පත්තු කර කියා සිටියේ මා මෙම අවස්‌ථාවේදී කිසිවකු සමඟ සිටියේ නැහැ. සත්‍යයි. සහතිකයි යනුවෙන් දිවුරුම් දෙනු ලැබීය. (ඇය දිවුරුවේ මෙම මොහොතේ දැන් කිසිවකු සමඟ නොසිටින බවයි.) මෙම දිවුරවීම වටහා ගැනීමට කපු මහතුන්ට හැකි වුවත් පවුලේ සැමියාට නොවැටහුණු අතර පසුව සිය පවුල සමාදාන වී නිවසට යනු ලැබුවේ සියල්ල නිමාකරමින්ය.

කතරගම දෙවියන් හමුවේ කිසිදු අයකු බොරුවට දිවුරවීම් සිදු නොකරති. අදත් කතරගම දේවාලයේ පාරම්පරික කපු මහතුන් සිය කපුකම ගන්නා විටදී දේව මාලිගයේදී කතරගම දෙවියන් හමුවේ සිය රහස්‌ නොකියන බවට දිවුරුම් දෙනු ලබන අතර පත්වන බස්‌නායක නිළමේවරුන්ද මෙම දේවාලයේ රහස්‌ පිට කිසිවකුට පවසන්නේ නැති බවට දිවුරා පොරොන්දුවේ.

වසර 2000 කට පෙර සිට මෙම දිවුරුම් දීම කතරගම දේවාලයේ සිදුකර ඇති අතර අදත් මෙම දිවුරුම් ගල කතරගම දේවාලයේ ප්‍රධාන වාහල්කඩට ආසන්නයේ දකුණු පැත්තේ අතීත ශ්‍රී විභූතියක්‌ ලෙස දිස්‌වන අයුරින් පවතී. 

(විශේෂ ස්‌තුතිය කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතාට

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

Post a Comment

0 Comments