නැත ලොවේ අන් රසඳුනා ආදරයම සේ සුවදෙනා" යෑයි කීවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝය. එහෙත් මේ ආදරයම තහනම් ආදරයක් වූ කල එකී නිර්වචනයට අරුත් රැසක්ම එක්වීම ස්වාභාවිකය. භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ "හය දෙනෙක්" වේදිකා නාට්‍යයේ චීන කලාකරුවා කියන්නේ "ආදරය යනු පවිත්‍ර වල්කමය" කියාය. සැබැවින්ම ආදරය පවිත්‍ර වන්නේත්, අපවිත්‍ර වන්නේත් එය ඇසුරු කරන්නාගේ ෙච්තනාව අනුවය.
ලෝකය බොහෝ සෙයින්ම වෙනස් වී තිබේ. පරිගණක යුගයේ සිටින අපි එහි සිව්වැනි පරම්පරාවටද (4 G) ළංවී සිටිමු. සඟවා තබාගත හැකි කිසිවක් ඉතිරි නොවන තරමටම සෑම දෙයක්ම අද එහෙම පිටින්ම විවෘතව පවතී. අන්තර් ජාලය ඔස්සේ ඒ හැම දෙයක්ම කලිසම් සාක්කුවටම වැටී ඇත්තේ "බ්ලැක්බෙරි" ජංගම දුරකථනය ඔස්සේ ඉතා වේගයෙන්ය. පුදුමයකට මෙන් ඉතා ඉක්මනින්ම අප කරා ළංවන සියලු දේම ඉතා ඉක්මනින්ම අප වෙතින් ඈත්වීමේ ප්‍රවණතාවයක්ද ඒ සමගම පවතින බව ප්‍රකට කරුණකි.
අසුරු සැණින් ආදරයෙන් බැඳෙන අපේ ඇතැම් තරුණ තරුණියෝ, පොද වැස්සක් සේම, උන්ගේ සිත්වල ඇවිළුණ ගින්දර නිවාදමා යාන්තම් සිසිලස පමණක් ශේෂ කොට යළි වියෑකී නිවී යන්නා සේම, දෙහදක උපන් ආදරයද වාෂ්පකර හරිති. ඇතැමෙක් කඩිනමින්ම ආවාහ විවාහද වෙති. කෙටි පාරෙන්ම විවාහයද හළා ආපසු හැරී එති. ජීවිතය ඒ තරම්ම කලබලය. නොහිතාම තීරණ ගන්නේ හිතන්නට වේලාවක් නැති නිසාය.
ගමන වේගවත් නිසාම අලුත් 4 G පරපුරේ ඇත්තෝ වැඩිපුර කතා නොකරති. අඟල් හයකට එහායින් සිටින කාර්යාලයීය සගයාට වුවද කතා කරන්නේ ෙෆ්ස් බුක් හරහාය. e-mail හරහාය. ඇතැම් ගෙවල්වල සැමියා සහ බිරිඳගේ සන්නිවේදන මාර්ගයද වැටී ඇත්තේ "ෙෆ්ස් බුක්" හරහාය. ඒ තරමටම මේ අය 'Busy' ය.
මේ කලබලය වැඩිකමටම බොහෝ දෙනකුට වයර් මාරු වේ. "කෝල්, මිස් කොල් වේ" "මිස් කෝල්" වලට කතා කිරීම යනු අවසානයේදී ජීවිතයෙන්ම වන්දි ගෙවන තැනට වැඩ සිද්ධවෙන භයානකම ක්‍රියාවකි.
මීට මාස කීපයකට පෙර යුද හමුදාවේ අතිදක්ෂ මේජර්වරයකුට සියතින්ම බෝම්බයක් පුපුරුවාගෙන ජීවිතයට සමුදීමට සිදුවූයේ අහිංසක දරු පවුලක්ම අනාථ කරමින්ය. මේ සියලු ව්‍යසනවල ආරම්භය වූයේ "මිස් කෝල්" එකකි.
"මිස් කෝල්" එක සම්බන්ධ වූයේ කෙළින්ම හදවතටය. දෙදෙනා අතර වූ සන්නිවේදනය හුවමාරු කළේ තහනම් ආදරයය. අවසානයේදී සියල්ල පුපුරා ගියේ තහනම් ආදරය සැබෑ ආදරයක් වූ නිසාද, නැතිනම් එය තමාටම එරෙහි වූ වෛරයක් වූ නිසාද යන්න දන්නේ මියගිය තැනැත්තාම පමණි.
ඉතා මෑතකදී ආරක්ෂක සේවාවන්ට සම්බන්ධ අතිදක්ෂ නිලධාරියකු තම රාජකාරි ගිනි අවියෙන්ම පපුවට වෙඩි තබා ගත්තේ යාන්තම් වයස අවුරුදු දොළහක් පමණ වූ සිය වැඩිමල් දියණියට නැගණියව හොඳින් බලාගන්නැයි කියමින්ය. තමාගේ වියෝව මේ දරු පවුලම අනාථ කරනවා නොවේද කියා සිතන්නට එක නිමේෂයක්වත් ඔහුට ඉඩ නොදීමට මේ නිලධාරියාගේ හදවත දරුණු වූයේ අධික කෝපයෙන් ඒ හදවත ගිනිගෙන තිබූ නිසා යෑයි පැවසේ. එසේම ඇතැම් විද්‍යුත් මාධ්‍ය හෙළි කළ ආකාරයට මෙම ජීවිත හානිය පසුබිමේද තහනම් ආදරයක අවාසනාවන්ත සිතුවමක් ඇඳී තිබුණැයිද කියෑවේ. ආදරය හෝ තහනම් ආදරය හෝ මේ අයුරින් වටිනා ජීවිත බිළි ගැනීම සැබැවින්ම සමාජ ෙ€දවාචකයකි.
එදා දස්කොන්ට දංගෙඩියට හිස දීමට සිදුවූයේ ප්‍රෙමිලා දේවියට පිදූ ආදරය නිසාය. දස්කොන් සේම ප්රෙමිලාවෝද එකිනෙකට පණ සේ ආදරය කරන්නටද ඇති. එහෙත් සමාජ සම්මතයන්ට අනුව නීතියෙන්ම ප්‍රෙමිලාගේ ආදරය අන් අයකුට පැවරී හමාරය. එවන් ආදරයකට ඉව ඇල්ලීම දැළි පිහියෙන් කිරි කෑමකට වඩා වෙනස් නොවේ.
ලෝකය ආරම්භයේදී මවන ලද "ආදම්" සහ "ඒව" යන මිනිසා සහ ගැහැනිය අමරණීයත්වය සහිතව මවන ලද්දේ යෑයි ලෝ පුරා සිටින කිතුනුවෝ විශ්වාස කරති. එහෙත් මුල්ම ගැහැනිය වූ "ඒව" තහනම් ගහේ ගෙඩි කෑම නිසා මිනිස් ප්‍රජාවටම මරණය උරුම වූයේ යෑයිද බයිබලයේ සඳහන් වේ. මේ අනුව බලන කල තහනම් ගස්වල ගෙඩි කෑමේ විපාක එදා මෙන්ම අදටත් වලංගුය.
"නෙළා ගන්න බෑ
මගේ අත දිග නැ
අනේ· ඒත් තව මල් පිපියන්
කෝටි ගණන් තව මල් පිපියන්"
(නන්දා මාලිනිය)
අනුන්ගේ වතුවල පිපෙන මල්වල සුවඳ නැහැයට දැනුණාට ඒවායේ රුව පමණක් සිතින් විඳ "අනේ· ඒත් තව තව මල් පිපේවා"යි ප්‍රාර්ථනා කරන සිතකට සාධුකාර දෙන්නට අපට සිතෙන්නේ අනුන්ගේ වතුවලට පැන හොරෙන් නෙළාගන්නා මල් නිසා ජීවිතය මළ පුඬුවකට හසුකරගන්නා මුව පොව්වන් මේ කලබල සමාජයේ වැඩි වැඩියෙන්ම දකිනා කලය.
ජපානයේ ග්‍රාමීය පෙදෙස්වල ජීවත්වන ජනතාව අතර අපූරු සිරිතක් ඇතැයි කියෑවේ. උදැසන ගෙන් පිටවන සැමියා දවසේ මෙහෙවර නිමවා ආපසු නිවසට පැමිණෙද්දී වැටේ ඉඳිකඩුල්ල පැනීමට පෙර ශබ්ද නඟා "මං ගෙදර එනවෝ" කියා කෑ ගසා කීම මේ අපූරු ජපන් සිරිතය. මේ තුළින් ගම්‍යමාන වන්නේ හිමිදිරි උදයේ නිවසින් පිටවී වැඩපළක නිරත වී යමක් උපයා තියාගෙන යළි තම සොඳුරු නිවහන වෙත පැමිණෙන ප්‍රීතිමත් ජපන් ජාතිකයකුගේ සතුට වේයෑයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මේ පිළිබඳව ලියුම්කරුට පැවසූ මිතුරා කීවේ කවදත් සාමකාමී පවුල් ජීවිතයක් ගත කිරීමට කැමැති ජපන් ගැමි ජනතාව මෙම "කෑ ගැසීම" තුළින් සන්නිවේදනය කරනුයේ යම් හෙයකින් තමා නැති අල්ලපනල්ලේදී ගෙට රිංගූ මනමාල කුරුල්ලකු වී නම් "ඒකාව හැකි විගස නිවසේ පස්සා දොරින් එළවා දමාපන්" යන අනතුරු හැඟවීමේ සංඥව ගෙදර මායියා වෙත ලබාදීමට බවය. බිරිඳ සමග අනවශ්‍ය ගැටුමකට මැදිවී පවුල අවුලක් කරගන්නවාට වඩා මේ "ජපන් ක්‍රමය" සාමකාමීව පවුල් කෑමේ එක් සාර්ථක ප්‍රායෝගික ක්‍රමයක් සේ ඔබටද සිතෙන්නට පිළිවන.
තහනම් ආදරය, අනියම් සබඳතා, අසම්මත ප්‍රේමය, කොයි නමකින් හැඳින්වූවේ නමුදු මේ එකක්වත්. නිවැරැදි යෑයි සමාජග කිරීමට අපට නොහැකිය. එහෙත් පෘථග්ජන මිනිසා මෙලොවට බිහිවූ මුල් අවධියේ සිටම ඇතිවී නැතිවී, නැතිවී ඇතිවී යන මෙබඳු සබඳතා පවුල නමැති වටිනාම සමාජ ඒකකය දෙදරවා හැරීමට වුවද විටෙක සමත් වේ. මීට විකල්පයක් ලෙස අද දවසේදී බටහිරින් අප රටට පවා ආනයනය වී ඇති "පවුල් නොවී පවුල් කෑම" ඇතැම් රටවල බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. සමාජයේ යහ පැවැත්ම උදෙසා අප විසින් රැකගත යුතු පවුල නමැති වටිනාම සමාජ ඒකකය මේ අයුරින් හෑල්ලු වී යැම හෙට ලොව මුහුණ දෙන දැවැන්ත අභියෝගයකි.
ගනුදෙනුකරුවා තෘප්තිමත් කිරීමේ මාකටිං න්‍යාය ඔස්සේ යමින් ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ සබඳතා හුදු ලිංගික ගනුදෙනුවක තත්ත්වයට ගෙනැවිත් ඇති මෙබඳු සංකල්ප හුදෙක් මිනිසා තවත් තාක්ෂණික මෙවලමක් බවට පත් කරමින් සිටී.
තම සේවා ස්ථානයේ රාත්‍රි සේවයේ යෙදෙන තරුණ ගැහැනුන් සේම මිනිසුන්ද ස්වයං අභිප්‍රේරණයකින් යුතුව දිනපතාම සේවයට ගෙන්වා ගැනීමට ඇතැම් පෞද්ගලික ආයතනවල අනියම් සබඳතා දලු ලෑමට අවශ්‍ය ආශ්වාදජනක පරිසරයන් පවා නිර්මාණය කරන බව දන්නෝ දනිති. තහනම් පෙමක පැටලීමට හේතුවක් අවශ්‍යම නොවන බව විජය ධර්මශ්‍රීගේ "දුහුළු මලක්" චිත්‍රපටය එදා අපට කීවේය. ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ පවුලක ආදරබර සැමියකුගේ සෙනෙහෙවන්ත සිතට එරෙහිවූ බිරිඳක, එසේ වන්නේ තමා වෙත සැමියාගෙන් ඉටුනොවූ හෝ ලබාගත නොහැකි වූ හෝ කිසියම්ම හෝ කාරණාවක් නිසා නොව සොඳුරු බැල්මකින්, සිනහවකින්, ප්රියවදනකින් විකසිත වූ හැඟීමක් නිසා සීමා මායිම් බිඳගෙන යැමට තම හදවතට ඉඩදීමේ ප්‍රතිඵලයක් වශයෙන්ය. එහෙත් අවසානයේදී අන්ත දෙකකට දොaලනය වූ සිතක්, ප්රඥසම්පන් වූ තීරණයකට අවනත වීමෙන් අහිංසක දරු පවුලක් කැඩී බිඳී යා නොදී රැක ගැනීමට ඕ සමත් වූවාය. අපට වඩාත් අවශ්‍යවන්නේ මෙයයි. අප ජීවත්වන සමාජයට වඩාත් වටිනාම වස්තුව වන්නේ ශක්ති සම්පන්න, සමගි සම්පන්න පවුල නමැති සමාජ ඒකකයයි. අම්මා, අම්මිලා වීමත්, තාත්තිලාට වැඩ අධිකවීමත්, ඒ නිසාම ආතතිය උග්‍රවීමත්, පවුලක මානසික සෞඛ්‍යය දිනෙන් දිනම පිරිහීමට ලක්වේ.
මනස හිරිවට්ටන තුට්ටු දෙකේ මෙගා ටෙලි නාට්‍ය සේම පිටරටින් මෙරටට විසිකරන ලද තුට්ටු දෙකේ විලාසිතා මෝස්තර රටාද බැලූ බැලූ අත කාමයට අලෙවි කරන මස් වැද්දන්ද නිසා අනුන්ගේ වතුවල පිපී සැලෙනා මල් මගේය කියා සිතන්නට යැමත්, නෙළන්නට යැමත් දැන් දැන් සාමාන්‍යකරණය වෙමින් පවතී.
මෙහිදී අප විසින් අවධාරණය කළ යුත්තේ මේ කුමන හේතුවක් නිසා හෝ ඔබ විසින්ම ඇතිකර ගන්නා ලද ගැටළුව, විස¹ ගත යුත්තේද ඔබ විසින්ම බවයි. ඒ සඳහා අවශ්‍ය උදව් ලබා ගැනීමට බොහෝ තැන් ඇතිවා සේම ඔබට උදව් කිරීමට ඔබ වටා බොහෝ දෙනකු සිටිනාවගද ඔබ විසින් මතක තබා ගත යුතුය.
මන්ද ඔබගේ ජීවිතය අප මාතෘ භූමියට සැබැවින්ම වටිනා ජීවිතයන්ය. පවුල නමැති වටිනාම සමාජ ඒකකය ශක්තිමත්ව පවත්වාගෙන යැමට ඔබගේ ජීවිතය අපට ඕනෑය.
තහනම් පෙමක පැටලී ඔබගේ ජීවිතය වෙඩි උණ්ඩයකින්, බෝම්බයකින් නැතිනම් වැල්පටකින් අවසන් වනු දැකීම අපගේ අභිප්‍රාය නොවේ.
අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසු-ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ෙÆ විසොධයෙ
ආත්ම වර්ගය ධම්ම පදය (165)
"යමකු පව් කළොත් එයින් තෙමේම කෙලෙසෙන්නේය.
යමෙකු පව් නොකොළොත් එයින් තෙමේම පිරිසිදු වන්නේය.
පිරිසිදු බව හා අපිරිසිදු බව පවතින්නේ තම තමා කෙරෙහිමය.
එකෙක් අනිකකු පිරිසිදු නොකරන්නේය.
ජයන්ත විඡේසිංහ
jayantha005@gmail.com
0 Comments