අනේ මට කරදරයක් කරන්න එපා. ශාන්තිනී බැගෑපත් වූවාය. එහෙත් කුගදාසන් හැසිරුණේ අමු තිරිසනකු ලෙසය. වසර ගණනක් තිස්‌සේ තමන් ආදරය කළ බිරිඳ ඔහුට පෙනුණේ යක්‍ෂණියක් ලෙසය. ඔහු සිය බිරිඳගේ මුහුණ පොඩිවනතුරු පහර දුන්නේය.
කුගදාසන්ගේ සිත යකාගේ කම්මල මෙන් විය. ශාන්තිනී ගැන සිහිවන වාරයක් පාසා ඔහුගේ සිතට නැඟුණේ දැඩි කෝපයකි. කළ යුත්තේ කුමක්‌ද යන්න සිතා ගැනීමට තරම් ශක්‌තියක් කුගදාසන්ට තිබුණේ නැත.
"මම මේ ගෑනිටයි දරුවටයි කොච්චර ආදරේ කළාද, ඒත් ඒකි මට ෙද්‍රdaහි වුණා. මේ ගෑනිට මගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ."
කුගදාසන් සිය වෛරය පිට කර ගත්තේ ශාන්තිනීගෙන් පළිගන්නා ෙච්තනාව සිතට නඟාගෙනය. ශාන්තිනී අනියම් සම්බන්ධතාවක් පවත්වන බව දැනගත් දා සිට ඔහු හැසිරුණේ සිහි විකල්වූවකු ලෙසය. කුගදාසන් හැදී වැඩුණේ යාපනය ප්‍රදේශයේ ය. යාපනය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකින් අපොස උසස් පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබූ ඔහු මුල්ම රැකියාව ලෙස කළේ පෞද්ගලික ආයතනයක සහාය ගබඩා පාලකයකු ලෙස සේවය කිරීමය.
1984 වර්ෂයේදී විවාහ වූ කුගදාසන් වසර දහයකට ආසන්න කාලයක් සිය බිරිඳ සමග සමගියෙන් සමාදානයෙන් පවුල් ජීවිතයක් ගත කළේය. ඒ වනවිට ඔහු දරුවන් තිදෙනකුගේ ආදරණීය පියකු විය. එහෙත් ප්‍රශ්න කීපයක් මත කුගදාසන්ගේ මුල් විවාහය දෙදරායැමට එතරම් කාලයක් ගත වුණේ නැත.
සිය බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන්වූ කුගදාසන් දරුවන් තිදෙනාගේ අයිතිය තමන් වෙත ලබා ගත්තේය.." දරුවන් තිදෙනා සිය මව්පියන්ගේ රැකවරණය යටතේ තැබූ කුගදාසන් රැකියාවද කරගෙන යාපනය චාවාකච්ෙච්රියේ ජීවත් වූවේය. ශාන්තිනී කුගදාසන් මුණගැසෙන්නේ මේ කාලවකවානුවේ ය. 90 දශකය මුල් කාලසීමාව වනවිට උතුර ප්‍රදේශයේ කොටි ත්‍රස්‌තවාදීන් සහ ආරක්‍ෂක අංශ අතර දරුණු සටන් ඇවිලෙමින් තිබිණි. ඒ කාලසීමාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්වීම පවා ඉතාම භයානක තත්ත්වයක් විය.
කුගදාසන් ශාන්තිනී දැන හඳුනා ගැනීම විවාහයක් දක්‌වා දුරදිග යැමට එතරම් කාලයක් ගත වූයේ නැත. 1993 වර්ෂයේදී දෙවැනි විවාහය කරගත් කුගදාසන් සිය බිරිඳ සමඟ යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශයේ පදිංචිවූවේය.
යුදමය තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබිණි. උතුර ප්‍රදේශයේ දෙමළ තරුණයන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගැනීම දිගින් දිගටම සිදු විය.
මම ලංකාවෙ හිටියොත් එල්. ටී. ටී. ඊ. එකට මාව බලෙන්ම බඳවා ගන්නවා. ඒ නිසා මම පිටරට රස්‌සාවකට යනවා. මෙහෙ ඉන්න එක එතරම් ශුභ නැහැ.
කුගදාසන් සිය ආදරණීය බිරිඳට කීවේය.
ඇය ද ඊට එකඟ වූවාය. සිය දෙවැනි බිරිඳගේ ආශිර්වාදය මත කුගදාසන් ඩුබායිහි රැකියාවකට ගියේ 1994 වර්ෂයේදී ය. විවාහ වී වැඩිකල් නොගොස් සිය සැමියාගෙන් වෙන්වීම ශාන්තිනීට දැරිය නොහැකි දුකක් වූවාය. අනේ මට මෙහෙට වෙලා තනියම ඉන්න බැහැ. මාවත් ඔයා ඉන්න රටට ගන්න. මෙහෙ තත්ත්වයත් හොඳ නැහැ. කොයි වෙලාවෙ යුද්දෙ දරුණු වෙයිද දන්නේ නැහැ.
ශාන්තිනී සිය ආදරණීය සැමියා වූ කුගදාසන් ට නිතර නිතරම මේ බව කියමින් ලිපි යෑව්වාය. කුගදාසන්ට ද සිය බිරිඳ කෙසේ හෝ තමන් ළඟට ගැනීමට අවශ්‍ය විය. කෙසේ හෝ කුගදාසන්ගේ ප්‍රයත්නය සාර්ථක විය. 1995 වර්ෂයේදී ඔහු සිය ආදරණීය බිරිඳ ඩුබායි රටට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.
"මට හැමදාම ඔයා ළඟ ඉන්න ඕනේ. අපි දරුවෙකුත් හදාගෙන මෙහෙට වෙලා ඉමු.
කුගදාසන් සිය දෙවැනි බිරිඳට කීවේය. ඔහු දරුවන්ට දැක්‌වූයේ අසීමිත සෙනෙහසකි. මුල් විවාහයේ දරුවන් තිදෙනාට ද කිසිදු අගහිඟකමක්, දුකක් නොදීමට කුගදාසන් හැමවිටම වග බලා ගත්තේය. ඔවුන්ගේ වියදමට අවශ්‍ය මුදල් මාස්‌පතා යෑවීමට ඔහු හැමවිටම කටයුතු කළේ ඒ නිසාය.
කුගදාසන් ඩුබායිහි රැකියාව කළේ සිත සතුටින්ය. ශාන්තිනීත් බොහොම සොම්නසින් කාලය ගත කළාය. මේ දෙදෙනාගේ ආදර කැදැල්ලට තුන්වැනියකු එකතු වූයේ මේ කාලවකවානුවේදීය.
1996 වර්ෂයේදී රවී උපත ලැබුවේ ඩුබායිහි පෞද්ගලික රෝහලකය. අලුත උපන් දරුවාට කුගදාසන් දැක්‌වූයේ පුදුමාකාර ආදරයකි. රවීට අවශ්‍ය සියලු සැප සම්පත් ලබාදීමට ඔහු හැමවිටම කටයුතු කළේය.
කාලය කෙමින් ගලා යන්නට විය. ඩුබායිහි රැකියාවක් කරන අතරතුර දරු පවුලක් නඩත්තු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. පුංචි පුතා ලොකු මහත් වන විට ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ද කුගදාසන් සැලසුම් කළේය. එහෙත් ඒ සියලු සැලසුම් ඩුබායි සිට කිරීම අපහසු විය.
ශ්‍රී ලංකාවේ හොඳ ඉස්‌කෝල තියෙනවා. අපි රවීට හොඳට උගන්වමු. එයාව හොඳ ඉස්‌කෝලෙක දාමු.......
කුගදාසන් ශාන්තිනී සමඟ නිතර නිතර මේ ගැන කතා කළේය. කුගදාසන්ගේ අරමුණ වී තිබුණේ ශාන්තිනී සහ පුංචි රවී සමග ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමය.
1998 වර්ෂයේ අගභාගයේදී ඔහු සිය පවුල ද කැටිව ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ ඩුබායිහි රැකියාවටද සමු දෙමින් ය. ඒ වනවිට යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශය ඉතාම අනාරක්‍ෂිත ප්‍රදේශ බවට පත් වී තිබිණි. ගමට යැම අමතක කර දැමූ කුගදාසන් සිය බිරිඳ සහ දරුවා සමග කොළඹ නිවසක පදිංචි වූයේය.
හරිහම්බ කළ මුදල් වියදම් කරමින් වසර දෙකකට ආසන්න කාලයක් ඔහු කොළඹට වී සිටියේය. හරිහමන් රැකියාවක් ගැන සොයා බැලුවද එය ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් බඳු විය.
"මෙහෙම ගියොත් අපි මහපාරට වැටෙනවා. මේ දරුවා ලොකුමහත් වෙද්දී එයාට හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ. ලංකාවෙ ඉඳලා මට ඒ දේ කරන්න වෙන්නෙ නැහැ. කොහොම හරි හොඳ රටකට ගිහින් සල්ලි ටිකක් හරිහම්බ කරන්න ඕනේ.....
කුගදාසන් සිය බිරිඳට කීවේය. ඒ වනවිට විටත් ඔහු කැනඩාවේ රැකියාවක් සඳහා යැමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියේය. කුගදාසන් සිය ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට ලැබුණේ 2000 වර්ෂයේදී ය.
සිය බිරිඳට සහ දරුවාට තාවකාලිකව සමුදුන් කුගදාසන් සියල්ල අමතක කර දමා කැනඩාවට ගියේය.
"මම මහන්සිවෙලා සල්ලි ටිකක් හරි හම්බ කරගෙන එන්නම්. ඔයා දරුවව බලාගෙන ඉන්න. කුගදාසන් සිය බිරිඳට කීවේ දරුවා ඇහැක් මෙන් බලා ගන්නා ලෙසය. ඔහු කැනඩාවට ගියදා සිට දස වසරක කාලයක් තිස්‌සේ මේ පවුලේ නොයෙකුත් හැල හැප්පීම් සිදු වන්නට විය. සෑම වසරකම ශ්‍රී ලංකාවට පැමිණ සිය බිරිඳගේ සහ දරුවාගේ සුවදුක් බැලීමට කුගදාසන් අමතක කළේ නැත.
කාලය කෙමින් ගෙවී යන්නට විය. ශාන්තිනීගේ තරුණ සිතුවිලි අවදි වූ අවස්‌ථා එමටය. තම සැමියා ගැන සිතමින් ඇය ඒ හැම විටකම දුක් වූවාය. දරුවා සමග ගෙවන හුදකලා ජීවිතය ඇයට තිත්ත වී තිබිණි.
ශාන්තිනීගේ සිත තහනම් පෙමක පැටලෙන්නේ මේ වකවානුවේදී ය. හුදකලා දිවියක් ගත කළ ශාන්තිනීට මේ තහනම් පෙම මහා බලාපොරොත්තු ගෙන දෙන්නක් විය. තහනම් ප්‍රේමයේ ආශ්වාදය ඇයට නව ජීවයක් ගෙන දුන්නාය. කැනඩාවේ සිටි කුගදාසන් මේ කිසිවක් දැන සිටියේ නැත. ඔහු සිය බිරිඳගේ සහ දරුවාගේ සියලු අවශ්‍යතාවන් සොයා බැලුවේය.
එහෙත් වැඩිකල් නොගොස් ශාන්තිනීගේ තහනම් ප්‍රේමය පිළිබඳ කුගදාසන්ගේ කනවැකිණි. ඔහු මේ පිළිබඳ ශාන්තිනීගෙන් විමසුවේය.
"මම ඔයාට හීනෙකින්වත් ෙද්‍රdaහිs වෙන්නේ නැහැ ඔය කතාව බොරුවක්.......
ශාන්තිනී දිව්රමින් කීවේ එවැනි කිසිම හාදකමක් තමන් ඇති කර ගෙන නැති බවයි. සැකය නමැති විෂබීජය කුගදාසන්ගේ සිතට ඇතුළු වී තිබිණි. ඔහු කැනඩාවේ සිටියද බිරිඳගේ ගමන් බිමන් ගැන නිතරම සොයා බැලුවේය.
2007 වර්ෂයේ කුගදාසන් ශ්‍රී ලංකාවට ආවේ කිසියම් සැලසුමක් සිතේ තබාගෙනය. සතුටින් සමාදානයෙන් තිබූ මේ පුංචි කැදැල්ල ඒ වනවිට ඇනුම් බැනුම් තර්ජනවලින් පිරි කලහකාරී එකක් බවට පත්ව තිබිණි. 2007 වර්ෂය වන විට කොළඹ ජන ජීවිතය ද අවුල් වී තිබිණි. දිගින් දිගටම කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර නිසා කොළඹ නගරයද අනාරක්‍ෂිත විය. ආරක්‍ෂක අංශ කොළඹ නගරය පීරමින් කොටි ත්‍රස්‌තවාදීන් සොයන්නට වූහ. කොළඹ නගරයේ පදිංචිව සිටි සාමාන්‍ය දෙමළ ජනතාවට මෙය මහා හිරිහැරයක් වූහ. ශ්‍රී ලංකාවට පැමිණි කුගදාසන් කොළඹ ඇති වී තිබෙන තත්ත්වය වටහා ගත්තේය. ඔහු ක්‍ෂණික තීරණයක් ගත්තේ ශාන්තිනීගේ ප්‍රශ්නය ද ගොඩින් බේරා ගැනීමටය.
"අපි ඉන්දියාවේ පදිංචියට යමු. කොළඹ හිටියොත් මේ දරුවාට උගන්ව ගන්නත් බැරි වෙනවා. චෙන්නායිවල මම දන්න කීපදෙනෙක් ඉන්නව. ඔයාටයි දරුවටයි කරදරයක් නැතිව ඉන්න පුළුවන්.
කුගදාසන් සිය බිරිඳ සහ දරුවා රැගෙන තමිල්නාඩු පෝරදර් ප්‍රදේශයේ පදිංචියට ආවේ කිසියම් සැනසීමක් ලබා ගැනීමටය.
එහෙත් තහනම් ගහේ පලවල රස බලමින් සිටි ශාන්තිනි ඉන් මුදා ගැනීමට කුගදාසන්ට හැකි වුණේ නැත.
ඉන්දියාවට ආවද ඇය සිය අනියම් සම්බන්ධතාව ඒ අයුරින්ම පවත්වාගෙන ගියාය. දරුවාත් බිරිඳත් තමිල්නාඩුවේ පෝර්දර් ප්‍රදේශයේ හිතවතකුගේ නිවසේ නතර කළ කුගදාසන් ආපසු කැනඩාවට ගියේ සියලු ප්‍රශ්නවලට නැවතීමේ තිත තබනු අටියෙන් ය. සිය දරුවා ද එම ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ඔහුට හොඳ අධ්‍යාපනයක් දීමට කුගදාසන් ඒ වනවිට කටයුතු කර තිබිණි.
එතැන් සිට ගත වූ වසර තුනක කාලය කුගදාසන්ගේත් ශාන්තිනීගේත් ජීවිතවල මහා පෙරළියක් සිදුවූ වකවානුවක් විය. අවස්‌ථා කීපයකදීම කුගදාසන් චෙන්නායි පැමිණි අතර ඒ සෑම පැමිණීමක් ම ගැටුම්සහගත සිදුවීම්වලින් කෙළවර විය. මේ ගැටුම් ඉන්දීය පොලිස් පොත්වල පවා ලියවී තිබිණි.
"මට දැන් තමුසෙත් එක්‌ක පවුල් කාලා ඇතිවෙලා. මම මේ කසාදෙ කටු ගාලා දානවා. ශාන්තිනී කුගදාසන් ට බැණ වැදුණාය. ඒ වනවිට කුගදාසන්ගේ සිතේ ශාන්තිනී කෙරෙහි ඇති වී තිබුණේ දැඩි වෛරයකි. තම බිරිඳගේ අනියම් සම්බන්ධය ගැන නිතරම සොයා බැලුවද කුගදාසන් ගත කළේ ද සෙල්ලක්‌කාර ජීවිතයකි.
තම බිරිඳගේ අනියම් සම්බන්ධතාව ගැන තදින් සිටිය ද ඔහු වෙනත් කාන්තාවන් කීපදෙනකුම හොර රහසේ ඇසුරු කළේය. ඉකුත් වසරේ දෙසැම්බර් මස 09 වැනිද කුගදාසන් චෙන්නායි ආවේ සිය දරුවා බැලීමටය. එහෙත් ඒ වනවිට ඔවුන් සුපුරුදු ස්‌ථානයේ සිටියේ නැත.
"අපි දන්නෙ නැහැ ශාන්තිනී කොහේ ගියාද කියලා. එයා සමහර විට ලංකාවට යන්න ඇති.
ශාන්තිනී සහ දරුවා නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකරු කුගදාසන්ට කීවේය. ඔහු යක්‍ෂාවේෂ වූයේය. දෙසැම්බර් මස 12 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට ආවේ දරුවා සහ ශාන්තිනී කෙසේ හෝ සොයා ගන්නා අටියෙනි. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.
ශාන්තිනී තමා අතහැර වෙනත් විවාහයක් කර ගැනීමට සූදානමින් සිටින බවට තොරතුරු කුගදාසන්ට ලැබුණේ මිතුරකුගේ මාර්ගයෙන් ය. ශාන්තිනීට අයත් චාවාකච්ෙච්රි ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක් ඇය හොර රහසේම විකිණීමට උත්සාහ කරන බවට ද තොරතුරු ඔහුට ලැබිණි.
ඒ වනවිට කුගදාසන්ගේ මහලු මව්පියන් පදිංචිව සිටියේ කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ කුලී නිවසකය. මහලු දෙමව්පියන් රැක බලා ගැනීම සඳහා සාත්තු සේවිකාවක් නතර කිරීමට ද ඔහු කටයුතු කළේය. මහේෂ්වරී නල්ලූර් ප්‍රදේශයේ පදිංචි තරුණියකි. පෞද්ගලික රෝහලක හෙදියක ලෙස කටයුතු කරද්දී කුගදාසන් ඇය දැන, හඳුනා ගත්තේය. විශාල වැටුපක් ලබා දී ඇය සිය මහලු මව්පියන් බලා ගැනීමට කොළඹ ගෙන්වා ගැනීමට කුගදාසන් කටයුතු කර තිබිණි.
මහේෂ්වරී සමග කිසියම් ඇයි හොඳයියක් පවත්වාගෙන යැමටද කුගදාසන් කටයුතු කළේ කාටත් හොර රහසේය.
ශාන්තිනී සහ දරුවා සොයා ගැනීමට නොහැකිවීම නිසා කුගදාසන් නැවතත් ඉන්දියාවට ගියේ කිසියම් සැලසුමක් සිතේ තබාගෙනය.
සිය දරුවා ද සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ශාන්තිනී චාවාකච්ෙච්රිය ප්‍රදේශයට ගියේ සැමියාගෙන් බේරී රහසිගත ජීවිතයක් ගත කරන බලාපොරොත්තුවෙන්ය.
එහෙත් ඒ වනවිට කුගදාසන් සිය සැලසුම සකස් කර හමාරය. ශාන්තිනී පරලොව යවා සිය දරුවා තමන්වෙත ගැනීමට ඔහු සැලසුම් කරගෙන සිටියේය. ඇය දරුවා ද සමග යාපනයේ සිටින බව කුගදාසන් ඒ වනවිට සොයාගෙන තිබිණි.
2011 වර්ෂයේ මාර්තු මස 04 වැනිදා කුගදාසන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ය. වැල්ලවත්ත ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්‌ථානයකින් යාපනයට යැම සඳහා වෑන් රථයක් ඔහු කුලියට ගත්තේය. ඒ සඳහා රුපියල් 28,000 ක මුදලක් ඔහු ඒ මොහොතේ ම ගෙවා දැම්මේය.
මේ වෑන් රථය සුදු පැහැති එකක් විය. සුදු වෑන් රථයක් කුලියට ගැනීමට කුගදාසන් කල් තියාම සිතාගෙන සිටියේය. ඊට හේතුව වූයේ තමන් සිදු කරන්නට යන අපරාධයේ වරද ආරක්‍ෂක අංශ වෙත පැටවීමටය. වෑන් රථ රියෑදුරු මේ කිසිවක් දැන සිටියේ නැත. සුදු වෑන්වලින් එන ආරක්‍ෂක අංශ සාමාජිකයන් දෙමළ ජනතාව පැහැර ගන්නා බවට විශාල මතයක් උතුර ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබිණි.
කුගදාසන් සිය යෙහෙළියක වූ මහේෂ්වරීට දුරකථන ඇමතුමක් දී ඇයට ද යාපනයට යන්නට සූදානම් වී සිටින ලෙස දැනුම් දුන්නේය.
කුගදාසන් සිය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා කුලී අපරාධකරුවන් දෙදෙනකුගේ ද සහාය ලබා ගත්තේය. මිතුරකුගේ මාර්ගයෙන් මේ කුලී අපරාධකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට ඔහුට හැකි විය. ඔවුන් දෙදෙනාද වව්නියාව නගරයේදී කුගදාසන් ගමන්ගත් වෑන් රථයට ගොඩ වූහ. කුගදාසන් ඇතුළු පිරිස යාපනය නගරයට පැමිණ ලැඟුම්හලක නතර වූහ. ශාන්තිනී සිය ඥතියකුගේ නිවසේ නතර වී සිටින බව කුගදාසන් දැන සිටියේය. ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ කුගදාසන් සිය සගයන්ට උපදෙස් දුන්නේය.
පසුදා දහවල් කුගදාසන් සහ කුලී අපරාධකරුවන් දෙදෙනා වෑන් රියේ නැඟී චාවාකච්ෙච්රි ප්‍රදේශයට ගියේ සිය අවසන් සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ය.
ශාන්තිනී මේ කිසිවක් දැන සිටියේ නැත. ඇය තමන්ට අයත් ඉඩමේ කිසියම් කටයුත්තක නිරත වී සිටියාය. පුත්‍රයා වූ රවී ද ඒ අසල විය. හිටිහැටියේ ම ආ සුදු පැහැති වෑන් රථය ශාන්තිනී ආසන්නයේ නතර කළේය. කුගදාසන් තවත් දාමරිකයන් දෙදෙනකු සමඟ වෑන් රථයෙන් බසිනු දුටු ශාන්තිනී දැඩි ලෙස බියට පත්වූවාය.
"අනේ අපට කරදර කරන්න එපා" පාඩුවේ ඉන්න දෙන්න...... ශාන්තිනී බැගෑපත් වූවාය. මේ වනවිට රවී පහළොස් වැනි විය ඉක්‌මවා සිටි තරුණයකු විය.
"මම උඹට කරදර කරන්නෙ නැහැ. මම ආවෙ මේ වැඩේ දෙකින් එකක් කතා කරලා විස¹ගන්න. අපි යමු කොහෙට හරි නිස්‌කලංකව කතා කරන්න.
කුගදාසන් බොහොම තැන්පත් ලීලාවෙන් කීවේය. ශාන්තිනීගේ බිය තරමක් පහව ගොස් තිබිණි. ඇය සිය දරුවාද සමඟ වෑන් රථයට ගොඩ වූවාය. ශාන්තිනී රැගත් වෑන් රථය සැනෙකිsන් ඉගිලුණේය. වෑන් රථය චාවාකච්ෙච්රි කිරාඩුවිල් ප්‍රදේශයට සේන්දු විය. කුගදාසන්ගේ අනින් වෑන් රථය නතර කෙරිණි.
මල්ලි උඹ මේ පුතාව එක්‌කගෙන ලොඡ් එකට පලයන්. මහේෂ්වරී ලොඡ් එකේ ඉන්නව පුතාව එයාට දීපන්. මම ශාන්තිනී එක්‌ක ටිකක් නිදහසේ කතා කරලා එන්නම්.
කුගදාසන් සිය බිරිඳ සමග වෑන් රථයෙන් බැස ගත්තේය. කිරාඩුවිල් ප්‍රදේශය තරමක කැලෑබද විය. යුද්ධයෙන් විනාශ වූQ පැරැණි ගොඩනැගිලි කීපයක් ම ඒ අවට පෙනෙන්නට තිබිණි. කුගදාසන්ගේ සහායට කුලියට ගත් අපරාධකරුවකු ද වෑන් රථයෙන් බැස ගත්තේය. ඔවුන් දෙදෙනා විනාශ වු පැරැණි ගොඩනැගිල්ලක් දෙසට ශාන්තිනීව රැගෙන ගියහ. කුගදාසන් අත වීඩියෝ කැමරාවක් ද විය. ඔහු ඒ වනවිට සිටියේ යක්‍ෂාවේෂයෙන් ය. අන්ත අසරණ වී සිටි ශාන්තිනී විලාප නැඟුවාය.
කුගදාසන් ශාන්තිනීගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. ඇගේ සෑම ක්‍රියාවක්‌ම වීඩියෝ ගත කිරීමට කුගදාසන් කටයුතු කළේය.
අනේ මට කරදරයක් කරන්න එපා. ශාන්තිනී බැගෑපත් වූවාය. එහෙත් කුගදාසන් හැසිරුණේ අමු තිරිසනකු ලෙසය. වසර ගණනක් තිස්‌සේ තමන් ආදරය කළ බිරිඳ ඔහුට පෙනුණේ යක්‍ෂණියක් ලෙසය. ඔහු සිය බිරිඳගේ මුහුණ පොඩිවනතුරු පහර දුන්නේය.
ශාන්තිනී විලාප නැඟුවාය. එහෙත් ඇය බේරා ගැනීමට කිසිවකුත් ඒ පාළු භූමියේ සිටියේ නැත. ඉතාම කෲර අන්දමින් ඇයට පහරදී ගෙල සිර කර මරා දැමූ මේ අලුගෝසුවන් දෙදෙනා ඇගේ සිරුර කැලෑ රොදක සැඟ වූහ.
ශාන්තිනී පැළඳ සිටි වළළු දෙකක් මාලයක් මුදුවක් කරාබු ඇතුළු රන් ආභරණ කීපයක් ම ගලවාගත් කුගදාසන් ඒ සියල්ල කලිසම් සාක්‌කුවේ දමා ගත්තේය. කුගදාසන් සහ කුලී අපරාධකරුවා ඒ ආසන්නයේ දන්නා කියන ස්‌ථානයකට ගොස් පාපැදියක් ඉල්ලා ගත්හ.
"මල්ලී උඹ පයින් වරෙන් මම බයික් එකේ යනවා. අපි ලොඡ් එකේදී හම්බ වෙමු. කුගදාසන් සිය සඟයාට පයින් එන ලෙස දැනුම් දී පාපැදියෙන් යාපනය බලා යැමට පිටත් වූවේය. එහෙත් ඔහුට වැඩිදුරක් යැමට ඉඩ ලැබුණේ නැත. හමුදා මාර්ගබාධකයකදී කුගදාසන් පරීක්‍ෂාවට ලක් විය.
"කොහෙද තමුසෙ යන්නෙ. ගන්නව අයිඩෙන්ටි කාර්ඩ් එක........"
හමුදා සෙබළකු කුගදාසන්ගෙන් ප්‍රශ්න කළේය. ඔහු නිරුත්තර විය. එක එක බොරු ගොතන්නට පටන් ගත්තේය. හැඳුනුම්පතක් ද ඔහු සතුව නොවීය. හමුදා නිලධාරීන්ට මේ පුද්ගලයා පිළිබඳ කිසියම් සැකයක් මතුවී තිබිණි.
කුගදාසන්ගේ කලිසම් සාක්‌කු පරීක්‍ෂා කිරීමේදී සඟවාගෙන සිටි කාන්තා රන් ආභරණ කීපයක්‌ද හමුදාව සොයා ගත්හ. අන්තිමේදී කුගදාසන් චාවාකච්ෙච්රි මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. බී. ඡේ. චන්ද්‍රසේකර මහතා වෙත භාර දීමට හමුදා සෙබළු කටයුතු කළහ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් මුනිවත රැකීමට කුගදාසන්ට ඉඩකඩ ලැබුණේ නැත.
අනේ........ සර් මම අපරාධකාරයෙක්.. කුගදාසන් සියල්ල හෙළිදරව් කරන්නට විය.
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රසේකර මහතා මේ සිදුවීම පිළිබඳ ඒ මොහොතේදීම උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි සිල්වා මහතාටත් සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් දැනුම් දීමට කටයුතු කළේය.
අපරාධ විමර්ශනය පිළිබඳ ඉතාම හසල දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි සිල්වා මහතා මෙම සිදුවීම පිළිබඳ විමර්ශන කළ යුතු ආකාරය පිළිබඳ පොලිසියට උපදෙස් දුන්නේය.
හමුදාවේ සහාය ඇතිව ගිය විශේෂ පොලිස් කණ්‌ඩායමක්a කිරාඩුවිල් ප්‍රදේශය පීරමින් පරීක්‍ෂා කළ ද ශාන්තිනීගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය. ඒ වනවිට විශේෂ පොලිස් කණ්‌ඩායමක් යාපනය ප්‍රදේශයට ගොස් එහි ලැඟුම්හලක සිටි මහේෂ්වරී සහ ශාන්තිනීගේ පුත්‍රයා පොලිස් භාරයට ගත්තේය.
මේ අපරාධය සඳහා සම්බන්ධ වූ කුලී අපරාධකරුවන් දෙදෙනා ඒවනවිටත් ප්‍රදේශය අතහැර පලාගොස් සිටියහ.
ශාන්තිනීගේ මළ සිරුර පොලිසිය සොයා ගත්තේ පසුදා උදෑසනය. කුගදාසන් සතුව තිබූ වීඩියෝ කැමරාවද පොලිස් භාරයට ගෙන තිබිණි. එය මේ මරණය පිළිබඳ හොඳ සාක්‍ෂියක් විය. කුගදාසන් සිය බිරිඳ මරා දමා දරුවා රැගෙන කැනඩාවට යැමට කර තිබූ සියලු සැලසුම් අවසානයේදී ව්‍යර්ථ විය. මුල් විවාහයේ දරුවන් තිදෙනා කැනඩාවට යවා ඔවුන්ගේ අනාගතයද සාර්ථක කිරීමට ඔහු ඒ වනවිටත් කටයුතු තර තිබිණි. ශාන්තිනීගේ අනියම් සම්බන්ධය අවසානයේදී ලස්‌සන පවුලක් විනාශ මුඛයට ඇද දැම්මේය. රවීට අද සිය මෑණියන්ගේ සෙනෙහස අහිමි වී ඇත. රැකවරණයට සිටි පියා ද අත්අඩංගුවට පත්වී හමාරය.
උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ චාවාකච්ෙච්රි මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. බී. ඡේ. චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම අපරාධය පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු