සැබෑ කේන්දරය ඇත්තේ ඔබේ අතේය

ඔබේ කේන්දරයේ පිටපත ඔබේ අත යෑයි කියන්න බැරිකමක්‌ නැත. ඒ කේන්දරය බලා කිව හැකි දේවල්, අත බලා ද කිව හැකි හෙයිනි.

අතේ හැඩ රුව, රේඛා සටහන්, ඇඟිලිවල ස්‌වභාවය, ලප කැලැල්, සලකුණු ආදිය බලා අනාවැකි කීමට පුළුවන. ඔබේ හිත කෙසේ දැයි ඔබේ අතින් කිව හැකිය. පළල් අත්, සිහින් අත්, ඇඟිලි කොට අත්, ඇඟිලි දිග අත්, ඇඟිලි දිගු කළ විට ඇඟිලි අතර හිදැස්‌ සහිත අත්, රාශි මණ්‌ඩල මැනවින් පිහිටි අත් ආදී වශයෙන් විවිධාකාර අත් ය .කේන්දරයක මෙන් අතකද රාශි 12 දක්‌නට ඇත.

හොස්‌ස ළඟින් මැස්‌සකුටවත් යන්න බැරි, එතරම් ගණනකට ගත යුතු නැති, පුංචි පහේ කරුණකට වුවද කලබලකාරී ස්‌වභාවයක්‌ ඇති කර ගන්නා අයගේ අත්, මනා පෙනුමකින් යුතු වුවද, ඝන රළු ස්‌වභාවයකින් ද පුළුල් ස්‌වභාවයකින්ද, යුක්‌තය. එය එසේ වුවද, එවැනි අත් ඇත්තන්, උදාසීන අය නොව උෙද්‍ය`ගිමත් පුද්ගලයන් ය. මේ විදියේ අත්, සවිබල සහිත, මොළොක්‌ ස්‌වභාවයේ වැඩුණු මාංශපේශීන්ගෙන් සමන්විත නම්, වහා කිපෙන්නේ, නොඉවසිලිවන්තකම නිසාය. ක්‍රියාශීලී බවකින් යුතු ඔවුන් කඩිසරව ක්‍රියා කිරීමට හා නිදහසත්වයට ද කැමැත්තක්‌ දක්‌වන අය වුවද, පිළිවෙළකට අනුව කටයුතු කළොත් එතරම් කලක්‌ එලෙස ක්‍රියා කරන්නේ නැත.

සමහරුන්ගේ අත්වල වළලුකර කොටස හෝ ඇඟිලිවල මුල් කොටස හෝ අත්වලට වඩා, ස්‌වභාවික නොවන ආකාරයේ පුළුල් ස්‌වභාවයකින් යුක්‌තය. ඇඟිලි අග කොටස්‌ චතුරස්‍රාකාර පුළුල් ස්‌වභාවයකි. වළලුකර කොටස පුළුල් ස්‌වභාවයකින් පවතිද්දී, ඇඟිලි උල් ගතියකින් හෝ තුඩු ගැසී ඇති ගතියකින් හෝ තිබිය හැකිය. ඇඟිලිවල මුල් කොටස වැඩි පුළුල් ගතියකින් යුක්‌ත වුවද, එම ස්‌වභාවය වළලුකර හරියේදී තරමක්‌ සිහින් වන්න පුළුවන.

අලුත් අලුත් දේවල් සොයන්නන්, ගවේෂණයන්හි යෙදෙන්නන්, නාවික ක්‍ෂේත්‍රයෙහි නිරතව සිටින්නන්ගේ අත් මේ ආකාරයේ අත් විය හැකිය. සමහර මාහැඟි කාර්මික ශිල්පීන්ගේ, ඉංජිනේරුවන්ගේ අත්වලද මේ ස්‌වභාවය දක්‌නට ඇත.

ජ්‍යෙdතිර්වේදී සුගතදාස ජයසේකර මහතා පවසන අන්දමට මේ ආකාරයේ අත් සහිත අයගේ අත් ප්‍රමාණයෙන් දිගු විය හැකිය. අතැඟිලි සැකසී ඇත්තේ මනා විදියකටය. සෑම දෙයක්‌ කෙරෙහිම වාගේ අලුත් ඇසකින් යුතුව බලා, කිසියම් අලුත් දෙයක්‌ එතුළින් ඉස්‌මතු කරගෙන, තව තවත් එය දියුණු තියුණු කර ගැනීම ඔවුන්ගේ පුරුද්දය. ක්‍රියාශීලීව, ප්‍රායෝගිකව වැඩ කටයුතු කරන අයගේ අතැඟිලිවල මුල් කොටසට වැඩියෙන්, අත් පුළුල්, මහත් වන්නට පුළුවන. එවැනි අයගේ අභිමථාර්ථය, ඵලදායක අන්දමට කරන දෙයක්‌ කිරීමය. සිතෙහි මතු වන හැඟීම් පාලනය කර නොගෙන, හැඟීම්වලට යටත්ව සිටින්නවුන්ගේ අත් වළලුකර හරියේදී වැඩිපුර ත්‍රිකෝණාකාර ස්‌වභාවයක්‌ ගත හැකිය.

ඇඟිලි දිගු කළ විට ඇඟිලි අතර හිදැස්‌ ඇති අයට, මුදල් ඉතිරිකර ගන්න අමාරුය. හිදැස්‌ කිසිවක්‌ නැතිව මසින් පිරී ඇත්නම් අත මිට සරු කෙනෙකු විය හැකිය. අතක්‌ බැලීමේදී රේඛා ගණනාවක්‌ නිරීක්‍ෂණයට ලක්‌ කළ යුතුය. ශිර්ෂ ජීවන, හෘද, දෛව ආදී රේඛා ඉන් සමහරකි. ඕනෑම රේඛාවක්‌ රේඛාවක්‌ අතරමගදී කැඩී ඇත්නම් අසුබ ඵලත්, රේඛාවකින් නැගී එන රේඛාවක්‌ ඇත්නම් සුබ ඵලත් කිව හැකිය.

මීට උදාහරණයක්‌ දක්‌වතොත්, ජීවන රේඛාව යම් තැනකදී කැඩී ඇත්නම් ඒ වයසට ළඟා වන විට ජීවිතයට කිසියම් තර්ජනයක්‌ එල්ල විය හැකිය. කේන්දරයක්‌ බැලීමෙන් පලාපල කිව හැකි පරිද්දෙන් අතක්‌ බැලීමෙන් ද කෙනෙකුගේ ගතිගුණ පලාපල කියන්න බැරිකමක්‌ නැත.

විමල් වීරසේකර News lanka Magazine