අපේ පැරැණි භාරත දේශය මෙන් යුරෝපයේ මැදපෙරදිගට අයත් වූ බැබිලෝනියාව, චැල්ඩියාව (ඉරාකය) ගී්‍රසිය, මිසරදේශය, පර්සියාව වැනි රටවල ද එකල ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය දීප්තිමත්ව බැබළුනු වගක් ඉතිහාසය හදාරන විට අපට පෙනී යයි. මෙහිදී මෙම ජ්‍යෙdතිෂ ඉතිහාසයට "කළු තිතක්" (Black Mark) තබන්නේ එවකට යුරෝපයේ බලසම්පන්නව පැවැති කතෝලික සභාවයි. එම "සභාව" ජ්‍යෙdතිෂ්‍ය මිථ්‍යාවක් සේ සලකා ප්‍රතික්‍ෂේප කළා පමණක් නොව එවකට යුරෝපයේ සිටි මහා වියතුන්ද සිරගත කොට ඇතැමුන් මරණයට ද පත් කළහ. "ජියෝඩානෝ බ්‍රෑනෝ", "මෙලොව පමණක් නොව තවත් ලෝකවල් මෙම විශ්වයෙහි තිබෙන්නේ" යෑයි කළ ප්‍රකාශය හේතුකොට ඔහු පුළුස්‌සා දැම්මේය. "සොක්‍රටීස්" අන්ධව සිරගෙයිම මියගියේය.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දහම් දෙසමින් දසත වඩිද්දී මැදපෙරදිග "මිලෙටස්" නගරයේ සිටි "තේල්ස්" නමැත්තා ක්‍රි. පූ. සවැනි සියවසේදී "සූර්යග්‍රහණ" හා "චන්ද්‍රග්‍රහණ" කල් තබා ප්‍රකාශ කළ හැකි "සිද්ධාන්තයක්" නිර්මාණය කොට ක්‍රි. පූ. 585 මැයි 28 දින පැවති සූර්යග්‍රහණය ගැන අනාවැකියක් ප්‍රකාශ කළේය.
"තෙල්ස්" එවකට මැද පෙරදිග සිටි මහ වියතුන් වන ඇනැක්‌සගෝරස්, ඇනැක්‌සිමැන්ඩර්, ඇනැක්‌සිමෙනේස්, ආකිලෝස් වැන්නන් ඒකරාශී කොටගෙන තාරකා විද්‍යාව හා ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය සංවර්ධනය කොට ස්‌ථාපිත කිරීමට කටයුතු සංවිධානය කළේය. "සොක්‍රටීස්‌ගේ" ගුරුවරයා වූයේ "ආකිලෝඩිය".
ඇනැක්‌සිගෝරස්, පැලෝපෝනීසියන් යුද්ධය පැවැති සමයේ "ඇතැන්ස්" නගරයට උඩින් දර්ශනය වුණු සූර්යග්‍රහණයක් ගැන කල්තියා ප්‍රකාශ කළේය. සර් ෙ-. හර්ෂල් මෙම ග්‍රහණය "පූර්ණ ග්‍රහණයක්" ලෙස ප්‍රකාශ කළ ද එය "වලයාකාර ග්‍රහණයක්" විය.
මෙහිදී තේල්ස් අප ඉදිරියට පැමිණෙන්නේ ජ්‍යෙdතිෂ අනාවැකි පමණක් නොව තමාට වාසි වන අන්දමේ අනාගත සිදුවීම් කීපයක් දැක ඒ අනුව ක්‍රියාකොට මහත් මුදල් සම්භාරයක් උපයාගත් විද්වතකු ලෙසිනි. ඉදිරි වසර දෙක තුනේදී මැද පෙරදිග ඔලිව් හිඟයක් ඇති වනු සිය ජ්‍යෙdතිෂ ගණිතඥණයෙන් දුටු තේල්ස් එවකට වෙළෙඳපොළ පැවැති සියලුම ඔලිව් තොග මිලයට ගෙන ආරක්‍ෂා සහිතව තැබුවේය. ඇලෙක්‌සන්ඩි්‍රයාවේදී මොහු තමා සතුව තිබූ සියලුම ඔලිව් තොග අලෙවිකොට ලොකු ධනයක් ඒකරාශි කරගත්තේය. ඔහු ඔල්ව් හිඟයක් ඇතිවනු කලින් දුටුවේ ජ්‍යෙdතිෂ සංකේත වගයක් ආශ්‍රයෙනි.
ඔහු ඊළඟට ඇතැන්ස් නගරයට ගියේය. එවකට එහි වසංගත රෝගයක් හටගෙන තිබිණි. තේල්ස් වෛද්‍ය විද්‍යාව හදාරා තිබූ බැවින් ඇතැන්ස්‌වාසීන්ට ප්‍රතිකාර කොට සුවපත් කළේය. ඇතැන්ස්‌වාසීහු පසුව ඔහුගේ පිළිරුවක් නිර්මාණය කොට ඇතැන්ස් නගරය් ප්‍රතිෂ්ඨාපිත කළේය.
තේල්ස් ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රය මනාව ප්‍රගුණ කළ අයෙකි. ඇතැන්ස්‌හි සිද්ධියෙන් පසු තමාගේ ඉරණම ද විසඳෙනු කලින් දුටු තේල්ස් තමාගේ මරණය අහසින් තම හිසට වැටෙන යමකින් සිදුවනු බව දැක කිසිම ද්‍රව්‍යයක් හිසට නොවැටෙන තැනක් සොයා ගියේය. විශාල වෙල්යායක් දැක එහි ගියොත් අහසින් කිසිවක් නොවැටෙන හෙයින් වෙල්යාය මැද වාඩිලා සිටියේය. තමාට මෙම මාරකයෙන් ගැලවිය හැකි බව තේල්ස් සිතා සිටියේය. එහෙත් කරුමයක මහතෘ
රාජාලියෙක් ඉබ්බෙක් අල්ලාගෙන තේල්ස් සිටි වෙල්යාය මැදින් පියඹා යමින් ඉබ්බාගේ කටුව ගලවාගත හැකි මඟක් කල්පනා කරමින් සැරිසැරුවේය. මෙලෙස පියාසර කරද්දී වෙල්යාය මැද පොඩි ගලක් තිබෙනු රාජාලියා දිටීය. එම ගල් උඩට ඉබ්බා අතහැරියොත් ඉබි කටුව ගැලවී, මස් වැදැල්ල පමණක් ඉතිරිවීමෙන් ඉක්‌බිති එය අහුලාගෙන ආහාරය පිණිස ගනිමැයි සිතා ඉබ්බා සිය පා ඇඟිලිවලින් ගල උඩට මුදාහැරියේය. තට්‌ට හිසක් තිබූ අසරණ තේල්ස් ඉබ්බා නිසා ස්‌වර්ගයට ගියේය.
හීබ්‍රෑ ලේඛනවල අඩංගු ජ්‍යෙdතිෂ්‍යමය හා තාරකා ශාස්‌ත්‍රීය අනාවැකි බැබිලෝනියානු හා ඊජිප්තු වහලුන් ආශ්‍රයෙන් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබිණ. ඒවා ශතවර්ෂ කීපයකට පෙර ප්‍රකාශ කරන ලද අනාවැකි විය.
අලෙක්‌සන්ඩර් අධිරාජ්‍යයාගේ ආක්‍රමණ "ඩැනියෙල්" නමැත්තා කල් තබා දැක "කතෝලික සභාවට" දැන්වූ මුත් ඔවුන් ඒවා පිළිගත්තේ නැත. ඩැනියෙල් විසින් එවකට පැවැති සශ්‍රීක නගර කීපයක්‌ම මැදපෙරදිග සිතියමෙන් ඉවත්වී යන බවත් දුටුවේය. එම නගර නම් "මෝබ්, එඩොම්, අමලෙක්, ටයිරේ, සිඩොන් සහ ඇමොන්ය. ක්‍රි. ව. පළමු වැනි සියවසේදීත් මෙම නගර දක්‌නට තිබී ඇත.
ඊජිප්තුව යටත් කරගැනීම හා නිනේවා, බැබිලෝන් යන නගර අහෝසි වී යනු කල් තබා දැකීමට තරම් මැදපෙරදිග ජ්‍යෙdතිෂඥයෝ සමත් වූහ. වසර 490 කට පසුව "මේසයියා" පහළවෙනු ඩැනියෙල් කල් තබා ප්‍රකාශ කර තිබුණේය. එය එලෙසින්ම සිදුවිය.
ප්‍රංශයේ ෂෂ හෙන්රි රජුගේ හා කැතරින් ඩී. මෙඩිසිගේ වෛද්‍යවරයා වන මයිකල් නොස්‌ත්‍රඩාමුස්‌ගේ අනාවැකි හේතුකොට යළිත් මැදපෙරදිග ජ්‍යෙdතිෂයට ආලෝකයක් ලැබුණේය. ද්වන්ද සටනකින් ඉක්‌බිති ප්‍රංශ රජු මියයන බව නොස්‌ත්‍රඩාමුස් ප්‍රකාශ කර සිටියේය. ක්‍රි.ව. 1547 ජුලි 10 වැනිදා ෂෂ වැනි හෙන්රි රජු මොන්ටිමොරෙන්සි විසින් ඝාතනය කරනු ලැබිණ.
ක්‍රි.ව. 1666 දී ලන්ඩනය ගිනිගන්නා බවත් නොස්‌ත්‍රඩැමුස් කීවේය. එය ඒ ලෙසින්ම හරිගියේය. ජ්‍යෙdතිෂඥ විලියම් ලිලී විසින් ද මෙම ප්‍රකාශයම කල් තබා ලියා දන්වනු ලැබ තිබිණ. ජ්‍යෙdතිෂඥ ලිලී මෙම අනාවැකිය පළකොට තිබුණේ අඟහරු පෘථිවියෙන් බොහෝ ඈතට 1654 දී "යන" බව දුටු හෙයිනි.
ජොහැන්නස් කෙප්ලර් නමැති මහා භාරත ශාස්‌ත්‍රඥයා වඩාත් ප්‍රසිද්ධ වූයේ රාශි චක්‍රය "ඉලිප්සාකාර" බව පැවසූ හෙයිනි. එහෙත් ඔහු "වොලෙන්ස්‌ටයින්ගේ" නැගීම හා වැටීම කල්තබා අනාවැකියක් ලෙස ප්‍රකාශකොට තිබිණි. එය ඒ ලෙසින්ම හරි ගියේය. කෙප්ලර් තමාගේ පවුලේ අයගේ කේන්දර ද සාදා බැලූ බව කියනු ලැබේ. විශේෂයෙන් තම නැගණියගේ කේන්ද්‍රය සෑදූ බව කියති. තම පවුලේ අයගේ කේන්දරවල සමානත්වයක් හේ දිටීය.
ජෙරොමි කාඩන් නමැති ගණිත ශාස්‌ත්‍රඥයා ක්‌ලෝඩියස් ටොලමිගේ "සෙන්ටිලෝකියා" නමැති ජ්‍යෙdතිෂ හා තාරකා ලිත් 03 (ටෙටිරාබිබ්ලෝස්) සංස්‌කරණය කළා පමණක් නොව තමාගේ මරණය සිදුවන ආකාරය ද කල්තියා ලියා තැබූ බව කියති.
ජෙරොමි කාඩන් තමගේ මරණය සිදුවන ආකාරය කල් තබා දුටු බව කියනු ලැබේ. එනම්, තමා ෙ€දජනක ලෙස ඝාතනයකට ලක්‌වන බවයි. ඒ නිසා ඔහු තමාගේ පොත්පත් හා සියලු වස්‌තුව ඒකරාශී කොට කාමරයක ගබඩාකොට සියලු දොර ජනෙල් වසාගෙන සිටියේය. එහෙත් කරුමයක මහතෘ සොරු කණ්‌ඩායමක් ගෙය අසලින් යන ගමන් ජෙරොමි කාඩන්ගේ ගෙය ඉතා සුරක්‍ෂිතව වසා තිබෙනු දැක එහි මහා නිධානයක් වැනි වස්‌තුවක් සඟවා තබා ඇතැයි සිතා ප්‍රධාන දොරටුව කඩා ගෙට ඇතුළු විය. දොරෙන් ඇතුළු වනවාත් සමගම තරප්පුව ළඟ කාඩන් මහතා සිටිනු දැක ඔහු ෙ€දජනක ලෙසින් ඝාතනය කොට ගෙට ඇතුළු වූ බැව් කියනු ලැබේ. "තේල්ස්‌ට" වූදේ "කාඩන්ට" ද සිදුවිය.
ජෝන් ඩ්‍රයිඩන් කවියා ජ්‍යෙdතිෂ්‍ය ද හදාරා තිබිණි. ඔහු තම පුතා ඉපදෙන වේලාව ඉතා නිවැරදිව සටහන් කර තබන ලෙස තම භාර්යාව බලාගත් සාත්තු සේවිකාවට උපදෙස් දුන්නේ ඔරලෝසුවක් ද මේසය මත තබමිනි. දරුවා ඉපදීමෙන් පසු කේන්ද්‍රය සෑදූ ඩ්‍රයිඩන් කවියා තම පුතා වයස 8 දී මාරකයකට මුහුණ දෙන බවත්, ඉන් ගැලවුණොත් වයස 23 දී තවත් මාරකයකට මුහුණපාන බවත්, එයින් ද ගැලවුණොත් වයස 33 දී අවසාන වශයෙන් ස්‌ථිරවම මරණයට පත්වන වගත් ලියා තැබුවේය. වයස 33 දී මේ තරුණයා ලන්ඩනයේ "තේම්ස්‌ගඟ" 1 වැනි, 2 වැනි හා 3 වැනි වරට ද තරණයකොට අවසානයේදී මෙගොඩට පිහිනා ඒමේදී කෙණ්‌ඩා පෙරළීමෙන් හෝ හෘදයාබාධයකින් මියගියේය. පුතා පිළිබඳව වූ ඩ්‍රයිඩන්ගේ සියලු අනාවැකි සාර්ථකව ඉටු විය.
සේරිවාණිජ ජාතකයෙහි දැක්‌වෙන්නා සේ යුරෝපයේ සහ මැදපෙරදිග වෙළෙන්දෝ (එවකට ඔවුන් හැඳින් වූයේ "ජිප්සීස්" හා "නොමැඩ්ස්" නමිනි) "සේද මාවත" දිගේ යුරෝපයේ සිට චීනයටත්, චීනයේ සිට යුරෝපයටත් ඔවුහු ගියහ. එලෙස ගියේ කණ්‌ඩායම් වශයෙන් "තවලම්" මගිනි. ඔවුහු "ක්‍ෂේම භූමිවල" නැවතී ආහාර ගත්හ. මොවුන් මෙලෙස කාන්තාර හරහා ගමන් කරද්දී අහස නරඹමින් ගියේ. අංශක 1800 ක පරාසයක් තුළ පිහිටි තාරකාවක් ඔවුහු දුටුවෝය. එක තාරකාවක් නොසෙල්වී සිටිනු දුටු ඔවුහු එයට "පෝලා තරුව" හෙවත් "ධ්‍රැව තාරකාව" වශයෙන් නම් කළේය. තරු රටා අධ්‍යයනය කරමින් කාන්තාර හරහා ගිය ඔවුහු පසු කලෙක තාරකා ශාස්‌ත්‍රාඥයෝ ද, ජ්‍යෙdතිෂඥයෝ ද වූහ. පසු කලෙක මොවුහු මැදපෙරදිග රජුන්ට, කුමාරවරුන්ට ජ්‍යෙdතිෂ්‍ය උපදෙස් දීමට තරම් සමත් වූහ.
එවකට සමකාලීනව පැරැණි භාරත දේශයේ සිටියෝ මහාර්ලිවරුන්ය. ඔවුන් "යවන දේශය"යි නම් කළේ මේ මැද පෙරදිගය. "තාජික නීලඛණ්‌ථ" වැනි ජ්‍යෙdතිෂ ග්‍රන්ථ ඉන්දියාවෙන් මැදපෙරදිගට ගියේ ද එසේත් නැතිනම් "යවන දේශයෙන්" ඉන්දියාවට පැමිණුනේ දැයි කියන්ට බැරිය.
සුදර්ශී රුවන්පුර