ගැමි කාන්තාව ඉතාමත් සුන්දරය


ගැමි කාන්තාව ඉතාමත් සුන්දරය. චාම් බවින් යුත් රූමත් ලලනාවක්‌ය. ලැසි ගමනින් දෙපා තබන විට සුකොමළ ලාලිත්‍යයක්‌ ගනී. ආකර්ශනීය නෙත් යුගලයක්‌, මනා රූ සපුවක්‌, සිහින් සිනාවක්‌ ඇයට ලැබුණු දායාදයන්ය. සුමුදු වතක්‌, දිගු වරලසක්‌ හා සරල මෝස්‌තර සමුදායින් හෙබි විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් පැළඳුම් කාන්තාව වඩාත් ඔප් නංවයි.

මේ සියල්ලෙන්ම වසාගත්තා වූ කාන්තාව අප දකින්නේ බැලූ බැල්මට මතුපිටින් පෙනෙන ස්‌වරූපයයි. ඉතා හොඳ කාන්තාවගේ ගුණාංග කොටස්‌ කීපයකින් මෙලෙස දැක්‌විය හැක.

* සරල ගති පැවතුම් හා චාම් බව ඇගයීම.

Ö*අවශ්‍ය දේ පමණක්‌ නිවැරදිව දුරදිග බලා කටයුතු කිරීම.

* ආගම දහමට ලැදිකම, පරිත්‍යාගශීලීS බව

* වැඩිහිටියන්ට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට හා තම ස්‌වාමියාට සැලකීම හා ගරු කිරීම.

* ඵලදායීව කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම.

* ක්‌ෂණික තරහව, කෝපය නොගැනීම, හොඳින් සවන්දීම.

* හොඳ ඉගෙනීමක්‌ හා මනා අවබෝධයක්‌ ඇතිකර ගැනීම.

අතීතය අමතක නොකරන, වර්තමානයට හොඳින් මුහුණදෙන අනාගතය දෙස මැනවින් බැලීම.

* පරිපූර්ණ වූ දයාබර මවක්‌ වීම.

* තම ස්‌වරූපය දැන වැඩ කටයුතු කිරීම.

ඉහත සඳහන් කරුණු සියල්ල සෑම කාන්තාවගේම සියයට හැත්තෑපහක්‌ ඇත්නම් අපගේ මුලු සමාජයම බැබලෙමින් ඉතා හොඳ ගුණ ගරුක සමාජයක්‌ බිහිවෙනු ඇත. සෑම නිවසකම ශ්‍රියා කාන්තාවගේ බැල්මෙන් බබලවයි.

අවාසනාවකට මෙන්ම කොතැනක හෝ සිදුව ඇති වැරැද්දකට අපට දිනපතාම වාගේ අසන්න දකින්න ලැබෙන්නේ හාත්පසින්ම උඩුයටිකුරු වූ ව්‍යාජ ප්‍රතිරූපයන් මෙන්ම තොරතුරුය. නිවසක කාන්තාවට මේ තත්ත්වයන් මඟහරවා ගැනීමට කළයුතු වගකීම් සම්භාරයක්‌ ඇති ඔබට හැකි පමණින් ඉහත ගුණාංග වඩවා ගැනීමට මහන්සි ගන්න. හැකි පමණ ඉවසීම පුරුදු කර ගන්න. කාලයෙන් උපරිම ලෙස වැඩදායී යමකට යොමු කරන්න.

විවාහවීම සඳහා කාන්තාවක්‌ යෝජනාවකින් බැලීම සඳහා යැමේදී පුරුෂ පක්‌ෂයට එම කාන්තාවගේ සිතේ ඇති විනිවිද භාවය නොපෙනේ. ඔවුන් දකින්නේ කාන්තාවගේ මතුපිට ස්‌වරූපයයි. ඉහත කී ගුණාංගවලින් හෙබි කාන්තාවක්‌ ලබන්නට කොතරම් වාසනාවක්‌ පිං මහිමයක්‌ ලද පුරුෂ පක්‌ෂය ඇත්තේ ඉතා අල්ප වශයෙනි. කුමන හෝ අඩුපාඩු රැසක්‌ කාන්තාව අත්හැරීමෙන් තොරව රැස්‌කර ගෙන ඇත. මේ අඩුපාඩු එකින් එක මොනවාදැයි හරිහැටි අවබෝධ කරගෙන ඉහත කී ගුණාංගවලින් මා හට නොමැති කුමන ගුණාංග දැයි ඔබට වටහා ගත හැක. පසුව ඉතා හොඳ සමාජයකට අවතීර්ණවීමට ඔබගේ දායකත්වය ලැබීමට මුලු සමාජයම සැදී පැහැදී සිටී. පැහැබර හෙට දිනක්‌ උදාවීමට මං පෙත් විවර වනු ඇත. එ වගේම සැහැල්ලු දිවිපෙවෙතෙක්‌ ගත කිරීමට වාසනාව උදාවේ.

විවාහයේදී කාන්තාවගේ සිතේ ඇති විනිවිදභාවය නොපෙනීම නිසා ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් අපමණය. රැකියාව හා රූමත් බව, පවුලේ තත්ත්වය පමණක්‌ සොයා විවාහයට පා නඟයි. පසුව ස්‌වාමියා සමඟ ජීවත්වීමේදී කාන්තාවගේ ඇති දුර්ගුණ, දුර්වලකම්, බොරු සිතුවිලි සියල්ල දකින්නේ පසුවය. එවිට සියල්ල සිදුවී හමාරය. මුලු ලෝකයාටම, දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, නෑදැයින්ට මිතුරන්ට හා සමාජයට පෙනෙන ලෙස ජීවත්වීමට එතැන් පටන් සිදුවනු ඇත. ස්‌වාමි පුරුෂයා කොතෙක්‌ හොඳ ගතිගුණ ඇති යහපත් ඉවසිලිවන්ත වුවත් කාන්තාවගේ ඇති අයහපත් දුර්ගතිගුණවලට එය යටපත් වේ. ගැටීම සිදුවන්නේ එවිටය. පවුල් අවුල් පටන් ගන්නේ එතැනින්ය. දෙදෙනාගේ අදහස්‌ නොගැළපීම, ආකල්පමය ඇති වෙනස නිසා දෙදෙනා පිය නඟන්නේ දෙපැත්තකය.

අධ්‍යාපනයෙන්, රැකියාවෙන් හා පෙනුමෙන් උසස්‌ වුවද ක්‍රියා කලාපය හා චර්යාමය පුරුදු අන්තිම පහත් තත්ත්වයෙන් තිබුණොත් පවුල් දිවිය නීරසවී අඬදබර ඇතිවීමෙන් ජීවිතය පවා එපා වීමෙන් සදහට සමුගැනීම් පවා සිදුවේ. ඉපදුනු රටින් බැහැරවීමටද සිත් දේ. නැත්නම් ධර්මානුකූලව ජීවිතයකට පිවිසීම අවසානයේදී තෝරා ගනී. මේ සියල්ලටම හේතුව අප සැමගේ විනිවිද නොපෙනෙන සිතයි. දෙපාර්ශවයම මේ සෑම තැනම දුවන පනින තැන තැන ඇවිදින සිත පාලනය කර ගතහොත් ජීවත්වීම සැනසිලිදායක සැපවත් සොම්නසින් හෙබි කාගෙත් සිත් සතන් සතුටුවන නිරෝගී දිවිපෙවෙතක්‌ ගත කිරිමට වාසනා මහිමය ලැබෙනු ඇත.

වැඩි දෙනෙකුගේම සිත්සතන් දුර්ගුණයෙන් පිරි, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානයෙන් පිරි පවතී. මේවා වෙනස්‌ වන්නේ එකිනෙකාගේ ජීවත්වන සමාජ පරිසරයන් හා උරුමයෙන්ය. මේ තත්ත්වය හොඳ මාර්ගයෙන් ගමන් කරන විට යහපත් මනුෂ්‍යයකු ලොවට බිහිවී සමාජයමය දීප්තිමත් වේ. පහත් මට්‌ටමේ අවිචාරවත් ගුණධර්ම වලින් පිරිහී ගිය සමාජ පරිසරයක දිවිපැවැත්ම ගත කරන මනුෂ්‍යාගෙන් ලොවට ලැබෙන ප්‍රතිචාර ගැන කිව හැක්‌කේ කුමක්‌ද? අපට දැනුදු දිනපතාම වාගේ අසන්නට දකින්නට ලැබෙන තොරතුරු ජාල එයට පිළිතුරු ලබාදේ.

මේ සම්බන්ධව කාන්තාවට වගකීම් සම්භාරයක්‌ ඉටුකිරීමට අනිවාර්යයෙන් සිදුවනු ඇත. තම පවුල, තම සමාජය යහමගට ගැනීමට ඉහතින් සඳහන් කළ ගුණාංග දෙස කීපවරක්‌ම නෙත් යොමු කළ යුතුවේ.

නෑදැයින්, මිතුරන්, අසල්වාසීන් කරන කියන කටයුතුවලට අනුව ගේ දොර උපකරණ ලබාගැනීමට තම මට්‌ටම අභිබවා ගොස්‌ තමන්ට ඊට වැඩියෙන් උසස්‌ ලෙස වැඩ කටයුතු කිරිමට හඹා යාමේදී සිදුවන ඔරොත්තු නොදෙන තත්ත්වය, අනිසි විපාක, අලාභ හානිදායක තත්ත්වයන් මගහරවා ගැනීම කාන්තාව සතු ප්‍රබලම වගකීමක්‌ වේ. සියල්ලටම මූලිකම හේතුව කාන්තාවගේ සිත මැනවින් පාලනය කර ගැනීමට නොහැකිවීමයි.


ඊ.එල්.ඒ.කේ. ලියනගේ

Post a Comment

0 Comments