නෂ්ට කාමයට ඔසුවක්

"ඒ කුඩා නිල් පැහැති පෙති අවශ්‍ය නැත. යළි ප්‍රබෝධවත් වීමට  මධ්‍යධරණී ආහාරවේලක් පමණක් ප්‍රමාණවත් ය "මාළු , සලාද හා ඔලිව් ඔයිල් ආහාරයට ගන්න. ඒ සමඟ වයින් වීදුරුවක පහස ද විඳින්න. නෂ්ට කාමයෙන් (බෙලහීනතාව) පෙළෙන පිරිමින්ගේ ජීවිත පෙරළියකට එය ඉවහල් වෙයි " ග්‍රීක හෘදරෝග විශේෂඥ ඇතනාසියෝස් අන්ගෙලිස් පවසයි.

එවැනි සැප දායක ආහාර අනුභාවයෙන් රුධිර වාහක  පිරිසිදු වන බව තමා  කළ පර්යේෂණයෙන් සනාථ  වී ඇතැයි හෙතෙම කියා සිටී.  විශේෂයෙන් පිරිමියාට  සිය කාර්යයට අත්‍යවශ්‍ය වන ලිංගයේ පටු නාළ ඉන් පිරිසිදු වෙයි.

වෛද්‍ය අන්ගෙලිස් ඇතන්ස් හි හිපොක්රේසන් රෝහලේ උද්දාමක(erection ) විෂම ක්‍රියාකාරිත්වය පිලිබඳ විශේෂඥයෙකි. මධ්‍යධරණී ආහාරය සැපදායක ආහාරයක් බව පිළිගනු ලැබුවකි.දීර්ඝ කාලීන ආයුෂ ද සමඟ සැපවත් බව, පිළිකා හටගැනීම් අවම වීම, සහ හෘද්වාහිනී රෝග අවදානම ඉන් අඩුවෙයි.

මෙය බෙහෙවින් වැදගත් බවත්, සිය වාහිනික සෞඛ්‍යය ස්ථාපනය කර ගැනීමට හෝ වළ ක්වා ගැනීමට ජනතාවට මෙවැනි ආහාර වේලක් තෝරා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
පුද්ගලයෙකුට උද්දාමක ප්‍රශ්න තිබේ නම් එය ඉදිරියේදී ඇතිවන දරුණු සෞඛ්‍ය ප්‍රශ්නවල සඥාවක්  බව හෙතෙම කියා සිටී. මක්නිසාද යත් ලිඟුවේ ඇති රුධිර වාහක ඉතාමත් සංවේදී වීමයි.


breakingnews.lk

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us