භූමිකම්පා ගැන ජනතාව දැනුවත් වීමේ වැදගත්කම


අපේ රටේ යමක්‌ සිදු වූ විට එය ඉතා ප්‍රබල ලෙස කතා කරයිග ටික කලකින් එය අමතක කර දමයිග නමුත් ව්‍යසනයෙන් ආරක්‍ෂා වීමට දැනුවත් විය යුතුයි. එම නිසා අපි අද භූමිකම්පා සහ සුනාමි ගැන කතා කරන්නට සිතුවෙමු.

භූමිකම්පාවක්‌ යනු භූ විද්‍යාත්මක ක්‍රියාවලියකිග සුනාමියක්‌ යනු භූමිකම්පාවක්‌ සිදුවීමත් සමඟ ඇති වන මුහුදු තරංග විශේෂයකිග සෑම භූමිකම්පාවකින්ම සුනාමි තත්ත්වයක්‌ උද්ගත නොවේ. එසේම සුනාමි තත්ත්වයන්ල නායයැම්ල ගිනිකඳු පිපිරීම් හා උල්කාපාත කඩා වැටීම් ආශ්‍රිතව ද සිදුවිය හැකි බව භූ විද්‍යාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල දහනායක මහතා පැවසීය.

මිනිස්‌ පරිණාමයට බොහෝ කාලයකට පෙර සිට වර්ෂ බිලියන හතරකටත් වඩා වැඩි කාලයක්‌ තුළ පෘථිවි පෘෂ්ඨය නිර්මාණය වීමේදී ක්‍රියාශීලීව කටයුතු කිරීමට භූමිකම්පා හේතු වී ඇත. භූමිකම්පා ආශ්‍රිතව ආපදා ඇති වනුයේ පොළොව සෙලවීම් සහ ගිලා බැසීම්ල විභේද ඇතිවීම හා සාගර තරංග (සුනාමි) නිකුත් වීම යනාදී ක්‍රියාකාරකම් නිසායග භූමිකම්පාවන්ට හා සුනාමි සාගර තරංගවලට ජීවිත හා දේපළ හානි විශාල වශයෙන් සිදු කිරීමට හැකියාව ඇත.

ඓතිහාසික වාර්තා අනුව ද භූමිකම්පා ආරම්භ වන ස්‌ථානයට (Epicentre) වඩා විශාල විනාශයක්‌ සිදු වූ නගරයක්‌ හෝ ගමක්‌ වෙත අවධානය යොමුවීම තේරුම් ගත හැකි සාමාන්‍ය ආපදා සිද්ධියකි. භූචලනය ආරම්භ වූ ස්‌ථානය ජනශූන්‍ය ප්‍රදේශයක්‌ වූ විටක සිදුවන ජීවිත හා දේපළ හානි අවම නිසා ජනගහනයෙන් පිරි ප්‍රදේශවල භූමිකම්පා වැඩිපුර සිදුවන බවට මිථ්‍යා මතයක්‌ අතීතයේ පැවැති බව මහාචාර්ය කපිල දහනායක මහතා පවසයි.

තවද ඔහුගේ අදහසට අනුව පැරණි භූමිකම්පා පිළිබඳව ආගමික ග්‍රන්ථවල ද සඳහන් වෙයි. ජාතක කතාල මහා වංසය හා රාජාවලිය ආශ්‍රිතව මෙන්ම බයිබලය හා කුරානය යන ශුද්ධ ග්‍රන්ථවල ද මෙම ආපදා ගැන සඳහන් වේ. පව්කාර මිනිසුන් ජීවත් වන ප්‍රදේශවල භූමිකම්පාවකට පසුව ඇතිවන සුනාමි තත්ත්වයන් නිසා එම මිනිසුන් ජීවිතක්‍ෂයට පත්වන බව මෙම ග්‍රන්ථවල සඳහන්ව ඇත. ක්‍රිගපූර්ව 27 දී භූමි කම්පාවෙන් ඊජිප්තුවේ ලක්‌සෝර් සිද්ධස්‌ථානයට ද හානි සිදුවී ඇති බව වාර්තා වේග ග්‍රීක විශ්වාස අනුව ට්‍රොයි (Troy) නගරය ද පැරණි භාරතයේ පකිස්‌තානයේ තක්‍ෂිලා (Taxila) නගරය ද අතීතයේ සිදු වූ ප්‍රබල භූමිකම්පා නිසා විනාශ වී ඇත.

සුනාමි සංසිද්ධියක්‌ ගැන බෞද්ධාගමේ එන සමුද්ද වාණිජ ජාතක කතාවෙන් පැහැදිලිව විස්‌තර කරයි. ඒ අනුව දූපතක්‌ වෙත පැමිණි මුහුදු තරංග පළමුව දණහිස උසට දල දෙවනුව මිනිසාගේ හිසටදල තෙවනුව තාල වර්ගයේ ගසක්‌ උසට ද සතරවනුව එවැනි ගස්‌ හතරක්‌ උසට ද ගමන් කිරීමෙන් එහි ජීවත් වූ 500 ක්‌ පමණ වූ අධර්මිෂ්ඨ ජනතාව මරණයට පත්වූ බව සඳහන් වේ. දූපතේ විසූ 500 ක්‌ පමණ වූ තවත් ජන සමූහයක්‌ ඔවුන්ගේ ධර්මිෂ්ඨ හා නුවණැති බව නිසා මුල්ම තරංගය ආ විට තමුන් විසින් නිපදවා ගත් නැවකට නැගී ඇතග මුහුදට ගොස්‌ තම ජීවිතය බේරා ගත් බව සඳහන්.

භූමිකම්පාවල ස්‌වභාවය

පෘථිවි කබොල්ලේ සිදුවන ශක්‌තිය මුදාහැරීමක්‌ ඇති වූ විට පෘථිවි පෘෂ්ඨයේ සිදුවන දෝලනය සහිත දරුණු චලනයකට භූමිකම්පාවක්‌ යෑයි නම් කෙරේග මෙවැනි ශක්‌තිය නිකුත්වීමක්‌ පෘථිවි කබොල්ලේ සිදුවන හදිසි පාෂාණ කොටස්‌වල විස්‌ථාපනයක්‌ නිසා ද නැතහොත් ගිනි කඳු පිපිරීමක්‌ හෝ මිනිසා විසින් සිදුකළ පිපිරීමේ ක්‍රියාවක්‌ නිසාද ආරම්භ විය හැකියග විශාල භූමිකම්පාවන් වැඩි ප්‍රමාණයක්‌ සිදුවනුයේ පෘථිවි කබොල්ලේ වන පාෂාණ බිඳීයැමත් නිසාය. මෙසේ පාෂාණ බිඳී ගොස්‌ පාෂාණ කොටස්‌ දෙකක්‌ අතර වන සාපේක්‍ෂ චලනයට ,විභේදයක්‌, යෑයි නම් කෙරේග විභේද සිදුවන විට දෝලනයක්‌ ඇති වේග මෙම දෝලනය නිසා මුළු පෘථිවියම සෙලවී ඝණ්‌ඨාරයක්‌ මෙන් ශබ්දයක්‌ නිකුත් වී ඉන් කම්පන තරංග වර්ග තුනක්‌ ජනනය වේ.

විභේදයක්‌ සිදුවන විට පෘථිවි කබොල්ලේ එක්‌ පාෂාණ කොටසක්‌ අනිකට සාපේක්‍ෂව තිරස්‌ හෝ සිරස්‌ව ගමන් කළ හැකග බොහෝ විභේදවල තිරස්‌ව හා සිරස්‌ව යන දෙආකාරයෙන්ම පාෂාණ කොටස්‌වල චලනයක්‌ සිදුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ සිදුව ඇති භූමිකම්පා

පෘතුගීසි ලේඛන වාර්තා අනුව 1615 අප්‍රේල් 14 දා කොළඹ අසල සිදු වූ භූමිකම්පාවෙන් 2000 ට වැඩි පිරිසක්‌ ජීවිතක්‍ෂයට පත්ව ඇත. 1615 සිට අද දක්‌වා ලංකාවේ භූ චලන 60 කට වැඩි ප්‍රමාණයක්‌ වාර්තා වී ඇත. 1995 සහ 1998 වර්ෂවල රික්‌ටර් දර්ශක 5.5 ආසන්න භූ චලන දෙකක්‌ වාර්තා වේ. ඒ ශ්‍රී ලංකාවට බටහිරින් ඇති කිගමී. 200 ක්‌ පමණ වූ සාගරය තුළය. 2004 දෙසැම්බර් 26 වැනි දින සුමාත්‍රා ප්‍රදේශයේ මුහුදේ සිදු වූ රික්‌ටර් දර්ශක 9.3 ක භූමිකම්පාව එදින උදේ 9.00 ට පමණ ලංකාවේ වෙරළබඩ හා කඳුකර ප්‍රදේශවලට දැනී ඇත.

භූමිකම්පාවලින් ජීවිත රැක ගැනීමට කළයුතු දේ

භූමිකම්පාවක්‌ සිදුවන අවස්‌ථාවක ගොඩනැඟිල්ලක දොරටුවක්‌ අසල සිටී නම් වටිනා භාණ්‌ඩ ගැනීමට ගෙය තුළට යැම ඉතා අනතුරුදායකයග තමුන්ගේ හිස අතින් වසාගෙන ගොඩනැඟිලි නැති විවෘත ප්‍රදේශයකට වහාම දුවන්න. මෙසේ කළ යුත්තේ ගොඩනැඟිලිවලින් කැඩී විසි වී එන ගඩොල් කොන්ක්‍රීට්‌ කොටස්‌ හිස මතට පතිත විය හැකි නිසාය. බොහෝ ජීවිත හානි සිදුවනුයේ මෙසේ ගඩොල් හා කොන්ක්‍රීට්‌ කොටස්‌ යනාදිය ශරීර මතට පතිතවීම නිසාය.

මෙවැනි අවස්‌ථාවක ඔබ තට්‌ටු ගොඩනැඟිල්ලක උඩ මාලයන්හි සිටී නම් අභ්‍යන්තරයේ ඇති වානේ හෝ ශක්‌තිමත් ලීවලින් සාදන ලද මේසයක්‌ හෝ ඇඳක්‌ යටට යන්න. අල්මාරිල පොත් රාක්‌ක අසල ඉන්න එපා. ඒවා හිස මතට කඩා වැටිය හැකිය. විදුලි සෝපාන භාවිතයෙන් වළකින්න. ගිනි ගැනීමේ ප්‍රවණතා අවම කිරීමට විදුලිය හා ගෑස්‌ විසන්ධි කරන්න. එය ප්‍රවේශමෙන් කළ යුතුය. පොළව සෙලවීම නතර වූ වහාම පඩි පෙළක්‌ දිගේ එළියට යන්න.

ඔබ සිටින්නේ ගමන් කරමින් සිටින්නේ මෝටර් රථයක්‌ තුළ නම් වේගය අඩු කොට ප්‍රවේශමෙන් නතර කරන්න. ගොඩනැඟිලි සහිත ස්‌ථාන හා පොළවේ ගිලා බැස ඇති ස්‌ථාන මඟහරින්න.


සුනාමි සංසිද්ධිය මෙසේයි

මුහුදේ සුළු කාලයක්‌ තුළ ඇතිවෙන විශාල පරිමාණයේ බාධා කිරීම් ක්‍රියාවලියක්‌ නිසා සුනාමි තරංග නිපදවේ. ඒවා සාගරික ගුරුත්ව තරංග පද්ධතියක්‌ (Ocean Gravity wave System) ලෙස හඳුනාගත හැක. මුහුදු පත්ලේ හෝ ඊට ආසන්න ස්‌ථානයක සිදුවන වේගවත් ප්‍රචණ්‌ඩකාරී තරංග චලනයක්‌ නිසා සුනාමි නමින් හැඳින්වෙන තරංග ශ්‍රේණියක්‌ නිකුත් වේ. එසේ ඇති වන තරංගවලට විශාල දිගකින් යුත් තරංග ආයාමයන් (Wave Length) තිබිය හැක. තරංග දිග 100 km සිට 150 km දක්‌වා විහිදිය හැක. සුනාමි තරංග පැයට කිගමී. 640 සිට 960 දක්‌වා වූ වේගයක්‌ ගනියි. මෙය ඊදැසබට 747 වර්ගයේ ජෙට්‌ ගුවන් යානයක වේගයෙන් ගමන් කරයි.

පහත සඳහන් කරුණු කෙරෙහි සුනාමි අවස්‌ථාවකදී සැලකිලිමත් විය යුතුයි.

සුනාමි අවස්‌ථාවකදී වෙරළබඩ සිටී නම්

ඔබ සිටින්නේ මුහුදේ බෝට්‌ටුවක්‌ තුළ නම් වෙරළ කරා ඒම ඉතා අනතුරුදායකයග රළ පහර අවසන් වනතුරු විවෘත මුහුදෙහිම රැඳී සිටින්න. ඔබ ආරක්‍ෂා වේග ඔබ සිsටින්නේ වරායේ හෝ ජැටියෙහි තිබෙන නැවක නම් නැව මුහුදට යාත්‍රා කිරීමට අවකාශ නොමැතග නැවෙන් බැස ආරක්‍ෂා සහිත උස්‌ ස්‌ථානයකට යන්න.

ඔබ මුහුදේ සිටියදී සුනාමි රළ පහරට අසුවී සිටී නම් හැකි වේගයෙන් පිහිනන්නග ජලය මතුපිට පාවෙන යමක්‌ සොයාගෙන එහි එල්ලී සිටින්න.

ගැඹුරු මුහුදේ සිටී නම්

ගැඹුරු මුහුදේ සිටී නම් සුනාමි රැල්ල නිමාවෙන තුරු වෙරළට ආපසු නොපැමිණෙන්න. ගැඹුරු සාගරයකදී සුනාමිය විපත් සිදුකිරීමකින් තොරව ඉතා වේගයෙන් ගමන් කරයිග එය භයානක ස්‌වරූපයක්‌ ගන්නේ වෙරළට ළඟා වීමේදී හා නොගැඹුරු ජලය වෙත පැමිණීමේදී පමණයග මෙහිදී රළ වේගය අඩුවන නමුත් රළ ඉහළට නගී. වේගය අඩු වුවද රැල්ල සමඟ එන විශාල ජලකඳ හා ඇතිවන විශාල බලශක්‌තිය නිසා අධික ගම්‍යතාවයක්‌ ඇතිවී බරපතළ හානි කිරීමට එයට හැකියාවක්‌ ඇත. දුම්රිය එන්ජින්ල ලොරිල නැව් යනාදී විශාල දේද සැනෙකින් විනාශ කළ හැකිය.

ගොඩබිම සිටී නම්

බොහෝ දෙනකුට දිව නොහැකි වේගයකින් (තත්ත්පයරකට මීටර් 10-15 අතර වේගයකින්) සුනාමි රළ පහර ගමන් කරයි. මෙම රළ පහරට ගොඩනැඟිලි හා බෝට්‌ටු රථවාහන කුඩුපට්‌ටම් කළ හැකියග විශාල ගස්‌ උදුරා දමයිග රළ පහරට හසු වීමෙන් මුහුදු වතුර පෙවීමට පුළුවනග රළ පහරින් ගසාගෙන යන කඳන් වහළවල්වලට සවිකොට ඇති යකඩ කැබලි ආදි දේවලින් තුවාල සිදුවිය හැකියග එබැවින් හැකි ඉක්‌මනින් උස්‌ ආරක්‍ෂිත ස්‌ථානයකට දුවන්නග මුහුදට සම්බන්ධ ගංගා වරාය අසලින් ඉවත් වෙන්නග ඒවා හරහා සුනාමි රැල්ල වේගයෙන් ගොඩබිමට ගලා එනු ඇත.

භූමිකම්පා හා සුනාමි පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම පිණිස පාසල් විෂය නිර්දේශයට අවශ්‍ය කොටස්‌ ඇතුළත් කළ යුතු අතර ගුවන් විදුලියල රූපවාහිනිය තුළින් නිතර ජනතාව දැනුවත් කිරීම වඩාත් ඵලදායකය.

භූ විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
කපිල දහනායක සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිණි.

නිමල් බණ්‌ඩාර හේරත්
දොළොස්‌බාගේ වාර්තාකරු

Post a Comment

0 Comments