කොටි කොහොමත් සැරය. රෞද්‍රය. මාංශභක්‍ෂකය. තනියෙන් අහු වුණොත් සමාවක් නැත. එහෙත්, ආඩම්බරයෙන් කිව හැක්කේ වනජීවී සංරක්‍ෂණයේ පිහිටෙන් ”කුමන” අද කොටින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බවය. අතීතයේ කුරුලූ පාරාදීසයක් ලෙස ප‍්‍රකට කුමන අද කොටින් හොඳින් දැක ගත හැකි ප‍්‍රකට වනෝද්‍යානයකි.
කුමන ජාතික උද්‍යානය තුළ ඉකුත්දා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට උද්‍යානයේ මාර්ග අළුත්වැඩියාවේ යෙදී සිටි කම්කරු පිරිසකට සිදු විය. ඒ උද්‍යාන මූලස්ථානයේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුරින් වූ බාගුරේ ප‍්‍රදේශයේදී හදිසියේ ‘කොටියකු. කඩා පැන එක් කම්කරුවකු ඩැහැගෙන යෑමය. වැඩ නිමා වීමට තවත් පැය භාගයක් පමණ ඉතිරිව තිබියදී, මාර්ග ප‍්‍රතිසංස්කරණයේ යෙදී සිටි කම්කරුවන් පස්දෙනකු, දෙදෙනකු හා තිදෙනකු වශයෙන් සමීපයේ රැඳී සිටියදී මෙසේ කොටියාගේ ප‍්‍රහාරයට ගොදුරු වූ අතර, කොටියාගේ ගොදුරක් බවට පත්වූ තම සගයා බේරා ගැනීමට අනෙකුත් කම්කරුවන්ට ඉඩ ප‍්‍රස්ථාවක් නොවීය. අනපේක්‍ෂිතව පසුපස කැළෑවෙන් පැමිණි කොටියා එක්වරම වනාන්තරයට පිටුපා වාඩිවී සිටි එක් කම්කරුවකු ඩැහැ ගන්නා මොහොතේදී අනෙකුත් කම්කරුවන් වික්‍ෂිප්ත වූ අතර එක් කම්කරුවකු කොටියාට තම අත වූ උදැල්ලෙන් පහර දුන්නත් කොටියා තම ගොදුර අතනෑරම වනාන්තරයට වැදුණු බව එහි සිටි සහෝදර කම්කරුවෝ පැවසූහ.
මේ මොහොතේ කළ හැකි අන් දෙයක් ඉතිරි කම්කරු සගයන්ට නොමැති විය. කොටියා තරමක් දුරට හඹා ගියත් ත‍්‍රාසයෙන් තැති ගෙන සිටි කම්කරුවෝ තවදුරටත් ඒ අනතුරේ නොවැටී වහා මාර්ගයට පිවිස සිදුවූ අනතුර තම අනෙකුත් සගයන්ට හා කුමන උද්‍යාන මූලස්ථානයේ (වනජීවී* නිලධාරීන්ට දැනුම් දීමට වහා කටයුතු කළහ. අවාසනාවකට මෙන් එහි ජංගම දුරකථන සඳහා ”සිග්නල්” තිබුණේද නැත.
සිග්නල් අසුවන ඉසව්වකට දිව ගිය කම්කරුවෝ මේ බව හැකි ඉක්මණින් කුමන උද්‍යාන මූලස්ථානයට දැනුම් දුන්හ. තම සගයා කොටියකුට බිලිවූ බවත්, බේරා ගැනීමට නොහැකිවූ බවත්, ඔවුහු වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්හ.
ආරංචිය ලබාගත්ත ද ඒ වනවිට උද්‍යාන මූලස්ථානයේ රාජකාරි වාහනයක් තිබුණේ නැත. වහ වහා කි‍්‍රයාත්මක වූ උද්‍යාන නිලධාරීන් කිහිපදෙනකු උද්‍යාන ගේට්ටුව අසළ තිබූ සමීරගේ සෆාරි ජීප් රථයට කතා කළේය. සිදුව ඇති අනතුර ගැන පවසා වහාම උද්‍යානය තුළට යන්නට ඔහුගේ ජීප් රියට නැඟුණහ. හෝරාවක් පමණ ඇතුළත වනජීවී නිලධාරීන්ගේ ජීප් රථයෙන් බාගුරේ දිවුල්පල්ලම, බඹරගස්තලාව පාර වැටී ඇති හන්දියට ළඟා වූයේ අනතුරට පත් කම්කරුවා පිළිබඳව බලාපොරොත්තු ඇතිවය.
එහෙත්, කම්කරුවෝ විලාප තබමින් පැවසුවේ තම සගයා සොයාගත නොහැකි බූ බවය. වහ වහා රථයෙන් බැසගත් නිලධාරීන් කම්කරුවන් පෙන්වූ ඉසව්ව බලා ගමන් ගත්තේ අවියක්ද අතදරාගෙනය. මඳක් වනාන්තරය තුළට යනවිට කොටියා ඩැහැගෙන ගිය කම්කරුවාගේ සිරුර දැකගන්නට ඔවුන්ට හැකිවූ අතර, ඒ වනවිටත් මියගොස් සිටි ඔහුගේ සිරුර පුරා කොටියාගේ දත් පහරවලින් තුවාල තිබූ අතර. හිස ප‍්‍රදේශයට දරුණු තුවාල සිදුවී තිබිණි. දරුණු තුවාල සහිතව වැටී සිටි කම්කරුවාගේ සිරුර එහි වුවත්, ආසන්නයේම ගොදුර හිමි කොටියා සැඟව ඇති බවට වනජීවී නිලධාරීන් කම්කරු පිරිසට අනතුරුද ඇඟවූහ. කම්පනයට පත්ව සිටි කම්කරුවන් වහ වහා යළිත් මාර්ගයට පිවිසුනු අතර වනජීවී නිලධාරීන් ද අනතුරු සහිත මෙම ස්ථානයේ රැඳී සිටියදී සෆාරි ජීප් රථයේ රියැදුරු සමීර මඳක් එම පෙදෙසෙන් ඉවත්ව සිද්ධිය පිළිබඳව තමන්ගේ දුරකථනයෙන් ඡායාරූප ගනිමින් සිටියහ. එකවරම සිදුවූයේ කවුරුත් අපේක්‍ෂා නොකළ දෙයකි. සැඟව සිටි කොටියා යළිත් තම ගොදුර වෙත පැන්නේය. මෙවර ඊට බිලිවූයේ සෆාරි ජීප් රථ රියැදුරු සමීරය. සමීරගේ බෙල්ලටම පැන්න කොටියා තදින් ඔහුගේ බෙල්ල අල්ලා ගත්තේය. ඔහුට බේරෙන්නට තියා කෑගසන්නටවත් නිමේෂයක් කොටියා ලබා දුන්නේ නැත. හොඳ වේලාවට එහි පිරිස රැඳී සිටි බැවින් කොටියා පළවා හරින්නට නිලධාරීන් සමත් වූහ. එහෙත් සෆාරි රියැදුරා ගෙලෙන් ලේ විදින තුවාල සහිතව මහපොළොව මත ඇදගෙන වැටුණේය. වහ වහා ඔහුව ඔහුගේම ජීප් රථයට දමාගත් නිලධාරීහු හා කම්කරුවන් කිහිපදෙනෙක් හැකිතාක් වේගයෙන් කිලෝමීටර් 10 ක් ගෙවා උද්‍යාන මූලස්ථානයටත්, තවත් සැතපුම් තිස් හතරක් ගෙවා පොතුවිල් නගරයටත් පැමිණ තවාලකරු පොතුවිල් රෝහලට ඇතුළත් කළහ. අනපේක්‍ෂිත මොහොතක අනපේක්‍ෂිත සිද්ධීන් දෙකක් සිදුවූයේ එලෙසිනි. තුවාලකරුගේ තත්ත්වය තරමක් අයහපත් වූයෙන් මූලික ප‍්‍රතිකාරවලින් පසු ඔහු දැන් අම්පාර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.
මියගිය කම්කරුවා පොතුවිල් - කෝමාරි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෞද්ගලික කොන්ත‍්‍රාත් සමාගමක කම්කරුවකු ලෙස සේවය කළ ඔහු උද්‍යානයේ මාර්ග පිළිසකර කාර්යයේ නිරතව සිටියේය.
කුමන ජාතික උද්‍යානය ‘කොටින්. සඳහා ප‍්‍රකට වනෝද්‍යානයකි. යාල, විල්පත්තුව තරම්ම හරි හරියට කොටි දැක බලා ගන්නට කුමනදී හැකි නිසාම, සංචාරකයෝ ද වන සත්ත්වලෝලීන් ද, වනජීවී ඡායාරූප ශිල්පීහුද නිරන්තරයෙන් කුමන වනෝද්‍යානයට යති. කලක් ‘දෙපා කොටින්ට. ප‍්‍රචලිතව තිබූ කුමන ජාතික උද්‍යානය, යුද්ධයේ නිමාවෙන් පසු ඉතා හොඳින් වනජීවී නිලධාරීන් විසින් සංරක්‍ෂණය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් හොඳ කොටි ගහනයක් කුමන වෙසේ, එම ගණන 25 -30 ක් බවද කියනු ලැබේ. යුද්ධය පැවැති සමයේදී වනාන්තරය තුළ සිදුවූ බාධා කිරීම නිසා මෙහිදී බෙහෙතකටවත් කොටියකු දැක ගැනීමට අපහසු කාලයක්ද තිබිණි. එහෙත්, අද එහි යන බොහෝ වනසත්ත්ව ලෝලීන්ගේ අරමුණ නම් ‘කොටි. දැකීමය. කොටියා නොහොත් ‘ශී‍්‍ර ලංකානු දිවියා. ගේ සැලකිය යුතු ගහනයක් ශී‍්‍ර ලංකාවෙන් හඳුනාගත හැකිය. ඉන් බහුතරය ඉතා පැහැදිලිව දැක බලා ගත හැක්කේද, ඡායාරූපගත කළ හැක්කේද? යාල, විල්පත්තුව හා කුමනදී පමණි. තෙත් - උඩරට කලාපීය කොටින් සැලකියයුතු ප‍්‍රමාණයක් හෝර්ටන්තැන්න, හග්ගල, නුවරඑළිය රක්‍ෂිත ප‍්‍රදේශවල මෙන්ම තවත් කොටසක් මැදරට හන්තාන, ගම්පොල, දෙල්තොට, ගලහ වැනි ප‍්‍රදේශවලත් දිවිගෙවෙතත් මොවුන් බොහෝවිට විවෘත පරිසරයේ දැක ගත නොහැක. මැදරට කලාපයේ පෙර දැක්වූ ප‍්‍රදේශවල කොටියන් තේවතු ආශි‍්‍රතව බල්ලන්, හරකුන්, එළුවන් මරා දැමූ අවස්ථා වාර්තා වන අතර උඩරටදී සැඟව සිට මිනිසුන්ට පහර දුන් අවස්ථා ද වේ.
එහෙත්, කුමන වැනි වනෝද්‍යාන වන සතුන්ගේ වාසයටම වෙන් කෙරුණු අභයභමිය එවන් ස්ථානයකදී වන සතුකට කවරකු හෝ ගොදුරුවන්නේ නම් එහි වරද එම වනසතාට බැර කළ හැකි නොවේ. වනෝද්‍යාන තුළදීඅලි ඇතුන්ගේ පහරදීම්, කොටියන්, වලසුන් සපාකෑම් මීට පෙරද වාර්තා වී ඇත. බොහෝ විට වනජීවී නිලධාරීන් වළසුන්ගේ පහරදීම්වලට ලක්වූ අවස්ථා විල්පත්තුව, යාල හා කුමන ප‍්‍රදේශවලින් වාර්තා වී ඇතත්. කොටියකුගේ පහරදීමකට හෝ ඩැහැගෙන යෑමකට යමකු ලක් වන්නේ නම් ඒ ඉතාම දුර්ලභ අවස්ථාවකි. මීට පෙර යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක ප‍්‍රදේශයේදී පාද යාත‍්‍රාවේ පැමිණ කතරගම බලා ගිය දමිළ කාන්තාවකට කොටියකු කඩාපැන්න අවස්ථාවක් ගැන වාර්තාවක් ඇත. එසේ නොමැතිව වනෝද්‍යානයක් තුළින් මෙවන් පහරදීමක් වාර්තා නොවේ. සුප‍්‍රකට ‘පුනානි. කොටියා මිනීමස් අනුභවයට පුරුදුව සිටි කොටියකු ලෙස ඉතිහාසයේ සඳහන් වේ.
එවන් තත්ත්වයක් තුළ ඉකුත් දා කොටියකු විසින් කුමනදී කම්කරුවකු මරාදැමීම ශී‍්‍ර ලංකාවේ වනජීවී ඉතිහාසයේ වාර්තාගත සිද්ධියකි. එකී පරීක්‍ෂණයට සහභාගි වූ සෆාරි ජීප් රථ රියැදුරකු ද දෙවැනි වරටත් එම කොටියාගේම හෝ වෙනත් කොටියකුගේ ගොදුරක් බවට පත් විය. මෙය සැබැවින්ම අවාසනාවන්ත සිදුවීමකි. එහෙත් අපට කියන්නට ඇත්තේ මේ සිද්ධියත් සමඟ කුමන ජාතික උද්‍යානය කොටින් සඳහා තවත් ප‍්‍රකට අභයභමියක් බවට පත්වූ බවය. කොටි කොහොමත් සැරය. රෞද්‍රය. මාංශභක්‍ෂකය. තනියෙන් අහු වුණොත් සමාවක් නැත. එහෙත්, ආඩම්බරයෙන් කිව හැක්කේ වනජීවී සංරක්‍ෂණයේ පිහිටෙන් ”කුමන” අද කොටින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බවය. අතීතයේ කුරුලූ පාරාදීසයක් ලෙස ප‍්‍රකට කුමන අද කොටින් හොඳින් දැක ගත හැකි ප‍්‍රකට වනෝද්‍යානයකි.
කවුද මේ ‘කොටියා.?
කොටියා යනු බිළාල පවුලේ විශාල සාමාජිකයකු හැඳින්වීමට යොදනු ලබන සිංහල නමකි. සිංහල වදනකි. කොටියා යන වදන සංස්කෘත පාලි දමිළ හෝ වෙනත් භාෂාවක භාවිත වූ බවට කිසිදු සාක්‍ෂියක් නැත. එසේ හමුනොවේ. එහෙත් එය සිංහල භාෂාවේ භාවිත වූ බවට සාක්‍ෂි තිබේ. කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවේ යන්න සිංහලේ ප‍්‍රකට කියමනකි. කොටියා මහ කොටියා යන්නෙන් හැඳින්වූ පැරැණි සිංහල පළාත් කොඩියක්ද වේ. එහි දැක්වෙන්නේ පුල්ලි සහිත විශාල බිළාලයින් දෙදෙනකු දැක්වෙන රූපයකි. කොටියන් කෑම වැනි ජන ක‍්‍රීඩාද උඹ කොටියාම කන්න යැයි අම්බරුවන්ට කියන ජනවහරද අප අසා ඇත. ඒ හැරෙන්නට වෙනත් භාෂාවක කොටියන් හමුනොවේ. මේ භාවිතයන් සමග හා කලක් තිස්සේ අප රටේ වෙසෙන්නේ පුල්ලි සහිත විශාල බිළාලයන් නිසා කොටියා ලෙස භාවිත වී ඇත්තේ ශ‍්‍රී ලංකානු දිවියාට බව පැහැදිලි කරුණකි. ඒ බව භාෂා පර්යේෂණ මගින්ද සනාථ කෙරී ඇත. එසේ හෙයින් කොටියා යනු ශ‍්‍රී ලංකාවේ දිවියා මිස අන් සතෙකු නොවේ. අපේ රටේවත් නැති ව්‍යාඝ‍්‍රයාට Tiger කොටියා යන්න යෙදීම සාධාරණද නොවේ. මේ පිළිබඳව දිගින් දිගටම පෙන්වා දුන් අප රටේ විසූ කීර්තිධර ප‍්‍රාග් මානව හා පුරාසත්ව විද්‍යාඥයකුවූද, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරය දැරුවා වූද ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා විසින් යෝජනා කර ඇත්තේ ශ‍්‍රී ලංකානු දිවියා ශ‍්‍රී ලංකාවට පමණක්ම ආවේණික දිවියන්ගේ උප විශේෂයක් වන බව හා ජනවහරේ එන කොටියා යෙදුම මෙම දිවියාගේ උප විශේෂ නාමය සඳහා එක් කළ යුතු බවය. ඒ අනුව දැරණියගල මහතා විසින් ශ‍්‍රී ලංකාවේ දිවියාට නොහොත් කොටියාට එම නම්ද එකතු කර විද්‍යාත්මක නාමකරණය සිදුකර ඇත. ඒ අනුව ලොවපුරා දිවිගෙවන දිවියාට හිමි Panthera Pardus යන විද්‍යාත්මක නමට Kotiya යන නමද එකතු කර (Panthera Pardus Kotiya) ලෙස උප විශේෂ නාමකරණය සිදුකර ඇත. අදටත් භාවිත වන්නේ එම විද්‍යාත්මක නාමයයි. එබැවින් ලංකාවේ හැර ලොව කොහේවත් කොටි නැත. ඉන්නේ ලංකාවේ පමණි. වැරදි වහරන්නන් ඒ බව දත යුතුය. Tiger යනු ව්‍යාඝ‍්‍රයා මිස කොටියා නොවේ.
ජගත් කණහැරආරච්චි
කුමන කොටින්ගේ ඡායාරූප - චමින්ද ජයසේකර