දරුවන්ට මාරක දශා යෙදෙන හැටි


'පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ'යි පරණ පොතක සඳහන් වන කවි පදයකි. එයින් අදහස්‌ කරන දැ විග්‍රහ කිරීම සඳහා පොතක්‌ ලිවීමට තරම් කරුණු වෙයි.

වැඩිහිටියකුට රෝගයක ලකුණු පහළ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා කල් තබා සූදානම් වීමකට ඉඩ තිබේ. එහෙත් කුඩා දරුවකුට බහ තෝරන විය දක්‌වා ම තමාට ඇති රෝගයක්‌ අන්‍යයන්ට පළ කිරීමේ පුළුවන් කමක්‌ නැත. එහෙයින් දරුවකුට වයස අවු. 12 ඉක්‌මවන තුරු ආයු බලය පිළිබඳ නිගමනයකට එළඹීම අමාරුය. හේතුව ලාබාල වියේ දරුවකුට මරණය ළඟා වීමට, පූර්ව ආත්මයකදී පියා කළ පාපකර්මයක්‌, මව විසින් කරන ලද පාපකර්මයක්‌ හෝ දරුවා විසින්ම කරන ලද පාපකර්මයක්‌ මුල් විය හැකි බැවිනි. එහෙත් ජ්‍යෙdතිෂය ඇසුරින් දරුවකුගේ ආයු බලය පියාගේ කේන්ද්‍රයෙන් හෙළිදරව් කෙරෙන අවස්‌ථා වේ. එසේම දරුවා උපත ලබන විට දරුවාගේ කේන්ද්‍රයේ ලග්නාධිපතිගේ, අෂ්ටාධිපතිගේ හෝ සඳුගේ පිහිටීමෙන්ද අල්පායු ඇත්නම් ඒ බව ඉඟි කරයි.

එහෙයින් හැම මවකම පියකුම දරුවාගේ ආයු බලය ගැන සහතිකයක්‌ ජ්‍යෙdතිර්වේදියාගෙන් ලබා ගත යුතුය. කෙනකුගේ ජීවන තොරතුරු සොයා බැලීම සඳහා ඔහුගේ උපන් තත්කාල කේන්ද්‍රය ඇසුරු කිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් එයට වඩා බලවත් කේන්ද්‍රයක්‌ වෙයි.

ඒ නිෂේක ලග්නය හෙවත් පිළිසිඳ ගනු ලබන මොහොතේ තත්කාල කේන්ද්‍රයයි. දරුවන් හැඳීම සඳහා දුර දිග බැලීමේ සිරිතක්‌ නැති හෙයින් ඇතැම් යුවලකට අවාසනාවන්ත දරුවොත් උපදිති. දරුවන් හැදීම සැලසුම් සහගතව සිදු වන්නේ නම් මේ සමාජය මෙයට වඩා සුන්දරය.

ග්‍රහයන්ගේ කාරක අයිතිය ගැන කතා කිරීමේදී රවි, පියකාරකයා බවත් සඳු මව්කාරකයා බවත් සඳහන්ය. එහෙත් දවල් කාලයේ පිළිසිඳ ගැනීම විණි නම් රවි පියාය. සිකුරු මවය. රාත්‍රි කාලයේ පිළිසිඳ ගැනීම විණි නම් ශනි හෙවත් සෙනසුරු පිපාය. මව චන්ද්‍රයාය. විපරිත නම් සුළු මව හෝ සුළු පියා වේ.

රවි සංක්‍රාන්ති දිවියක්‌ පසළොස්‌වක අමාවක හා තුදුස්‌වක දිනයක්‌ ස්‌ත්‍රී සමාගමට සුදුසු නැත. ස්‌ත්‍රියකගේ Rතුවීම පසු කළ මුල් දින හතර සමාගමට යහපත් නැත. Rතු වීමෙන් පසු 6, 8, 10, 12, 14 සහ 16 යන දිනවල එක්‌වීමෙන් පිරිමි දරුවෝ උපදිති. අනෙක්‌ ඔත්තේ දිනවල දූවරුන් ලැබේ.

Rතු වීමෙන් පසු හතර වැනි දිනයේ එක්‌ වීමෙන් ආයු බල අඩු දරුවෝ උපදිති. හය වැනි රාත්‍රියේ වංශය බබළවන පුතෙකි. 7 වැනි රාත්‍රියේ වඳ දැරියකි. 9 වැනි රාත්‍රියේ නම් විරූපී දරුවෙකි. 10 වැනි රැයේ නම් තේජො බල පුතෙකි. 12 වැනි රාත්‍රියේ නම් ශ්‍රීමත්, භාග්‍යමත් පුතෙකි. 13 වැනි රාත්‍රියේ නම් පාපී ගැහැනු දරුවෙකි. 14 වැනි රැයේ නම් දැහැමි දරුවෙකි. 15 වැනි රාත්‍රියේ නම් ශ්‍රීමතියකි. 16 වැනි රාත්‍රියේ නම් කුශාග්‍ර බුද්ධිමතෙකි.

රවි 3, 6, 9 සිටි ආධාන ලග්නයෙන් පුතකු උපදී නම් ලග්නය ශුභයකු දුටු විට හෝ ශුභයකු ලග්නගතව සිටි විට දිගාසිරි සහිත වාසනාවන්ත උගත්කම් ලබන නුවණ සහිත පුතෙක්‌ උපදී.

උභය රාශියක - උභය නවාංශකයක කුජ සිකුරු සඳු සිකුරු, ගුරුගේ හා බුදගේ දෘෂ්ටියට ලක්‌ වෙතොත් නිවුන් දරු උපතකි.

එසේම නපුංසකයන් උපදින යෝගද වේ. එය විස්‌තර කරන්න පෙළඹුණොත් අඹු සැමියන් ජ්‍යෙdතිෂ උපදෙස්‌ නොමැතිව දරුවකු හදන්නට බිය වෙයි. එහෙත් ඉවසිලිමත් බුද්ධිමත් යුවළකට එබඳු උපත් වලින් වැළැකී සිටින්නට බැරිකමෙක්‌ නැත. නපුංසක දරුවන් උපදින ආධාන ලග්නයක ග්‍රහ පිහිටීම් මෙසේය.

1. ඔත්තේ රාශිවලට ගිය රවි - සඳු, ඔවුනොවුන් දැකීම.

2. ඔත්තේ රාශිවලට ගිය ශනි - බුධ ඔවුනොවුන් දැකීම.

3. ඔත්තේ රාශිගත කුජත් සමග හෝ ඉරට්‌ටේ රාශිගත රවිත් ඔවුනොවුන් දැකීම.

4. ඔත්තේ රාශියට ගිය සඳුත් ලග්නයත් කුජගේ දැකීමට ලක්‌වීම

5. සඳු හා බුද, කුජ ගේ දෘෂ්ටියට ලක්‌වීම

6. සිකුරු තත්කාලික ලග්නයද සඳු ද පුරුෂ නවාංශකවල සිටීම.

ඇතැම් කාන්තාවකට දරුවන් නැත. ඇතැම් කාන්තාවකට නිවුන් දරුවෝ වෙති. දරුවන් අහිමි වීමට පුරුෂ කේන්ද්‍රයද දායක වෙයි.

බොරැල්ලේ ධනවත් විවාහක කාන්තාවක්‌ අප හමු වී ඇය දරුවන් දෙතුන් දෙනකුගේ මවක වීමට කැමැති නමුත් එය එකවර ලැබෙන දරුවන් විය යුතු බවක්‌ කීවාය. දෙතුන් වරක්‌ අසහනයකට පත් වීමට ඇති අකමැත්ත ප්‍රකාශ කළාය. මම ඇයට නිවුන් දරු උපතකට ග්‍රහචාරය යෙදෙන දිනයක්‌ ලබා දුන්නෙමි. වසරකට පමණ පසු (මගේ පොත් 3 ක්‌ එළිදකින උත්සවයකට පැමිණ) මට ඒ පුවත මතක්‌ කර ඇය දරුවන් තිදෙනකුගේ මවක වූ බව ආඩම්බරයෙන් සඳහන් කර මට සැලකිය යුතු පරිත්‍යාගයක්‌ කර මගේ පොත් ද මිලදී ගෙන ගියාය.

නිවුන් දරු උපතක්‌ ලැබීමට මවක කැමැති වුවත් ඒ සඳහා ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදියකු වෙතින් උපදෙස්‌ ලැබිය යුතුය. එසේ වුවත් නිවුන් දරු උපතක්‌ විය හැකි ග්‍රහ පිහිටීම් මෙහි ලා සඳහන් කරමි.

1. කුජ - බුධ - ගුරු පුරුෂ රාශිවල සිටීම.

2. සඳු සිකුරු ස්‌ත්‍රී රාශිවල සිටීම.

3. ලග්නය හා සඳු ස්‌ත්‍රී රාශිවල සිටිනු පුරුෂ ග්‍රහයෙකුගේ දෘෂ්ටියට ලක්‌වීම.

4. ස්‌ත්‍රී රාශිවල කුජ බුද ගුරු ලග්නගතව සිටීම.

5. ස්‌වක්‌ක්‍ෂේත්‍ර රාශියකට - නවාංශකයකට පැමිණි බුදගේ දැකීම පළමු කී උභය රාශිගත ග්‍රහයන්ට ලැබීම.

6. සම අංශකවල සිටි ග්‍රහයන් නිසා සම ලිංගික නිවුන් දරුවො උපදිති.

ළදරුවකුගේ ආයු බලය විනිශ්චය කිරීම මහත් ඉවසිල්ලෙන් කළ යුතු එකකි. කේන්ද්‍රයක 3 වැන්න හා 8 වැන්න ආයු ස්‌ථානය සේ සැලකේ. තුන්වැන්න යනු 8 වැන්නෙන් 8 වැන්නය. ඒ නිසා අති මාරකස්‌ථානය විය හැකිය. සෙනසුරු ආයුෂ්කාරක ග්‍රහයාය. එවිට 3 සහ 8 අධිපතීහු ආයුස්‌ථානාධිපති බවට පත් වෙති. එහෙයින් තුනේ සහ අටේ තැන්පත් ග්‍රහයන්, තෙවැන්න අධිපති, අෂ්ටමාධිපති, සෙනසුරු යන මේවා ප්‍රධාන කොට ගුරු සිකුරු බුද හා සඳු ද සම්බන්ධව විචාරාක්‌ෂිය යොමු කරමින් ආයු බලය පිළිබඳ නිගමනයකට පැමිණිය යුතු යෑයි ඉගැන්වේ. චන්ද්‍ර ලග්නයත් ඉන් අට වැන්නට අධිපති ග්‍රහයාත් මෙම තක්‌සේරුවේදී වැදගත් වන තවත් අංග දෙකයි.

ලග්නය, අට අධිපතියා දහවැන්න හිමි ග්‍රහයාගේත් බල දුබලතා මෙහිදී ඒ හා සමාන වැදගත්කමක්‌ උසුලයි. ජන්ම පත්‍රය පරීක්‌ෂා කර බලා එය අල්ප, මධ්‍යම හා දීර්ඝායු සහ තුන් ආකාර ආයු කාණ්‌ඩ අතරින් කවරකට අයත් දැයි පළමු කොට විමසා බැලිය යුතුය. ඊළඟට එළඹෙන දශා අනුදශා අනුව මාරක කාල සීමාවන් තීරණය කළ යුතු වෙයි.

උපත ලද දරුවා අකල් මරණයකට ගොදුරු වීම බාලාරිෂ්ට යෝග සේ සැලැකේ. අන්‍ය ග්‍රහයන් බලවත් නම් මරණය ගෙන නුදුන්නත් බලවත් රෝග පීඩා ඇතිවිය හැකිය. දරුවාට වයස අවු. 12 පසුවන තුරු ආයු බලය පිළිබඳ නියත නිගමනයකට එළඹිය යුතු නැතැයි ආචාර්යවරුන්ගේ ඉගැන්වීමයි.

දරුවකුගේ අකල් මරණයකට පියාගේ කේන්ද්‍රයේ පස්‌වැන්නත්, පස්‌වැන්නේ සිටින ග්‍රහයාත් පුත්‍රකාරක ගුරුත් යන තිදෙනා යම් ප්‍රමාණයක්‌ දායක වෙයි. පුත්‍ර ස්‌ථානය වූ පස්‌වැන්නේ කුජ සිටීම පළමු පිරිමි දරුවාගේ ආයු බලයට තර්ජනයක්‌ වෙතැයි ජ්‍යෙdතිෂ පිළිගැනීමක්‌ වෙයි. එසේම 16 වැනි, 22 වැනි හෝ 34 වැනි දෙර්කාණාධිපතියාගෙන් කෙනකු පස්‌වැන්නේ වීමත් තම දරුවාගේ ආයු බලය අනතුරු ඇඟවීමක්‌ කරයි.

තව දුරටත් පුත්‍ර කාරක ගුරු නීච වීම, පුත්‍ර කාරක ගුරු පාපී නැකතක සිටීම, පස්‌වැන්න හෝ පුත්‍ර කාරක ගුරු සිටින රාශිය දෙපස රාශි දෙකේ පාපීන් සිටීමත් දරුවකුගේ ආයු බලයට අනතුරු ඇඟවීමක්‌ කරයි. පියාගේ කේන්ද්‍රයේ එවන් පුත්‍ර නාශක ග්‍රහ පිහිටීමක්‌ තිබියදී දරුවාගේ කේන්ද්‍රයේ ලග්නය හා ලග්නාධිපති පීඩාවී සිටියදී සඳු ද උපතින් අටවැන්නේ පාප දෘෂ්ටි ලැබ ඇත්නම් පියාගේ කේන්ද්‍රයෙන් පෙන්නුම් කළ ආයු බලයට ඇති තර්ජනය ස්‌ථිර කරයි.

දරුවා උපත ලබන විට ම ලබා ඇති මහ දශාව හා අතුරු දශාව 2 වැන්නට හා 7 වැන්නට නෑකම් කියන එකක්‌ නම් දරුවාට උපතේදීම මාරක තත්ත්වයක්‌ ඇති විය හැකිය.

ඕනෑම ශුභ ග්‍රහයකු වෙස්‌ වලාගෙන සිටින මාරක ග්‍රහයා විය හැකිය. නිදසුනක්‌ දක්‌වතොත් පල්නාධිපතියාම 22 වැනි දෙර්කාණාධිපතියා වී ලග්නයේම සිටියේයි සිතමු. ලග්නය මිථුන වූයේයි සිතමු. නවාංශකය කේන්ද්‍රයත් මිථුනයම වූයේ නම් ඔහුගේ 22 වැනි දෙර්කාණාධිපතියා බුදම වේ. එම බුධ ලග්නයේම සිටි විට ස්‌වක්‌ෂේත්‍ර බලයක්‌ද පෙන්වයි. එහෙත් එම දරුවාගේ ලග්නයෙන් නියෝජනය කෙරෙන හිසේ බරපතළ ආබාධයක්‌ විය හැකිය. එම දශාවම ලබා ඇතොත් සැත්කම් ආදියටත් බඳුන් වේ.

එහෙයින් කේන්ද්‍රයක ශුභ ග්‍රහයන් සිටි පමණින් ඔහුගේ බුද්ධි බලය හෝ අධ්‍යාපන බලය පිළිබඳ තක්‌සේරුවක යෙදෙන්නට පළමු ඒ හොඳ මුහුණක්‌ පෙන්වාගෙන සිටි ග්‍රහයා කවුරුන් දැයි පරීක්‍ෂා කර බැලිය යුතු වේ. ග්‍රහයකු ගේ තත්ත්වය තක්‌සේරු කිරීම සඳහා එම ග්‍රහයාගේ නැකත, සිටින රාශිය, ලබන දෘෂ්ටිය, දෙර්කාණ අයිතිය යන මේ සියල්ලම විමැසිල්ලට ලක්‌ කළ යුතු වේ.

දරුවකුට ළදරු අවධියේම ආයු බල අහිමිවීමට හේතුව ග්‍රහ පිහිටීම් ගණනාවක්‌ම වේ. ලිපිය සම්පූර්ණ වීම සඳහා එබඳු බාල වියේදී මාරකය ළඟා කළ හැකි ග්‍රහ පිහිටීම් කීපයක්‌ උපුටා දැක්‌වීම මැනැවැයි සිතමි.

1. ලග්නාධිපතිගේ දශාවක්‌ අටවැන්නේම පතිත වූ අෂ්ටමාධිපතිගේ දශාවක්‌ උපතේදී ලබා ඇතොත් ඒ දශා කාලය ගෙවී යන තුරු දරුවාගේ ආයු බලය අවිනිශ්චිතය.

2. ජන්ම කේන්ද්‍රයේ අටවැන්නේ සඳු, හත්වැන්නේ කුජ, නව වැන්නේ රාහු, ලග්නගත ශනි, හෝ දෙවැන්නේ ශනි වෙතොත් ආයු බලය අවිනිශ්චිතය. එවිට රවි ද 12 වැන්නේ වීම නොමැනවි.

3. ලග්නය, ලග්නාධිපති, අටවැන්න හෝ 8 වැන්නාධිපති හෝ සඳු පාප ග්‍රහයන් දෙදෙනකුට මැදිව (පාප කර්තරීව) සිටීමත් බාලාරිෂ්ට යෝගයකට නෑකම් කියයි.

4. උපතේදී ඉදිරියට පවත්නා මහ දශාව හිමි ග්‍රහයා අශුභ ග්‍රහයන් දෙදෙනකුට මැදිවී සිටීමත් දරුවාගේ ආයු බලයට ප්‍රශ්නාර්ථ ලකුණක්‌ යෙදීමකි.

5. උපත ලබන විටම අට අධිපතියා සතුරු රාශියක හෝ දුෂ්ටස්‌ථානයක තැන්පත්ව පාපීන්ගේ දෘෂ්ටියට ලක්‌වීමත් එසේය.

6. උපත ලබන විට සඳු 8 වැන්නේ සිටියදී හෝ සඳු සිටි රාශියෙන් 8 වැන්නේ පාප ග්‍රහයන් සිටියදී උපන් දරුවා අවිනිශ්චිත තත්ත්වයක වේ.

7. අට අධිපතියාත් 12 අධිපතියාත් රාහුත් උපත ලබන විට අට වැන්නේ වෙතොත් බාලාරිෂ්ට යෝගයක්‌ සහිත උපතකි.

8. අශුභ ග්‍රහයන් සිවුදෙනකු කිසිම ශුභ දෘෂ්ටියක්‌ නොලැබ අටවැන්නේ යෝගව සිටින ජන්ම සටහනක්‌ ඇතිව උපන්නා ආයු බලයට නෑකම් නැති කෙනෙකි.

මේ බාලාරිෂ්ට යෝග ලැයිස්‌තුවට ඒ සියලු ග්‍රහ පිහිටීම් ඇතුළත් කිරීම අපහසුය. පොතකට මිස පුවත්පතකට එය ඇතුළත් කළොත් ලිපිය අනවශ්‍ය පරිදි දීර්ඝ වේ. බාලාරිෂ්ට යෝග 44 ක්‌ පමණ වෙයි.

ළදරුවකු උපත ලැබූ විට ආයු බලය විමැසීමේදී චන්ද්‍රයාට මුල් තැන දිය යුතුය. උපතේදී සඳු පසුකර පැමිණි රාශිය හා ඉදිරියට ළඟාවන රාශිය බෙහෙවින්ම වැදගත්ය. ඒ උපත ශක්‌තිමත් නොවුණොත් ජීවිතය ගැන තිරසාර බලාපොරොත්තු තැබිය නොහැකි බැවිනි.

වත්මන් දරු ප්‍රසූත බොහොමයක්‌ම සැත්කම් මගින්ම කෙරෙයි. ස්‌වාභාවික උපතකදී උපදින දරුවා තුළට ඇතුළු වන විශ්ව ශක්‌තිය මේ නිසා වෙනස්‌ වෙයි. එහෙයින් සංවිධානාත්මකව සැත්කම් ද කිරීමට තත්කාල කේන්ද්‍රයට අවනත වන්නේ නම් වඩාත් බලවත් උපතකට ජන්මියා ළඟා කළ හැකිය. වෛද්‍යවරයා ඒ සත් කටයුත්තට දායක වන්නේ නම් සමාජයට හිතකර උපතකට මග පාදා ගන්නට බැරිකමෙක්‌ නැත. ඒ සඳහා මව හෝ පියාත් වෛද්‍යවරයාත්, තත්කාල ලග්නය ගොඩනගා දෙන ජ්‍යෙdතිර්වේදියාත් යන තිදෙනාගේම එකඟතාවක්‌ අවශ්‍යයි. එසේ කළ හැකි නම් උපදින දරුවාගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියාව හා අධ්‍යාත්මය බලවත්ව පිහිටන තත්කාල ලග්නයක්‌ උදා වන මොහොතක දරු ප්‍රසූතිය කර ගත හැකිය.

මෙතැනදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක්‌ වෙයි. මේ වන විට උපතට අදාළ වේලාව නිශ්චය කිරීමේ අවුලක්‌ද පවත්නා බව පෙනේ.

දරුවාගේ පෙකණිවැල කපන අවස්‌ථාව උපත යෑයි කෙනෙක්‌ කියති. දරුවා මව් කුසින් සම්පූර්ණයෙන්ම බිහි වූ අවස්‌ථාව යෑයි තවත් කෙනෙක්‌ කියති. ළමයා ආශ්වාස ප්‍රශ්වාස කළ අවස්‌ථාව යෑයි තව කෙනකුගේ මතයයි. දරුවා පළමුවෙන්ම හඬා ශබ්දය නිකුත් කළ අවස්‌ථාවල තව කෙනෙක්‌ සලකති. එහෙත් සැබෑ උපත නම් ළමයාගේ සිත තුළට මනසට විඥනය ඇතුළු වූ වේලාවයි. එය ළමයාට දැනෙන වේදනාව හා සම්බන්ධයි. වේදනාව දැනෙන්නේ යම් මොහොතකද එවිට දරුවා හඬයි. ඒ නිසා හඬන වේලාව උපත සේ සැලකීම වඩාත් නිවැරැදිය.

තවත් ගැටලුවක්‌ ඇත. එනම් එකිනෙකා පාවිච්චි කරන අත් ඔරලෝසුවේ විනාඩි තුන හතරක වෙනසක්‌ දක්‌නා ලැබේ. සාමාන්‍යයෙන් විනාඩි හතරක පහක වේලාවක වෙනසක්‌ වූ විට නවාංශක කේන්ද්‍රය වෙනස්‌ වීමට ඉඩ තිබේ. ලග්නය වුවද එසේ වෙනස්‌ වන අවස්‌ථා වෙයි.

නිදසුනක්‌ ගනිමු. අංශක 29 කලා 20 ක්‌ ව කන්‍යා ලග්නයෙන් දරුවකු උපත ලැබුවේයි සිතමු. එවිට කන්‍යා නවාංශකය වෙයි. එහෙත් උපත පිරිමි දරුවකුගේ නම් කලා 40 ක වෙනස විය නොහැකිය. ඒ ඔරලෝසුවේ වරදකි. උපත විනාඩි 2 කට පමණ පසුව විය හැකිය. එවිට තුලා ලග්නයෙන් පිරිමි උපතක්‌ වූයේ පැරැණි ජ්‍යෙdතිර්වේදියෝ සැලකූහ. එහි වරදක්‌ නැත. එහෙත් පරිගණකයට ම වහල් වූ ජ්‍යෙdතිර්වේදියෙක්‌ යළි ලිත භාවිතයෙන් ජන්ම ලග්නය ගොඩනැඟීමට උනන්දු නොවී වැරැදි ලග්නයක්‌ දෙයි.

මේ වූ කලී ඉක්‌මනින් නිගමනයකට බැසිය යුතු ගැටලුවකි. ඒ සඳහා ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදීන්ගේ එකමුතුවකින් හෝ සංගායනයකින් නිරවුල් කර ගත යුතු එකකි. එහෙත් බොහෝ ජ්‍යෙdතිර්වේදියෝ අනුන්ගේ මතයට අවනතව සිතා බැලීමක්‌ නොකරන බක පණ්‌ඩිතයන් නිසා එකමුතුවකට ඉඩක්‌ නැත.

මේ වගකීම සංස්‌කෘතික අමාත්‍යාංශය භාර ගත යුතුය. ජ්‍යෙdතිෂය සුරැකීම මුළු මහත් වගකීම ඇත්තේ එතැනට බැවිනි.

ආචාර්ය පියසේන රතුවිතාන

Post a Comment

0 Comments