ඇය චම්පා ලෙස මම ඔබට හඳුන්වා දෙමි. නුගේගොඩ පළාතේ ධනවත් බලවත් පවුලක දියණියක් විලස ඇය උපත ලැබුවාය. සියලු සැප සම්පත් අතර ජීවත් වූ ඇයට 'දුක' කියන අකුරු දෙක ගැන කිසිම හැඟීමක් නොතිබුණි.
උසස් අධ්‍යාපනයක් ලද ඇය දුටුවන් සිත් ඇදගන්නා රූපශ්‍රීයකින් යුතු විය. සෑහෙන දායාදයක් ඇතිව චම්පාව ඇගේ දෙගුරුන් විසින් වෛද්‍යවරයකුට විවාහ කර දෙන ලදී.
එය 'ප්‍රේම හා යෝජිත' යන දෙකම මිශ්‍රිත විවාහයක් ලෙස හැඳින්විය හැකිය. උත්සවයකට සහභාගි වූ අවස්ථාවකදී ඇයව දුටු ඔහු ඇගේ දෙගුරුන්ගෙන් ඇය පිළිබඳව විවාහ යෝජනාවක් අසා එවා තිබුණි.
ඔහු වෛද්‍යවරයෙක් නිසා ඇගේ පවුලේ අය මෙම කටයුත්තට වඩාත්ම කැමැති විය. විවාහ වීමට කලක් ආශ්‍රය කිරීමට ද ඔවුන්ට මඟ සැලසුණි. අන්න ඒ නිසයි චම්පාගේත්, එඩ්වඩ්ගේත් විවාහය යෝජිත හා ප්‍රේම විවාහයක් ලෙස මා හැඳින්වූයේ.
ඔවුන්ගේ විවාහයෙන් ටික කලකදී එඩ්වඩ් විසින් පෞද්ගලික බෙහෙත් ශාලාවක් නුගේගොඩ නගර මධ්‍යයේ ම ආරම්භ කළේය. චම්පාගේ දෙමාපියන් විසින් විවාහවන අවස්ථාවේදී දෙන ලද දායාදය නිසා ඔවුන්ට මුදල් අතින් ප්‍රශ්නයක් නොවීය. බෙහෙත් ශාලාව ද දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්විය.
එඩ්වඩ් වෙතින් බෙහෙත් ගැනීමට පැමිණි කිසිවෙකු වෙනත් වෛද්‍යවරයකු ළඟට ගියේ නම් ඒ අහම්බෙන් දවසකය. ඔහුට වතුර ගලන්නා සේ මුදල් ලැබෙන්නට විය. චම්පාගේ වාසනාවට ඔහුට හරියන බව ඒ දිනවල එඩ්වඩ් පුන පුනා ප්‍රකාශ කළේය.
මේ යුවළට දරුවන් දෙදෙනෙක් ලැබිණි. ඔවුන් විවාහ වී වෙනම ජීවත් වේ. දුව ලංකාවේ ජීවත්වන අතර පුතා තම දරුවන් හා බිරිඳ සමඟÊඇමරිකාවේ ජීවත් වෙයි. කලක් ගතවෙද්දී විශේෂයෙන් ම තම පියාගේ ගති පැවතුම් නොරිස්සූ පුතාට මේ රටේ විසුමත් එපා විය.
සමගියෙන්, සමාදානයෙන් ජීවත් වූ මේ පවුලට කණ කොකා හඬන්නට වූයේ ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් නිසා ය. ගෙදරට ගෙන ආ විදුලි භාණ්ඩයක් එය ගෙනා දවසේම පිපිරීමෙන් ඇගේ මුහුණ පිච්චුණි. ඉතාමත් සුරූපීව තිබුණු චම්පාගේ මුහුණ විරූපී විය. එම සිද්ධියෙන් පසු එඩ්වඩ් නම් වූ ඇගේ සැමියාගේ ගති පැවතුම් වෙනස් විය.
මවක් තම දරුවාට අසනීප වී බෙහෙත් ගැනීමට පැමිණි විට ඔහුගේ පරීක්ෂාවට ලක් වන්නේ දරුවා නොව එම මවය. මේ කාලයේ ඔහු විවාහක කාන්තාවක් සමඟ ප්‍රසිද්ධියේ සම්බන්ධකම් පැවැත්වීමට පටන් ගත්තේය.
"ඒ ගැහැනිය ලස්සනද?" මම චම්පාගෙන් ඇසුවෙමි.
"මොන පිස්සුද? සුදු විතරයි. ඇඟ පත හරියට වංගෙඩියක් වගේ" ඒ ඇයගේ පිළිතුරයි.
"තවම එයත් එක්කද ඉන්නේ?"
"ඔව්...... ඒත් මට කළ දේවල් එයාටත් පලදීලා"
"ඒ මොකද?"
"ඒ ගෑනි එඩ්වඩ් එක්ක සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ එයාගේ මහත්තයා දැනුවත්වයි. ඔහු එඩ්වඩ්ට විරුද්ධව ලක්ෂ ගාණක අලාභයක් ඉල්ලා නඩුවක් පැවරුවා. නඩුවෙන් ඒ ගෑනිගේ මහත්තයා දිනුවා. ඒ විතරක් නෙවෙයි. ඒ මනුස්සයා මේ ගෑනිව දික්කසාද කරලා රට ගියා. දැන් එහේ සුදු නෝනා කෙනෙක්ව බැඳලලු. අර ගෑනි දැන් එඩ්වඩ්ව අල්ලේ නටවනවා. හම්බු කරන හැම සතයක් ම ගෑනි අතට ගන්නවා."
"එඩ්වඩ් ඔයාව දික්කසාද කරන්න ලෑස්ති වුණේ නැද්ද?"
"අපෝ මොකෝ නැත්තේ. ඊට කලින් එයාගේ නැහැදිච්චකම් එළිවුණ නිසා මාව දික්කසාද කරන්න එයාට බැරිවුණා. ඒ විතරක් නෙමෙයි. මට ජීවත්වෙන්න මාසයකට සෑහෙන ආදායමක් එන විදිහට නිශ්චල දේපළ මගේ නමට ලියන්න උසාවියෙන් තීන්දු වුණා. ඊට පස්සේ මම මගේ දෙමාපියන් ළඟට ගිහින් ජීවත් වුණා.
"ඉතින් මෙතනට එන්න සිද්ධ වුණේ කොහොමද?"
"මගේ පෙර කරුමයකට. මම නොකළ වරදකට."
"ඒ කියන්නේ"
"මගේ හිතවත් පවුලක් ඉන්නවා. ඒ වගේම රටම පිළිගත් පවුලක්. දවසක් මම එයාලගේ ගෙදර ගියා. එඩ්වඩ්ගෙත් හොඳම යහළුවෝ. අපි ආගිය තොරතුරු කතා කර කර ඉඳලා මම එන්න පිටත් වෙනකොට මට දුන්නා බීµa කේස් එකක්. පසුවදා අපේ ගෙවල් පැත්තෙන් යනකොට අරගන්නම් කියලා."
"ඒකේ මොනවද තිබුණේ. ඇරලා බැලුවේ නැද්ද?"
"ඒ අයම ඇරලා පෙන්නුවා. කාටද තෑගි දෙන්න ඇඳුම් වගයක් තිබුණේ"
"ඊට පස්සේ මොකද වුණේ?"
"මඟදී මගේ වාහනය පොලිසියෙන් නතර කළා. මමමයි එලවගෙන ආවේ."
"ඊට පස්සේ?"
"මට බහින්න කියලා කාර්Êඑක පරීක්ෂා කළා. පිටුපස සීට් එක උඩ තිබුණ 'බී්‍රµa' කේස් එකේ ඇඳුම් යට හෙරොයින් පැකට් 2 ක් තිබුණා. මට හිතෙනවා මේ සිදුවීම එඩ්වඩ්ගේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් කියලා"
ඇයි එහෙම හිතුවේ?"
"මම එහෙම කිව්වේ දැන් එයාට පහසුයි මගෙන් දික්කසාද වෙන්න." එසේ කිව් චම්පා දීර්ඝ සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය.
ඇත්ත වශයෙන් ම මෙහි සත්‍යය හෝ අසත්‍යය ගැන මම නොදනිමි. සමහර විට චම්පාගෙන් වෙන් වී එඩ්වඩ්ගේ අනියම් බිරිය ලෙස ජීවත්වන ඒ කපටි, කෛරාටික ගැහැනියගෙන් බේරීමට බැරි තැන ඇය හා විවාහ වීමට ඔහුට අවශ්‍යව ඇත. ඒ නිසා තමන්ට දරු දෙදෙනකු ලබා දුන්, තම බිරිඳ හදිසි අනතුරකට භාජන වූ පසු ඇගෙන් වෙන්වීමට ඔහු සිතුවා විය හැකිය. මෙවැනි නිහීන දුෂ්ටයන් අද සමාජයේ ඕනෑ තරම් ඇත.
එඩ්වඩ්ට කාගෙන් සමාව ලැබුණත්, සොබා දහමෙන් හෝ ලෝක පාලනය කරන දෙවිවරුන්ගෙන් නම් කිසිම සමාවක් නොලැබෙන බව ඉර හඳ සේ විශ්වාසය. එසේම කාගෙන් බේරුණත් ඔහුට තම හෘද සාක්ෂියෙන් බේරීමට නොහැකිය.
මාලා වජිරා පෙරේරා
0 Comments