දරුඵල බලාපොරොත්තු කාන්තා ඔබට

ආලෝකවත් නිදන කාමර කාන්තාවන් ගැබ් ගැන්වීමෙන් බොහෝදුරට වළක්වාලන බව විද්‍යාඥයෝ හෙළි කරති.

රාත්‍රී කාලයේ දැල්වෙන සෑම ආලෝකයක්ම එනම් ජනෙල් තිර අතරින් රිංගා එන වීථි ආලෝකයේ සිට ටැබ්ලට් කම්පියුටරයෙන් විහිදෙන එලිය දක්වා ස්ත්‍රී ප්‍රජනන චක්‍රය සමඟ දැඩි ව්‍යසනයකට මං පාදන බව ඔවුහු කියති.

මැදි වයසේ කාන්තාවන්ට විශේෂයෙන් මේ අවදානම පවතී. සුව නින්දක් සහතික කිරීම සඳහා පිළිසිඳ ගැන්වීමකට වෙර දරන කාන්තාවන් අනුගමනය කල යුතු වන්නේ ඉතාමත් සරල ක්‍රියා මාර්ග කිහිපයක් පමණක් බව ට ඔවුහු උපදෙස් දෙති. සන්ධ්‍යා කාලයේදීම ආලෝකය අඳුරු කිරීම, හා විධිමත් කාල සීමාවකට අනුව ආහාර අනුභවය වැනි සරල කියාමාර්ග  ඊට ප්‍රමාණවත්ය. 

පිළිකා, දියවැඩියාව ,ආතතිය, ස්ථුලතාව මේ සියල්ලක්ම රාත්‍රී ආලෝකය සමඟ සහසම්බන්ධයක් ඇතැයි  ඔවුහු පෙන්වා දෙති. සරුබව හා පොදු සෞඛ්‍යය සමඟ ආහාර සබඳතාව අවතක්සේරු කළයුතු නැති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ සඳහන් කරති.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us