ලෝක විනාශය සිද්දවන්නේ ලෝක ගෝලය පුපුරා යැමෙන් හෝ සූර්යයා පුපුරා විනාශවන අවස්‌ථාවකදී පෘථිවිය උණු වී වැගිරීමෙන් හෝ පමණක් නොවන බව කිව හැකිය.
පසුගිය වසර කෝටි 50 තුළ ලෝකය විසිපස් වරක් විනාශ වූ අතර ඒවායින් අවස්‌ථා 05 ක් ලෝකය මතින් 98 % ක ප්‍රමාණයක් දක්‌වා ජීවය වඳකළ තීරණාත්මක විනාශයක් විය. ලෝකය විනාශ වන ආකාර කිහිපයක් තිබේ. ඒවා මෙසේ ය.
1. මීතේන් වායුව ඉතා විශාල වශයෙන් වායු ගෝලයට එකතුවීම.
ලෝකයේ සෑම සාගර පත් ලකම මීතේන් ක්‌ලැට්‌රේට් (Meathane Clathrate) නමැති රසායනික ද්‍රව්‍යය ටොන් බිලියන ගණනින් ගබඩා වී තිබේ. මෙය ජලය සහ මීතේන් එක් වීමෙන් සෑදෙන අයිස් වැනි ද්‍රව්‍යයකි. ආක්‌ටික් ප්‍රදේශවල සහ හිමාංකයට අඩු උෂ්ණත්වයක් පවත්නා ප්‍රදේශවල මෙය බහුලව ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය විට මීතේන් මිශ්‍ර අයිස් දියවන අතර මීතේන් වායුව නිදහස් වෙයි. මීතේන් බහුල වීමෙන් ජීවය වඳවීමට පටන්ගනී. මෙය දැනටමත් පෘථිවිය මත ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත.
2. ලොව ඇති සියලු ගිනි කඳු පිපිරීම සහ අලුත් ගිනිකඳු සෑදී ඒවාද පිපිරීම. (Flood Blast Eruptions)
මෙය මහා පරිමාණයෙන් ලාවා මුදාහැරීමේ ක්‍රියාවලියකි. දියෙහිත් ගොඩත් යන දෙකෙහිම මෙය හටගනී. මේ ක්‍රියාවලිය වසර දස දහසේ සිට මිලියනය දක්‌වා කාලයක් හෝ ඊටත් වැඩි කාලයක් පවතී. එවිට පෘථිවියේ සමස්‌ත භූමියම ලාවාවලින් වැසී යයි. සාගර පත්ලද ලාවාවලින් වැසී යන අතර ගිනි කඳු මගින් නිකුත් වන පොස්‌පරස් මිශ්‍ර අලු පොළවට පතිතවෙයි.
මුළු පෘථිවියම ඝන ලාවා කවරයක දැමුවාක් හා සමාන වෙයි. සල්µර් ඩයොක්‌සයිඩ් සහ කාබන් ඩයොක්‌සයිඩ් යන විෂ වායුන්ගෙන් වායු ගෝලය පිරෙයි. මෙවිට අම්ල වැසි හටගනී.
3. කාලගුණ වෙනස් කම්.
ලෝක කාලගුණය ස්‌ථාවර මට්‌ටමක පවතින්නේ නැත. විටෙක එය උණුසුම්ය. විටෙක ශීතය. විටෙක එය තාප තරංග සහ ලැව් ගිනි සහිතය. විටෙක හිම යුගයකින් සමන්විතය. මෙබඳු අස්‌ථාවර තත්ත්වයන් තුළ එයට ඔරොත්තු දීගත නොහැකිව ජීවය වඳවේ.
4. ඝට්‌ටන තත්ත්වයන්. (Impact Events)
අති විශාල සහ බලගතු කම්පන තරංග ඇති කරමින් පොළවට ඇද වැටෙන අති විශාල වල්ගාතරු, උල්කාපාත, උල්කාෂ්ම යනා දියෙන් ජීවය වඳවෙයි. මේ ගැටීම් නිසා අහසට පැන නගින ටොන් ටි්‍රලියන ගණන් ධූලි සහ අපද්‍රව්‍ය යළි පොළවට වැටීමෙන් කාලගුණය විනාශ වෙයි. ඩයිනෝසරයන් මෙලොවින් තුරන්වී ගියේ මැක්‌සිකෝවේ යුක්‌ටාන් අර්ධද්වීපය අසල සාගරයට ඇද වැටුණු මෙබඳු උල්කාපතයක් නිසා හටගත් කම්පනය හේතුවෙනි.
0 Comments