කුරුසයේ තබා ඇණ ගැසීම අතීතයේදී රජයට විරුද්ධ වුණු පුද්ගලයින් වෙනුවෙන් ලබා දුන් ඉතාම අමානුෂික දඬුවමකි’ කුරුසයට තබා ඇණ ගැසීමට පෙරාතුවත් වරදකරුගේ සම ඉරී රුධිරය ගලන තෙක් කස පහර දෙන අතර එයින් අනතුරුව කුරුසයට තබා අත් සහ කකුල් දෙකට ඇණ ගැසීම සිදු වේ’ වරදකරු රුධිරය ගැලීම සහ විජලනයට පත් වීම නිසා මරණයට පත් වේ’ පුළුස්සා මරණයට පත් කිරීමත් අතීතයේ පැවැති දැඩි දඬුවම් ක‍්‍රමයකි’ මෙහිදී වරදකරු හරහට බැඳ ඇති පොල්ලක එල්ලා යටින් ගින්දර පත්තු කරන අතර වරදකරු තදින් පොල්ලේ ගැට ගසා ඇති බැවින් ඔහුට එහා මෙහා වීමට පවා නොහැකිය’ මරණය පෙනි පෙනී ගින්නෙන් දැවීම හැර වරදකරුට ගැලවීමක් නොමැත’ ඊට සමාන අන්දමින්ම උනු වතුර හෝ තෙල් භාජනයකට වරදකරු බහා ඒ පිළිස්සුම් තුවාල වලින්ම මරණයට පත් කරවන දැඩි දඬුවම්ද අතීතයේ පැවැති බැව් වාර්තා වේ’ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අනුව වරදකරු ගේ සිරුරේ තැනින් තැන සම සහ මස් කැබැලි වශයෙන් ඉරා ඉවත් කරනු ලැබේ’ එහිදී ඇති වෙන වේදනාවේ කම්පනය සහ රුධිර වහනය නිසා වරදකරුගේ මරණය සිදු වේ’ මෙම දඬුවම ‘ලිංග්වි’ යනුවෙන් හැඳින්වෙන අතර චීනයේදීත් මේ අමානුෂික වධ හිංසනය බහුලව භාවිතා වී තිබේ’ චීනයේදී මෙම දඬුවම ඉංගි‍්‍රසියෙන් හඳුන්වනු ලැබුවේ Death by a Thousand Cuts’ යනුවෙන්ය’ 10 වන සියවසේ සිට පැවැති මෙම දඬුවම් ක‍්‍රමය 1905 වසරේදී තහනම් කරන ලදී’
රෝමයේ කොලෝසියම් රංග පීඨයේ පැවැත්වුන සිරකරුවන් සිංහයින් සමග සටන් වදින අවස්ථාවන් ගැන ප‍්‍රදර්ශනාත්මක චිත‍්‍ර ඔබටත් දැක හුරු පුරුදු ඇත’ එය සෙල්ලමක් පමණක් නොව රෝමයේ වරදකරුවන්ට ලබා දුන් එක්තරා ආකාරයක දඬුවමකි’ වරදකරු සිංහයින්ට ගොදුරු ලෙස ලබා දීම රෝම ශිිෂ්්ටාචාරයේ පැවැති එක්තරා ආකාරයක දඬුවමකි’ එසේම දකුණු ආසියානුවන් අලියන්ට පාගා වරදකරුවන් මරණයට පත් කළ බවට වාර්තාවන් තිබේ’ සම ඉරා මරණයට පත් කිරීම වෙනුවෙන් වූ දඬුවම් ක‍්‍රමයේදී ‘‘රැුක් ’’යනුවෙන් හැඳින්වෙන විශේෂ උපකරණයක් ආධාරයෙන් වරදකරුගේ අත් සහ කකුල් කැරකැවෙන ලීවරයකට ගැට ගසනු ලැබේ’ එයින් අනතුරුව ලීවරය දෙපැත්තෙන්ම කරකවමින් සිරුර ඉහළට සහ පහළට අදිනු ලැබේ’ මේ වෙනුවෙන් අශ්වයින් යොදා ගැනීමෙන් වරදකරු තව තවත් වේදනාවට පත් වේ’ අශ්වයින්ට වරදකරුගේ අත් සහ පාද සම්බන්ධ කර අශ්වයාට කස පහර දෙන විට ඔවුන් ගේ වේගය වැඩි වේ’ එම වේගය නිසා වරදකරුගේ සිරු කොටස් සතරකට ඉරී යන්නේ දරා ගත නොහැකි වේදනාවක්ද සමගයි’ 5 වන සියවසේදී ගී‍්‍රසියේ වරදකරුවන් වෙනුවෙන් තඹ උඳුනක් සකස් කර තිබුණි’ මේ උඳුන ගවයෙකුගේ ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර එහි උදර ප‍්‍රදේශයේ තිබූ දොරෙන් වැරදිකරු ඒ තුළට දමා ගින්දර ගසන විට තඹ උඳුන රත් වේ’ රත්වෙන ලෝහයෙන් දැවෙන වරදකරු ඇතුළතින් නගන මරණයේ විලාපය පිටට සිටිනා අයට ඇසෙන්නේ ගවයා නාසයෙන් පිට කරන සංගීතයක් ලෙසින්ය’ සිංහල රජ කාලයේ පැවැති උල තැබීම ගැන අපි දැනටත් අසා සිටින්නේ එයින් දැනෙන වේදනාව ගැන ඇති සංවේදී හැඟීමත් සමගයි’ මේ අමානුෂික දඬුවම සිංහලයේ පමණක් නොව ස්පාඤ්ඤ සහ ඉතාලි ජාතිකයින් අතරත් පැවැති බවට සාක්ෂි තිබේ’ සිංහල දඬුවම් සඳහා උල් ලීයක් යොදා ගත්තද’ ඉහත නම් සඳහන් රවල් විසින් ඒ වෙනුවෙන් උල් පිරමිඩයක් සහිත උලක් යොදා ගත අතර එය‘‘ජුදාස් කේ‍්‍රඩල්’’ නමින් හැඳින්විය’
පුන්‍යා චාන්දනී ද සිල්වා
Listverse - ඇසුරිනි