සුරාන්තය දිව ඔසුවකි

කූටප්‍රාප්තිය නැතහොත් සුරතාන්තය සෞඛ්‍යයට වඩාත් හිතකර බව විද්‍යාඥයෝ හෙළි කරති.ප්‍රතිශක්ති වර්ධනයේ සිට සමස්ත සෞඛ්‍යයට, සතුටට සහ යහ සාධනයට එය අත්‍යවශ්‍ය වූවක්  බව ඔවුහු පෙන්වා දෙති. එක් දිනක සුරතාන්තයකින් වෛද්‍යවරයා ඉවත් කර තැබිය හැකි බව සඳහන් කරමින්, ලිංගික ආශය හා ස්වයං සමභෝගය සමස්ත සෞඛ්‍යයටම වැදගත් බව අන්තර් ජාතික සෞඛ්‍ය සේවාව සිසුන් සඳහා නිකුත් කළ පත්‍රිකාවකින් අවධාරණය කරයි.

හෘදයාබාධවලින් වැළකීමට, සුව නින්දකට මෙන්ම හිසරුදාව සමනයට ද එය මහෝපකාරී වෙයි. සුරතාන්තයෙදී කාන්තාවගේ මස්තිෂ්කය පුර්ණ වශයෙන් ක්‍රියාශීලී වෙයි. එහිදී බලගතු ඔක්සිටොසින් ආදර හෝමෝනය නිකුත්වෙයි. සෑම ලිංගික ක්‍රියාවකදීම පුරුෂයන්ට,කාන්තාවන්ට, සමලිංගිකයන්ට එක සමාන ප්‍රතිඵල හිමිවන බව නිව්යෝක් ස්නායු වෛද්‍ය විශේෂඥ ඩේවිඩ් ලින්ටන් කළ සිසාරක පරීක්ෂණවලින් හෙළි කරගෙන තිබේ.

සුරතාන්තයේදී මොළයේ සොම්නස් පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. යහපත් හැඟීමකදී, මුදල් දිනාගැනීමක දී, මත්පැන් ගැනීමකදී, කොකේන්, ඇම්පිටමින්  හා හෙරොයින් භාවිතයේදී ද මෙම සොම්නස් පද්ධතිය ක්‍රියාකාරී වන බව ඔහු පෙන්වා දෙයි. 

ඔක්සිටෝසින් දරු ප්‍රසුතියේදී, මව්කිරි දීමේදී, හා සුරතන්තයෙන් පසුනිකුත් කෙරෙන හෝමෝනයකි. සිරුරේ සමස්ත පද්ධතිය වැඩි වේගයකින් උණුසුම්ව හා සුවය වැඩිවෙලාවක්  රඳවා තබා ගැනීමට එය උපකාරී වෙයි. සුරතාන්තයට පත් වීමෙන් පසු සති දේකක් යන තෙක් රුධිර පීඩනය හා ආතති මට්ටම අඩු කර ගත හැකි බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පෙන්වා දෙති. එය නින්දටද මහෝපකාරී වෙයි. අධ්‍යයනයට එක්වූ කාන්තාවන් 2630 දෙනෙකුගෙන් සියයට 39ක්ම සුව නින්දක් සඳහා ස්වයං සමභෝගයේ පහස විඳින බව හෙළිවී තිබේ. සතියකට වරක් හෝ දෙවරක් ලිංගික සංවාසයෙන් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහි සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට  හැකියාව ලැබේ. සම පැහැපත්වීම කුටප්‍රප්තියේ තවත් ඵලයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. සැමට රුධිරය ගලායාම වර්ධනය වීමෙන් සමේ රුධිර නාළ විවෘත වීමෙන් සම පැහැපත් වෙයි.

හිසරුදාව සමනය කිරීම හා සඵලතාව වර්ධනය කිරීමද සුරතාන්තයේ තවත් ප්‍රතිඵල අතර වෙයි. හෘදයාබාධවලින් වැළකීමට නම් සුරතාන්තයට පත වන ලෙස බ්‍රිතාන්‍ය විශේෂඥ වෛද්‍ය ලීසා ටර්නර් ප්‍රකාශ කරයි. ඊශ්‍රායල අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ හෘදයාබාධ වැඩි කාන්තාවන්ගේ සුරතාන්තය ඉතා අඩු බවයි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us