පාන් කෑමත් අගුණයි

සුදු පාන් සහ සුදු බත් ආහාරයට ගැනීමෙන් වයස්ගත කාන්තාවන්ට විෂාදය හට ගැනීමේ දැඩි අවදානමක් පවත්නා බව අධ්‍යයනයකින් හෙළිවෙයි.

එහෙත් පූර්ණ ධාන්‍ය (නිවුඩු, ජනක ආදිය ඉවත් නොකළ ) ආහාර, දළආහාර, සහ එළවළු ආහාරයට ගැනීමෙන්  එම තත්වය මගහරවා ගත හැකි වෙයි. පිරිපහදු කළ ආහාර ගැනීමෙන් හෝමෝන වෙනස් වී රුධිර සීනි ප්‍රමාණය අඩුවෙයි. ඉන් විෂාදය හට ගනී. 

ඇමෙරිකානු සායනික පෝෂණ සඟරාවේ පළකර ඇති අධ්‍යයන තොරතුරුවල ප්‍රතිඵලයක් වශයෙන් පෝෂණය භාවිත කිරීමෙන්  විශාදයට ප්‍රතිකාර කිරීමේ  මං පෑදෙයි. පිරිපහදු කළ  ආහාර පරිභෝජනය හා විෂාදය අතර පැහැදිලි සබඳතාවක් ඇති බව පශ්චාත් ආර්තවහරණ කාන්තාවන් 70,000 කට වැඩි සංඛ්‍යාවක ගේ සහභාගිත්වයෙන්  කළ අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us