දිවිනසා ගැනීම මනුෂ්‍යත්වයට ගැළපේද ?


සහතිකවලින් හා දැන උගත්කම් වලින් පමණක්‌ මිනිසුන්ව මනිනු ලබන යුගයකි මෙය. එහෙත් සහතික කොතෙක්‌ නම් තිබුණද දැන උගත්කම් කොතෙක්‌ නම් තිබුණද... මිනිසත්කම අහිමි වී යා නම් එය කවර කාලකණ්‌ණිකමක්‌ද...? එබැවින් ම අද දවසේ මේ සමාජය පුරා පැතිර ගොස්‌ ඇති ෙ€දවාචකයද එයම හැර අන් කවරක්‌ද...? මහා පරිමාණ මුදල් වංචා කිරීම් පසුපස සිටින්නේ ඉහළ පෙළේ බැංකු නිලධාරීහුය. රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඉල්ලීම් දිනාගනු වස්‌ වර්ජනවල නියෑළෙන වෛද්‍යවරු කොතෙක්‌ නම් අප අතර වේද...? 

"අනේ මගේ බුදුපුතේ...· ඇයි දෙයියනේ උඹ මේ වාගේ දෙයක්‌ කරගත්තේ මගෙ පුතේ...? මේ දුක මම කොහොමද ඉවසන්නේ මගෙ දෙයියො... මගෙ පුතා හින්දා මාත් කවදාහරි මේ වගේ ගමනක්‌ යනවා... අයියෝ දෙයියනේ...·

ඒ අම්මාගේ මුවින් නික්‌මුණු විලාපය මුළු ගම් තුළානෙහිම ගිඟුම් දෙන්නට විණි. වේදනාව ඉවසාගත නොහී ඕ බිම පෙරළෙමින් විලාප නැඟුයුරු දැනුදු මට මැවි මැවී පෙනෙයි. අනේ දෙවියනි ඇත්තෙන්ම ඒ මාතාව කෙලෙසක නම් ඒ වේදනාව උසුලා ගන්න ඇත්ද...? දසමසක්‌ කුස තුළ හොවාගෙන නේක දුක්‌විඳ මෙලොවට ජනිත කොට පුතුගේ දෙතොල් අතර පියයුරු රඳවා කිරි උරන්නට දී ඇති දැඩි කොට යන යන තැන සෙවණැල්ල සේ පසුපස ඇවිද ගොස්‌ ඒ පුතුගේ දියුණුව පැතූ අම්මාට මෙවැන්නක්‌ දැකබලාගන්න සිදුවුණේ කවර නම් පාපයක්‌ නිසාද...? දෙවියනි...· ඇත්තෙන්ම අපේ මව්වරු මේ දුක්‌ වේදනාවෝ කෙළෙසක නම් උසුලාගන්නද? ඇත්තෙන්ම ඔබ වහන්සේලාටවත් ඒ අම්මලාගේ හදවත් තුළ බුර බුරා නැඟෙන්නා වූ ගිනි දළු නිවාලීමට නොසිතෙන්නේ මන්දැයි සිතේ.

මඳකට නවතිනු මැන සබඳ...· මේ කීමට සැරසෙන්නේ කුමක්‌දැයි කියා ඔබ මොහොතකටමුත් සිතනවා නොඅනුමානය. සත්තකින්ම එය නම් නවකතාවක්‌ සේ රසවත් එකක්‌ නම් නොවූ හදවත කීරි ගැසී යන තරමේ වේදනාවක්‌ බව අප සැමට ගෙන දෙන්නක්‌මය. ජන්මාන්තර වෛරක්‌කාරයකුට වුවද නොවේවා...·යි කියමින් අපි සැවොම දෙනෙතට නැඟෙන කඳුළු කැට පිසලමින් නරඹන්නා වූ ෙ€දවාචකයක්‌මය. ඔබව කම්පාවට පත් කිරීමටවත් ඔබට වැරදි පූර්වාදර්ශයක්‌ සැපයීමටවත් අපි කිසි කලෙකත් කටයුතු නොකරන්නෙමු. සියදිවි නසාගත් තම පුතුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දුටු කලී ඒ අම්මා අසිහියෙන් මෙන් හඬා වැළපුනයුරු කාගේත් හදවත් මොහොතකට මුත් සසළ කළ බැව් නිසැකය. ලේ කිරි කර පොවා ඇති දැඩි කොට තම පුතුගේ වතකමල දෙස බැලූ කලී දුටුවා වූ පැහැබර හෙට දවසේ අරුණැල්ල ඇස්‌ පණාපිටදීම අඳුරු වළාවකින් වැසීයනු දුටු විට දැනෙන වේදනාව දන්නේ ඒ අම්මාම හැර අන් කවුරුන්ද...?

බුදුසමය තුළ කරනු ලබන ඉගැන්වීමට අනුව නම් සියදිවි හානිකර ගැනීම යනු විශාල පාපකර්මයකි. එය ආත්ම එකක්‌ දෙකක්‌ නොව ගණනාවක්‌ම නැවත නැවතත් විඳවන්නට සිදුවන තරමේ දුක්‌ගෙන දෙන්නාවූ ෙ€දයක්‌මය. නිති බුදු බණ ඇසෙන... සතර පෝයටම සිල් සමාදන් වන උවසු උවැසියන්ගෙන් පිරි පිරිත් ස්‌වර මධ්‍යයේම අවදිව ඒ ස්‌වර මැද්දේම නින්දට ද යන්න වුන් සිටින රටක මෙහෙව් ෙ€දයන් සිදුවන්නේ අහන්නට දකින්නට ලැබෙන්නේ කුමන අභාග්‍යයක්‌ නිසාදැයි සිතා ගනුද උගහටය.

මහාචාර්යවරයෙක්‌ කිසියම් අවස්‌ථාවකදී රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කවර හෝ ගමකට ගොස්‌ තිබුණේ සියදිවි හානිකර ගැනීම් පිළිබඳ පර්යේෂණයක නියෑළෙනු පිණිසය. ඒ ගමේ සිදුවූ සියදිවි හානි කර ගැනීම් ගැන මාධ්‍යයට තොරතුරු වාර්තා වූයේද ඉතාමත් අවම ලෙසලු. එක්‌තරා අවස්‌ථාවකදී මාධ්‍ය හා සබැඳි .භඨධ. වක්‌ මඟින් ප්‍රකාශයට පත්කොට තිබුණු පර්යේෂණ වාර්තාවක දක්‌වා තිබූ පරිදි තෙප්පනාව (ඔයෑචච්බ්ආ) නම් ගමෙහි සිදුව ඇති සියදිවි හානිකර ගැනීම්වලට හේතු භූත වන කරුණු අටක්‌ම අනාවරණය කර ගැනීමට මහාචාර්යවරයාට හැකිව තිබිණි. බීමත්කම, පෙම් සබඳතා බිඳ වැටීම්, පවුල් හා ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, නිදන්ගත රෝග හා ලිංගික අපචාර සේම මව බිරිඳ විදේශගත වීම අද කරුණු රැසක්‌ ඒ පෙදෙස සිසාරා සිදුවූ සියදිවි හානි කර ගැනීම්වලට මූලික වූ හේතු සාධකයෝය. සත්තකින්ම මේ මිනිසත් බව සොඳුරුමැයි බොහෝ අය කියත්. එවන් තවත් සොඳුරු මිනිස්‌ ජීවිත මෙලෙස ෙ€දජනක අයුරින් වැනසී යානම් මිනිසත් බව ලබා උපදින්නේ කුමකටදැයි කවරෙකුට වුව සිතුනහොත් එහි අසාධාරණයක්‌ වේද...?

"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත යයි... ආදරය ඇත්තෙන්ම සොඳුරුය. ආදරයෙන් වෙළී ගිය සිත් සතන් කොතරම් නම් පිවිතුරුද...? සැබැවින්ම ආදරය අපේ දිවියට නවමු අරුතක්‌ම නොවේද...? ජීවත් වීමේ ආශාව වුව තව තවත් වර්ධනය කරන්නේද ආදරයම වනමුත් ආදරය අන්ධ යෑයි කීම කට කහනවාට පමණක්‌ කියන කතාවකුයි කියා බැහැර ලන්නේ කෙලෙසකද...? පෙම් සබඳතා බිඳ වැටීම හේතුකොට ගෙන සියදිවි නසා ගන්නවුන් ගැන දිනපතා පුවත්පත්වලින් සහ අනෙකුත් මාධ්‍ය මගින් වාර්තා කරන තොරතුරු අපමණය. දැඟිලි පටලාගෙන සුපෙම් බස්‌ දෙඩුමුත් කුමන හෝ හේතුවක්‌ මත ඉවත බලාගත් කලී නුරුස්‌නා විහිළුවක්‌ කළ කලී බහින් බස්‌ වීමක්‌ සිදුවූ කලී වටිනා දිවිය තොර කර ගැනීම ඇත්තෙන්ම විය යුත්තක්‌ද...? එවැන්නවුන් මිනිසත් බවේ අරුත කොතෙක්‌ නම් අවබෝධ කොටගෙන ඇත්ද...?

අපි මඳකට මෙලෙස සිතමු... තමා පණ සේ ආදරය කළ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ කුමන හෝ අඩු ලුහුඬුකමක්‌ දැන වෙනකෙකු හා පෙමින් බැඳුණා යෑයි සිතමු. විටෙක ඒ ධනය ඇති නිසා විය හැක. නොඑසේ නම් සමාජ තත්ත්වය ගැන සිතා බලාවිය හැක. සැබැවින්ම මෙවැන්නවුන් සැබෑම ආදරවන්තයෝ හෝ ආදරවන්තියෝ යෑයි කිව හැක්‌කේ කවරෙකුටද...? පෙම් කළ දා මෙලෙස කළා නම් විවාහ වූ කලීද එවැන්නක්‌ කිරීමට ඔවුහු නොපෙළෙඹෙතියි කිව හැක්‌කේ කවරෙකුටද... ඉදින් එහෙව් වංක සිතැත්තවුන් පිළිබඳ අවබෝධ කොට ගත්දා පටන් ඒ ගැන සතුටු වනු හැර දුක්‌ වන්නේ කුමකටද..? ඉදිරියේදී වීමට තිබුණා වූ මහා විපතකින් ගැලවී යැමට ඉඩ ලැබුණු කලී ළඳ බොළඳ තීරණ ගනු වෙනුවට තව තවත් බුද්ධිමත් විය යුතු බැව් මොහොතකට මුත් නොසිතන්නේ කිම...? පෙම් සටනින් පරාජය වූ කලී ලෝකාන්තයෙන් පහළට පැන සියදිවි හානිකර ගැනීම බොහෝමයක්‌ සුපෙම්වතුන්ගේ විලාසිතාවක්‌ව ඇති සෙයකි. සුපෙම් බස්‌ දොඩමින් උනුන් සිප වැළඳ ගනිමින් පය පැටලී පැටලී අර දුෂ්කර මාවතේ ඇවිදගෙන යද්දීවත් ඔවුනට ජීවිතය ගැන ආදරයක්‌ මොහොතකට මුත් ඇති නොවන්නේ මන්දැයි සිතේ. ජීවිතය සොඳුරු යෑයි කීම හුදු ප්‍රකාශයක්‌ පමණක්‌ම නොවන බැව් තේරුම් ගන්නට අමාරුවෙන් සිතට වද දිදීමුත් යන්නා වූ මේ ගමනම හොඳ පෙර නිමිත්තක්‌ම නොවේද..?

විභාගයක්‌ යනු අන් යමක්‌ නොව පුද්ගල දක්‍ෂතා විමසා බලන තවත් එක්‌ කඩ ඉමක්‌ම පමණි. එක්‌ දෙයකින් අසමත් වූ පමණින් අන් සියල්ලටම අසමත් යෑයි කියා කවුරුන් හෝ පවසා තිබේද...? නැත. ඉදින් එසේ නම් ජීවිතයේ එක්‌ කඩඉමකදී යම් කඩා වැටීමක්‌ සිදුවූ පමණින් තම දිවියට නැවතීමේ තිත තබන්නට උත්සුක වීම ඇත්තෙන්ම අනුවණකමක්‌ම නොවේද...? වැටි වැටී මුත් නැගිටගත් මිනිසුන් අතොරක්‌ නැතිව අප අතරය. එක්‌ දෙයකින් අසාර්ථක වූ මුත් තවත් දෙයක්‌ හරිහැටි කොට දිවියම ජයගත්ත වුන් කොතෙක්‌ නම් අප අතර වේද...? එබැවින් තම දක්‍ෂතා හරි හැටි හැඳිනගෙන වරක්‌ දෙවරක්‌ නොව සිය වරක්‌ වුව උත්සාහ කරන්නේ නම් එයම මුළු මහත් ලෝකයාටම ලබා දෙන්නා වූ ආදර්ශයක්‌ම නොවේද...? එහෙත් විභාගය "ෙµaල්" වූ පමණින්ම මුළු දිවියම "ෙµaල්" යෑයි සිතා බොහෝමයක්‌ දරුවෝ කටයුතු කරති. සත්තකින්ම එය කිසි විටෙකත් නොවිය යුත්තක්‌ම නොවේද...?

වෙසෙසින්ම කිව යුතු දෙයකි...· ඉගෙනීමට දක්‍ෂ වුවද අදක්‍ෂ වුවද ඒ හැමකෙනකුම අන් කවුරුන් හෝ නොව අපේම දරුවෝමය. ඉදින් එසේනම් දක්‍ෂයාට එක්‌ විදියකටත් අදක්‍ෂයාට තවත් විදියකටත් සැලකීම කොතරම් නම් මිනිසත්කමට තරම් වන්නක්‌ද...? එහෙත් බොහෝමයක්‌ ගුරු භවතුන් නම් ඒ ගැන අබමල් රේණුවක තරමින්වත් සිතා තිබෙනවාද යන්න නම් පැනයකි. ගුරු ගීතයේ එන "දුයිසෙන්" පරපුරේ සංවේදී ගුරුවරු අද ඉන්නේ කොහිදොaයි... අපට නම් සිතෙන වාර අනන්තය. දක්‍ෂයාට පමණක්‌ ආශීර්වාද කරමින් ඔහුගේ හිස පිරිමදින මුත් අදක්‍ෂ දරුවකු දෙස ඇසක්‌ ඇර නොබලන අධම ගුරුවරු තවදුරටත් අතින් පයින් සේම වදනින්ද පහරදී අර දරුවා මානසිකව වට්‌ටවන යුරු සැබැවින්ම බලාගෙන සිටිය නොහැකි දසුනක්‌ම හැර අන් කවරක්‌ද...? මොහොතකට සිතා බලන්න...· පාසලක සිටින්නේ නිකම්ම නිකන් ටීචර්ලාවත් සර්ලා හෝ මැඩම්ලාවත් නොව ගුරු මෑණිවරු හා පියවරුය. ඉදින් එහෙව් ගුරු මෑණිවරු හා පියවරු වනාහී අන්ත අසරණ දරුවන්ව සියදිවි හානි කර ගන්නා තැනට තල්ලු කර දමනා නොමිනිසුන්දයි යන්න වේදනාවෙන් මුත් විමසන්නට අප සැමට සිදුව ඇත.

සහතිකවලින් හා දැන උගත්කම් වලින් පමණක්‌ මිනිසුන්ව මනිනු ලබන යුගයකි මෙය. එහෙත් සහතික කොතෙක්‌ නම් තිබුණද දැන උගත්කම් කොතෙක්‌ නම් තිබුණද... මිනිසත්කම අහිමි වී යා නම් එය කවර කාලකණ්‌ණිකමක්‌ද...? එබැවින් ම අද දවසේ මේ සමාජය පුරා පැතිර ගොස්‌ ඇති ෙ€දවාචකයද එයම හැර අන් කවරක්‌ද...? මහා පරිමාණ මුදල් වංචා කිරීම් පසුපස සිටින්නේ ඉහළ පෙළේ බැංකු නිලධාරීහුය. රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඉල්ලීම් දිනාගනු වස්‌ වර්ජනවල නියෑළෙන වෛද්‍යවරු කොතෙක්‌ නම් අප අතර වේද...? එමතුද නොව ජනතාවගේ වරමින් බලයට පත්ව ඔවුන්ගේ ජිවිත මතම බඩ පිනුම් ගසන තුට්‌ටු දෙකේ දේශපාලකයන්ද අප අතර බහුලය. සැබැවින්ම මේ වනාහී දැන උගත්කම් කොතෙක්‌ නම් තිබුණද මිනිසත්කම නැති... හෘද සාක්‌ෂියක්‌ නැති මිනිසුන්ගෙන් පිරි සමාජයක ෙ€දජනක කතාවම නොවේද...? හදවත් තුළ ලතෙත් බව නැති එවැන්නවුන්ගේ දැන උගත්කම් වලින් හෝ සම්මාන සහතික වලින් හෝ ඇත්තෙන්ම අපට ඇති ඵලය කිම...? එනමුදු, සම්මාන... සහතික හෝ නම්බු නාම නැති මුත් මනුෂ්‍යත්වය උත්තරීතරම බ්eව් වටහාගෙන හදවතක්‌ ඇති සැබෑම මිනිසකු ලෙස ජීවත් වීමට කවරෙකු හෝ මොහොතකට මුත් සිතුවේ නම්...? අධ්‍යාපනය කඩාකප්පල් වූ පමණින් විභාගය "ෙµaල්" වූ පමණින් මුළු ලොවම අහිමි වූවා යෑයි සිතා ගෙල වටා තොණ්‌ඩුව ලාගනු වෙනුවට එය කොතෙක්‌ නම් ඉදිරිගාමී සිතුවිල්ලක්‌ද...?

අපි කවුරුන් වුව මොහොතකට මුත් මෙලෙස කල්පනා කරමු...· තමාට විස¹ ගත නොහැකි පැනයක්‌ ඇතොත් එය තම විශ්වසනීය සගයෙකුට හෝ කියා විස¹ගත හැක. තමා පත්ව සිටින අසීරුතාව ගැන කිව යුතුම කෙනාට කීවා නම් ඒ ප්‍රශ්නය යම්තන් හෝ නිරාකරණය කර ගැනීමට ඉඩ හසර විවර වෙනවා නොවේද...? සැබැවින්ම මරණයෙන් පමණක්‌ම සියලු පැන විස¹ලිය හැකි බැව් සිතීම කවරනම් අනුවණකමක්‌ද...? ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නා තරමටම ප්‍රශ්න නම් අහවර වී නැති බැව් තේරුම් නොගැනීමම කවර අභාග්‍යයක්‌ද...?

කවුරු කුමක්‌ කීවද මේ දිවිය නම් අපට නැවතත් ලබාගත නොහැක. මතු භවයකදී යළි මිනිසුන් ලෙස ඉපදිය හැකි මුත් ලැබී ඇති මේ දිවිය නම් යළි කිසි කලෙකත් කවර අයුරකින් හෝ ලබා ගත නොහැක්‌කක්‌ මැයි කීම අතිශයෝක්‌තියක්‌ වන්නේ කෙලෙසකද...? ඉදින් එවන් අසිරිමත් දිවියක්‌ අකල්හි තොර කර ගැනීම වෙනුවට වැරදි අඩුලුහුඬුකම් අතපසු වීම් සේම දුර්වලතා ද කොතෙකුත් ඇතිමුත් ඒවා මගහරවාගෙන ජීවත් වීමට අපි කවුරුන් මුත් මොහොතකට හෝ සිතනවා නම්...? එය මරණය වැළඳගනු වෙනුවට ජීවිතය ජයගනු වස්‌ මරණයට අභියෝග කිරීමක්‌ම නොවේද...? සත්තකින්ම එය උතුම් වූ මිනිසත් බවේ අරුත තවදුරටත් වඩවාලන්නක්‌ම නොවන්නේද...?

අමිල දොළපිහිල්ල

Post a Comment

0 Comments