පරාශර මුනිවරයින් විසින් මේ උතුම් ශාස්‌ත්‍රය මෙලොව පරලොව නොඅදහන කපටි පුද්ගලයන් අතට පත් කළහොත් එයින් ලොවට අනර්ථයක්‌ම සිදුවන බව පවසා ඇත. එසේම අති විශිෂ්ට වූ මේ හෝරා ශාස්‌ත්‍රය භක්‌තියෙන් හා අවබෝධයෙන් යුතුව හදාරන්නා හට දීර්ඝායුෂ ශක්‌තිය, ධනය හා ප්‍රසිද්ධිය ලැබෙන බවද කියා තිබේ.
ගර්ග මහාසෘෂිවරයා විසින් කුහකාවේශ පිහිතෙඃ - කණොÑපශ්‍රැති හේතුභිඃ කෘතා දේශෝ න සවÑත්‍ර - ප්‍රෂ්ටෙව්‍යාන දෛවවිත් යනුවෙන් ප්‍රකාශ කරන්නේ කුහක ගති ඇති නිසි පිළිවෙළට ශාස්‌ත්‍රය ඉගෙන නොගත් තැනැත්තන් විසින් කියන දේ නොඇසිය යුතු බවත් ඔවුන් දෛවඥයන් නොවන බවත්ය. තවදුරටත් මේ ගැන කරුණු දක්‌වන එම මහ රුසිවරයා "අවිදි නෛථව්‍යඃ ශාස්‌ත්‍රං - දෛවඥත්වං ප්‍රපද්‍යතේ
සපŒක්‌ති දූෂකඃ - පාපොඥෙයෝ නක්‍ෂත්‍ර සචකඃ
යනුවෙන් යමෙක් මේ ශාස්‌ත්‍රය මනාසේ නොදැන දෛවඥත්වයට පැමිණේද හෙතෙමේ සමාජ දූෂකයකු පාපියකු නක්‍ෂත්‍ර සූචකයකු වන බව කියා තිබේ.
මෙම සෘෂි භාෂිතයන් කෙරෙහි අවධානය යොමු කරන විට ජ්‍යෙdතිෂවේදියකු සතුව කොතරම් බරපතල වගකීමක් පැවරී තිබේදැයි සිතාගත හැක. එම වගකීම මැනවින් ඉටු කර ගන්නා මෙලොව මුනිවරයකු ලෙස පුදනු ලබන බවද මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ උපත ලබන බවද ගර්ග මුනීහු පවසති.
ජ්‍යෙdතිෂය මෑත කාලයේ ලොව පහළ වූ විද්‍යාවක් නොවේ. එහි ආරම්භය වේදයත් සමගම සිදුවූ අතර වේදය ආරම්භ වූ කාල වකවානුව නිශ්චිතව පැවසිය නොහැක. අප සතු ඉතිහාසගත තොරතුරු වලට අනුව අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ජ්‍යෙdතිෂයට තිබේ. බෞද්ධ සාහිත්‍යමය තොරතුරුවලින්ද මේ බව සනාථ වේ. අවුරුදු දහස් ගණනක් තිස්‌සේ ජ්‍යෙdතිෂය රැගෙන එන ලද්දේ පරපුරෙන් පරපුරට එය පවත්වාගෙන ආ ජ්‍යෙdතිෂවේදීන් විසිනි.
නක්‍ෂත්‍ර කටයුතු ඉතිහාසය ආරම්භයේ සිටම ලක්‌දිව පැවැති බව මූලාශ්‍රවලින් හෙළ sවේ. රාජ රාජ මහාමාත්‍යාදීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද මෙය භාවිත කළෝය. දරුවකුගේ උපතේ සිට මරණය දක්‌වා විවිධ අවස්‌ථාවලදී ජ්‍යෙdතිෂය අවශ්‍ය විය. මහනුවර රාජ්‍ය සමය දක්‌වා ජොතිෂ්‍ය කාර්යයන් ඉටු කරන ලද්දේ බ්‍රාහ්මණයන් විසිනි. බ්‍රාහ්මණයන් අතින් එය උදුරාගෙන සාමාන්‍ය ගිහි පැවිදි අය අතට එය පත් කළේ තොටගමුවේ සිරි රහල් සඟරජ හිමියන් විසිනි.
පැරණි ලක්‌දිව නක්‍ෂත්‍රකරුවන් ගැන ශිලා ලේඛනවලද සඳහන්ව ඇත. පෙරියකඩු විහාරය අසලින් සොයාගත් ක්‍රිස්‌තු පූර්ව යුගයට අයත් සෙල් ලිපියක "පරුමක නකතික" යනුවෙන් හැඳින්වෙන නක්‍ෂත්‍රයේ යෙදුන පිය පුතු දෙපළක් ගැන සඳහන් වේ. සී. ඩබ්ලිව්. නිකලස් මහතාගේ මතයට අනුව මේ දෙදෙනා උසස් ගණයේ ජ්‍යෙdතිෂවේදීහු වෙති. එම තත්ත්වය හිමිව තිබුණේ ඉතා ස්‌වල්ප දෙනෙකුට පමණි. සාමාන්‍ය ජ්‍යෙdaතිෂවේදීන් "නකතික" නමින් හඳුන්වා ඇත.
මේ ඉහළ තලයේ ජ්‍යෙdතිෂවේදීන් රජවරුන් සමග ඉතා සමීපව කටයුතු කර ඇති බව ඉතිහාස ග්‍රන්ථවලින් සනාථ වේ. පණ්‌ඩුකාභය කුමරු ගැන වසභ කුමරු ගැන, පරාක්‍රමබාහු කුමරු ගැන, දෙවන රාජසිංහ කුමරු ගැන කියවුණ ඉතා නිවැරැදි අනාවැකි මොවුන් විසින් පවසන ලද ඒවාය. සාමාන්‍ය ජනතාව අතර නැකැත්කරුවන් විසින් සලසන ලද සේවයද මෙවැනිම ප්‍රශස්‌ත එකක් වූ බවට සැක නැත. එහෙත් ඒ පිළිබඳ ඉතිහාසගත වාර්තා අප සතු නොවේ.
මෙම රාජකීය නැකැත්කරුවන්ට අති විශාල වගකීමක් හා අවදානමක් දැරීමට සිදුවිය. කොත්මලේ ගණිතයාට රාජ උදහස නිසා දිවි පිදීමට සිදුවීමෙන් මෙහි ඇති අවදානම මනාසේ පැහැදිලි වේ. එදා රජවරුන්ට කී අනාවැකියක් වැරදුනහොත් නැකැත්කරුට මරණය හිමි විය. එහෙත් එවැනි වැරදීමක් ජ්‍යෙdතිෂ ඉතිහාසයටම සිදුව ඇත්තේ වරාහමිභිරාචාර්යයන් අතින් පමණි. එහෙත් එයද නිවැරැදි කරන ලද අතර ඒ නිසා ජ්‍යෙdතිෂය තවත් රාජපූජිත බවට පත්විය. කොත්මලේ ගණිතයාට දිවි පිදීමට සිදු වූයේද ඔහු දක්‍ෂ වැඩි වූ නිසාය. රජු විසින් ඉදිරිපත් කළ ලබුගෙඩියේ ඇට ගණන පිළිබඳ ඔහුගේ විශ්මිත අනාවැකියට බියවූ රජතුමා ඔහු අනාගතයේ තමාට අනතුරක් විය හැකි යෑයි සිතා හිස ගැසීමට නියම කළේය.
නමුත් අති දක්‍ෂ වූ ඔහු තමාගේ ආයුෂ අවසන් බව දැන තමාටම කියාගත් වස්‌කවියකින් ජීවිතක්‍ෂයට පත් විය. අප රටේ ජ්‍යෙdතිෂයට ඇත්තේ එවන් ගෞරවණීය ඉතිහාසයකි.
එදා ජ්‍යෙdතිෂවේදියකුට රජ වාසල සම්බන්ධයෙන් ඉමහත් වගකීමක් පැවරී තිබිණි. රජ මාලිගාවේ ප්‍රධාන දෛවඥයා මහ නැකතිනා නම් විය. රජකුමර කුමරියන්ගේ කේන්ද්‍ර පිළියෙල කිරීම, පලාපල කීම ශාන්තිකර්ම කිරීම, බත් කැවීම නම් තැබීම්, ආභරණ පැළදීම් ශිල්ප ආරම්භ කිරීම් ආදී කටයුතුවලට නැකැත් හැදීම කළ යුතු විය. මහ රජතුමාගේ ආහාර අනුභවය, ස්‌නානය, ගමන් බිමන්, උත්සව කටයුතු රාජකාරි කටයුතුවලටද නැකැත් හා ශුභා ශුභ පරීක්‍ෂා කිරීම් කළයුතු විය. මේ අනුව ඔහුගේ වගකීම ඉතා බරපතල එකකි. යුද්ධ කටයුතු ආදියේදී යම් වරදක් වී නම් රජුත්, රාජ්‍යයත් ඔහුත් යන සියල්ලම විනාශ වී යැමට ඉඩ තිබිණි.
මේ හැර විහාර ආරාම කටයුතු හා වැව් අමුණු බැඳීම්වලට ද නැකැත් පිළියෙල කළ යුතු විය. මේ සියල්ල රජුගේ ධනයෙන් හා නායකත්වයෙන් සිදුවූ නිසා ඒවායේ සාර්ථකත්වය අනිවාර්ය අවශ්‍යතාවක් විය. වැරදුනහොන් රාජ උදහසට ලක් වී මරණ දඬුවම උරුම විය.
රාජකීය නැකැත්කරුවන් මෙවැනි බරපතල වගකීමක් ඉටුකරන ලද අතර සාමාන්‍ය ජනතාව තුළද ජ්‍යෙdතිෂයට විශාල උනන්දුවක් හා ඉල්ලුමක් පැවතිණි.
මෙයට හොඳම උදාහරණයක් නම් බුද්ධදාස රජතුමා විසින් හැම ගමකටම නැකැත්කරුවකු පත්කළ බවට පූජාවලියේ 778 පිටුවේ එන සඳහනයි. රාජාවලිය 200 පිටුවෙන්ද මේ බව සනාථ වේ. මෙයින් පෙනෙන්නේ සිංහල රජ දවස හැම ගමකටම රජයෙන් පත්කළ නැකැත් කරුවකු සිටි බවයි. එම ගමේ නැකැත් කටයුතු සාර්ථකව කිරීමේ වගකීම ඔහුට පැවරුන අතර එය ඉටු නොවුණු කල රාජ උදහසට ලක්‌විය.
වර්තමානයේදීද ජ්‍යෙdතිෂවේදියකුට මෙවැනිම වගකීමක් තිබේ. අදත් අප රටේ බහුතර ජනතාව ජ්‍යෙdතිෂය ගැන එදා මෙන්ම විශ්වාසය තබති. එය කඩ නොවන පරිදි ජ්‍යෙdතිෂවේදීන් කටයුතු කළ යුතුය. එසේ නොවීමෙන් මේ උතුම් ශාස්‌ත්‍රය ගර්හාවට නින්දාවට පත්වේ. වනයේ ගසක් විසින් ලැව්ගිනි අවුලවා වනය නසන්නාක් මෙන් ජ්‍යෙdතිෂවේදීන් නිසා ජ්‍යෙdතිෂය විනාශයට පත්වේ. එසේ නොකිරීමේ පරම පවිත්‍ර වගකීමක් ඔවුන්ට පැවරේ.
ජ්‍යෙdaතිෂයේ ගෞරවය ර¹ පවතින්නේ කියන අනාවැකි සත්‍ය හා නිවැරැදිවීමත් හදන නැකතින් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීමත් මතය. ඒ දෙකම සිදු නොවන තැන ජ්‍යෙdතිෂය මිථ්‍යාවක් බොරුවක් වංචාවක් බවට පත්වේ. එසේ නොවී ජ්‍යෙdaතිෂය සත්‍යයක් බවට පත්කිරීමේ වගකීම ජ්‍යෙdතිෂවේදීන් විසින් අකුරටම ඉටුකළ යුතුව තිබේ.
ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදී පී. සී. පතිරණ
පනාගොඩ
