කාන්තාවද සමාන හිමිකම් ඇති පුරවැසියෙකු ලෙස සැලකීමේ ප්රජාතන්ත්රීය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම නිසා හිරවී තිබූ දිය බුබුලක් පොළව පලාගෙන මතුවී පරිසරයම ගිලගනිමින් ගලා යන්නාක් මෙන් අද කාන්තාව පරිපාලන, වෛද්‍ය, නීති, ඉංජිනේරු, කළමණාකරණ, ගුරු යනාදී හැම ක්ෂේත්රයකම පිරිමින් අභිබවාගෙන ඉදිරියට පැමිණ සිටී. තොටිල්ල පදවන අත ලොවක් පාලනය කෙරෙන්නේ යෑයි වචන වලට සීමාවී තිබූ කතාව අද යථාර්ථයක් බවට පත්වී ඇත.
කෙසේ වුවද නීති ක්ෂේත්රයේ ඉහළටම ගිය අගවිනිසුරුවරිය, ධුරයෙන් පහ කිරීම මේ වසරේ සිදුවූ බරපතළ පසුබෑමකී. එසේම ගෘහ සේවිකාවක් ලෙස සෞදියට ගිය රිසානා එල්ලා මරා දැමීමද කාන්තා ලෝකයේ සිදුවූ තවත් ෙ€දවාචයකි. නීත්‍යානුකූලව සිදු කරන ලදැයි රජය කියන්නට උත්සාහ කළත් එම ක්රියාදාමයේ දී යුක්තිය හා සාධාරණය ඇය කෙරෙහි ඉටුවීදැයි නැවත නැවත සීතා බලන්නට සිදුව ඇත. දේශපාලන දේවතාවා සමාජයේ හැම ක්ෂේත්රයක්ම බිහිසුණු ලෙස ගිලගෙන, ඔවුන්ගේ අභිමතය ජන විඥනයට බලහත්කාරයෙන් කාවද්දන බව අගවිනිසුරු පහ කිරීමේ අපකීර්තිමත් සිද්ධියෙන් සනාථ වෙයි. ප්රජාතන්ත්රවාදය පිරිසිදු සුදු රෙද්දක් නම්, අගවිනිසුරු සංගදිය එහි තද කළු පැල්ලමක් ලෙස නොමැකිය හැකිසේ සටහන් වූ බව සඳහන් කළ යුතුය.
රිසානාගේ ජීවිතය බිලි ගැනීමේ සිද්ධිය මිටත් වඩා බරපතළ ෙ€දවාචකයකි. මේ රටේ ගැහැණු පිරිමි පුරවැසියන් මැද පෙරදිග ගෘහ සේවිකා වැනි බාල තනතුරු වලට පිටත් කර යවන්නේ රජයේ එක් ප්‍රධාන විදේශීය විනිමය ඉපයයීමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වශයෙනි. රජයේ විදේශීය මූල්‍ය සංචිතය සැබැවින්ම ශක්තිමත් වන්නේ මෙසේ විදේශීය බැල මෙහෙවරට යන කාන්තාවන් නිසාය. පොල් ගසකින් සරු ඵලදාවක් ලබන්නට අපි පොල් ගසට නිරතුරුව දියර පොහොර දමා පෝෂණය කරමු. නමුත් රටට විදේශ විනිමය උපයන කාන්තාව වෙනුවෙන් ඇයගේ ආරක්ෂාව සඳහා රජය ඇඟට ගෙන ක්‍රියා කිරීමත් දකින්නට නැත. රිසානාට එම අවාසනාවන්ත ඉරණම අත්වූයේ රජයේ මැදිහත්වීම සහ අවධානය රිසානා වෙනුවෙන් ප්‍රමාණවත් තරමට නොලැබුණ නිසාය.
රිසානාගේ ෙ€දවාචකය වුවමනාවටත් වඩා වැඩියෙන් මාධ්‍ය මගින් හෙළිදරව් වීම නිසා මේ පිළිබඳව රටේ කොයි කවුරුත් කතා කරන්නට විය. එසේ වුවද මුස්ලිම් ජනතාව වෙනුවෙන් නිතර කථා කරන අධිකරණ අමාත්‍යවරයා ඇතුළු මුස්ලිම් නායකයන් රිසානාගේ සිද්ධියට ප්‍රබල ලෙස මැදිහත්වූයේ නම් සෞදි රාජ්‍යය මොවුන්ගේ මුස්ලිම් හඬට නම්‍යශීලී වන්නට ඉඩ තිබිණ. කෙසේ වුවද රිසානා නැති විය. තවත් මේ අන්දමට රිසානලා නැති වන්නට පෙර රජය මැදපෙරදිගට යවන කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් ඔවුන් රක්ෂණය කිරීම පිළිබඳවත් දැඩි පියවර ගත යුතුව ඇත.
මේ රටේ තිස් වසරක් පුරාවට පැවති යුද්ධයට බිලිවී අතපය කඩා ගත්තේත් ජීවිතය නැති කරගත්තේත් දුප්පත් ජනතාව අතරින් ගිය සෙබළු හමුදාවය. ඒ මේ රට ආරක්ෂා කරගැනීමටය. එපරිද්දෙන්ම මේ රටේ විදේශ විනිමය ගොඩනගා ගැනීමට උරදී සිටින්නේද දුප්පත් පවුල්වල කාන්තාවෝය. විශේෂයෙන් විවාහක පවුල්වල කාන්තාවන් දරුවන් දෙතුන්දෙනා ගම ගෙදර තනිකර දමා නැතිබැරිකමේ පාපයට විදේශ රැකියාවලට යති. පවුලේ දරුවන් අතරමංකර දමා ඔවුන් විදේශ ගත වීමෙන් රජයට විදේශ විනිමයක් ලැබෙන නමුත් ඒ නිසා බොහෝ විට ඔවුන්ගේ දරු පවුල නන්නත්තාරවි යයි.
බීමට ඇබ්බැහි වී සිටිය පියෙකු නම් දරුවන් ගැන තැකීමක් නැතිව කසිප්පු තිප්පොළවල් වල ලගින්නට පුරුදු වේ. එවිට දූ දරුවන්ට රැකවරණය පමණක් නොව පෝෂණයද නැතිව යයි. ආහාර පාන ඇඳුම් පැළඳුම්, පාසල් ගමන යනාදී සියලු ළමා හිමිකම් අහිමි වී ඔවුන් සිදාදියට වැටී නන්නත්තාර වී සමහරු පාතාල ලෝකයට තල්ලු වී යති. පියාගේ බේබදුකම නිසා සමහර විට අනියම් සම්බන්ධතා ඇති කරගෙන රටගිය බිරිඳ එවනු ලබන මිල මුදල් බීමට සහ වෙනත් අපචාරි වැඩ වලට නාස්ති කර දමයි. එපමණක් නොව බේබදු පියා තුළ තිරිසන්කම ඉස්මතු වී ඔහුගේම දියණියන් සමහර විට ඔහු අතින් දූෂණය වෙයි. මේ අන්දමට බිරිඳ රට යැම නිසා ඔවුන්ගේ පවුල් සංස්ථාව මුළුමණින්ම බිඳ වැටී විනාශ වී යන අතර දරුවන්ද ඉබාගාතයට පත්වේ. අන්තිමට බිරිඳ රට ගොස් එද්දී ඇයට ගේදොර, සැමියා, දුවා දරුවන් යන මේ සියල්ලම අහිමි වී ගොස් ඇයද නන්නත්තාරයට පත්වන අවස්ථා පිටිසර ගම් වලදී නිතර දකින්නට ලැබේ.
තමන්ගේ අගහිඟකම් මකා ගැනීමට විවාහක කාන්තාවන් මැදපෙරදිග බැල මෙහෙවරට ගියත් එයින් වැඩි වාසියක් අත්පත් වන්නේ රජයටයි. මක් නිසාද මේ කාන්තාවන් මැද පෙරදිග මිනිසුන්ගේ හැළි වළං සෝදමින් උපයන විදේශ මුදල් හිමි වන්නේ රජයටයි. මේ නිසා මැද පෙරදිග රැකියාවලට යන කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට රජය පියවර ගත යුතු අතරම විශේෂයෙන් මැද පෙරදිග රැකියාවලට යන හැම කාන්තාවකගේම දරු පවුල රැකබලා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැළකිලිමත් විය යුතුමය.
මව රට හැරගිය පසු ඇයගේ දුවා දරුවන් රැකබලා ගැනීම ඔවුන්ට ආරක්ෂාව සැපයීම, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ලෙඩ රෝග වලදී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම, සැමියාගේ කටයුතු අධීක්ෂණය කරමින් ඔහු පවුල කෙරෙහි යොමු කරවීම, රට ගිය බිරිඳ විසින් එවනු ලබන මුදල් පාලන කිරීම මෙවැනි කටයුතු සංවිධානාත්මකව සැලසුම් කිරීම හා පාලනය කිරීමට රජය මගින් විධිමත් වැඩ පිළිවෙළක් යෙදිය යුතුමය.
ජගත් කාන්තා දිනය වෙනුවෙන් මැද පෙරදිගට රැකියා සඳහා ගොස් සිටින ලක්ෂයකට වැඩි කාන්තාවන්ගේ ආරක්ෂාව හා රැකවරණය විධිමත්ව සලසා දීමටද ඔවුන් රට යාම නිසා මෙරට අතරමංවන ඔවුන්ගේ දරු පවුල් සංරක්ෂණය කරමින් රැක බලා ගැනීමටද රජය ශක්තිමත් වැඩ පිළිවෙලක් යෙදිය යුතුව ඇත. මැද පෙරදිගට ගොස් අනන්ත ලෙස දුක් කරදර විඳිමින් කල් ගත කරන මේ කාන්තාවන් වෙනුවෙන් විදේශ ශුභසාධන වැඩපිළිවෙලක් ඇතිකොට ඔවුන්ට ප්‍රමාණවත් රක්ෂණයක් ලබාදී ඔවුන් නිරන්තර සෝදිසියෙන් රැක බලා ගැනීමේ වැඩ පිළිවෙලක් රජය අප්‍රමාදවම ඇති කළ යුතුව තිබේ. කාන්තා දිනය අර්ථවත් වන්නේ එවිටය.
චන්ද්‍රdනි බණ්ඩාර
පාර්ලිමේන්තු මන්ත්‍රිනී
0 Comments