පහුගිය අප්‍රේල් 16 වැනිදා ගී කියන කන්ද වතුයායේ පැරණි බංගලාව හොරු බින්දේය. මේ බංගලාව මිනිසුන් දන්නේ රොනී ද මැල් මුදල් ඇමැතිව සිටිනා අවධියේදී මේ බංගලාවේ සිට රටේ අය වැය හැදූ නිසාය.
ගී කියන කන්ද බංගලාව හොරුන් විසින් බිඳීමෙන් අනතුරුව රැගෙන ගොස් තිබුණේ දුර්වර්ණ වී ගිය පැරණි ඔරලෝසුවක් හා පැරණි ලාම්පු ර`දවනයකි. ඔරලෝසුව පැවතියේ ක්‍රියා විරහිතවය. උස් රැ`දවුමක් සහිත ලාම්පුවද අවපැහැ ගෙන තිබිණි.
ගෙට ඇතුළු වී තිබුණේ අවුරුද්දට අරක්‌කු ටිකක් බොන්නට සල්ලි නැති නන්නත්තාරේ යන පාදඩයන් දෙදෙනෙකි. බංගලාවට ඇතුළු වූ මේ පුද්ගලයන් දෙදෙනා කිසි ලකයක් නැති මේ පැරණි බඩු දෙක ගෝනියක දමාගත්තේය. ක්‍රියා විරහිත වූ පැරණි ඔරලෝසුව කිලෝ විසි පහකට වඩා බර විය. ලාම්පු ර`දවනයත් එවැනිම බරක් සහිත එකක් වූයේය. එබැවින් මේ මිනිස්‌සු තමන් හොරාගත් භාණ්‌ඩ ගෝනියක දමාගෙන ආයාසයෙන් බිම දිගේ ඇදගෙන ගොස් පරණ යකඩබඩු කඩේකට ගියෝය. යකඩ බරට අමතරව මේ පරණ බඩු දෙකේ ඇති විශේෂයක් ඉවෙන් මෙන් වටහාගත් යකඩ බඩු කඩේ මුදලාලි රුපියල් දස දහස් පන්සියයකට මේ භාණ්‌ඩ දෙකම මිලට ගෙන කඩේ පසෙකින් තබා තිබුණේය.
මේ අතරතුර මෙතැනට පැමිණි පුද්ගලයෙක් මේ ඔරලෝසුව දුටුවේය. එය පරීක්‌ෂා කළ හෙතෙම එය රුපියල් ලක්‌ෂ දෙකකට මිලදී ගැනීමට යකඩ බඩු කඩේ මුදලාලි හා කතා කළේය. මුදලාලිට මේ පැරණි භාණ්‌ඩයේ ඇති අමුතු වටිනාකම වැටහිණි. එය අලෙවි කිරීම පසෙක තබා හෙතෙම මේ කෞතුක භාණ්‌ඩ දෙක ගෙදර රැගෙන ගියේය. රැගෙන ගොස් සැ`ගවුයේය.
මේ අතර කෞතුක භාණ්‌ඩ නැතිවීම පිළිබ`දව එහි හිමිකරුවන් පොලිසියට පැමිණිලි කළේය. ඒ අනුව කළුතර පොලිස් අධිකාරී රොෂාන් සිල්වාගේ මැදිහත්වීමෙන් කොට්‌ඨාස අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු කළ වෙහෙසකර පරීක්‌ෂණයකින් පසු මෙම කෞතුක භාණ්‌ඩ සොරාගත් සොරුන් හා එය ස`ගවා තබාගත් යකඩ බඩු කඩේ මුදලාලි පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ කෞතුක භාණ්‌ඩ වල වටිනාකම කවුරු කවුරුත් දැනගත්තේ මේ සොයා ගැනීමෙන් අනතුරුවය. එය ගී කියන කන්ද වතුයායේ අතීතය හා බැඳුනකි. මේ වතුයාය එවකට අක්‌කර තුන්දහස් දෙසීය තිහක් පුරා පැතිරුණ තේ රබර් වගාවෙන් යුතු එකක් විය. එය අයත්ව තිබුණේ සර් හෙන්ඩි්‍ර හර්බට් එල්ෆින්ස්‌ටන් ආදිපාද වරයාටය. ඔහු වත්මන් එංගලන්ත මහ රැජනගේ මවගේ සොහොයුරෙක් හෙවත් මාමා කෙනෙක් වූයේය. මේ වතුයායේ ඔහු වෙනුවෙන් කළ මැඳුරු දෙකක් විණි. ප්‍රසිද්ධ ගී කියන කන්ද බංගලාව ඉන් එකකි. මේ මැඳුරු වල පුරාණ ගෘහ භාණ්‌ඩ පවා එංගලන්තයේ රාජකීය පන්නයට ගැළපෙන සේ තැනුණ ඒවා විය. මේ ඔරලෝසුවද එවකට එංගලන්ත රජ පවුල වෙනුවෙන්ම නිර්මාණ කළ, රජ පවුලේ උරුමයක් ලෙසම පැවතුන වසර තුන්සියයක් තරම් පැරණි නිර්මාණයකි. මෙවැනි ඔරලෝසු මේ වනවිට ලෝකයේම ඉතිරිව ඇත්තේ හතරකට ආසන්න සංඛ්‍යාවකි. එවැනිම කෞතුක අගයක් සොරා ගත් ලාම්පු ර`දවනයටද තිබිණි.
මේ වතුයායත් පෞරාණික භාණ්‌ඩ සහිත මන්දිර දෙකත් පනහේ දශකයේ මේ රටේ සිටි සුපිරි ධනවතෙක් වූ සර් ලියෝ ප්‍රනාන්දු විසින් මිලදී ගනු ලැබුවේය. සර් ලියෝ ප්‍රනාන්දු යනු එවකට මේ රටේ ලොකුම බස් සමාගම වූ පානදුර මෝටර් ට්‍රාන්සිට් හිමිකරුවාය. 1955 වනවිට ඔහු සතුව බස් රථ තුන්සිය පනහක් පමණ පැවතිනි. බ්‍රිතාන්‍ය රාජකීයයන් සතුව තිබූ මේ වතුයාය ගැනීම ස`දහා මූලික සාකච්ඡා පැවැත්වීමට සර් ලියෝ ප්‍රනාන්දු එංගලන්තයට ගියේය. එම සාකච්ඡා පවත්වා තිබුණේ බකිංහැම් මාලිගාවේදීය. අනතුරුව ඔහු 1950 නොවැම්බර් මස 29 වැනිදා අක්‌කර තුන්දහස් තුන්සිය විස්‌සක් වූ මේ දැවැන්ත වතුයායත් මාලිගා දෙකක් සේ පෙනෙනා මන්දිර දෙකත් මිලදී ගත්තේය.
1955 වන විට පානදුර මෝටර් ට්‍රාන්සිට් ආයතනය සතුව තිබූ බස් රථ තුන්සිය පනහක් රජයට ගැනිණි. 1970 වනවිට වතු ජනසතු කිරීමේ ප්‍රතිපත්තියත් සමග සර්. ඩබ්ලියු. ලියෝ ප්‍රනාන්දු ගී කියන කන්ද වතුසමාගමට අක්‌කර පනහකුත්, මන්දිර දෙක හා ඒවායේ පැවති බ්‍රිතාන්‍ය රාජකීයන්ට අයත් කෞතුක භාණ්‌ඩත් පමණක් ඉතිරිකොට රජයට පවරා ගත්තේය.
මේ වනවිට එහි හිමිකම සර් ඔලිවර් ලියෝ ප්‍රනාන්දුගේ දරුවන් වන කුසුමලතා සිල්වා, හිටපු මුදල් ඇමැති රොනී ද මැල් ගේ බිරි`ද වන මල්ලිකා ද මැල්, රංජිත් ප්‍රනාන්දු හා කාන්ති ප්‍රනාන්දු සතුව පවතී. එය වෙනම කතාවකි.
අරක්‌කු බොන්නට සල්ලි මදි වූ රස්‌තියාදුකාරයන් විසින් සොරකම් කර යකඩ බඩු කඩයට විකිණූ ඔරලෝසුවේ වර්තමාන වටිනාකම ඩොලර් ලක්‌ෂ ගණනකි. එහෙත් ගෝනියක දමා බිම දිගේ ඇදගෙන යැම නිසා එහි මුහුණතට හානි වී ඇත. දැන් මේ හොරකම කළ බේබද්දන් දෙදෙනාට දුක හිතනු ඇත. හොරකමක් කළත් තමන් හොරකම් කරන්නේ කුමක් ද යන්න ගැන නොදැනීමේ දුක අනික් බොහෝ දුක් වලට වඩා බලවත් වනු ඇති බව අපගේ හැ`ගීමය.
රුචිර ජයදේව
0 Comments