වැඩිපුර සීනි කෑම අනතුරුදායකයි

ඔබ, දිනකට කී වරක්‌ සීනි කනවාද? උදේ, සවස, දහවල සීනි දමා බොන තේ කෝපි හෝ කිරි වීදුරුව පමණක්‌ නොව ඔබ කන බිස්‌කට්‌, කේක්‌, චොකලට්‌, ටොෆී හා වෙනත් රස කැවිලි වර්ග ඔබේ මුදල පමණක්‌ නොව ජීවිතයද විනාශ කරන බව ඔබ දන්නේ නැද්ද? එහෙනම් ඔබ ප්‍රවේශම් විය යුතුය.

සීනි රසවත්ය. එහෙත් සීනි කෑම අනතුරු දායකයි. මහා බ්‍රිතාන්‍යයේ පෝෂ්‍යදායි ආහාර පිළිබඳ විශේෂඥයන් පවසන්නේ සීනි ආහාරයට ගත යුත්තේ ඉතා සුළු වශයෙන් බවයි.

සීනි කෑම නිසා ශරීරයේ කොලෙස්‌ටරෝල් වර්ධනය වෙයි. පිsෂ්ඨධාතු අඩු, සීනි වැඩි ආහාර ගැනීම නිසා සිරුරේ ඉන්සියුලින් ඉහළ නගින බව පැහැදිලිය.

මහාචාර්ය ජෝන් යඩ්කිං පවසනුයේ සීනි වැඩිපුර කෑමෙන් දියවැඩියාව පමණක්‌ නොව ක්‍රොම්බ්‍රොaසිස්‌ රෝගයද, තරබාරුකම නිසා ඇතිවන රෝගද වැළඳෙයි.

විටමින් හෝ අනෙක්‌ ආහාර පදාර්ථයක්‌ හෝ ගැබ්වී නැති සුදු සීනිවල ඇත්තේ සක්‌රෝස්‌ පමණි. එයින් වාත රක්‌තයද, තුවාලද, හෘදයාබාධ සමේ හා දත්වල රෝගද ඇතිවන බව දොස්‌තර යඩ්කිං සඳහන් කරයි.

චිකාගෝ නුවර හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඕපෝල් මහතා පවසන්නේ සීනි හෘද රෝග ඇතිවීමට හේතුවන බවකි. ඔහු පරීක්‍ෂණයට ලක්‌ කළ පුද්ගලයන් දෙදාහකින් සීනි පාවිච්චි කළ තුනෙන් දෙකක පිරිසකට හෘද රෝග වැළඳී තිබුණ බවයි. ආට්‌රියෝ සිරෝසිස්‌ රෝගයටද සීනි බලපායි.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මහාචාර්ය ප්‍රෙඩී මිලර් වසර තිහක්‌ තිස්‌සේ දන්ත රෝග පිළිබඳව කළ පරීක්‍ෂණ අනුව, පිරිසිදු කරන ලද සුදු සීනි සහ සුදු පිටිවලින් නිපදවන ආහාරත්, රසකැවිලි, සිසිල් පැන්, මත්පැන්වලට වඩා අහිතකර බව පෙනී ගිය බව පවසයි.

ආහාර හා බීම රසවත් කිරිමට හා දිරවීම පහසු කරවීමට සීනි උපකාරී වුවද එය වැඩිපුර ගැනීම ඇඟට ගුණ නැත. නවතම සොයා ගැනීම් අනුව පිරිසිදු කරන ලද සීනි ආහාරයක්‌ නැති ආහාරයකි. රෝග කාරකයෙකි. විටමින් සොරා ගන්නෙකි. පිළිකා රෝග කාරකයෙකි.

අවශ්‍යම නම් ඔබ ගත යුත්තේ හකුරු හෝ දුඹුරු සීනි පමණකි. සිරුරට අවශ්‍ය සීනි ලබා ගැනීමට අළුත් හා වියළි පලතුරු ගැනීම හිතකරය. පලතුරු වලින් සීනිවලට අමතරව විටමින් හා පෝෂණ පදාර්ථ සිරුරට ලබාදෙයි.

මී පැණි තේ හැන්දක්‌ පමණ ළමයින්ගේ දිනපතා ආහාරයට එක්‌ කිරීමෙන් සිරුරට ස්‌වභාවික සීනි ශරීරයට ලබාදිය හැකිය.

දරුවන්ගේ සෞඛ්‍ය රැක ගැනීමට ස්‌වභාවික හා චාම් ආහාරවලට ඔවුන් හුරු කළ යුතුය.

මේ නිසා සීනි හිඟයක්‌ ඇතිවීම හා මිල ඉහළ යැම වෙස්‌වළාගෙන එන ප්‍රතිශක්‌ති කරණයකි.

එස්‌. එම්.ආරච්චිගේ
රාගම

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us