ජෛව විවිධත්වය හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉතා ඉහළ මට්ටමක පවත්නා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව පෙදෙස තුළ පිහිටි රිටිගල කඳුවැටිය සොබා දහමේ මා හැඟි දායාදයකි. රිටිගල යනු හුදෙකලා වූ කන්දක් නොව කොඩිගල කන්ද, උණකන්ද, නාඋල්පතත් කන්ද, ඖෂධ කන්ද , අමරාපති කන්ද, ආඩියාකන්ද සහ පලතුරු කන්ද යන පරිවාර කදු හතක සමාගමයෙහි ඇති කන්දක් බව සිහිපත් කළ යුතුය. මෙරට සෞන්දර්යාත්මක වටිනාකම මෙන්ම උද්භිද විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම ලොවට විදහා දක්වන රිටිගල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර නිසංසල භූමි භාගයකි. රිටිගල හෙක්ටෙයාර් 1528ක් පුරා විසිර පවතින අතර පුරාවිද්‍යා නටබුන් සහිත අක්කර 100කට ආසන්න පෙදෙසෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය වේ. මහාවංශයේ අරිට්ඨ පබ්බත ලෙස රිටිගල කන්ද හදුන්වා දී ඇති අතර මෙය ආරක්ෂිත පර්වතයක් ලෙසද පෙර දවසේදී යොදාගෙන තිබේ.
උතුරු මැද පළාත් තුළ පිහිටි උසින් වැඩිම කන්ද රිටිගල කන්දයි. උතුරු අක්ෂාංශ 8'’ 7’ - 9Ó49’ සහ නැගෙනහිර දේශාංසක 80” 39’ - 19” 34’ අතර පිහිටා ඇති රිටිගල බිම් පදෙස තුළ වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 1000 - 2000 පමණ වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27කි.
ගැමි ජනප්‍රවාදයන්හී රිටිගල හා බැඳුනු බොහෝ පුවත් හා රසමුසු කතා රැසක් බද්ධව පවතී. ඉන්දියාවේ රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය මෙරට රජ කළ රාවණා රජතුමා විසින් පැහැරගෙන ලංකාවට ගෙන ආ පසු ඇය සොයමින් පැමිණි රාම කුමරුගේ සොහොයුරු ලක්ෂ්මන අතර මගදී රෝගී බවට පත්විය. ඔහුට ප්‍රතිකාර කිරීම පිණිස භාරත දේශයට ආපසු ගිය හනුමන්තා හිමාලයෙන් ලක්ෂ්මන කුමරු සමග ඔසු සහිත කන්දක් ලක්දිවට ඔසවාගෙගන ආ බවද එම කන්දෙන් කොටසක් රිටිගල කන්ද මත ඇද වැටී පරිවාර කඳුකැටයක් වන ඖෂධ කන්ද බිහිවූ බව ජනප්‍රවාදයේ එයි.
මීට අමතරව දුටුගැමුණු මහරජුගේ ගෝඨයිම්බර යෝධයා සමග ද්වන්ධ සටනකට එළැඹි රිටිගල ජයසේන පිළිබඳ නොයෙකුත් ජනකතා අසන්නට ඇත. කෙසේ වෙතත් විදේශීය ආක්‍රමණ ඇතුළු රට අභ්‍යන්තරයේ හටගත් කැරළි කෝලාහල හමුවේ සිංහල රාජරාජ මහාමාත්‍යාධීන් යුධ සේනා සංවිධානය සඳහා තෝරාගෙන ඇත්තේ වන ගිරි දුර්ග සහිත ප්‍රෙද්ශ බව ඉතිහසයේ දැක්වේ.
ඒ අනුව සළකා බැලීමේදී ක්‍රි.පූ 03වන සියවසේදී ජෙට්ඨ තිස්ස කුමරුද පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන්ට එරෙහිවද දුටුගැමුණු රජතුමා එළාර රජුට එරෙහිව රට දැය බේරා ගැනීම සඳහා යුද්ධයට පෙරාතුව සේනා සංවිධානය සඳහාද රිටිගල කඳුවැටිය ආශ්‍රිත වන පෙත යොදාගෙන ඇති බව පැහැදිලි වේ.
ඒ ආකාරයටම ලජ්ජිතිස්ස රජතුමා විසින් (ක්‍රි.පූ 59-50) අරිට්ඨ විහාරයද සූරතිස්ස රජු විසින්( ක්‍රි.පූ 187-177) විසින් සංඛ හෙවත් ලංකා විහාරයද, සේන රජතුමා විසින් ක්‍රි.පූ 833 සමයේ පාංශු කූලික භික්ෂූන් වහන්සේ උදෙසා ආරාම සංකීර්ණයක්ද රිටිගල කඳු පාරිශ්‍රය තුළ ඉදිකොට ඇතැයි පුරාවිද්‍යත්මක සාක්ෂි හෙළිදරව් වී තිබේ.
මීට අමතරව ලක්දිව මුල්ම භික්ෂූන් වහනන්සේ ලෙස සැළකෙන අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සීයක් මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා අරණ්‍යවාසීව රිටිගල වාසය කළ බව ඉතිහාසය දෙස් දෙයි. මෙම මහා සංඝයා වහන්සේ වෙත රජදරුවන් විසින් සඟසතු කොට පූජා කර ඇති විහාරාමයන්හි නටඹූන් දැනටත් රිටිගල පුර විසිරී පැතිරී තිබේ. කටාරම් කෙටූ ගල්ලෙන් 74ක්ද බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණු ශිලා ලේඛණ 152ක් ද පුරාවිද්‍යාත්මක වටිනකමිනන් හෙබි ගොඩනැගිලි 140ක නෂ්ටාවශේෂද කැනීම් සහ පර්යේෂණ තුළින් සොයා ගෙගන තිබේ.
මේ අතර ඉපැරණී අයුර්වේද රෝහලක් වශයෙන් සැළකෙන ගොඩනැගිල්ලක නටඹුන්ද ශේෂව පවතී. රිටිගල වන වන උයන තුළ ගල්පාලම් පියගැටපේළි, කවාකාර ශෛලමය වේදිකා ඔප දමන ලද සුවිසල් ගල් පුවරු තටාක, බෙහෙත් ඔරු සල පතල මළු ඇතුළු ගිමන් හල් රැසක බවට සැළකෙන පුරවිද්‍යත්මකක නටඹුන් සොයා ගැනීමට හැකි වී තිබේ. මෙම ඓතිහාසික වටිනකම නිසාම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතතික ත්‍රිකෝණයට අයත් ස්ථනයක් බවට රිටිගල ප්‍රකාශයට පත්කොට අැත.
රිටිගල කන්දේ සුවිශේෂී ජෛව විවිධත්වය පිළිබඳ ලෝක පරිසරවේදීන්ගේ ඉමහත් අවධානය යොමු කොට ඇත. මෙහි උද්භිද විද්‍යත්මකක වටිනාකම පිළීබඳ මුල් වරට ලොවට හඬගා පැවසුවේ හෙන්ද්‍රි රිච්මන් නමැති නමැති ඉංග්‍රීසි ජාතිකයා විසිනි. රිටිගල රක්ෂිතය තුළ විවිධ ශාක විශේෂ 337ක් ඇති බව සොයාගෙන ඇති අතර ඉන් 57ක්ම අපේ රටට ආවේණික ශාක වර්ග වේ. එමෙන්ම රිටිගල ආශ්‍රිතව එකිනෙකට වෙනස් පරිසර පද්ධති 03ක් දක්නට ලැබීමද සුවිශේෂී තත්ත්වයකි. කඳුවැටියේ පහළම පෙදෙසෙහි වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරල ලක්ෂණ සහිතයි.. මේ ප්‍රෙද්ශයේ මොර, හල්මිල්ල, කලුවර, වීර සහ පලු වැනි ශාක සුළභව දක්නට ඇත. කන්දේ මධ්‍ය ප්‍රෙද්ශය තෙත් කලාපීය වනාන්තරමය ලක්ෂණ පෙන්වයි. ඇටඹ කුඩු දවුල ඔමාර නා සහ කැන්ද වැනි ශාක වර්ග මෙම කලාපය තුළ දක්නට තිබේ. කඳු මස්තකය ආශ්‍රිතව කඳුකර කලාපීය වනාන්තර වල ලක්ෂණ පෙන්වන අතර නෙළු සහ බිනර වැනි ශක බහුලව වැවී ඇත. රිටිගලට පමණක් සුවිශේෂී වූ ශාක විශේෂ 05ක් මෙහිදී දැක ගත හැකිය. මී, රිටිගල තම්බජියා, ගල්කප්පර වල්ලිය නෙළු විශේෂයන් සහ උණ විශේෂයන් කිහිපයක් මේ අතර වෙයිත මෙරට බොහෝ පෙදෙස්වලින් වඳ වී ගොස් ඇති ඉරරාජ, සඳරාජ, වනරාජ, නගාමැරූ අල, වෙල්ලංගිරිය, බිම්කොහොඹ, පටාමකුල, සහ රුදන්ති වැනි ඖෂධීය ශාක රිටිගල වනගහණය තුළ සුරක්ෂිතව පවතී.
ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී සත්ත්ව විශේෂ 35ක් පමණ රිටිගල දී හමුවෙයි. එමෙන්ම වනඅලින්ගේ පාරම්පරික සංක්‍රමණීක මාර්ගයකි. පක්ෂි විශේෂ 122ක් උරග විශේෂ 59ක් උභය ජීවීන් 17ක් මත්ස්‍ය වර්ග 25ක් සමනළ විශේෂ 65කට පමණ රිටිගල නිජබිම වී තිබේ. විශේෂත්වය වනුයේ මෙයින් සත්ත්ව විශේෂ 40ක් ශ්‍රී ලංකාවට අාවේණික සත්ත්ව විශේෂ වීමයි. මෙහිදී දැකගත හැකි දවාසැරි හූණා නම් වූ විශේෂය රිටිගල හැරෙන්නට ලොව අන් කිසිදු ස්ථානයක නොමැති බව සඳහන් කළ යුතුය.
රිටිගල කන්ද ප්‍රාෙද්ශීය ලේකම් කොට්ටාශ 03කට අයත් ග්‍රාම නිළධාරී වසම් 10කට මායිම්ව පිහිටා ඇති ගම්මාන 14කින් වටවී තිබේ. අලගොල්ලෑව, මුරියාකඩවල, හඳපාගම, ඌත්තු පටිය, සේනා දිරියාගම ගලපිටගල, මොරගොඩ, කීරියගස්වැව, හීනුක්කිරියාව සහ ගනේවල්පොල මෙම ගම්මාන වේ. පවුල් 2684ක් රිටිගල ආශ්‍රිත ගම්මාන 14 තුළ ජීවත් වන අතළු ඔවුන්ගෙන් බොහෝ පිරිසක් කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කරගෙන සිටිති.
රිටිගල භික්ෂූ ආරාම සංකීර්ණය ඇතුළු ගොඩනැගිලි සමූහය එකලොස්වන සියවසේදී චෝල ආක්‍රමණය නිසා විනාශයට පත්විය. ඉන්පසුව මෙය වනරජ දහනක්ව බොහෝ කලක් පැවතුණි. බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යා ගවේශක ජේම්ස් මාක්ටේල් නමැත්තා වර්ෂ 1872දී පමණ රිටිගල තරණය කිරීමත් සමග යළිත් මෙම ස්ථානය පිළීබඳ ලෝකයට කරුණු ඉදිරිපත් කෙරුණි. එමෙන්ම ජේ.බී.එම්. රිව්ඩුඩ් නමැති මිනින්දෝරුවරයා රිටිගල පිළිබඳ අසියතික සඟරාවකට වාර්තාවක්ප ඉදරිපත් කිරීමෙන් පසු ලොව පතල පුරාවිද්‍යාඥයෙකු වූ එච්.සී.පී. බෙල් මහතා රිටිගල පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේශණ මාලාවක් සිදුකළේය. මේ අතර රිටිගල කන්දේ දක්නට ඇති ජල වහණ පද්ධතියට සුවිශේෂී වටිනාකමක් හිමි වන්නේ යැයි 1933දී එළිදැක්වුණූ ඒන්සන්ට් ඉරිගේෂන් වර්ක්ස් ඉන් සිලෝන් නමැති කෘතියේ කරුණූ දක්වා ඇත. මෙය සම්පදනය කර ඇත්තේ ආර්.සී.බ්‍රෝහියර් මහතා විසිනි. පසුකාලයකදී රිටිගගල කන්ද සංරක්ෂණය කිරීම පිළීබඳ රාජ්‍ය අවධානය යොමු කෙරුණායින් පසු පුරාවිද්‍ය කොමසාරිස්වරයාව සිටි අචාර්ය රාජාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගවේශණ ආරම්භ කෙරුණි.
වියළි කලාපීය වනාන්තරවල වැවෙන දැවමය වටිනාකමකින් යුතු කළුවර, කළුමැදිරිය , මිල්ල බුරුත වැනි ශාක රිටිගල වනපෙතතින් නීති විරෝධීව කපා ඉවත් කිරීමට සංවිධානාත්මක පිරිස් විසින් පෙළඹී සිටින බව පෙනී යයි. එමෙන්ම මෙම ඓතිහසික භුමිය තුළ වැවෙන අරළු, බුළු , නෙල්ලි , ගම්මාළු, කොතල හිඹුටු වැනි ඖෂධීය ශෘක එක්රැස් කොට අනවසරයෙන් පිට ප්‍රෙද්ශවලට ප්‍රවාහනය කිරීම සිදුකෙරෙන බවටද කරුණු වාර්තා වේ.
දඩයම් සොයන මිනිසුන් විසින් වනපෙත තුළ නිදහසේ සැරිසරණ ගෝනුන් තිත් මුවන් වල් ඌරන්, ඉත්තෑවන්, කබල්ලෑවන් වැනි සතුන් දඩයම් කිරීම සිදුවෙමින් පවතත්නා අතර මෙම දඩයම් කිරීම සඳහ උගුල් ඇටවීම, මදුගැසීම සහ ගිණිඅවි භාවිතා කිරීම ඇතුළු ක්‍රම භාවිතා කරන බව අනාවරණ වේ.
මෙවැනි නීති විරෝධී ක්‍රියවලට කඳුවැටිය වටා ජීවත්වන ඇතැමුන්ගේ සහාය ජාවරම්කරුවන්ට ලැබෙන බව විශ්වාස කෙරේ. රක්ෂිතයට අයත් භූමි ප්‍රෙද්ශය හේන්වගාව සඳහා අවට ගම්මානවල වැසියන් විසින් යොදා ගැනීමද දිගින් දිගටම සිදුවේ. මේ සියල්ලද සමගම රිටිගල නැරඹිමටප පැමිණෙන සංචාරක පිරිස් පුරාවිද්‍යාත්මක කලාපය තුළින් ඔබ්බට ගොස් රක්ෂිත ෙපදෙෙසන් විසිතුරු පැළෑටි ගලවාගෙන යාම පුරුද්දක් කරගෙන සිටිනන බවද හෙළි වෙයි.
මෙම අර්බූදයන් නිසා රිටිගල කඳුවැටියේ විනාශය සිදුවන අතර මෙම නීති විරෝධි කටයුතු වළක්වාලීම සඳහා කඩිනම් පියවර ගතයුතුය. නෙඑසේනම්, ඉතා දුර්ලභ ගණයේ අසිරිමත් සම්පතක් වූ රිටිගල වනාන්තරය මතු පරපුර සඳහා සුරක්ෂිත කිරීමට අපට නොහැකි වණු ඇත.
රිටිගල සැළසුම් සහගතව සංරක්ෂණය කිරීම පිණිස විධිවිධාන සැළෑස්වීමට කඩිනම් පියවර ගත යුතුව ඇත ප්‍රථමයෙන්ම කළ යුතුව ඇත්තේ දැනට ඇති මුරපොළවල් වට අමතරව අත්‍යවශ්‍ය ස්ථානයන් ආසන්නයේ මුරපොළවල් ජාලයක් අාරම්භ කිරීමත්, ජංගම ආරක්ෂක සේවයක් බිහි කිරීම්ය. ඒ අතර මෙම ස්වභාවික උරුමයන් සුරැකීම සඳහා එම පෙදෙසට තදාසන්නව ජීවත් වන පවුල් 3000කට ආසන්න ප්‍රජාව නිවැරදිව දැනුවත් කර තිබේ.
ඒ හා සමගාමීව රිටිගල රක්ෂීතය වටා පිහිටි පාසල් වල ගුරු භවතුන්ට හා සිසුන් හට මෙම අද්විතීය ලෝක උරුමය පිළිබඳ අවබෝධය ලබා දීම ඉතා වැදගත් කාරණයක් වී ඇත. මේ තුළින් රිටිගල අපේම සම්පතකි. එය සුරැකිය යුත යැයි අකල්පමය වෙනසක් රිටිගල අසන්නයේ වෙසෙන ප්‍රජාව තුළ ඇති කළ හැකිය. මෙම සියළු කරුණු තුළින් රිටිගල රක්ෂිතය රැකගැනීම සඳහා ජනතා බලවේගයක් ගොඩනගා ගත හැකිය.
එමෙන්ම රිටිගල කන්දට දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දැනට වඩා ඉහළ මට්මටමකින් යොමු කිරීම සඳහා සංචාරක මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වල අවධානය යොමු කළ යුතුව තිබේ.
සතුන් සමූහයකට අභය භූමියක් වූ අමරණිය වන රක්ෂිතයක් වූ මහතෙරවරුන් වැඩ විසූ පුණ්‍ය භූමියක් සේ සැළකෙන පුරාවිද්‍යාත්මක සහ ජෛව විද්‍යත්මකව අතිශයින්ම වැදගත් කමකින් හෙබි රිටිගල අනුරධපුරයේ පෙර රජදවස සිට පැවත එන මහා පෞරුෂත්වයේ රිද්මය බව වටහා ගත යුතුය.
(අනුරාධපුර දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා මෑතකදී අනුරාධපුර ඓතිහාසික රිටිගල කන්දේ ගවේෂණාත්මක පර්යේෂණ චරිකාවක නිරත විය. දිසාපතිවරය සමග සිදුකළ විශේෂ සාකච්ඡාවකදී කතාබහට ලක්වූ කරුණු පදනම් කරගනිමින් මෙම ලිපිය සකස් කෙරුණි. )
සටහන සහ ඡායා
නිමල් විජේසිංහ
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ
දිනමිණ