අධ්‍යාපනය, ප්‍රේමය හා ලිංගිකත්වය


මුළු ලෝකයම ප්‍රේමය කියන හැඟීම දකින්නේ පවිත්‍ර සංකල්පයක්‌ හැටියටයි. නමුත් වර්තමාන සමාජය ප්‍රේමය තුළ ඇති මේ පවිත්‍රත්වය නැතහොත් යථාර්ථවත් බව හරිහැටි හඳුනාගෙන නෑ. ප්‍රේමය සමඟ ආදරය වගේම වෛරය සමග ඉරිසියාවත් එකට ගමන් කරන බව අද සමාජය තුළ දකින්නට තිබෙනවා. ප්‍රේමය තුළ මේ හැම දෙයක්‌ම තිබෙනවා. ප්‍රේමයත් සමඟම කෙනෙකු තුළ ඇතිවන හැඟීමක්‌ තමයි අත්පත් කර ගැනීම. යොවුන් ප්‍රේමය නිසා සියදිවි නසා ගැනීමට සිතුන අප හමුවට ආ බොහෝ දෙනෙකු ඒ තත්ත්වයට පත්ව තිබුණේ මෙම අත්පත්කර ගැනීමට එල්ල වූ බාධාවන් නිසයි.

බොහෝ අවස්‌ථාවල ප්‍රේමය නිසා හටගන්නා මෙම අත්පත් කර ගැනීමේ හැඟීම මෙහෙයවන්නේ රාගය විසින්. විශේෂයෙන් වර්තමාන යොවුන් පෙම්වතුන් ආදරයේ හා රාගයේ වෙනස හරිහැටි අවබෝධ කර නොගැනීම නිසා ඔවුන්ගේ ජීවිත
ෙ€දවාචකවලින් අවසන් වන සැටි අපට පෙනෙනවා. යොවුන් ප්‍රේමය, බොහෝ දුරට ඇරඹෙන්නේ පාසල් මට්‌ටමින්. අද සමාජයේ ශිෂ්‍යයෙක්‌ හෝ ශිෂ්‍යාවක්‌ ඔවුන්ගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම බොහෝ විට විඳින්නේ 7,8,9,10 වැනි පන්තිවල ඉගෙනුම ලබද්දී. ඔවුන් ප්‍රේමය ආදරය විදිහට හඳුන්වන මේ බැඳීම ඇත්ත වශයෙන්ම ශරීරය තුළ සිදුවන ජීව රසායනික ක්‍රියාවලියක්‌ නිසා හටගන්නා විරුද්ධ ලිංගිකයන් වෙත දක්‌වන ආකර්ෂණයෙහි ප්‍රතිඵලයක්‌. අද යොවුන් වියට එළඹෙන බොහෝ දරුවන්ට ඔවුන් තුළ සිදුවන මේ ජීව රසායනික ක්‍රියාදාමය පිළිබඳ අවබෝධයක්‌ නැහැ. එවැනි අවබෝධයක්‌ ලැබෙන වැඩපිළිවෙළක්‌ ඔවුන් ලබන අධ්‍යාපනය තුළත් නැහැ. මේ අනවබෝධය තුළ දරුවන් යොවුන් ප්‍රේමයක පැටලීම නිසා ඔවුන් ගැටලු රාශියට මුහුණ දෙනවා.

යොවුන් වියට එළඹෙන දරුවන්ට ජීවිත කළමනාකරණය පිළිබඳ අවබෝධයක්‌ ලබා දෙන වැඩපිළිවෙළක්‌ අපේ රටේ නැහැ. දරුවෙක්‌ වයස අවුරුදු 16,17,18 වයස්‌වලදී ප්‍රේම සබඳතාවක්‌ ඇතිකර ගැනීම් අසාමාන්‍ය දෙයක්‌ නොවෙයි. ලෝකයේ වෙනත් රටවලත් එහෙම වෙනවා. උසස්‌ අධ්‍යාපනයත් සමඟ ප්‍රේමයත්, මනස තුළ ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රටේ එහෙම වෙන්නෙ කලාතුරකින්. අපේ රටේ බොහෝ තරුණ දරුවන්ගේ මනසට ප්‍රේමය ඇතුළුවුණහම ඉන් එහා ලෝකයක්‌ ඔවුන්ට පෙනෙන්නේ නෑ. මුළු මනස තුළම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රේමයයි. මෙය ජීවිත කළමනාකරණය පිළිබඳ ඇති අනවබෝධයේ ප්‍රතිඵලයක්‌. අපේ බොහෝ යොවුන් දරුවන් ප්‍රේමය නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නෙත් විවිධාකාර ෙ€දවාචක ළඟා කරගන්නේත් මේ නිසයි. අපේ රටේ බොහෝ තැන්වල යොවුන් ප්‍රේමය එහි ආරම්භයේ සිටම පවතින්නේ ප්‍රචණ්‌ඩකාරී පසුබිමක. යොවුන් ප්‍රේමය සම්බන්ධයෙන් බොහෝ දෙමාපියන් දක්‌වන ප්‍රතිචාරයත් ප්‍රචණ්‌ඩකාරියි. දරුවන්ගේ මෙබඳු සබඳතා පිළිබඳ එම දරුවන් සමඟ මිත්‍රශීලීව කතාබහ කරන දෙමාපියන් ඉතාමත් ම අඩුයි. දෙමවුපියන් වගේම අපේ රටේ ගුරුවරුත් මේ තරුණ දරුවන්ගේ මනසේ ස්‌වභාවය අවබෝධ කරගෙන දරුවන්ගේ මෙවැනි සබඳතා ගැන ඔවුන් සමඟ මිත්‍රශීලීව කටයුතු කරනවා නම් වර්තමානයේ අපට අසන්නට දකින්නට ලැබෙන බොහෝ ෙ€දවාචක වළක්‌වා ගන්න පුළුවන්.

ප්‍රථම ප්‍රේමය ෙ€දවාචකයක්‌ බවට පත්වුණු අපේ රටේ බාලිකාවන් වැඩි දෙනෙකු තම පෙම්වතා පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවූ අය. එක්‌ පුද්ගලයෙක්‌ පාසල් වියේ පසු වූ තම දියණිය සමඟ මා හමුවන්නට ආවා. ඇය ජීවිතය එපා වූ කෙනෙක්‌. යොවුන් වියේදීම ශිෂ්‍යයකු සමඟ පෙමින් බැඳුනු ඇය ඔහුට දැඩිව ආදරය කළා. විශ්වාස කළා. තම ජංගම දුරකතනයෙනුත් ඔහු සමඟ නිතර පෙම්බස්‌ දෙඩුවා. දෙමවුපියන්, ගුරුවරුන්, හිතමිතුරන් සැමට රහසින් නොයෙක්‌වර ඔවුන් මුණ ගැසුණා. එබඳු එක්‌ හමුවකදී ඔවුන් දෙදෙනා ලිංගිකව එකතු වුණා. ඇයගේ කැමැත්ත ඇතිව සිදු වූ මේ ලිංගික එක්‌වීම පෙම්වතා රහසින් වීඩියෝ කළ බව ඇය දැන සිටියේ නැහැ. වරින්වර ඇය හා ලිංගිකව එක්‌ වූ ඔහු ඒ සියල්ල වීඩියෝ කර මිතුරන් සමඟ එම දසුන් නරඹමින් ප්‍රිති වුණා. මේ තරුණයා වෙනත් කාන්තාවන් සමඟත් සබඳතා පවත්වන බව දැනගත් සිසුවිය ඔහුගෙන් ඉවත් වීමට තීරණය කළා. එවිට තමා සමඟ ලිංගිකව එක්‌ වූ අවස්‌ථා සහිත වීඩියෝ දසුන් ඇයට පෙන්වූ ඔහු තමා හැර ගියොත් එම දසුන් අන්තර්ජාලයට මුදාහරින බවට ඇයට තර්ජනය කළා. මේ සිදුවීම් සමූහය සිසුවියගේ දෙමාපියන් දැන ගන්නා විට සිසුවිය දිවිනසා ගැනීමට තීරණය කර තිබුණා.

මේ සිසුවියගේ ප්‍රථම ප්‍රේමය ෙ€දවාචකයක්‌ බවට පත් වුණේ ජීවිත කළමනාකරණය පිළිබඳ ඇය තුළ වූ අනවබෝධය නිසයි. අධ්‍යාපනය, ප්‍රේමය සහ ලිංගිකත්වය කියන්නේ ජීවිතයේ අංශ තුනක්‌. දරුවන් වැඩිවියට පත්වන විට මේ එක්‌ එක්‌ අංශ පිළිබඳ අවබෝධයක්‌ ඔවුන්ට ලබා දිය යුතුයි. ප්‍රේමය යමෙකුගේ ජීවිතයට මෙබඳු ෙ€දවාචකයක්‌ ළඟා කරන්නක්‌ නොවිය යුතුයි. ප්‍රේමය මනා කළමනාකරණයකට බඳුන් නොවුණහොත් එය මානසික රෝගයකින් හෝ සියදිවි නසා ගැනීමකින් කෙළවර වීමට ඉඩ තිබෙනවා.

ප්‍රථම ප්‍රේමය නිසා අපේ රටේ බොහෝ යුවතියන් තම ජීවිතය බොහෝ වෙනස්‌කම්වලට ලක්‌කර ගෙන තිබෙනවා. අබිසරුලියන් වෙනුවෙන් පැවැති මානසික උපදේශනයකදී එක්‌ තරුණ කාන්තාවක්‌ කියා සිටියේ ඇය එම වෘත්තියට යොමු වුණේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටීම නිසා බවයි. ලිංගික සබඳතා දක්‌වා දුර ගිය පාසල් ප්‍රේමය බිඳ වැටුණු පසු ලිංගික අත්දැකීම් පිළිබඳ එතෙක්‌ ඇය තුළ පැවැති බිය ද දුරු වූ බව ඇය පැවසුවා. ඉන් පසු ඇය ඇතිකරගත් සියලු ප්‍රේම සබඳතාවලදී ඇය මුල්තැන ලබා දී තිබුණේ ලිංගිකත්වයටයි. මානසික උපදේශනයට යොමු වන විට ඇය වෘත්තීය ගණිකාවක්‌. ඇය සුරූපී යුවතියක්‌ මුත් "දැන් මා සමඟÊකවුරුත් ප්‍රේම සබඳතා ඇතිකර ගන්නේ නෑ" යෑයි ඇය පැවසුවා. ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් මම හැම දෙයක්‌ම පූජා කළා. ඒ ප්‍රේමය වෙනුවෙන් අද ආත්මය විකුණනවා. ඇය තම ජීවිත කතාව අවසන් කළේ එහෙම. එහි පැමිණ සිටි බොහෝ දෙනෙක්‌ අවුරුදු 20 - 22 වයසේ කාන්තාවන්. ඔවුන් බොහෝ දෙනෙකුගේ පොදු ප්‍රකාශනය වුණෙත් අනපේක්‍ෂිතව බිඳ වැටුණු ප්‍රථම ප්‍රේමය ඔවුන්ගේ ආත්මයම බිළිගෙන ඇති බවයි.

යම් පුද්ගලයෙක්‌ තමා තුළ ඇති උදාර ගති ලක්‍ෂණ ඔහුගෙන් ඉවත්වීම නිසා ඔහු දුක්‌ඛදායක තත්ත්වයකට පත්වීම මනෝ උපදේශනය තුළ හැඳින්වෙන්නේ පරාරෝපණය නමින්. මේ තරුණ කාන්තාවන් පත්වෙලා සිටියෙත් එබඳු ෙ€දවාචකයකටයි. අද සමාජය තුළ සිදුවන විවිධ හිංසන, ලිංගික අඩන්තේට්‌ටම්, දූෂණ ආදිය මේ සංකල්පය යටතේ විස්‌තර කරන්න පුළුවන්.

ප්‍රේමය තුළ අත්පත් කර ගැනීමේ හැඟීම තිබෙනවා. අපේ රටේ බොහෝ තරුණ ප්‍රේමවන්තයන් මෙහි ස්‌වභාවයත් හරි හැටි අවබෝධ කරගෙන නැහැ. මානසික උපදේශනයට පැමිණි තරුණයෙක්‌ මා සමඟ පවසා සිටියේ ඔහුට සිය පෙම්වතියත් ඇගේ මවත් මරා දමන්නට අවශ්‍ය බවයි. ඔහු සිය පෙම්වතියට දැඩිව ප්‍රේම කරන නමුත් ඇයගේ මව එයට විරුද්ධ නිසා ඇයත් වෙනකෙකු හා විවාහ වන නිසා පෙම්වතියත් මරා දමන්නට ඔහුට අවශ්‍ය වී තිබුණා. මේ තරුණයා ප්‍රේමය තුළ තිබෙන අත්පත්කර ගැනීමේ හැඟීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ කෙනෙක්‌. නිසි ලෙස කළමනාකරණය කර ගත් ප්‍රේමය තුළ අත්පත් කර ගැනීමේ හැඟීම මෙන්ම සුබ පැතීමේ හැඟීමත් පවතිනවා. එබඳු පුද්ගලයකුට කොතරම් දැඩි විරහවකදී වුවත් ජීවිතය බිඳ නොවැටී පවත්වා ගෙන යැමට පුළුවන්. අපේ සංස්‌කෘතියෙනුත් ප්‍රේමය තුළ ඇති මේ අත්පත් කර ගැනීමේ හැඟීම යනු අනුබලයක්‌ ලැබෙන බවයි මා හිතන්නේ. ඉතාම අවංකව හා දැඩිව ප්‍රේම කරන පුද්ගලයකුට වුවත් එම ප්‍රේමය අහිමි වීම ජීවිතයම අවුල් කර ගැනීමට හේතුවක්‌ නොවිය යුතුයි. මා විවාහ විය යුත්තේ ඔහු සමඟ හෝ ඇය සමඟ පමණයි කියා කිසිදු නියමයක්‌ පැවතිය නොහැකියි. එයාගෙන් තොර ලෝකයක්‌ මට නෑ. මම පතාගෙන ආවේ එයා ආදී වශයෙන් මේ අත්පත් කර ගැනීම තහවුරු කරන්නට ඇතැමුන් කරුණු දක්‌වනවා. ප්‍රේමය වෛරයක්‌ බවට පෙරළෙන්නට බොහෝ විට තුඩු දෙන්නේ මෙම අත්පත් කර ගැනීමේ හැඟීමෙන් කෙනෙක්‌ තුළ ඇති කරන පෙළඹවීමයි.

අපි කවුරුත් දන්න විදිහට ආදරය කිරීම තුළ ආදරය ගොඩනගා ගැනීම තුළ සතුටක්‌ තිබෙනවා. නමුත් ඒ ආදරය අහිමිවීම තුළත් සතුටක්‌ තිබෙනවා. විරහ ගීත අහන්න අපි සතුටුයි. ශෝකයක්‌ සතුටක්‌. එය හරි හැටි අවබෝධ කර ගන්න පුළුවන් ප්‍රේමය පිළිබඳ යම් අධ්‍යයනයක්‌ කළොත් විතරයි.

මානසික සෞඛ්‍ය පදනමේ සභාපති
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
ඥානදාස පෙරේරා

සාකච්ඡාවකින් සකස්‌ කළේ 
පාලිත සේනානායක

Post a Comment

0 Comments