Petinomys fuscocapillus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පුංචි හම්බාවා වර්ෂ 1852 දී මුලින්ම විදුලොවට හඳුන්වාදී නාමකරණය සිදුකරන්නේ E. F.Kelaart විසිනි. තමන්ගේ පාද අතර ඇති පටල යොදාගෙන ගුවනෙහි පාවී යැමේ අපූර්ව හැසිරීම් රටාවක් දැක්‌වීම නිසා මෙම ක්‌ෂීරපායි සත්වයා ඉංශ්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන්නේ Small Flying Squirrel යන නමිනි. මෙරට මහ හම්බාවා සහ පුංචි හම්බාවා ලෙස සත්ව විශේෂ දෙකක් හමුවන අතර මහ හම්බාවා සුලබව හමුවේ. නමුත් පුංචි හම්බාවා පිළිබඳව ඇත්තේ ඉතා විරල නිරීක්‌ෂණයන්ය. පුංචි හම්බාවා පිළිබඳව ඇත්තේ ස්‌ථාන කීපයකදී පමණක් හමුවුණු බවට වන නිරීක්‌ෂණ සහ ශතවර්ෂයකට පමණ ඉහතදී එක්‌රැස් කරගන්නා ලද කෞතුකාගාර නිදර්ශක පමණි. අපට ආසන්නම ඉන්දියාවෙන් පවා මෙම සත්වයා වඳවී ගොස් ඇති බව බොහෝ කලක් විශ්වාස කරන ලදී. නමුත් කේරල ප්‍රාන්තයේ පොල් වගාවකින් පුංචි හම්බාවා අනාවරණය කරගැනීමට 1989 දී ඉන්දීය පර්යේෂකයන් පිරිසකට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයන්හි පුංචි හම්බාවා වාර්තා කිරීමට 1935 දී පුරකට සත්වවේදියෙකු වන උගඋගAග ඡයසකකසචි විසින් කටයුතු කර තිබිණි. ඉන්පසු මෙම විරල ක්‌ෂීරපායි සත්වයා මේ දක්‌වා මිනිසෙකුගේ ඇස ගැටී නැති අතර 2007 වසරේදී පමණක් සිංහරාජ අඩවියේදී පුංචි හම්බාවෙකු කැමරා උගුලකට (Caපැර් ඔර්ච) හසුවී තිබිණි. එබැවින් දුම්බර අඩවියේදී සිදුකළ මෙම පුංචි හම්බාවා නිරීක්‌ෂණය වසර 78 කට පසුව සිදුකළ ප්‍රථම භෞතික නිරීක්‌ෂණය වේ. එමෙන්ම මේ සමඟ පළවන ඡායාරූප පුංචි හම්බාවන් පිළිබඳව ඇති ප්‍රථම හා එකම වර්ණ ඡායාරූප කුලකයද වෙයි.
මුහුදු මට්‌ටමේ සිට මීටර් 552 ක් පමණ ඉහළින් ලග්ගල - ඉලුක්‌කුඹුර මාර්ගයේ පසෙක දුම්බර නොඑසේනම් නකල්ස් සංරක්‌ෂිත වනාන්තරය තුළ විසිරී පැතිරුණු අඛණ්‌ඩ තුරු වියනෙහි දී හමුවූ මෙම පුංචි හම්බාවාගේ හැසිරීම් රටාවන් නිරීක්‌ෂණය කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සත්වයා ඉතා විශේෂයෙන් තෝරාගත් ශාක කොටස් පමණක් අනුභව කිරීමේ ලක්‌ෂණ පෙන්නුම් කරන බවය. එම නිරීක්‌ෂණයේදී රිකිල්ලක ඉතා ළපටි කොටසක් පමණක් මෙම සත්වයා විසින් ආහාරයට ගනු ලැබූ අතර ඉතිරි කොටස් බිම අතහැර දැමීම සිදුකර තිබිණි. තවද මෙම සත්වයාගේ විශේෂ චර්යාවක් වන ආහාර ගන්නා විට හා එක් ස්‌ථානයක රැඳී සිටින විට වලිගය පිට මත රඳවා ගැනීමද ඔවුන් විසින් නිරීක්‌ෂණය කර ඇත. එය පුංචි හම්බාවාට පමණක් අනන්‍ය ලක්‌ෂණයකි.
මේ ආකාරයෙන් වසර 78 කට පසු පුංචි හම්බාවා නිරීක්‌ෂණය කිරීම මෙරට වන ජීවීන්ගේ පොහොසත්කම නැවත නැවතත් තහවුරු කරන්නක් බව දෙවරක් සඳහන් කළයුතු නැත. මෙම දුර්ලභ නිරීක්‌ෂණය ලොව පිළිගත් විද්‍යා සඟරාවක් වන TAPROBANICA ජර්නලයේ ආසන්නතම කලාපයේ පළකර තිබිණි. පර්යේෂකයන් විසින් ප්‍රකාශ කරන්නේ විනාඩි තිහකට ආසන්න කාලයක් තම ඇස මානයේ රැඳී සිට යළිත් මෙරට ඇති අමිල හා අද්විතීය වනාන්තර කලාපයක් වන දුම්බර අඩවියේ සැඟවී ගිය මෙම විරල වනවාසියා විසින් යළි යළිත් අවධාරණය කරන එක දෙයක් ඇති වබය. එනම් අදවන විට නොයෙකුත් අක්‍රමවත් හා අදූරදර්ශී මිනිස් ක්‍රියාකාරකම් නිසා අවධානමකට ලක්‌වී ඇති දුම්බර ලෝක උරුම සංරක්‌ෂිත වනාන්තරයේ හෙට දවස ආරක්‌ෂිත කර තැබීම අප හැමගේ යුතුකම හා වගකීම වන බවය.
ඡායාරූප - ජෛව විවිධත්ව අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය ආහාර ගන්නා විට හා එක් ස්‌ථානයක රැඳී සිටින විට වලිගය පිට මත රඳවා ගැනීම පුංචි හම්බාවාට පමණක් අනන්‍ය ලක්‌ෂණයකි.
පර්යේෂණ කණ්‌ඩායම, වමේ සිට තාරක, නිලන්ත, රනිල් සහ සහායක ගාමිණී.
නෙවිල් මීවතුර
0 Comments