ෂරියා නීතිය හා කාන්තා හිරිහැර !


සෞදි අරාබියාව නමැති රට අපට හුරු පුරුදුය.මොන තරම් හුරු පුරුදුද යත් මෙරටින් වැඩිම පිරිසක්‌ රට රැකියාවලට යන්නේද එරටටය.පිටරට රැකියා කරන පිරිස ලක්‍ෂ දහසයක්‌ නම් ඒ ලක්‍ෂ දහසය අතරින් ලක්‍ෂ හතරක්‌ පමණ සිටින්නේ සෞදියේය.රිසානා නµSක්‌ නමැති ශ්‍රී ලාංකික දැරිය, සෞදියට ගියේ වයස අවුරුදු දහසය පිරුණු සැනින්ය. එසේ ගිය ඇයට අවසානයේ දී ෂරියා නීතිය යටතේ මරණ දඬුවම, නියම වී හිස ගසා මරා දැමූ පසු සෞදියේ හැටි අපට හොඳටම අවබෝධ විය.

සෞදියේ එක්‌තරා රැඳවුම් කඳවුරක, සිය ගණනක්‌ ශ්‍රී ලාංකික කාන්තාවන් රඳවාගෙන දූෂණය කරන බවට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුස්‌ලිම් කාන්තාවක්‌ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්‌ කර ඇත.

ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙනැවිත් පිsටිසර ගමක, බ්ලොක්‌ ගල් වැඩපොලකට දමා, මෙලෙස ඔවුන්ව රැඳවුම් කාමරයක දමා දූෂණයට ලක්‌කරන බවද මෙරටට පැමිණි එකී ශ්‍රී ලාංකික, මුස්‌ලිම් කාන්තාව අනාවරණය කර තිබේ.

එය සුළුපටු හෙළිකිරීමක්‌ නොව අතිශයින්ම බරපතළ එකකි.

සෞදියේ ගෘහ සේවිකා ඇබෑර්තු, පාස්‌පෝට්‌ ඇතත් නැතත් එන්න· අයකිරීමක්‌ නැත. ඒමට ගුවන් ටිකට්‌ පත් නොමිලේ, නවාතැන්, කෑම නොමිලේ, දින හතෙන් වීසා ආදී දේ කියමින් සෞදියේ ගෘහ සේවයට මෙරට කාන්තාවන් යොමුකරන ඒජන්සි පමණක්‌ නොව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයත්, සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත්, මේ කියන දූෂණ කාමරය පිළිබඳව වහා සොයා බැලිය යුතුය.

සෞදියේ පමණක්‌ නොව අනෙක්‌ මැදපෙරදිග රටවලත් හැටි එක වාගේය. මෙරට රැකියා ඒජන්සිකරුවන් සොයන්නේ මුදල් මිස, මිනිස්‌කම නොවේ. ගුවන් තොටුපළින් පිටත්වූ පසු මොන කෙහෙල්මලක්‌ වුවත් කමක්‌ නැතැයි සිතන ඒජන්සිකරුවන්ට අවශ්‍ය මුදල් පමණකි.

සෞදියේ, රැඳවුම් කාමරයක තබාගෙන ශ්‍රී ලාංකික කාන්තාවන් සියයක්‌ පමණ දූෂණය කරන්නේ සුඩානයේ රැකියා ජාවාරම්කරුවන් පිරිසකැයිද කියති.

තත්ත්වය එපරිදි නම් එය ඉතා නරක තත්ත්වයකි.

මෙරරට විදේශ විනිමය වැඩිම ප්‍රමාණයක්‌ ලැබෙන්නේ විදේශ රැකියා ක්‍ෂේත්‍රයෙන් යෑයි කියා එලෙස නම් අපට සතුටු විය නොහැකිය. දහසකුත් එකක්‌ බලාපොරොත්තු තබා සෞදියට යන තරුණියක, කෙළි බඩුවක්‌, කර ඒ රටේ ධන කුවේරයන් කටයුතු කරන්නේ නම් මේ උපයන විදේශ විනිමයෙන් ඇති පලේ කුමක්‌දැයි විමසීම වරදක්‌ද නොවේ.

ෂරියා නීතියේ තරම අපට දැනුනේ රිසානා නµSක්‌ එහි ගොදුරක්‌ බවට පත්වූ පසුවය. දැන් සෞදියට රැකියාවකට යන කාන්තාවකගේ අවම වයස විසිපහ දක්‌වා වැඩි කිරීමටද ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය පියවර ගෙන ඇත.

අපේ කාන්තාව රැකගත යුතුව ඇත. සෞදියේ රැඳවුම් කාමරයක, අපේ රටේ කාන්තාවන් දූෂණයට ලක්‌ කරන සිද්ධිය පිළිබඳව වහාම සොයා බැලිය යුතුය.

තානාපති සේවයට ගොස්‌ මුදල් හරි හම්බ කරමින්, විනෝද වීම පසෙකට කර රාජකාරී කිරීමට සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් දැන්වත් පියවර ගත යුතුව ඇත. කාන්තාව මේ තරම් කෙළිබඩුවක්‌ කර, මේ තරමට කාන්තාව තලා පෙළා දමන්නේ නම් සෞදියේ ගෘහ සේවයට යැම තහනම් කර දැමීමේ වුවද වරදක්‌ නැත. මේ තරම් හිරිහැර වලට ලක්‌වෙමින්, දූෂණයට ලක්‌වෙමින් ශ්‍රී ලාංකික කාන්තාව, මර මරා ජීවත් කරවා, පළක්‌ නැත. එනිසා මේ පිළිබඳ සැලකිලිමත් වීම ඉතා කාලෝචිත බව අපගේ වැටහීමයි

Post a Comment

0 Comments