ලූණු කෑම ඇගට ගුණයි

ලූනු වල විවිධ පෝෂණ හා ජෛව සක්‍රීය සංයෝග අඩංගු ය. සිරුරේ විටමින් C ක්‍රියාකාරිත්ව වර්ධනයට එය උපකාරී වෙයි.

ලූනු වල අසාත්මිකතාවට ප්‍රතිචාර දක්වන ක්වේසිටීන් නම් රසායනය අඩංගු ය.එය ප්‍රති ඔක්සිකාරකයකි. මෙම ප්‍රතිඔක්සිකාරක, හිස්ටමින් මෙන්ම  සෙසු අසාත්මිකතා හෝ සිරුරේ දැවිල්ල ඇතිකරවන රසායන අඩු කරන බව විද්‍යාඥයෝ හෙළි කරති.ලූනු විටමින් C සඳහා වන හොඳ මුලාශ්‍රයකි.

පිළිකා වැනි මාරාන්තික රෝගවලින් වැළකීමට එය උපකාරී වෙයි. ලූනු වැඩි ප්‍රමාණයෙන් ආහාරයට ගැනීමෙන් සිරුරේ ග්ලුකෝස් මට්ටම අඩුකර ගත හැකිවෙයි. ලූනු  සිරුරේ ඉන්සියුලින් වැඩි කරමින් සීනි මට්ටම පාලනය කරන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. අමුලුනු අනුභවයෙන් දුර්ගන්ධයක් විහිදුන ද එය නියත වශයෙන් ම මුඛ සෞඛ්‍යය වර්ධනය කරවයි.දත් ශක්තිමත් කරයි. බැක්ටීරියා නැති කර දමයි. විනාඩි දෙක තුනක් අමු ලූනු සැපීමෙන් මුඛයේ බොහෝ විෂබීජ මරා දැමිය හැකි බව ද විද්‍යාඥයෝ හෙළි කරති.එමෙන්ම එය හිසකෙස් වර්ධනයට ද බලපායි. විටමින් A ,C ,සහE වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් නිසා ලූනු සමට ද හිතකර ය. ලූනු යුෂ හිසේ ගැල්වීමෙන් රුධිර වහනය වර්ධනය වීමෙන් හිසකෙස් ගැළවී යාමද නවතින බව ඔවුහු පෙන්වා දෙති.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us