එක කැදැල්ලක ජීවිතය ගෙවන ආදරණීයයන් ගේ ලෝකය සුවබර කිරීමට අවැසි කරුණු එකිනෙක පෙළ ගස්‌වාගෙන යන මෙම විශේෂාංග පෙළෙහි අපි අද ඔවුනොවුන් සිය පවුල තුළ සිරවී විඳින පීඩාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට හිතුවා.
මෙම විශේෂාංග පෙළ ආරම්භ කිරීමට කෙරුණු ප්‍රථම යෝජනාවෙහිදි ඇතිවුණු අදහසක් නම්, අද වන විට බොහෝවිට පවුල් අවුල් වූ පසු කරන දේවල් පිළිබඳ අවධානය යොමු කළ ද, පවුලක් පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු පිළිබඳ සාකච්ඡා කොට එකිනෙකා තුළ පවතින අනවබෝධය දුරලා බැඳීම් තවදුරටත් ශක්‌තිමත් කරන්නට ගතයුතු ක්‍රියා මාර්ග සමාජයේ වගකිවයුතු අංශ මගින් ගත යුතුය යන්නයි.
එහිදී අප මෙතෙක් කතා කළ බොහෝ කරුණු කාරණා මෙන්ම, දෙදෙනා තුළ ඇතිවන පීඩාවන් නිසාද බොහෝ විට සාමකාමී ජීවිතය සැඩ පහරකට හසුවීමට ඉඩ තිබේ.
පීඩාවන් ප්‍රධාන වශයෙන් ශාරීරික පීඩාවන් මානසික පීඩාවන් ලෙස දෙයාකාර වන අතර ශාරීරික පීඩාවන් පිළිබ`දව අප වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මක්‌නිසාද යත්, පවුලක් තුළ සිදුවන ශාරීරික පීඩාවන් අද වන විට බොහෝ සෙයින් වැඩි වි ඇති අතර, නීතිමය පැත්තෙන් ඒවා වළක්‌වා ගැනීම ස`දහා ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය වැළැක්‌වීමේ පනත මෙන්ම දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය, කාන්තා කාර්යාංශය, ළමාරක්‌ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්‌ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික කාන්තා කමිටුව, ආදී රාජ්‍ය ආයතන මෙන්ම බොහොමයක් වශයෙන් ජාත්‍යන්තර නොවන සංවිධාන ආධාරයෙන් පවත්වාගෙන යන නොයෙකුත් සංවිධාන ද පිහිටුවා තිබේ. එසේම මෙම ආයතන මගින් පවත්වාගෙන යන ක්‌ෂණික දුරකථන ඇමතුම් සේවා ද, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සේවය කරන ඉහත ආයතන නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් ද සිටී. මේ සියලු කරුණු අතර පවුලක සිදුවන ඇසට පෙනෙන, කනට ඇසෙන තාඩන පීඩන පිළිබ`ද මැදිහත් වීම ස`දහා කොතෙකුත් අයවලුන් සිටියද, මානසික වශයෙන් විඳින පීඩා පිළිබඳ කතා කිරීම ස`දහා කවුරුන් හෝ මැදිහත් වන්නේ ඒවා ඔඩුදුවා තත්ත්වය බරපතළ වී අදාළ පුද්ගලයා හෝ පවුල තුළ කිසියම් පිපිරීමක් සිදු වූ පසුවය. එසේම තවත් කිවයුතු කාරණාවක්‌ද ඇත. එනම් පවුල් තුළ නිරන්තරයෙන් පීඩා විඳින්නේ ගැහැනිය යන කාරණය පමණක් අවධාරණය කිරීම අසාධාරණ බවත් සියයට ගණනින් කාන්තාවන් තරමට නොවූවද සංඛ්‍යාත්මකව ගතහොත් සැළකිය යුතු ප්‍රමාණයක් පිරිමින් ද තම පවුල තුළ ගැහැනියකගේ වෙනස්‌කම් සහ පීඩනයන්ට ලක්‌වන බවත් ඒ අය වෙනුවෙන් කතා කිරීමට, හෝ නීතියේ ආවරණය ලැබීමට අවකාශ නැති බවත් වරක් මගේ යහළුවකු පැවසීය. එම අවස්‌ථාවේදී ගැහැනිය සතු කායික හා සමාජීය දුර්වලතා හේතුවෙන් ඇයට එම නීති සම්පාදනය වී ඇතැයි මා විසින් තර්ක ඉදිරිපත් කළ ද, ඔහු පැවසුවේ ගැහැනියගේ පීඩන හමුවේ නිවසෙහි හුදකලාව දුක් විඳින පිරිමියා, සමාජයේදී බේබද්දා, වනචරයා, දූෂකයා ලෙස දෝෂ දර්ශනයට ලක් වන අතර ඔහු ඒ තත්ත්වයට ඇද දමන්නේ කවුදැයි යන්න සමාජය හෝ නීතිය යළි ප්‍රශ්න කරන්නේ නැති බවයි. පිරිමියෙකු තම සිත තුළ පැන නගින කිසිදු වේදනාවක් ගැහැණුන් තරමට වෙනත් කිසිවකු හා සමග බෙදා නොගන්නා අතර සුරාව, සූදුව, ගණිකාවන් සොයා යැම හෝ වෙනත් අපයෝජන වලට යොමු විම ඔවුන්ගේ පීඩනයන් අවසානයේ සිදු විය හැකි දරුණුම ෙ€දවාචකයකි.
බොහොමයක් දෙනා ස්‌වකීය චිත්ත සන්තානය තුළ ඇතිවන පීඩාවන් එතුළම ස`ගවාගෙන කටයුතු කරන්නට යාමේදී බොහොමයක් අර්බුද වලට මුහුණ පානා අතර තවත් අය එම පීඩාවන් පිටස්‌තර අය සමග බෙදා හදා ගන්නට හෝ විස`දුම් සෙවීමට යැමේදී තවත් අලුත් ගැටලු නිර්මාණය කරගනී. ඒ කෙසේ වුවද ඒවාට විසඳුම් පිළිබඳ කතා කිරීමට මත්තෙන් අප චිත්ත පීඩා පිළිබ`ද කිසියම්වූ විශ්ලේෂණාත්මක කරුණු විග්‍රහයකට එළඹිය යුතු අතර එම පීඩා පවුලක් තුළ ඇතිවන්නේ කුමන මුහුණුවරකින්ද යන්න සොයා බැලීම වැදගත් වේ.
කුටුම්බගත ජීවිත තුළ ඇතිවන චිත්ත පීඩා විවිධාකාර වන අතර ඒවා සරල ලෙස වර්ග කොට අප අපේ මූලික අරමුණ වන සො`දුරු පවුලකට මග හසර සලසා ගන්නට උත්සාහ කරමු.
* ආර්ථිකය
* සමාජ තත්ත්වය
* අධ්‍යාපනය
* සමාජ සම්බන්ධතා
* මනා සෞඛ්‍ය පුරුදු සහ නිරෝගීකම
* දෛනික ගෘහ කළමනාකරණය
* ලිංගිකත්වය
* අනියම් සබඳතා
* සංවේදී ආදරණීය චිත්තවේග
ඉහත ස`දහන් පීඩාවන් ගෙන් කාලයෙන්, ශ්‍රමයෙන්, උපදේශන මගින් ඥාති මිත්‍රාදීන්ගෙන් ආදිය විස`දුම් ලබා ගත හැකි, පීඩාවන්ද තිබෙන අතර සමහර පීඩාවන් තම සිත අභ්‍යන්තරයෙන් හේතු විරහිතව ගොඩනඟාගත් ඒවා වන නිසා තමාටම ඒවා නිරාකරණය කරගැනීමට අවකාශ ඇති පීඩාවන් ද ඇත. එහෙත් ඒ අතරම සමහර පීඩාවන් අතිශයින්ම අපට පාලනය කළ නොහැකි අප ඊට බලෙන් නතු කරගන්නා සුලු පීඩාවන් වේ. එසේනම් අපට වැටහෙන කාරණය කුමක්‌ද? ඉහත අප දක්‌වා ඇති පීඩාවන් අතර ඔබේ පීඩාව තිබිය හැක. එසේත් නැතිනම් ඊට සමාන වූ ලක්‌ෂණ සහිත හැඟීම් ඔබව පෙළනවා විය හැක. ඒ කෙසේ වුවද අපට මිදීමට අපහසු වන්නේ එවන් වූ පීඩාවන්ගෙන් ඉතා අතලොස්‌සක් පමණකින් වන බවයි. එනම් අනිකුත් සියල්ල පෙර ස`දහන් කළ පරිද්දෙන්ම කාලය තුළින්, අපගේ දැඩි කැපවීම හෝ පරිශ්‍රමයන් තුළින් නැතහොත් අපගේ හිතවතුන්ගේ හෝ උපදේශන හරහා විසඳගැනීමේ අවකාශ පවතින ඒවාය. ඉදින් එසේනම් තත්ත්වය එසේ තිබියදී ඇයි අප තවදුරටත් නොයෙකුත් චිත්ත පීඩාවන් හරහා අපගේ ආදරණිය ජීවිතය නීරස කරගන්නට උත්සාහ කරන්නේ? අපි පළමුව චිත්ත පීඩා යනු මොනවා දැයි වටහා ගනිමු.
විවාහ ජීවිතයකට ඇතුළුව එකිනෙකට වෙනස්‌ව මෙතෙක් ජීවත් වූ ජීවිත දෙකක් මේ අරඹන්නට උත්සාහ කරන නව ජීවිතයේ බොහෝ නොගැලපෙන සාධක තිබිය හැක. ආර්ථික සාධක මත ඇති වන පීඩාවන් මෙහිදී ඉතා සුලබ වන අතර විසඳුම් සොයා නිරාකරණය කරගත හැකි මට්‌ටමේ පවතින්නක් ලෙසද මෙය හ`දුනා ගත හැක. අගහි`ගකම් ගෙදර ඉස්‌සරහ දොරින් ඇතුළු වෙන කොට ආදරේ පස්‌සා දොරින් පැනලා යනවා කියලා අපේ පැරැන්නෝ කිව්වේ නිකන්ම නොවන බව ඔබට මට අද වන විට ප්‍රත්‍යක්‌ෂ වී හමාරයි. එනම් මුදල් යනු අපට කැපවීම හා කාලය තුළින් ලබා ගත හැක්‌කකි. එසේම නිවසක ජීවත්වන දෙදෙනෙකුට ආර්ථිකමය ගැටලු බොහොමයක් තිබිය හැක. වෙනත් සමවාසිS පවුල් හා සන්සන්දනය කිරීමෙන් මෙන්ම නූතන වෙළෙඳපොළ ආකර්ෂණය මෙන්ම සුඛෝපභෝගී අවශ්‍යතා හමුවේ දෙදෙනා එකිනෙකා ට ගතු කියාගනිමින් පීඩාවන් හදාගන්නවාට සැක නැත. මේ ගෙදර ඉතින් හම්බ කරන්නේ මම විතරනෙ, කොහෙද ඉතින් වියදම් කරන කොට අරපිරිමැස්‌මක් ඇත්තෙම නැහැනේ, එනකොට මහා ලොකු වස්‌තුවක් පොදි බැ`දගෙන ආවනේ, එසේම මෙම ගැටලු දෙපාර්ශවයටම පීඩාවන් වන්නේ පවුලෙන් පරිබාහිර පුද්ගලයන්ගේ ඇනුම්බැනුම් වලට ද මුහුණ දීමට සිදු වීමෙනි. එසේම ආර්ථික අපහසුතා හේතුවෙන් ගත් මුදල වෙනුවෙන් ණය හෝ පොලී ලබා ගත් පුද්ගලයන්ගේ කරදර ද, තමන් ජීවත් වන සමාජ තත්ත්වයෙන් තමා පහළට වැටීමද, සැප සම්පත් අහිමිවී යැමද එකිනෙකා තුළ ඇතිවන පීඩාවන්ට දරුණු ලෙස මුල් විය හැක. එසේම රැකියාව කරන ස්‌ථානයේ ඇතිවන ගැටලු මෙන්ම, පවරන රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීමද, ආයතනය තුළ සේව්‍ය සේවකාදීන්a අතර නෝක්‌කාඩුද, පෞද්ගලික ජීවිතය තුළට රිංගා ආදරණීය පවුල් වල අසමගිය ඇති කර පවුල් අවුල් කරන හේතු කාරකයක් විය හැක.
එක සමාන කුරුල්ලො තමයි එක අත්තක වහන්න ඕනේ යනුවෙන් අපි අතීතයේ පටන් අසා ඇති කතාව පරිද්දෙන්ම, සමාන සමාජ තත්ත්වයන්ගෙන් යුක්‌ත නොවූ විට එක් අයකු හීනමානයෙන් දුක් පීඩා විඳින අතර අනෙකා අධිමානයෙන් පෙළෙයි. මෙහිදී කුලය, පංතිය ආදිය අපි කොතෙක් හණමිටි අදහස් යෑයි ඉවතට විසිකර දමාපු අදහස් වුවද කාලයත් සමග අලුත් වී සිතෙහි කොණක පැළපදියම් වී දුක්‌දෙයි. තමන්ට වඩා අනෙකා උසස් යෑයි සිතා ඔහුගේ හෝ ඇගේ සමාගමයන් හමුවේ එක් අයකු හුදෙකලා වෙයි. බොහෝ දුරට අතීතයේ ජනප්‍රියව පැවති යෝජිත විවාහ තුළ මෙම ගැටලුව පැනනොනැංගද ප්‍රේම සබ`දතා මත වර්තමානයේ ඇතිවන බැඳීම් මේ හේතුව නිසා ලෙහී යන බවද කිව යුතුමය.
වර්තමාන සමාජය තුළ අධ්‍යාපනයට ඇත්තේ අද්විතීය ස්‌ථානයකි. පුරුෂයා මෙන්ම කාන්තාවද අද වන විට නිසි අධ්‍යාපනයක් මෙන්ම ඒ තුළින් සිය ජීවිකාව පවත්වාගෙන යාමේ වගකීම කරට අරන් නොබියව සමාජයේ ජීවත්වනවා. එහෙත් බොහෝ විට පවුලකට බැෙ`දන ගැහැනිය සහ පිරිමියා එක සමාන අධ්‍යාපනයෙන් යුක්‌ත වූවන් විම ඉතා වැදගත් කමක් උසුලනවා. මක්‌නිසාද යත් එවිට ඔවුන් ඇසුරුකරන්නන්ගේ පටන් එදිනෙදා කාර්යභාරයන් දක්‌වා අෙන්‍යාන්‍ය අවබෝධයෙන් යුතුව ඉටු කල හැකි නිසාවෙනි. බොහෝවිටක ගැහැනියකට වඩා පුරුෂයා අධ්‍යාපන මට්‌ටමෙන් ඉහළක සිටින පවුලක ගැටුම්කාරී ලක්‌ෂණ නොමැති තරම් වුවද අධ්‍යාපන මට්‌ටමෙන් ඉදිරියෙන් සිටින බිරින්දෑවරුන් සිටින පවුල් වල පුරුෂයන් තුළ යම්කිසි චිත්ත ව්‍යාකූලත්වයක් ජීවිතේ කෙදිනක හෝ ඇති වීමට ඉඩ ඇත. එවන් හැ`ගුමක් ඇතිවුවහොත් එය බලවත් චිත්ත පීඩාවක් දක්‌වා දිවයැමට ඇති ඉඩකඩක්‌ද ඇති බවත්, මෙහිදී අවබෝධයෙන් කටයුතු කරන නිහතමානී බිරිඳකට තම සැමියාගේ අනෙකුත් සියලු වටිනාකම් හමුවේ එවන් ගැටලු සොඳුරු ලෙස මඟහරවා ගතහැකි බවද මතක තබා ගත යුතුය.
සමාජ සම්බන්ධතා පවත්වාගෙන යැමේදී බොහෝවිට ගැහැනිය සහ පිරිමියා වශයෙන් නොව ඔවුනොවුන් සතු නිසග කුසලතා මෙන්ම වටිනාකම් සහ පුළුල් සමාජගත අවබෝධය මත සිය සබ`දතා ගොඩනඟා ගැනීමට මොවුන් දක්‌ෂතා දක්‌වනවා. අධ්‍යාපන තත්ත්වය මෙන්ම මෙහිදී ද ගැහැනිය පිරිමියාට වඩා දක්‌ෂතාවක් දැක්‌වීමේදී සමාජයට නිරාවරණය විම නිසා නිරායාසයෙන් ඇයට ගැහැනියක නිසා සිදු වන්නා වූ ගැහැට මෙන්ම කඩාගෙන බි`දගෙන ඉදිරියට යැමේ වගකීම පවුලට සම්බන්ධ අනෙකුත් ඥාතිමිත්‍රාදීන්ගේ ද බලපෑම් වලටද යටත් වීමට සිදුවිය හැක. එයාට ඉතින් කොයිවෙලාවෙත් වැඩනෙ. ගෙදරට වෙලා බතක් උයාගෙන ඉන්නැතුව ගියා මහලොකුවට සමාජ සේවය කරන්න. ඒ ගෙදර මිනිහා ගෑනි වෙලා ගෑනි මිනිහා වෙලා. සත්‍යවශයෙන්ම ගැහැනියක පිළිබ`ද පවතින හීන සමාජ ආකල්ප වල සෙවණැලිද මෙවන් වූ පීඩාවන් වලට හේතු මූලයන් සපයනු ඇත.
එදිනෙදා ජීවිතයේ දී බොහොමයක් දෙනා නිරෝගීව සිටීමට කැමැති වන නමුදු ඒ ස`දහා අප අනුගමනය කළයුතු නිවැරදි සෞඛ්‍ය පුරුදු මඟහැර කටයුතු කිරීමට අප පුරුදු වි සිටිමු. පවුලක ජීවත් වන කුමන හෝ සාමාජිකයකු රෝගී විම පවුලේ සියල්ලන්ටම චිත්ත පීඩා ඇති කරවන පැනයකි. එසේම මෙය හුදකලාව තම සිත තුළ පමණක් නොව සමස්‌ත කුටුම්බය පුරාවටම ඉතිරී පැතිරී යන අඳුරකි. එසේම අප මුලින්ම ස`දහන් කළ පරිදි අපට පමණක් තනිව සටන් කොට විස`දා ගත නොහැකි චිත්ත පීඩාවක් ලෙසත් මෙය හැඳින්විය හැක. උදාහරණයක් ලෙස තම බිරිඳට හෝ සැමියාට නැතහොත් දරුවකුට දරුණු රෝගයක් වැළඳුනහොත් තමා පත්වන අසරණ බව මෙන්ම සිත් තැවුල විසඳීමට බෙහෙත්ද, මුදල් ද, බෝධිපූජා ද පමණක් නොව තොවිල් පවිල් වුවද ප්‍රමාණවත් නොවන අවස්‌ථා ඇත.
අප ජීවත්වන සමාජවටපිටාව ගත් විට අසීමිත ආශාවන් සහ අවශ්‍යතාවන් පසුපස සීමිත අවස්‌ථාවන් කිහිපයක් තබාගෙන අප හැල්මේ දිවයන්නෙමු. එහිදී අප මිට පෙර ලිපිවලදී ද සඳහන් කළ පරිදි එකිනෙකා තේරුම් ගැනීම, ඇහුම්කන්දීම, අවබෝධ කරගැනීම, සහයෝගය දැක්‌වීම, ගරුකිරීම සහ අගය කිරීම යන කාරණාවලට මුල්තැන දීමෙන් බිරිඳ සහ ස්‌වාමියාගේ චිත්ත පීඩා දුරුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව නිවසේ එදිනෙදා වැඩකටයුතු වන බිල් පත් ගෙවීම්, දරුවන්ගේ කටයුතු, ඥාති සම්බන්ධතා පවත්වා ගැනීම මෙන්ම නිවසට ආහාර පාන ගෙනඒමේ කටයුතු ආදී එකී නොකී සියලු කටයුතු අතර නිරන්තරව වෙහෙස වෙන චරිතය හෙම්බත්ව කලකිරී ඇතුවාට සැක නැත. සමහර නිවෙස් වල බිරින්දෑවරුන් අතින් නිවසේ කුදු මහත් සියලු කටයුතු සිදුවන අතර, සමහර මහත්වරු ගෙදර සියලු වැඩද රැකියාවද තමන්ගේ හා දරුවන්ගේ කටයුතු ද සිදු කරයි. එය නිහඬව කරන තාක් ඔහු හෝ ඇය පිළිබ`ද අනෙකා උනන්දු වන්නේ නැත්තේ ආත්මාර්ථකාමි බව හේතුවෙන් විය හැකි නමුදු, ඔහුගේ හෝ ඇයගේ සිත තුළට එබී බැලුවහොත් ඔබට වැටහෙයි, ඔවුන්ගේ සිතුවිලි පීඩාවට පත්ව ඇති අයුරු. ඔහුගෙන් හෝ ඇගෙන් මෙහිදී සිදුවන සේවය අගය නොකිරීම මෙන්ම යම්කිසි අතපසු විමක් සිදුවුවහොත් දෝෂදර්ශනයටද ලක් කිරීමද මෙහිදී කුටුම්බය තුළ ගැටුම් ඇති කරවන සුලු අර්බුද වේ.
පවුලක ජීවත් වන පුද්ගලයන් එකිනෙකා වෙනුවෙන් පරිත්‍යාගයන් මෙන්ම කැපවීම් කළයුතු අතර අනෙකාගේ අවශ්‍යතා මෙන්ම තමා සතු යුතුකම් සහ වගකීම් මැනවින් හ`දුනාගෙන කටයුතු කළ යුතුය. එක සෙවණක දිවිගෙවන ආදරණීයයන් සිය ලිංගික අවශ්‍යතා වෙනුවෙන්ද මෙවන් පිළිවෙතකින් යුතුව කටයුතු කිරීම තුළින් වර්තමාන සමාජය තුළ සිදුවන දික්‌කසාද මෙන්ම අපචාර සහ අපයෝජන බොහොමයක් අවම කරගත හැකි වනු ඇත. සමහර සැමියන් තම බිරි`දගේ හැ`ගීම් සහ අවශ්‍යතා පිළිබඳ කිසිදු අදහසක් නොමැති අතර බිරින්දෑවරුන් ද තම සැමියාගේ ආදරණීය අවශ්‍යතා නිසි පරිදි තේරුම් නොගනී. එසේම මෙහිදී විකෘති ලිංගික ආශාවන් සහිත පුද්ගලයන් මෙන්ම විවාහය නමැති සමාජ සංසිද්ධියේදී අතීතයේ පැවති සාවද්‍ය අදහස් කරපින්නාගෙන ඒවා තුළින් ගැටලු මවාගෙන තම බිරි`ද හෝ සැමියා පිළිබ`ද අනියත පීඩාවන් ගොඩනඟාගෙන දුක් විඳින්නන් ද අප අතර වෙති.
ඉහත අප සඳහන් කළ කරුණු කාරණා ත් සමගම, ඒවා නොසලකා හැරීමෙන් පවුලකට මුහුණ දීමට සිදුවිය හැකි අනෙක් ෙ€දවාචකය නම් අනියම් පෙම් සබඳතාය. නියම් හෝ අනියම් හෝ වේවා මෙහිදී වඩාත් චිත්ත පීඩාවන් මෙන්ම ශාරීරික පීඩාවන්ට මුහුණ පාන්නට සිදුවන්නේ පවුලක සිටින දුවා දරුවන්ටය. එසේම මෙවන් වූ ගැටලු හමුවේ ඇතිවන පීඩාවන් මඟහරවා ගැනීම ඉතා අසීරු කරුණකි.ඒ සියල්ල කාලය මගින් හෝ නිවැරදි සිහිකල්පනාවෙන් කටයුතු කිරීම මගින් පමණක් වළක්‌වා ගත යුත්තකි. මෙහිදී කිවයුත්ත වන්නේ පවුලක් තුළ මෙවන් ගැටලුවක් පැනනැංග විට ඉන් දෙදෙනාම අතිශය චිත්ත පීඩාවට පත්වන බවයි.
සමාජයේ ජීවත්වන පුද්ගලයන් එක් එක් වර්ගීකරණයන් වලට ලක් කිරීමේදී සංවේදී, අධිසංවේදී මෙන්ම සංවේදී නොවන වශයෙන් ද වෙන් කරගත හැක. කිසිම හැ`ගීමකට සංවේදි කමක් නොදක්‌වා ඔහේ ජීවිතය දෙන දෙයක් බාරගෙන ජීවත් වෙන්නන් වාලේ ජීවත් වි මියයන මිනිසුන් සහ ගැහැනුන්ද අප සමාජයේ ජීවත් වන අතර ඔවුන්ගෙන් කිසිවෙකුට කරදර කිරීමක් වත් ප්‍රශ්න කිරීමක් වත් සිදුවන්නේ නැත. එහෙත් අධිසංවේදිත්වය ද ඉතාම ගැටලු ගොඩකි, වරක් මගේ යාළුවෙක් පැවසුවේ කොහේට හෝ අකුණක් වැදුණොත් ඒක මට දැනිලා ඇති යනුවෙනි. ඉන් ඒ පුද්ගලයා අදහස් කළේ ඔහු ඉතා සංවේදී බවය. එසේම සාමාන්‍ය හැ`ගීම් දැනීම් සහිත පුද්ගලයන්ද අප අතර වෙති. ඔවුන්ගේ ජීවිත වලට හෝ අන් අයට කිසියම් හානියක් මෙමගින් සිදු වන්නේ නැත. නමුත් කිවයුතු දෙයක් තිබේ. ලෝකය නිරන්තරයෙන් වෙනස් කිරීම් වලට ලක් කළේ මෙම සංවේදී හා අධිසංවේදී පුද්ගලයන් අතිනි. එය හො`ද විදිහට හෝ නරක අයුරන් වුවද එය එසේමය. මහා කලා කරුවන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන් ආදී සමාජ විප්ලවීයයන් ඉතා සංවේදී තැනැත්තෝය. අපි මේ අටුවා ටීකා පවසන්නේ කුමටද? අපේ සො`දුරු පවුල තුළත් අතිශය සංවේදී අය ජීවත් වනවා විය හැක. ගැටලු ඇති වන්නේ එවන් සිත් තුළය. අනේ මට ආදරේ කරන්න කවුරුත් නෑ, ඒ ගොල්ලන්ට මං ගැන කිසි හැ`ගීමක් නෑ, මගේ ආශාවන් හැ`ගීම් ගැන හිතන්න කවුරුවත් නෑ මම මේ ලෝකෙ තනිවෙලා, එසේ ආදරය සොයා යන පිපාසිත සිත් ඉතාමත්ම පීඩාවට පත් වෙති. එසේම මෙවන් පුද්ගලයන් කලා රසාස්‌වාදනයට බොහෝ විට කැමති අතර ඒ තුළින් සිය පීඩා යටපත් කර ගැනීමට වෙහෙසෙයි. එසේම ඒ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමේ නොතිත් ආශාවකින් පෙළෙන ඔවුන් තමන්ට ඇහුම්කන් නොදෙන තමන්ට වින්දනය කළ හැකි මාර්ගය අහුරන තම කුටුම්බ සගයා පිළිබ`ද බලවත් වූ නොකැමැත්තෙන් ජීවත් වෙති. එහෙත් කෙදිනක හෝ තමන්ගේ රසය සොයා යැමට අවස්‌ථාවක් ලද හොත් එය වින්දනය කිරීමට යැමේදී සියලු සිරිත් විරිත් මෙන්ම බැ`දීම් ද ඉක්‌මවා යාමට ඔවුන් පසුබට වන්නේ නැත.
අප මතුපිටින් සො`දුරු පවුල් ලෙස හඳුනා ගන්නා හෝ ලේබල් කරගන්නා පවුල් තුළ ද මෙවන් වූ අතිශය සංවේදී හැඟීම් හා චිත්ත සන්තානයේ සැ`ගව ගිය පීඩාවන් විඳින්නවුන් බොහොමයක් දෙනා ජීවත් වනවා ඇත. බොහෝ දෙනා ආත්මානුකම්පාවෙන් නිහඬව අනෙකා හෝ සමාජය වෙත සිය යුතුකම් ඉටු කරමින් ජීවත් වෙති. එහෙත් මෙයට විසඳුමක් නැතිද? එය වෙනම කතා කළයුතු මාතෘකාවකි.
මතු සම්බන්ධයි
අමාලි මංගේෂ්කා පෙරේරා
0 Comments