බීම නිසා ඇතිවන අදුරු විපාක

දෛනිකව සැහැල්ලු හෝ මධ්‍යස්ථ ප්‍රමාණයෙන් මත්පැන් පානය කරන  (කාන්තාවකට සම්මත එක් මත්පැන්  බඳුනක් එනම් දිනකට 15g ප්‍රමාණයක්, පි රිමියෙකුට නම් එවැනි වීදුරු දෙකක් 30g ) කාන්තාවන්ට හා දුම්පානයද සහිත  පිරිමින්ට මත්පැන් පානයට සම්බන්ධ පිළිකා වර්ධනය සම්බන්ධයෙන් වැඩි අවදානමක් පවතින බව අලුත් ම අධ්‍යයනයක් හෙළි කරයි.

කාන්තාවන් අතර සැහැල්ලු පානයේ සිට මධ්‍යස්ථ පරිමාණය දක්වා පානයෙන් මත්පැන් හා සම්බන්ධ පිළිකා එනම් ප්‍රධාන වශයෙන් පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමකට සහ සම්බන්ධයක් පවතින බව අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. සමස්තයක් වශයෙන් සැහැල්ලු හෝ මධ්‍යස්ථ මත්පැන් පානය පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද ඇතැම් පිළිකා වර්ධන අවදානමක් පවතී.මධ්‍යස්ථ ප්‍රමාණයෙන් මත්පැන් පානය කරන පිරිමින් අතර ද මත්පැන් සම්බන්ධ පිළිකා වර්ධනයක් පෙන්වයි. එහෙත් ඒ නිරන්තරයෙන් දුම්පානයට ඇබ්බැහි වුවන්ට ය. කිසිදිනක දුම් පානය නොකළ පිරිමින් සම්බන්ධයෙන් එවැනි අවදානමක් තහවුරු වී නොමැත. දැඩි ලෙස මත්පැන් පානය ඇතැම් පිළිකා අවදානම් වැඩිවීම හා සහසම්බන්ධයක් පවතී.

කෙසේ වුව ද සැහැල්ලු හා මධ්‍යස්ථ පරිමාන මත්පැන් පානය හා පිළිකා අවදානම අතර සම්බන්ධය පැහැදිලි බව අධ්‍යයනය මෙහෙය වූ හාවඩ් හා බොස්ටන්හි ඇමෙරිකා විද්‍යාඥ කණ්ඩායම හෙළි කරති. ඇමෙරිකාව කළ දැවැන්ත අධ්‍යයන දෙකක නිරීක්ෂණ ඊට පාදක කර ගැනිණ. පිරිමින් 47881 හා කාන්තාවන් 88084 දෙනෙකුගේ සෞඛ්‍යය වසර 30ක් තුළ නිරීක්ෂණයට  ලක් කරමින් මේ නිගමනවලට එළඹ තිබේ. සමස්ත පිළිකා අවදානම මෙන්ම මත්පැන් හා සම්බන්ධ පිළිකා එනම් පියයුරු,මහාන්ත්‍ර හා ගුද,අක්මා, මුඛ කුහර, ග්‍රසනිකා,ස්වරාල හා අන්නශ්‍රොත පිළිකා අවදානම ගැන ඔවුහු මෙහිදී සොයා බැලුහ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us