බෝදිලිමා කොහොම සතෙක්‌ද?


පිරිමින්ට වෛර කරන ගැහැනුන්ට බිය බෝදිලිමා යනුවෙන් ඉකුත් 26 වැනිදා ඉරිදා සංග්‍රහයේ සියපත පිටුවක ලිපියක්‌ දුටුවෙමි.මෙම ලිපියේ බෝදිලිමා කුමන සතෙක්‌දැයි පැහැදිලිව පේනවා තිබුණේ නැත. නමුත් ඌ රාත්‍රි කාලියේ එළිබසින, අප්‍රියජනක හඬක්‌ නඟන, යම් ලෙසකින් ඌට වෙඩි තැබුවොත් දැකිය හැක්‌කේ කටුස්‌සෙකු යන කරුණුවල සත්‍යතාවක්‌ ඇත. කෙසේ වෙතත් බෝදිලිමා වෙස්‌මාරුකරන සතෙකු නම් නොවේ.

අප රටේ ඇතැමුන් බෝදිලිමා නොහොත් බෝදිලියා දැක තිබෙන්නට පුළුවන. නමුත් ඒ බෝදිලිමා යෑයි වටහා ගැනීමේ හැකියාවක්‌ නොතිබෙන්නට ඇත්තේ ඌ ගැන හරි විස්‌තරයක්‌ නොදැනීම නිසා විය හැක.බෝදිලිමා කටුසු වර්ගයට අයත් කුඩා සතෙකි. පිලිපීනයේ මෙම සතා කෑගසනු බොහෝ විට ඇසේ. එහෙත් දැකිය හැක්‌කේ කලාතුරකිනි. එයට හේතුව ඌ කලඑළි බසින්නේ රාත්‍රි කාලයේ නිසයි.

බෝදිලිමා කෑගසන හඬ ටොකෝ - ටොකෝ කියා මට ඇසුනද පිලිපීනුවන්ට ඇසෙන්නේ තොකෝ තොකෝ - තොකෝ යනුවෙන් නිසා ඔවුන් මේ සතාට කියන්නේද තොකෝ කියායි.කන් බිහිරි කරවන තරමේ උගේ කෑ ගැසීම ඇතැම් විට සැතපුම් කාලක්‌ භාගයක්‌ තරම් දුරකට ඇසේ.

මා පිලිපීනයේ සැන් ක්‍රිස්‌තෝබල් ගමේ සිටියේ සැන් ක්‍රිස්‌තෝබල් විදුහලේ කාමරයකයි. එහි මුළුතැන්ගේ මේ හඬ පළමුවරට ඇසී ඒ ගැන විමසූ විටයි ඌගේ තරම දැනගත්තේ. ඉන් පසු මාද පසු වුණේ තරමක බියකිනි.

ඔවුන් පවසන හැටියට තොකෝ මිනිසාට ඉතා බිය දක්‌වන සතෙකි. බොහෝ විට හැංගී ජීවත්වන්නේ ඒ නිසයි. නමුත් යම් ලෙසකින් ඌට මිනිසා මඟ හැර යැමට නොහැකි වුවොත් ඌ ඇඟට පැන මිනිස්‌ සිරුර තදින් ග්‍රහණය කර ගනී. උගේ දික්‌ වක්‌වූ නිය සම මස්‌ පසා කරගෙන ඇතුළට කි¹ බසියි. එවිට ඉන් මිදීමට ඌට පවා අපහසුය. ඌ ගලවා දැමීමට තව අයෙකුගේ උදව්ව අවශ්‍ය වේ. ඇතැම් විට ඌ මිනිස්‌ සිරුර සපා කයි. එහෙත් ලේ උරා බීමක්‌ සිදු නොකෙරේ. මේ හේතුව නිසා පිලිපීන්නු පවා තොකෝට බිය දක්‌වති.

වරක්‌ ඉහත කී පාසලේ පංති කාමරයක තොකෝවෙක්‌ සිටිනු දුටු පංති කාමරයේ ළමුන් පමණක්‌ නොව දෙදහසකට ආසන්න මුළු පාසලේම ළමුන් කලබල වූහ. පසුව ඌ මරා දැමීය.

අඟල් 4 1/2 ක්‌ පමණ වූ මේ සතා කටුස්‌සෙක්‌ නේදැයි මට සිතුනි. වෙනසකට දුටුවේ තියුනු වක්‌වුණු නිය පමණි. පාට බොර පැහැයෙන් යුතුයි.

මෙම සතා මිනිස්‌ සිරුරට පැන ලේ උරා බොන බවත්, ගැහැනුන්ට පමණක්‌ බිය බවත් යන කියමන් මුසාවකි.

බෝදිලිමා වෙස්‌ මාරුකරන හොල්මන් සතෙකු යෑයි මේ රටේ අය තුළ ඇති මතය සහමුලින්ම මුසාවකි.

මේ සතා ගැන කට කතා පැතිර ඇත්තේ ඌ කලාතුරකින් දැකිය හැකි නිසාය.

පිලිපීනයේ පවා මෙම සතාගෙන් පිඩාවක්‌ විඳි තොරතුරක්‌ නම් අසන්නට ලැබනේ නැත. මිනිසෙකු දුටු මීයෙකු ක්‍ෂණිකව සැඟවෙන්නාක්‌ මෙන් මෙම සතාද සැඟවේ. රාත්‍රියේ පමණක්‌ ගොදුරු සොයා යයි.

බෝදිලිමා ගැන අප දරන පුහු බිය හා තොරතුරු ඉදිරි පරපුරට පැවැසීමෙන් වැළකී සිටීම වැඩිහිටි කාගේත් වගකීම විය යුතුයි.

කුණ්‌ඩසාලේ ජයවීර බණ්‌ඩාර අතපත්තු

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us