ලෝක ජනගහන දිනය ජුලි 11 දිනට යෙදී ඇත. ලෝක ජනගහනය යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි නිශ්චිත දිනක මෙම මිහිතලය මත ජීවත්වන මිනිස් සංඛ්‍යාවය. ලෝකය පුරාම මෙම දිනය සමරන අතර එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ මිහිපිට ඇති වන්නාවූ මිනිස් ජනගහනය වර්ධනයත් සමග මතුවන ආගමික, සාමාජීය, සෞඛ්‍ය, දේශපාලනය ආදී නොයෙක් ප්‍රශ්න දෙස ජනතාවගේ මෙන්ම ලෝක ජන නායකයන්ගේ අවධානය යොමු කරවීමය. එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි පාලක මණ්‌ඩලය විසින් මෙදින ලෝක ජනගහන දිනය වශයෙන් නම් කරනු ලැබුවේ 1987 ජුලි 11 දිනට ලෝක ජනගහනය බිලියන පහක් වූ දිනයේ සිටය. බ්‍රිතාන්‍යයෙහි නම් බිලියනයක් යනු දසලක්‍ෂය දසලක්‍ෂයෙන් වැඩිවූ පසු ලැබෙන සංඛ්‍යාවය. අමෙරිකාවේ හා ප්‍රංශයේ ගණනය අනුව බිලියනය යනු දස ලක්‍ෂය දහයෙන් ගුණ කොට ලැබෙන සංඛ්‍යාවය. වර්ෂ 2007 ජුලි 11 දින ලෝක ජනගහනය 6,727,551,263 ක්‌වූ බවට ඇස්‌තමේන්තු කරන ලදී. ජීව විද්‍යාත්මකව සලකන විට ජනගහනය යනු ජිවීන් කොටසක් ඒකරාශීවීමය. සමාජ විද්‍යාවේදී එය මිනිසුන්ගේ ඒකරාශී වීමය. ජනගහන විද්‍යාවෙන් යම්කිසි ජනගහනයක ස්‌ත්‍රී - පුරුෂභාවය, ආයුෂ, ආයුෂ අනුව බෙදා හැදැරීම, පරම ආයුෂ ආදී අගයන්හි හැදැරීම සිදුකිරීමයි. එම දත්තයන් රටේ ආර්ථික මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය, සංවර්ධනය ආදී සියලු අංශයන්ටම ඉදිරි සැලසුම් කිරීමට අවශ්‍ය සියලුම දත්තයන් ලබාදේ. ලෝක ජනගහනය පිළිබඳව නිවැරැදි දත්තයන් ලබා ගැනීමට මෙතෙක් අසීරුවී ඇත්තේ විශාල ජනගහනයක් ජීවත්වන චීනය, නයිජීරියාව වැනි රටවල ජනගහන සංඛ්‍යා ආසන්නතම දශලක්‍ෂය දක්‌වා නිවැරැදිව ලබා ගැනීමේ අපහසුතාවය නිසාය. දහහත්වැනි ශතවර්ෂයේදී පමණ ඇරැඹි කාර්මික විප්ලවය සමයෙහි ලෝක ජනගහනයේ සංවර්ධනයක් ඇති වූ අතර පසුගිය පනස් වසරෙහි ලෝකයේ සෞඛ්‍ය සේවාවන්ගේ ඇතිවූ නව විද්‍යාත්මක දියුණුවත් සමග ඇති වූ කෘෂිකාර්මික දියුණුව නිසා ලෝක ජනගහනයෙහි ශීඝ්‍ර වර්ධනයක් ඇති විය, විශේෂයෙන්ම 1940 සිට 1995 කාලය තුළදී ඇතිවූ හරිත විප්ලවයෙන් පසුව සිදුවූ ජනගහන වර්ධනය නිසා 2007 වර්ෂයේදී එක්‌සත් ජාතීන්ගේ ජනගහන අංශය ප්‍රකාශයට පත්කළේ 2055 වන විට ලෝක ජනගහනය බිලියන දහය ඉක්‌මවන බවයි.
මනුෂ්‍ය ජාතින්
රටවල් දෙසිය විසිතුනක ජනවර්ග දහසක් පමණ ජීවත් වේ. මිහිපිට ජීවත්වන මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩිම පිරිසක් අයත් වන්නේ හෑන් චයිනීස් (HAභ CHෂභෑSE) මිනිස් වර්ගයට වන අතර ඔවුන් ලෝක මිහිතලේ ජනගහනයෙන් සියයට දහනවයයි දශම හතයි තුනකි (19.73). ජනගහනයෙන් සියයට හයයි දශම බිංදුවයි හයක් (6.06) ස්‌පාඤ්ඤ වාර්ගික සම්භවයක් ඇති අයවලුන් වන අතර සියයට දහහතරයි දශම බිංදුවයි දෙකක් (14.02) අර්ධ සහරා සම්භවයක් ඇති කළු මිනිසුන්ය. වසර 2000 සිට 2005 දක්‌වා පස් වසර තුළ මිනිස් සංහතිය වැඩිවී ඇත්තේ මේ ආකාරයටය.
ආසියා මහාද්වීපය මිලියන 237,771
අප්‍රිකා මහාද්වීපය මිලියන 92,293
ලතින් ඇමෙරිකා මහාද්වීපය මිලියන 38,052
උතුරු ඇමෙරිකා මහාද්වීපය මිලියන 16,241
ඕෂනියා (පැසිපික් සාගරයේ)
මහාද්වීපය මිලියන 1,955
පැපුවා නිව්ගීනියා (දූපත් රටවල් 14)
මහාද්වීපය මිලියන 3,264
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනුව ලෝක ජනගහනය 114% ක වර්ධන වේගයකින් වැඩිවූ අතර එය මිලියන හැත්තෑපහක පමණ ජන සංඛ්‍යාවක වැඩිවීමකි.. බිලියන 3.8 ජනගහනයකින් යුත් ආසියානු කලාපයේ ලෝක ජනගහනයෙන් සියයට හැටක් ජීවත් වේ. චීන මහජන සමූහ ආණ්‌ඩුවේ සියයට විස්‌සක්‌ද, ඉන්දියාවේ සියයට දාහතක්‌ද ජීවත් වේ. අප්‍රිකාවේ සියයට දොලහක්‌ද, යුරෝපයේ සියයට එකොළහක්‌ද, උතුරු ඇමෙරිකාවේ සියයට අටක්‌ද, දකුණු ඇමෙරිකාවේ සියයට පහයි දශම තුනක්‌ද, ඔස්‌ටේ්‍රලියාවේ විසි එකයි දශම තුනක්‌ද ආදී වශයෙන් ජනගහනය බෙදී ඇත. ලෝක ජනගහනය 2006 වාර්තාව අනුව ජනගහනයෙන් සියයට විසිහතක් වයස අවුරුදු පහළොවට අඩු යෑපෙන ජනගහනයට අයත් ය. ශ්‍රී ලංකාවේ යෑපෙන ජනගහනය සියයට බිංදුවයි දශම තුනකි (0.03). ඉන්දියාවේ එය සියයට 17.17% වන අතර ජපානයේ සියයට 19% කි. ජනගහන විද්‍යාඥයන් පළකරන අනාවැකි අනුව ලෝක ජනගහනයේ වර්ධනය 2050 පමණ වන තෙක්‌ම සිදුවනු ඇත. ලෝකයේ මරණ සංඛ්‍යාව වසරකට බිලියන පනස් හයක් පමණ වූ අතර එම සංඛ්‍යාව 2050 වනවිට බිලියන අනූව දක්‌වා වැඩිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ජනගහන පාලනය
ජනගහන පාලනය කිරීම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ උපත් සිදුවීම අතර පරතරය පාලනය කිරීමය. මෙවැනි උපත් පාලනය කිරීමක් පිළිබඳව පළමු ලිත සාක්‍ෂි හමුවන්නේ ග්‍රීසියෙනි. ඔවුන් මැඩිටරේනියන් හා කළු මුහුද අසල ෙද්‍රdaණිවල ජනපද පිහිටුවමින් තම ජනගහනය වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීම ආරම්භ කළෝය. එමෙන්ම මව්වරුන් ගබ්සා කිරීම හා බිලිඳුන් මරා දැමීම ඔවුන් අනුගමනය කළ උපක්‍රම විය. මහජන චීන සමූහ ආණ්‌ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ එක් පවුලකට එක් දරුවකු පමණය. මෙම ප්‍රතිපත්තියෙහි අහිතකර බලපෑම වූයේ ගබ්සා සිදු කිරීම්, වඳ සැත්කම්වලට භාජන කිරීම් හා බිලිඳු ඝාතන ආදිය ප්‍රචලිත වීමය. එමෙන්ම එරට ජනගහන වර්ධනය ඇති වූයේ පිරිමි දරුවන් එකසිය දහහතරකට ගැහැනු දරුවන් සියයක් වූ අනුපාතයකිනි. ඉන්දියාවේද පවුල් සංවිධාන වැඩ සටහන් රාජ්‍ය අනුග්‍රහයෙන් පනහ සහ හැටේ දශකයේ අරඹා ඇත. එහි ජංගම පිරිමි වඳ සැත්කම් චිකිත්සාගාර නවදිල්ලියේ පදික වේදිකාවල තිබූ බවට මෙම ලියුම්කරු දැක ඇත. ජනගහනය නිසා එරට ජීවන තත්ත්වයට හා ආර්ථික සංවර්ධනයට අහිsතකර බලපෑම් ඇතිවේ යෑයි තිබූ සැකය නිසා එවැනි ජනගහන පාලන ක්‍රම දියත් කර තිබිණි. එහෙත් ජනගහන වර්ධනයේ ස්‌වාභාවිකව සීමා පවතින රටවල් වූ ප්‍රංශය, ස්‌වීඩනය වැනි රටවල් ජනගහන වර්ධනය සඳහා අවශ්‍ය දිරිගැන්වීම ලබා දේ. බදු සහන, ප්‍රසාද දීමනා, වැටුප් සහිත නිවාඩු, ළදරු සුරැකුම් මධ්‍යස්‌ථාන ආදිය ඒ අතර වේ.
ලංකාව
ශ්‍රී ලංකාවේ පළමු ජන සංගණනය 1871 දී පවත්වා ඇති අතර එවිට ලංකාවේ මුළු ජනගහනය එක්‌ලක්‍ෂ පන්දහස් තුන්සියයක් විය. ඉන් පනස් හත්දහස් හත්සියයක් පිරිමින් වූ අතර හතළිස් තුන්දහස් අටසියයක් ගැහැනු විය. ඉන්පසුව ලංකාවේ ජන සංගණනයක් වසර දහයකට වරක් පවත්වන ලදී. එකල දිස්‌ත්‍රික්‌ක දහනවයක් වූ අතර අම්පාර, පොලොන්නරුව, මොනරාගල දිස්‌ත්‍රික්‌ක පසුව එක්‌විය. ඊටත් පසුව මුලතිව් හා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ක ඇති කරන ලදී. 2001 වර්ෂයේ සිදුකළ සංගණනය දිස්‌ත්‍රික්‌ක අටක පමණක් සම්පූර්ණ වශයෙන්ද, දෙකක අර්ධ වශයෙන්ද සිදුකරන ලදී. යාපනය, මුලතිව්, කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ක යුද්ධ කෝලාහල නිසා මගහැරී ඇත. එවිට ලංකාවේ ජනගහනය එක්‌කෝටි හැටලක්‌ෂ ගණනකට ආසන්න ගනනකි. ජනගහන වර්ධන අනුපාතය සියයට 12% ක් විය. ඊට පෙර 1981 පැවැති සංගණනයට වඩා එවර 28.2 ක වර්ධන ප්‍රතිශතයක් වාර්තා විය. ගණනය කරන ලද දිස්‌ත්‍රික්‌ක දහඅටකින් දිස්‌ත්‍රික්‌ක දොළහකම ගැහැනු ජනගහනය පිරිමි අභිභවා යයි. මෙම තත්ත්වය තදින්ම දැනී ඇත්තේ මාතර, ගාල්ල, මහනුවර, ගම්පහ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කයන්ටය. පිරිමි ජනගහනය වැඩිවී ඇත්තේ කොළඹ, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල හා රත්නපුර දිස්‌ත්‍රික්‌කයන්හිය. ලංකාවේ වර්ග කිලෝමීටරයකට මිනිසුන් 342 ක්‌වූ අතර එය ඉන්දියාවේ 352.9 කි. ඉන්දියාව ලෝකයේ දෙවැනි විශාලතම රටය. බංග්ලාදේශය ශීඝ්‍රයෙන් දියුණුව කරා යන රටක් ලෙස නම්කර ඇති අතර එහි ජනගහනය වර්ග කිලෝමීටරයකට 1,055 කි. ජපානය ජනගහන වර්ධනයක් නොමැති රටක් ලෙස සැලකේ. ලංකාවේ ජනගහනයෙන් සියයට තිස්‌දෙකයි දශම නමයක් (32.9) හෙවත් තුනෙන් පංගුවකට ආසන්න සංඛ්‍යාවක් වයස දහඅටෙන් පහළය. වර්ෂ 2001 දී දිස්‌ත්‍රික්‌ක දහඅටක සිදු කරන ලද ජන සංඛ්‍යා ලේඛන අනුව මුළු පිරිමි සංඛ්‍යාවට වඩා ස්‌ත්‍රී සංඛ්‍යාව 177,961 කින් වැඩිය. ප්‍රමිති අනුපාතය (Seං Raඑසද) යනුවෙන් ජනගහන විද්‍යාඥයින් හඳුන්වන මෙය ස්‌ත්‍රීන් සියයකට සිටින පුරුෂ සංඛ්‍යාවක හැඳින්වීමේ මිනුමකි. ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් ග්‍රාමීය ජනගහනයයි. සියයට 5.3 ක් වතු ජනගහනය වේ. ලංකාවේ අවුරුදු දහ අටට අඩු ජනගහණය වූ 60,6082 කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර අඩුම සංඛ්‍යාව 124,723 වාර්තාවන්නේ පොලොන්නරුවෙනි.
0 Comments