ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රඥයකුට මුහුණපෑමට සිදුවන අසීරුතම අවස්‌ථාව කෙනකුගේ ආයු බල විනිශ්චය කිරීමයි. ඒ වූකලී සාමාන්‍ය අපලයක් ඉක්‌මවා යන සංකීර්ණ අවස්‌ථාවකි. ඒ සඳහා ජන්මියාගේ කේන්ද්‍රයට අමතරව මව, පියා, දරුවා ඇතුළු සෙසු අයගේ ජන්ම කේන්ද්‍රවල ග්‍රහචාරයද දායක වෙයි.
අපලය මාරකය යනු දෙකකි. හැම ග්‍රහයකුම කෙනකුගේ අපලයට දායක විය හැකියි. එතැනදී ග්‍රහයකුගේ නෛසර්ගික ශුභ අශුභ බවට වඩා එම ග්‍රහයාගේ රාශි අයිතිය, නැකත ගෝචර ගමන හා දෘෂ්ටිය ද සම්බන්ධ වේ. එහෙයින් මරණය පිළිබඳ නිශ්චිත නිගමනයකට ළංවිය හැකි මාර්ග ආධුනික ජ්‍යෙdතිෂඥයා දැන සිටිය යුතුය.
ජ්‍යෙdතිෂ්‍යයට අභියෝග කරන ඇතැමකු පුද්ගලයකුගේ මරණය ජ්‍යෙdතිෂ්‍ය ඇසුරෙන් කිව හැකිදැයි ප්‍රශ්න කරන අවස්‌ථා වේ. එහෙයින් අපි පළමු කොට අපලයක් යෙදිය හැකි අවස්‌ථාවන් හා මාරකයක් යෙදිය හැකි අවස්‌ථා ගැන විමසීමක් කරමු. අපල අවස්‌ථා (-
1. අට අධිපතියාගේ දශාවක් හෝ අතුරු දශාවක් ලැබීම
2. අට අධිපතියාට අයත් නැකතක සිටි ග්‍රහයෙකුගේ දශාවක් ලැබීම
3. 6, 7, 8 යන රාශියක අධිපතියකුගේ දශාවක් ලැබීම.
4. ජන්ම -ලග්න හෝ චන්ද්‍රdෂ්ටම වැනි ඒරාෂ්ටකයක් ලැබීම
5. 22 වැන 16 වැන 34 වැන දෙර්කාණයක් හිමි ග්‍රහයකුගේ දශාවක් ලැබීම
6. 2, 7 අධිපතියකුගේ දශාවක් ලැබීම
7. 2, 7 යන රාශි දෙකේ සිටි ග්‍රහයෙකුගේ දශාවක් ලැබීම
8. සඳු සිටි රාශිය කෙරෙන් 8 වැන්නේසිටි ග්‍රහයාගේ දශාවක් ලැබීම
9. දශාධිපතියා ගෝචර ගමනින් දුෂ්ට රාශියක් හරහා ගමන් කිරීම
10. ජන්මියාගේ පියාගේ කේන්ද්‍රයේ පුත්‍රස්‌ථානය හෝ පුත්‍ර කාරකයා පීඩා ලැබීම
11. ජන්මියාගේ දරුවාගේ කේන්ද්‍රයේ පිය කාරක රාශිය හෝ පිය කාරකයා පීඩා ලැබීම.
12. වධ, විපත් දශාවක් ලැබීම
13. දශාධිපති සිටි රාශිය හරහා සෙනසුරු ගමන් කිරීම
මාරක අවස්‌ථා
1. 8, 6, 12 රාශි ත්‍රය අධිපති ග්‍රහයන් තිදෙනාගේ මහ දශාව, අතුරු දශාව හා විදශාව එකට ලැබීම.
2. උත්තර කාලාමෘතයේ මෙසේ සඳහන් වේ. චර, තිර හා උභය රාශි අධිපතින් පිළිවෙලින් චර තිර, උභය රාශීන් හි පතිතව ඇත්නම් ජන්මියා අල්පායුෂ ඇත්තෙකි.
3. එසේම කේන්ද්‍රයේ චර තිර උභය රාශි අධිපතින් පිළිවෙලින් තිර, චර හා උභය යන රාශිවල ඇත්නම් මධ්‍යායු වෙයි.
4. පිළිවෙලින් උභය, චර, තිර යන තන්හි වෙයි නම් දීර්ඝායු පෙන්වයි.
මෙම න්‍යායේ අක්‍රමිකතාවක් වෙයි. එනම් කුජ, සිකුරු හා ශනි තිදෙනාට වෙනස් ආකාරයේ රාශි දෙකක් බැගින් අයත් වන හෙයින් ඉහත රීතිය අනුගමනය කිරීමේදී සැලකිල්ලට ගැනෙන්නේ කුමන රාශියද යන ප්‍රශ්නය මතුවීමයි. ඉහත රාශිවලට අමතරව ග්‍රහ පිහිටීම්ද සැලකිල්ලට භාජනය කළ යුතු යෑයි කාලාමෘත කතුවරයාවක් මගින් අදහස් කරන බවක් ඉන් හැඟවෙතැයි මතයක් වේ. කුජ, සිකුරු, ශනි තිදෙනාගේ මූල ත්‍රිකෝණ රාශින් සැලකිල්ලට ගත යුතු යෑයි තවත් මතයකි.
ජාතක දේශ මාර්ග කතුවරයා ඉතා වැදගත් රීතියක් දක්‌වා තිබේ. එය මෙසේය.
ලග්නයෙන් පස් වැන්නෙන් හා 9 වැන්නෙන් පටන් ගන්නා වූ භාවයන් හතරක් බැගින් අයත් වන පරිදි භාව කාණ්‌ඩ දොළොස තුනකට බෙදිය යුතුය. ග්‍රහයන් සිවු දෙනකු හෝ ඊට වැඩි ගණනක් ඉන් එක් කාණ්‌ඩයක පතිතව ඇත්නම් ඒ අනුව ජන්මියා දීර්ඝ, මධ්‍ය හෝ අල්ප ආයුෂ ඇත්තකු බව ප්‍රකාශ කළ හැකිය.
පළමු කාණ්‌ඩයේ (ලග්නයේ සිට ගැනෙන භාව 4) නම් දීර්ඝායුෂ (පස්‌වැන්නේ පටන් 8 වැන්න දක්‌වා වූ කාණ්‌ඩ හතර) නම් මධ්‍යායුෂද තෙවන කාණ්‌ඩයේ නම් අල්පායුෂද වශයෙනි.
ඉහත රීතිය ඉතාමත් විශ්වාසදායක අන්දමින් යොදාගත හැකි බව ද උදාහරණ කේන්ද්‍ර බොහොමයක් විෂයෙහි සත්‍ය වූ බවද ප්‍රකාශ කෙරේ.
ධ්‍රැව නාඩි ග්‍රන්ථයට අනුව ලග්නයට අටවැන්නට හා දොළොස් වැන්නට අධිපතිකම් කරන ග්‍රහයන්ගේ පිහිටීම අනුව දීර්ඝ, මධ්‍යම හෝ අල්පායු ඇති බව පහසුවෙන් දත හැකිය. එම භාව තුනට අධිපති ග්‍රහයන් ඔවුන් චර, තිර, උභය යන රාශි අතුරින් කවර ඒවායේ තැන්පත් ද තීරණය සමග එම කරුණු ගැලපීමේදී ආයු කාලසීමාව (එනම් දීර්ඝායු කේන්ද්‍රයක්‌ද, මධ්‍යායු කේන්ද්‍රයක් ද නැතොත් අල්පායු කේන්ද්‍රයක් ද යන වග) තක්‌සේරු කළ හැකිය.
ආයු බලය පිළිබඳ තවත් තක්‌සේරුවක යෙදෙන ජෛමිණි ආචාර්යවරයා ජන්මියකුගේ ලග්නය, සඳු හා අටවැන්න ආශ්‍රිතව චර, තිර උභය න්‍යායන් ඔස්‌සේ ආයු බලය විනිශ්චය කළ අවස්‌ථාවක් ද වෙයි. ඒ ඇසුරින් ජන්මියකුගේ මරණය විනිශ්චය කිරීමට දෙර්කාණ කේන්ද්‍රය උපයෝගී කරගෙන ඇත. දෙර්කාණ තුළින් කියෑවෙන ආයුධ දෙර්කාණ, ජල දෙර්කාණ, පක්‍ෂි දෙර්කාණ ආදිය සමග සස¹ මරණය සිදු වන්නේ කෙසේදැයි විග්‍රහ කර ඇත. මේ ලිපියට ජෛමිණි ආචාර්යවරයාගේ ආයු බල විනිශ්චය සම්බන්ධ කරන්නේ නැත. විංශෝත්තරී දශාව බෙදී යැමේදී මහ දශා, අතුරු දශා, විදශා, සූක්‍ෂ්ම දශා හා ප්‍රාණ දශාව දක්‌වා බෙදී යන අයුරින් මරණ මොහොත තෙක් ළඟාවීමට හැකි කමක් ඇත. ඒ පිළිබඳ පුළුල් විග්‍රහයක් මතුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
මරණය පිළිබඳව ජ්‍යෙdතිෂයේ දැක්‌වෙන හැම සිද්ධාන්තයක්‌ම පහසුවෙන් විග්‍රහ කරනු අසීරුය. ලග්නාධිපතිගේ හා අෂ්ටමාධිපතිගේ නීච හා පාපකර්තරි යෝගය ලද විට සිය දිවි නසා ගන්නා තැනට ජන්මියා යොමුවන හැටිද ජ්‍යෙdතිෂයේ දැක්‌වේ.
තවත් ගුරු පොතක පහත සඳහන් ක්‍රමය සඳහන් වේ.
ලග්නයට, චන්ද්‍රයා තැන්පත් රාශියට, චන්ද්‍රයා තැන්පත් නවාංශකයට සහ නවාංශක ලග්නයට යන මේවාට අධිපති ග්‍රහයන් සොයන්න. එසේම,
ලග්නයට අටවැන්නට හා චන්ද්‍රයාගෙන් අටවැන්නට අධිපති ග්‍රහයන්ද සොයන්න.
මෙම කාණ්‌ඩ දෙකට අයත් ග්‍රහයන් මිත්‍ර නම් ජන්මියාට දීර්ඝායුෂ ද සම නම් මධ්‍යායුෂද සතුරු නම් අල්පායුෂද වේ. ඊළඟට ඉහත කී ග්‍රහයන්ගේ බල දුබලතා බැලිය යුතුය. අංක 01 යටතේ දක්‌වා ඇති කාණ්‌ඩයට අයත් ග්‍රහයන් අංක 2 න් කියෑවෙන ග්‍රහයන්ට වඩා බලාධික නම්, යහපත් ආයුෂ ප්‍රමාණයක් පිළිබඳව හැඟීම් ඇති වේ. ඔවුන් එකිනෙකා සම තත්ත්වයේ ලා ගිනිය හැකි බලයක් යුතු නම් මධ්‍යායු වේ. අංක 2 ට අයත් ග්‍රහයන්ගේ බලයට වඩා අංක 1 න් කියෑවෙන ග්‍රහයන්ගේ බලය අඩු නම් අල්පායු ගැන ඉඟි කරයි.
ජන්මියාට වයස අවුරුදු 24 ක් වන තුරු ඔහුගේ ජීවිතය හෝ මරණය පිළිබඳව තත්ත්වය දෙමව්පියන්ගේ පූර්ව කර්ම විපාකයන් මත ර¹ පවතින බව මහාර්ෂි පරාශරයන්ගේ මතය වේ. මෙකී කර්ම විපාකයන්හි බලපෑම ජන්ම කේන්ද්‍රය ඇසුරින් විනිශ්චය කළ හැක්‌කේ කෙසේද? දරුවා සිය මාපියන්ගේ හෝ සොහොයුරු සොහොයුරියන්ගේ ජන්ම නැකැත්වලින් එකක් සිය ජන්ම නැකත කර ගෙන උපන්නේ නැත්නම් පැහැදිලි ලෙසම පෙර කී කර්ම විපාකයන් ගෙන් මිදී ඇති බව හැඟෙතැයි සමහරු පවසති. දෙමව්පියන්ගේ පූර්ව කර්ම අකුසලයන් පිළිබඳව දැන ගත හැකි යෙදුම් කීපයක් යවනාචාර්යයෝ මෙසේ දක්‌වති.
1. රවි බුද දෙදෙනා මකර හෝ කුම්භ යන රාශි දෙකෙන් එකක යෝගව සිටින අතර ශනි 11 වැන්නේ වීමත් බ්‍රහස්‌පති වක්‍රව නොසිටීමත් යන කරුණු දෙක එකට යෙදී තිබීම.
2. ලග්නය ශුභයෙකුට අයත් වූවක් වී එහි ගුරු තැන්පත්ව නොසිට සෙනසුරු එම ලග්නයට පාපියකු වීම.
3. චන්ද්‍රයා 8 වැන්නේ තැන්පත්ව ඇති විට ලග්නයේ හෝ 7 වැන්නේ සෙනසුරු නොවීම
4. මේෂ හෝ වෘශ්චිකය යන රාශියක් කේන්ද්‍රස්‌ථානයක් වී, වක්‍ර ශනි එහි සිටියදී කුජ විසින් සිය චතුරශ්‍ර දෘෂ්ටියෙන් හෝ අෂ්ටම දෘෂ්ටියෙන් එම ශනිව දකිනු ලැබීම.
5. සිවුවැන්නේ හෝ නව වැන්නේ පතිත රාහු/කේතු දෙමව්පියන්ගේ පූර්ව කර්ම විපාකයන් ගැන පෙන්වයි. ඔවුන් දෙදෙනාගෙන් එක් ග්‍රහයකු සිවු වැන්නේ වෙයි නම් මවගේද නව වැන්නේ වේ නම් පියාගේ පෙර භවයක අකුසලයන් පිළිබඳව ඉඟි කරනු ඇත.
6. දෙමව්පියන්ගේ පූර්ව කර්ම බලයෙන් උපදින දරුවාගේ ආයුෂ කෙරෙහි බලපාන්නා සේම දරුවා ඇතැම් නැකැත්වලින් උපත ලැබීම දෙමාපිය සොහොයුරු, නෑදෑ ආදීන්ගේ ජීවිතායුෂ කෙරෙහිද යම් බලපෑමක් ඇති කරවයි. එබඳු දෝෂ අතරින් ප්‍රමුඛතම වූවක් ලෙස සැලැකෙන්නේ අභුක්‌ත මූල දෝෂය වේ. බ්‍රහ්ම පුරාණයෙහි සඳහන් අන්දමට දරුවා මුල නැකතේ ප්‍රථම පාදයෙන් උපන්නේ නම් පියාගේ මරණය ද එහිම දෙවැනි පාදයෙන් උපන්නේ නම් මවගේ මරණය ද සිදුවේ.
නමුත් කාශ්‍යප සෘෂින්ගේ මතය එයට වෙනස්‌ය. එතුමාගේ අදහස අනුව දරුවා උපත ලද්දේ මූල නැකතේ පළමු පාදයෙන් නම් පියාද තුන්වන පාදයෙන් නම් නැන්දනියට හෝ මවටද සිවුවන පාදයෙන් නම් පවුලේ ඉතා හිතෛෂී කෙනකුටද මරණය වේ.
මෙම දෝස දෙට නැකතේ අවසාන මිනිත්තු 96 තුළ හා මූල නැකතේ පළමුවන මිනිත්තු 96 තුළ බලපවත්වන බව නාරද සෘෂින් විසින් පළකර ඇත. තවද අස්‌විද නැකතේ අවසන් විනාඩි 96 ක් මා නැකතේ මුල විනාඩි 96 ක් තුළ දරුවාගේ ඉපදීම වැඩිහිටි ඥතීන්ට අපල ගෙන දෙන එකක් බව එතුමාගේ මතයයි.
යවනාචාර්ය මතය නම්, දෙට නැකතේ අන්තිම පැය දෙක හා මුල නැකතේ මුල් පැය තුනයි විනාඩි 12 අතර කාලයක් ඉහත කී දෝෂ සහිත වේ.
චන්ද්‍රයා දෙට නැකතේ ගමන් කරන අන්තිම විනාඩි 24 තුළදී හෝ මූල නැකතේ ගමන් කරන ප්‍රථම විනාඩි 48 තුළ දී උපත ලබන දරුවා පහත සඳහන් දෝෂ සහිතව උපත ලබයි. මෙකී කාලසීමාව තුළ මෙලොව එළිය දුටුවොත් නොවැළැක්‌විය හැකි කර්ම ඵලයන් හේතුවෙන් මතුවන අනතුරකට මුහුණපායි.
ශ්‍රී පද්මගේ හාවන දීපිකාවෙහි ජන්ම පත්‍රයේ ඒ ඒ ග්‍රහයන්ගේ පිහිටීම අනුව ග්‍රහයන් වෙත එක්‌තරා දෝෂ සමූහයක් පැවැරෙන බව ප්‍රකාශ කර ඇත.
රවි ග්‍රහයා ලග්නයෙන් 8 වැන්නේ හෝ 12 වැන්නේ නම් ක්‌ෂේත්‍රඵල දෝෂය ද චන්ද්‍රයා ලග්නයේ අටේ හයේ හෝ දොළහේ නම් අෂ්ට දේවතා දෝෂයද, හය වැන්නේ හෝ දොළොස් වැන්නේ අඟහරු වෙතොත් අක්‌ෂි දේවතා දෝෂයද සය වැන්නේ හෝ දොළොස් වැන්නේ අඟහරු වේ නම් ශණි දෝෂයද, 12 වැන්නේ හෝ 9 වැන්නේ බුද සිටියේ නම් වන දේවතා දෝෂයද, ගුරු 9 හෝ 12 නම් දේව දෝෂයද සිකුරු 12 හෝ 7 වැන්නේ නම් ජල දේවතා දෝෂයද සෙනසුරු එසේ සිටියේ නම් ආත්ම දෝෂය වෙතැයිද රාහු 12 හෝ 7 සිටියේ නම් ප්‍රේතාන්තික ග්‍රහ දේවතා දොaෂයද වශයෙන් දොස් උරුම කර ගෙන ජන්මියා උපදින බවක් එහි සඳහන්ය
යමෙකු යම් දෝෂයක් සහිතව උපත ලබතොත් ඔහුගේ ආයු බලය හා කිසියම් සම්බන්ධතාවක් පෙන්නුම් කරන බවත් නිසි ශාන්ති විධි නොකිරීමෙන් ඔහුගේ ආයු බලය හීන වන බවත් විශ්වාස කෙරේ.
ආයු හීනතාවක් වේදැයි විනිශ්චය කිරීම සඳහා ඇතැමෙක් චන්ද්‍රයා මෘත්‍යq භාගයක සිටියේ යෑයි පරීක්‍ෂා කර බැලීමට උත්සාහ කරති. මේෂයේ අංශක 26 වෘෂභයේ අංශක 12 මිථුනයේ අංශක 12, කටකයේ අංශක 25, සිංහයේ අංශක 24, කන්‍යාවේ අංශක 11, තුලාවේ අංශක 26 වෘශ්චිකයේ අංශක 14 සහ 13 ධනුවේ අංශක 13 මකරයේ අංශක 20 කුම්භයේ අංශක 05 සහ මීනයේ අංශක 12 මෘත්‍යqභාග වේ.
කල්‍යාණි වර්මා පඬිතුමාගේ උසස් කෘතියක් වන සාරාවලියෙහි චන්ද්‍රයා මතු සඳහන් ආකාරයක පාපියකු සමග සංයෝගව සිටියේ නම් එකී අංශක ගණනට අනුරූපී වන්නා වූ වර්ෂය තුළදී ජන්මියාට මරණය පැමිණීමට ඉඩ ඇති බවක් සඳහන් කර ඇත. එම අංශකයන් මෙපරිදි වේ. මේෂ රාශියේ අංශක 8 වෘෂභ රාශියේ අංශක 9, මිථුන රාශියේ අංශක 22, කටක රාශියේ අංශක 22, සිංහයේ අංශක 25, කන්‍යාවේ අංශක 01, තුලාවේ අංශක 4, වෘශ්චිකයේ අංශක 23, ධනුවේ අංශක 18, මකරයේ අංශක 20 කුම්භයේ අංශක 21 සහ මීනයේ අංශක 10 වේ. මෙම නියමය ඉතා අනුමාන වූවක් වන අතර ලග්නාධිපතියා සහ 8 අධිපතියා තදබල ලෙස පීඩාවී ඇත්නම් පමණක් ඔවුන් දෙදෙනාම පාප කර්තරී වී ඇත්නම් පමණක් යෙදෙන එකකි. එසේම චන්ද්‍රයා ඉහත සඳහන් වූ අංශකයක කිසිදු ශුභ දෘෂ්ටියකින් තොරව සිටීමද විය යුතුය.
අකල් මරණය ගැන සඳහන් වන පැරැණි පොත් පිටුවක මෙසේ සඳහන් වේ.
ලග්නාධිපතියාගේ ස්‌ඵූටය චන්ද්‍ර රාශිය අධිපතියාගේ ස්‌ඵූටයට එකතු කරන්න. එය 360 කට වඩා වැඩි නම් 360 ක් අඩු කරන්න. ඉතිරි ස්‌ඵූටය කේන්ද්‍රස්‌ථානයක හෝ 8 වැන්නේ පතිතව ඇත්නම් එසේම එම ස්‌ථානයේ (එනම් කේන්ද්‍රස්‌ථානයේ හෝ අට වැන්නේ) පාප ග්‍රහයෙක් තැන්පත් වෙයි නම් හෝ පාප දෘෂ්ටිවලින් පීඩාවී ඇත්නම් වයස අවුරුදු 27 දී මරණය නිසැකය.
පහත සඳහන් කේන්ද්‍ර හිමියා වයස අවුරුදු 27 දී අකල් මරණයකට ගොදුරු විය. ඉහත සඳහන් ස්‌ඵුටය මෙම කේන්ද්‍රයේ 7 වැන්නේ යෙදී ඇති අතර එම හත්වැන්න බලවත් පාපීන් වන කුජ - ශනි දෙදෙනාගේ දැකීමෙන්ද පීඩාවී ඇත.
උත්තර කාලාමෘතයෙහි 7 වන ශ්ලෝකයෙන් දැක්‌වෙන න්‍යාය ද මෙතැනට වැදගත් ය. ලග්නාධිපතියා කේන්ද්‍රස්‌ථානගත හෝ ත්‍රිකෝණස්‌ථානගත ශුභයකු විසින් දකිනු නො ලබයි ද එමෙන් ම ලග්නාධිපතියා තැන්පත් රාශිය අධිපතියා වෙත හා ලග්නාධිපති වෙත ද කිසිදු ශුභ දෘෂ්ටියක් එල්ල නොවේද එවිට අදාළ ජන්මියා වැඩිකල් ජීවත් නොවන අයෙකි.
එහිම 8 වන ශ්ලෝකයෙන් මෙසේ කියෑවේ. ලග්නයට හෝ චJද්‍ර ලග්නයට අට අධිපතියාගේ දෘෂ්ටිය හෝ 8 අධිපතියාගෙන් 8 වැන්නේ සිටි ග්‍රහයාගේ දෘෂ්ටිය එල්ල වේ නම් හෝ එසේ නැතහොත් ලග්නය කුජ හා ශනි විසින් දකිනු ලබයි නම් මෙම තත්ත්වයන් දෙකේදීම ලග්නයට හෝ ලග්නාධිපති තැන්පත් රාශියට ශුභ ග්‍රහයන්ගේ බැල්ම නො ලැබේ නම් අදාළ පුද්ගලයා කෙටි කාලෙකට පමණක් සීමා වූ ජීවිතයකට හිමිකම කියන්නෙකි.
උත්තර කාලාමෘතයෙහි 100 වන ශ්ලෝකයෙන් මෙසේ කියෑවේ. ලග්නයෙන් 7 වැන්නේ ගුරු ද, ගුරුගෙන් 7 වැන්නේ සිකුරු ද සිටී නම් හෝ අට අධිපතියාගෙන් 8 වැන්නේ තැන්පත් ගුරු පාපියෙකුගෙන් පීඩා ලැබ 12 වැන්නේ ද වේ නම් ජන්මියාගේ ආයු බලය වසර 30 කට සීමා වනු ඇත.
ඉහත සඳහන් යෙදුම් සනාථ කෙරෙන නිදසුන් කේJද්‍රÊගණනාවක් ම ඉදිරිපත් කළ හැකි වෙතත් එසේ වූ විට මෙම ලිපිය වඩාත් දීර්ඝ වීමට ඉඩ තිබේ.
මෙම කේන්ද්‍රයේ 8 වැන්න හිමි වනුයේ සඳුටමය. ගුරු එම සඳුගෙන් 8 වැන්නේ වෙයි. ගුරුගෙන් 12 වැන්නේ පාපියකු වන රවි තැන්පත් ය. මෙම කේන්ද්‍රය හිමියා වයස තිහේදී මරණයට පත්විය.
ආයු බලය පිළිබඳව තීරණය කිරීමේදී රශ්මි බලය යොදා ගන්නා අන්දම සාරාවලියෙහි දැක් වේ. කෙනෙකුගේ ජන්ම පත්‍රයේ සියලුම ග්‍රහයන්ගේ රශ්මි බලයේ එකතුව 25 කට වැඩි නම් දීර්ඝායු ඇති බව ද එය 15 කට වඩා අඩු නම් අල්පායු ඇති බව ද 15 හා 25 අතර නම් මධ්‍යම ආයුෂ ඇති බව ද නිගමනය කළ යුතු වේ.
තවත් තැනෙක මෙම රශ්මි බලය පිළිබඳව ඉතා වැදගත් විග්‍රහයක් වෙයි. ඒ අනුව උච්ච රවිට රශ්මි බල 10 ක් ද උච්ච සඳුට රශ්මි බල 9 ක් ද උච්ච කුජට රශ්මි බල 5 ක් ද උච්ච ගුරුට රශ්මි බල 7 ක් ද උච්ච සිකුරුට 8 ක් ද උච්ච ශනිට 5 ක් ද හිමි වේ. මෙම ප්‍රධාන ග්‍රහයන් පස්‌දෙනාගේ රශ්මි බල එකතුව 49 කි.
මහාර්ෂි පාණ්‌ඩවයන් විසින් ප්‍රකාශ කර ඇති පරිදි සෙනසුරුගේ පුත්‍රයන් වන මාන්දි හා ගුලික දුෂ්ට සැහැසි ගුණයන්ගෙන් යුතුය. ඔවුන් තමන් තැන්පත් භාවය වෙත ඉමහත් හානි පමුණුවනු ඇත. ගුලික අට වැන්නේ තැන්පත් නම් එයින් අකල් මරණයක් ගැන කියෑවේ.
සිකුරු උල්ක හෝ වෙනත් එබන්දකු සමගින් 6 වැන්නේ හෝ 8 වැන්නේ වෙතොත් ඒ නිසා ආයු ප්‍රමාණය යම් පමණකින් හීන වේ. උල්ක යනු ඉතාමත් විපත්තිකාර වූ අනර්ථකාරී උප ග්‍රහයෙකි. රවි සිටින තැනින් 10 වන තැනක ඔහු සිටින තැන සේ සැලකේ. රවි හැසිරෙන පස්‌වන තැනක යෑයි ද මතයකි.
කිසියම් පුද්ගලයකුගේ මාරක දශාවක් ගෙවන්නා වූ පමණින් ස්‌ථිර වශයෙන් ම ඔහු වෙත මරණය ළඟා වෙතැයි කඩිමුඩියේ ම තීරණයකට එළඹීම නොකළ යුතුය. එකී මාරකය මඟහරවාලන අන්දමේ වෙනත් සාධක බලපානු ලබන්නේ දැයි පරීක්‍ෂාකාරී විය යුතුය. එවැනි සාධක නොමැති නම් පමණි මරණය ළඟා වනුයේ. එසේ නොවන්නේ නම් සිදුවනුයේ අදාළ මාරක දශා, භුක්‌ති වකවානුව තුලදී ජන්මියා තදබල ලෙස රෝගාතුර වීම හා ඔහුට නොයෙකුත් දුක් කරදර විඳින්නට සිදුවීමයි.
ඇතැම් පුරාණ සෘෂිවරුන් විසින් මිනිසාගේ ජීවිතායු ප්‍රමාණය, කාණ්‌ඩ පහකට බෙදා දක්‌වා තිබේ.
1. බාලාරිෂ්ට (පළමු අවුරුද්දේ සිට 8 වන අවුරුද්ද දක්‌වා)
2. මධ්‍යාරිෂ්ට (8 - 20 අවුරුදු අතර)
3. අල්පායු ( අවුරුදු 20 - 38 අතර)
4. මධ්‍යායු (අවුරුදු 38 - 72 අතර)
5. පූර්ණායු (අවුරුදු 72 - 120 අතර)
මාරක දශාව ගැන විචාරීමට පෙර ජන්මියා කිනම් ආයු කාණ්‌ඩයකට අයත් වන්නේ දැයි නිවැරැදිව විනිශ්චය කිරීමේ හැකියාව තිබිය යුතුය.
ලග්නයත්, ලග්නාධිපතියාත් ගුරු, සිකුරු පාප සංයෝග රහිත බුද, කලා සපිරි චJද්‍රයා යන ශුභ ග්‍රහයන් විසින් දකිනු ලැබීම ආයු බල වර්ධනයට බෙහෙවින් ඉවහල් වේ. ශුභ ග්‍රහයන් කේන්ද්‍රස්‌ථානවල යෙදී සිටිනාතර පාපීන් 3, 6, 10, 11 යන භාවයන්හි (උපචය) පතිත විණි නම්, පූර්ණායු දානය කරන්නට එම පිහිටීම සමත් යෑයි කියා තිබෙන මුත්, ඇත්ත වශයෙන් ම එසේ සිදුවන්නට නම් එකී ශුභයන් නීචව සතුරුව පාප සංයෝග සහිතව ආදී වශයෙන් දූෂිතව නොසිටීම අවශ්‍යය.
යමෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනෙහි කේන්ද්‍රස්‌ථාන හතරෙන් එකකවත් කිසිදු ග්‍රහයෙකු නොපිහිටියේ යෑයි සිතමු. එසේ වුවද ලග්නාධිපතියාවත් ලග්න භාවයත් ශක්‌තිමත් නම්, ග්‍රහ දෘෂ්ටි ආදියෙන් පෝෂිත නම් අවම වශයෙන් පනස් වසරක්‌වත් ආයු වළඳන්නට ඔහුට ඉඩ සැලසෙනු ඇත. මීට අමතරව දස වැන්නත්, ඊට අධිපති ග්‍රහයාත් බලවත් නම් ආයු කාලය වර්ෂ 60 ක් පමණ දක්‌වා විහිදෙයි. ලග්නය, ලග්නාධිපති, කර්මස්‌ථානය ඊට අධිපති යන සියල්ල ම රාහු, කුජ, ශනි, රවි කේතු වැනි පාපීන්ගෙන් පීඩා වී ඇති විටෙක කේන්ද්‍රස්‌ථාන සියල්ලම ශුභයන්ගෙන් තොර විණි නම් එවිට උපන් ජන්මියා අකල් හි මිය යන්නේය. බල රහිත ශුභයන් නොවේ. අවම වශයෙන් එක් කේන්ද්‍රස්‌ථානයකවත් බලයෙන් යුතුව ශුභ ග්‍රහයෙකු තැන්පත් විණි නම් වර්ෂ 45 ත් 50 ත් අතර කාලයක් ජීවත් වනු ඇත.
කේන්ද්‍රස්‌ථාන හතරම ග්‍රහයින් පතිත වී, ලග්නාධිපතියා ස්‌වක්‍ෂේත්‍රව හෝ උච්චව පිහිටියේ නම් එවැනි හඳහනක් හිමියෙකු හට (මෙය පූර්ණායු ගෙන දෙන යෝගයකි) වයස 55 හෝ 60 ක් තරමේ දී මාරක ග්‍රහයෙකුගේ දශාවක් ලැබුවේ යෑයි සිතමු. එසේ වූ කල මරණය සිදුවනු වෙනුවට ඉමහත් දුක් පීඩා රැසකට මුහුණ පාන්නට සිදුවේ.
චJද්‍රයාගේ බල දුබලතාd ආයු ප්‍රමාණය කෙරෙහි වැඩිපුරම බලපායි. විශේෂයෙන් ම බාලාරිෂ්ට පිළිබඳව සඳුගේ බලපෑම ප්‍රකටය. බාලාරිෂ්ට සීමාව පසුකරන තෙක් දරුවාගේ ජන්ම පත්‍රය පිරික්‌සීමේදී ප්‍රමුඛතා දිය යුත්තේ සඳුගේ පිහිටීම කෙරෙහි වන අතර, ලග්නය වෙත අවධානය යොමු වනුයේ ඉන් අනතුරුවය. බිළි¹ උපන් අවස්‌ථාවේදී සඳු, රාහුත්, කුජත්, ශනිත් යන පාපීන් තිදෙනාගෙන්ම පීඩා වූයේ නම් ප්‍රබල බාලාරිෂ්ට යෝගයකි. එම ජන්ම පත්‍රයෙහි ශුභ ග්‍රහයන් කේන්ද්‍රගතව හෝ ගුරු ග්‍රහයා කර්මස්‌ථානගතව හෝ ලග්නාධිපතියා බලවත්ව හෝ යෙදී ඇත්නම් එය භංග වේ.
zහෝරා සාරZ යෙන් උපුටා ගන්නා ලද ආයුබල සබැඳි ග්‍රහ සංකලන කිහිපයක් මතු දැක්‌වේ.
1. ලග්නයට හෝ ජන්ම රාශියට අධිපති ග්‍රහයා රවි සමඟ සංයෝග වී කිසිදු ශුභ ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් නොලැබීද, ඒ සමඟම කේන්ද්‍රස්‌ථානයන්හි පාප ග්‍රහයන් තැන්පත් වී ද ජන්මියා වයස අවුරුදු විස්‌සේදී මියයනු ඇත.
2. අටවැන්න අධිපතියා කේන්ද්‍රගතව සිටියදී ලග්නය හිමි ග්‍රහයා දුර්වලව පිහිටියේ නම්, එවිට උපන්නා වර්ෂ 30 ක් හෝ 32 ක් ජීවත් වේ.
3. අට අධිපති කේන්ද්‍රස්‌ථානයක තැන්පත්ව සිටින අතර, කුජ ලග්නගත වූයේ නම් ජන්මියා වසර 44 ක් ආයු වළඳයි.
4. පාපීන් දුෂ්ට ස්‌ථානවල ද ශුභ ග්‍රහයන් ශුභ භාවවල ද තැන්පත්ව සිටින ජන්ම පත්‍රයක් ලග්නාධිපතියා බලවත්ව පිහිටියේ නම් දීර්ඝායු අත් වේ.
5. උදා ලග්නයට අධිපති ග්‍රහයා බල සහිතව පාප දෘෂ්ටි කිසිවකට ලක් නොවී, ශුභ ග්‍රහයන් විසින් දකිනු ලැබ කෙන්ද්‍රගත විණි නම් අකල් මරණ මඟහැරී ජන්මියා යහගුණ සපිරි දිගු ආයු කාලයක් හිමි අයකු වන්නේය.
අල්පායු, මධ්‍යායු, දීර්ඝායු යන කොටස්‌වලට අදාළ මෙබඳු යෝග අප්‍රමාණව පුරාණ ගුරු පොත්හි දැක්‌වේ.
ඉහත සඳහන් ග්‍රහ යෝගයන් විමසා බැලීමේදී ලග්නාධිපතියා, අෂ්ටමාධිපතියා, ඔවුනට හිමි භාවයන් යන මේවායේ බලවත්කම ද ශුභ ග්‍රහයන් බලවත්ව කේන්ද්‍ර ත්‍රිකෝණ ස්‌ථානවල හා පාපීන් උපචය ස්‌ථානවල යෙදීම ද ගැන අවධාරණය කර ඇති බව පෙනේ.
ගුරු, සිකුරු වැනි ශුභ ග්‍රහයෙකු විසින් ලග්නය කෙරෙහි සිය දෘෂ්ටි ලැබ දෙන අතර කේන්ද්‍රස්‌ථාන සියල්ලේම ග්‍රහයන් සිටී නම් ජන්මියාහට බොහෝ මහලු වන තුරුම ජීවත් වන්නට සැලසේ. කේන්ද්‍රස්‌ථාන දෙකක් පමණක් ග්‍රහයන්ගෙන් යුක්‌ත නම් මධ්‍යම වයස් සීමාවේ කෙළවර දක්‌වා ආයු බල තිබේ. (අවුරුදු 60 - 70 පමණ) එක් කේaaJද්‍රස්‌ථානයක පමණක් ග්‍රහයකු හෝ ග්‍රහයන් තැන්පත්ව අනෙක්‌වා හිස්‌ව තිබේ නම් ආයු ප්‍රමාණය අවුරුදු 45 සිට 50 දක්‌වා පමණ වෙතැයි කිව හැකිය.
කේJද්‍ර ත්‍රිකෝණ කිසිවක ග්‍රහයන් තැන්පත් නොවූවද, ලග්නය එයට අධිපති, කර්මස්‌ථානය, ඊට අධිපති යන සාධක බල සම්පන්න බවක් පෙනේ නම් ජන්මියාහට වර්ෂ හැටක් හෝ හැත්තෑවක් පමණ ආයු වළඳන්නට අවකාශ ලැබේ.
ආයු බලය කිනම් කාරණාවට පරිභ්‍රමණය වේ දැයි දක්‌වතොත් කර්මස්‌ථානාධිපතියා, ලග්නය හා ඊට අධිපති අට වැන්න හා එයට හිමිකම් ලබන ග්‍රහයා යන මේවායේ බල දුබලතා ප්‍රධාන වේ.
රාහු කුජ හෝ දුබල චJද්‍රයා ලග්න භාවයෙහි වීම ආයු බල පැහැර ගන්නා අන්දමේ පිහිටීමක් ලෙස සැලකේ. අට අධිපති ලග්න ගතවීම මේ සම්බන්ධව යහපත් ය. සෙනසුරු ලග්නයේ හෝ අෂ්ටමස්‌ථානයේ තැන්පත්වීම ගැන ද එයම කිව හැකි නමුත් ලග්නාධිපතියා අට වැන්නට යැම ඊට ප්‍රතිවිරුද්ධ ඵලයක් උදා කරයි.
මාරක දශා හිමියන් පිළිබඳව තීරණය කිරීම හා සබැඳි ජ්‍යෙdතිෂමය න්‍යායන් සම්භාව්‍ය ග්‍රන්ථ කතුවරයන් විසින් දක්‌වා තිබේ. ඒ අතරින් වැදගත් ඒවා කිහිපයක් මෙසේය.
1. හත්වැන්න හෝ දෙවැන්න අධිපති ග්‍රහයෙකුගේ දශාව තුළදී ජන්මියාගේ මරණය සිදුවිය හැකිය. එසේ නොවේ නම් හත්වැන්නේ හෝ දෙවැන්නේ පාපීන් තැන්පත්ව සිටියාහු නම් ඔවුන්ගේ දශාවන් ද ඒ හැර දෙක, හත හිමියන් සමඟ එක්‌ව සිටින ග්‍රහයන්ගේ දශාවන් ද මාරක ගෙන දෙන්නට සමත් ය. මෙහිලා දෙවැන්න හත්වැන්නට වඩා මාරක බල සහිතය. එමෙන්ම 2, 7 අධිපතීන්ට වඩා දෙවැන්නේ හා සත්වැන්නේ තැන්පත් ග්‍රහයන් මෙම කාරණයෙහිදී බලවත් වෙති. 2, 7 අධිපතීන් හා සමඟ යෝග වුණු ග්‍රහයෝ ද මාරක බල සහිත වෙති.
2. ඉහත කී ග්‍රහයෙකුගේ දශාවක් නියමිත මාරක කාල සීමාවේදී ක්‍රියාත්මක නොවේ නම් දොළහ අධිපතියාගේ දශාව මාරකය ගෙන ඒමෙහි සමත් ය. එයද නොඑළඹේ නම් ඔහු සමඟ එක්‌ව සිටි ග්‍රහයන්ගේ දශාවන් තුළ දී මරණය සිදුවන්නට ඉඩ ඇත.
3. ඉහත සඳහන් දශා කිසිවක් ජන්මියා හට නොඑළඹේ නම් 3 වැන්න. 8 වැන්න හිමි ග්‍රහයන්ගේ හෝ ඔවුනට සංයෝග වූ ග්‍රහයන් සතු දශාවන් තුළදි මරණය සිදු විය හැකිය. හයවැන්න අධිපතියාගේ දශාව පිළිබඳව ද එයම කිව හැකිය.
විශේෂ යෝග කිහිපයක්(-
1. අෂ්ටමාධිපතියා ලග්නගතව සිටින විටක, ලග්නය චර රාශියකට වැටිණි නම්, වයස අවුරුදු 40 දී මරණය සිදුÊවීමට ඉඩ ඇත.
2. චJද්‍රයාත්, අෂ්ටමාධිපතිත් දෙදෙනාම තිර රාශිවල වෙත් නම් හෝ පහ අධිපතියා පස්‌වැන්නේම සිට ගුරු සඳු දෙදෙනාගේම දෘෂ්ටි ලබයි නම් තමාගේ ම නිවසේදී මරණය සිදුÊවේ.
3. අෂ්ටමාධිපති සඳු, ශනි යන තිදෙනාම උභය රාශිවල පතිත වීමෙන් මඟතොටේ මරණය සිදුවෙයි.
4. 3 වැන්න හා 8 වැන්න අයිති ග්‍රහයන් කුජ සමඟ යෝගව ලග්නයේ සිටීම නිසා වසංගත රෝගයක් හේතුවෙන් මරු ළඟා වේ.
5. ගින්නෙන් පිළිස්‌සීම නිසා මිය යන්නට ඉඩ සලස්‌වන අරිටු ග්‍රහ පිහිටීමකි. එකොළහ අධිපතියා ශනිට අයත් රාශියක පතිතව කුජ, කේතු යන ග්‍රහයන් දෙදෙනාගේ දෘෂටියට ලක්‌වීම හෝ කුජ, කේතු සමඟ සංයෝගවීම.
6. රවි, කුජ, එකිනෙකා සමඟ රාශි පරිවර්තනය යෙදී සිටින ජන්ම පත්‍රයක රාහු, තැන්පත්ව සිටින රාශියෙහි අධිපතිකම හිමි වනුයේ ශනිට නම්, ඒ ජන්මියා අත් පා බිඳීමෙන් මරණයට පත් වේ.
7. අටවැන්න අධිපතියාත්, චන්ද්‍රයාත් සංයෝග විණි නම් අපස්‌මාරය (මීමැස්‌මොරය) කරණකොට ගෙන මරණය සිදුවන බව හැඟවේ.
8. ලග්නාධිපති අට අධිපති දෙදෙනා ශනිත්, රාහුත් සමඟ එක්‌ව සිටියේ නම් එම කේන්ද්‍රය හිමිකරුගේ මරණය සිදුවනුයේ ආයුධයකිනි.
9. අට අධිපතිත් අටවැන්නත් වෙත හෝ ජන්ම සඳු සිටි රාශියත් ඊට අධිපතියාත් වෙත ශුභ භාවයක බල සහිතව පිහිටි ගුරුගේ දාෂ්ටි එල්ල වන්නේ නම් පුජනීය ස්‌ථානයකදී මරණය සිදු වේ.
ආචාර්ය- පියසේන රතුවිතාන
0 Comments