ජීවමාන බුදුන්ගේ කේශධාතු නිධන් කළ ගිරිහඬු සෑය!

අදට අඩසිය වසකට පමණ පෙරාතුව හාපුරා කියා පළමුව අපි අකුරු කරවන්ට ගියේ ගමේ පන්සලට.එදා දහම් පාසලේදී දෙන ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන විටදී ලංකාවේ ප්‍රථම චෛත්‍යය ලෙස ලියුවේ දෙවන පෑතිස්‌ රජ අනුරාධපුරයේ කරවූ ථූපාරාම චෛත්‍යයයි.

තවත් දැනුම් තේරුම් යනවිට පොත පත කියවා ලැබුණ අවබෝධයෙන් ලංකාවේ ප්‍රථම චෛත්‍යය රාජයා පිහිටුවූයේ මහියංගනයේ යෑයි තේරුම් ගත්තා. එදා බුදුරදුන් මහියංගනයට වැඩම කරවූදා මායාරට සමන්ත කූඨ අඩවියේ විසූ සුමන දේවනම් වූ ග්‍රාම නායකයා බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වුණා.

තමන්ට බුදුරදුන් සිහිවීමටත් අනිකුත් ලක්‌වැසියන්ට පුද සත්කාර කිරීමටත් පූජා වස්‌තුවක්‌ ඉල්ලා සිටියෙන් බුදුරදුන් හිස පිරිමැද කේසදා මිටක්‌ සුමන දෙවිරදුනට පරිත්‍යාග කළහ. එයින් කොටසක්‌ තම සිරසෙහි වූ චූඩාමාණික්‍යයෙහිද තැන්පත් කර ඉතිරිය මහාමේඝවනය නොහොත් අද මහියංගනය යන ස්‌ථානයේ සත්රියනක්‌ (අඩි දහයමාරක්‌) උසට චෛත්‍යයක්‌ කරවූවා. එය මියුගුණසෑය නොහොත් මහියංගනය නමින් අදත් හැඳින්වේ.

සාරා සංඛ කල්ප ලක්‍ෂයක්‌, සොළසා සංඛ කල්ප ලක්‍ෂයක්‌ මුළුල්ලේ බුදු බවට ලොබ බැඳ තමා ලත් බුද්ධ රාජ්‍යයේ අපිරිමිත වූ ප්‍රීතියෙන් විනා කිසිදු අහරක්‌ නොලබා සමවත් සුවයෙන් අසීමිත වින්දනය සුවයක්‌ ලබමින් සත් සතිය ගෙවා උදැසනට බුදුරදුන් හිමාල වනයෙහි වූ අනවතප්ත විලට වැඩියහ.

සක්‌දෙවිඳු විසින් පූජාකරන ලද දැහැටි දඬු වළ¹ මුව දොa වනය කර නැවතත් තමන් වහන්සේ වැඩ හුන් කිරිපළු රුක මුලට වැඩිසේක.

බුදු කෙනෙකුට කවර හෝ දිනකදී අග්‍ර භෝජනයක්‌ පුදන්නෙමිය. කල්ප ලක්‍ෂයක්‌ පුරා පැතුම් පුරමින් සිටි තපස්‌ස භල්ලුක නම්වූ වෙළෙඳ දෙබෑයන්ද එදින ගැල්වල බඩු පුරවාගෙන දඹදිව උතුරු දනව්වේ සිට හිමාලය වනය හරහා මධ්‍ය මණ්‌ඩලයට පැමිණෙමින් සිටියහ. ඒ අතර වාරයේදී දෙදෙනාගේම ගැල් හා ගොනුන් මඩ ගොහොරුවක එරී ගියාය. කිසිවක්‌ කර කියා ගත නොහිනි. දෙදෙනාම එක්‌ව වනයට අධිපති දෙවියන්ට සුවඳ දුම් පහන් දල්වා සහනයක්‌ ලබාදී ගැල් හා ගොනුන් මඩ ගොහොරුවෙන් ගොඩ ගන්නා ලෙස අයෑද සිටියහ. එකල වනයට අධිපති වූ එක්‌ සහළේ නම් වූ දේවතා දුවක්‌ පැමිණ ගෞතම බුදු බුද්ධත්වයට පත්ව සත් සති ගෙවා පනස්‌වැනි අද දිනයේදී උදැසනම අර ඈත පෙනෙන අජපාල නුගරුක මුල වැඩසිටින හෙයින් දානමය මහා පින්කමක්‌ කරගත හැකි බැව් ඔවුනට දේවතා දූ පැවසුවාය.

මහත් ප්‍රමෝදයට පත් වෙළෙඳ දෙබෑයෝ විළඳ හා මී පැණි මුසු කළ අග්ගලාද මී පිඬුද පූජා කළහ. බුදුරදුන් පළමුව භෝජනය වළ¹ වෙළෙඳ දෙබෑයනට අනුමෙවෙනි බණ වදාරා බුදුන් හා දහම් සරණ ශීලයෙන් පිහිටුවා බුදු සසුනෙහි ද්වෝවාචික උපාසකවරුන් බවට දෙදෙනාම පත් කළහ. ද්වෝවාචික යනුවෙන් හඳුන්වෙනුයේ බුදුන් හා දහම් යනුවෙනි ඒවනවිට බුදුරදුන්ගෙන් බණ අසා පැවිදිවූ සඟරුවනක්‌ නොමැති නිසාය.

බණ අසා පැහැදුනු වෙළෙඳ දෙබෑයෝ තමන්ට බුදුරදුන් වෙනුවෙන් ඇප උපස්‌ථාන කිරීමට යම් ධර්ම වස්‌තුවක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. බුදුරදුන් වහන්සේ ශ්‍රීහස්‌තයෙන් සිරස පිරිමැද කේසදා මිටක්‌ ඔවුනට ප්‍රදානය කළ සේක. එම කේසදා රුවන් කරඬුවක ඔබ්බවා රථයෙහි තබාගෙන නුවරින් නුවරදී පුද සත්කාර කරමින් ශ්‍රී ලංකාද්වීපය දෙසට පැමිණෙමින් සිටියහ.

එකල ලංකාවේ යක්‍ෂ, රාක්‍ෂ, නාග, දේව යන ජන කොට්‌ඨාස සමූහයක්‌ විසූහ. නාගයන් යනු වෙළෙඳාමෙහි දක්‍ෂයෝ වූහ. ක්‍රිව. 727-766 රජවු ලංකා ඉතිහාසයේ හතලිස්‌ පස්‌වැනි රජ ලෙස හැඳින්වෙන හයවැනි අග්ගබෝධි නොහොත් සිලාමේඝවර්ණ රජ කරවූ තිරියාය සෙල්ලිපි අනුව දඹදිව සිට හෙළදිව දක්‌වා රුවල් නැවින් යාත්‍රා කරමින් සිටියදී තිරියායේ ගල් වරායට ආසන්නව කඳු ගැටයක්‌ දැක ඇත. ඈත මුහුදට දිස්‌වෙන මෙම කදු පාමුළට පැමිණ එහි මුදුනේ ගල් තලාවක්‌ මත කේසදා තැන්පත් කළ කරඬුව තැබිණි. අසළවූ ගල් කැබලි එකතු කර කුඩා චෛත්‍යයක්‌ ලෙසට මෙම නිමකළ ස්‌ථානය ගිරිඛණ්‌ඩ ෙච්තිය නමින් හැඳින්විය. කුඩාවට තනන ලද චෛත්‍යයට දිනපතා මල් පහන් පූජා කරමින් ආවතේව සිදුකරන්නා වූ එක්‌ දිනක්‌ රාත්‍රි කාලයේ මුළු අහස්‌ පුරාම ඒකාලෝක කරමින් බුදුරැස්‌ ශලාවිත් ප්‍රාතිහාර්ය දැක්‌වූසේක. සවනක්‌ ගන බුදුරැස්‌ ගලා ගියහ. මුළු කඳු මුදුනම රාත්‍රි කාලයේ පෑයූ පූර්ණ චන්ද්‍රයාගේ අඳුරුදුරු කර ආලෝකය පහළ විය. පසු දින පහන්වූ පස එකල ප්‍රදේශයේ විසූ යක්‍ෂ, නාග, රාක්‍ෂ සහ දේව යන ජනතාව පැමිණ මෙම අශ්චර්යවත් සිද්ධියෙන් මහත් ප්‍රමෝදයට පත්ව මෙම කුඩා චෛත්‍යයට පුදසත්කාර කිරීමට පුරුදු පුහුණුව සිටියහ. එදා පටන් එම ස්‌ථානය ගිරිහඬු සෑය නමින් ප්‍රසිද්ධ වූහ.

ත්‍රිකුණාමලය දිසාවේ කට්‌ටුකුලම් පත්තුවේ යාන්ඔය මුහුදට ගලාබසින තිරියාය (ගල්වරාය) අසළ සැතපුමක්‌ පමණ දික්‌වූ තුන්මුදුනකින් හෙබි අඩි 212 පමණ උස්‌වූ ගිරිඛණ්‌ඩ පර්වතය මුදුනේ පිහිටි මෙම චෛත්‍යය දැනට ප්‍රදේශයේ ජීවත් වන දෙමළ මුස්‌ලිම් ජනතාව තිරියායි මලේ, කන්ද සාමි මලේ යනුවෙන් හඳුන්වති.

එකල ලක්‌දිව වැඩ විසූ මහරහත් වහන්සේලාගේ බණ භාවනා කටයුතු සඳහා මෙම ස්‌ථානය නිහඬ ස්‌ථානයක්‌ වූ බැවින් මහරහතන් වහන්සේලා වැඩසිටියා යෑයි පැවසෙන ගල් ගුහා දෙකක්‌ අද ද දක්‌නට ලැබේ.

නුහුරු පරිසරයක්‌ හා රුදුරු වනසතුන් ඇති යෑයි දැනුන බිය නිසා චෛත්‍ය මළුව හා එහි වූ නටබුන් අතරින් වනය තුළට පිවිසීමට අපොහොසත් වීමි. පෙර මහරහතුන් වැඩ විසූ සමයේ නිතර දෙවේලේ පහන් දැල්වූ හෙයින් ගිරිහඬු සෑය නිතුපත් පාන නමින්ද ව්‍යවහාර වී ඇත.

නිතුපත්පාන වැවට යාන්ඔයේ ජලය ගෙන යන වාරිමාර්ගයෙන් එතෙර වීම සඳහා යොදා ගනු ලැබූ ගල් පාලමක්‌ අද ද දක්‌නට ලැබේ. ඒ අසලම ඇති ගල් කණුද ආකාශ චෛත්‍යයට යන මග දෙපස අගන ගල්කැටයම් යොදවා ලීස්‌තර බේරා ඇති විශාල පොකුණු දෙකකි. පොකුණු තුළට බැසීම සඳහා ඇති දර්ශනීය පඩිපෙළවල් දැනුදු දැකිය හැක.

පහළ සිට ඉහළ චෛත්‍යයට ගමන් කරන විට අඩි සියයක්‌ පමණ ඉහළට නැගෙනවිට වම් පැත්තෙන් ගල් ගුහාවකි. කටාරම් කොටා ඇති මෙම ගල් ගුහා භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලාගේ විය හැක. රට ඉහළින් හමුවන තවත් ගල් ගුහාවකි. එහි බාහිර සටහන් දක්‌නට ඇත.

උඩමළුව අක්‌කරයක පමණ භූමි භාගයක දර්ශනීය ලෙස ගල්වලින් නෙළන ලද වටදාගෙයක නටබුන් දක්‌නට ඇත. ඒ අතර වැලිමළුව වටා අඩි දෙකක්‌ පමණ පළල වූ ගල්වලින් කපා සකස්‌ කරන ලද ප්‍රාකාරයක්‌ දක්‌නට ලැබේ. මළුවේ හතර පැත්තේම මුරගල් යෙදූ පඩිපෙළවල්ය. බටහිර දෙසින් රජවාසලක්‌ හෝ රාජකීය පිරිවෙනක්‌ යෑයි සිතිය හැකි අඩි 200ං200 ප්‍රමාණයේ ගල් හා ගඩොල්වලින් තැනුන අත්තිවාරමක සළකුණු දක්‌නට ඇත. ඒ අතර වූ විශාල ගල් පොකුණකි.

විශේෂිත වු මැටි හා ගඩොල්වලින් බඳවන ලද මුල් සෑය විශ්කම්භය අඩි තිස්‌පහක්‌ පමණ වේ. තිරියාය පුදබිමේ චෛත්‍යයද ථූපාරාමය, මැදිරිගිරිය වටදාගෙවල්වලට සමානවූ උස්‌වූ ගල්කුළුණු මත චෛත්‍ය ආවරණයක්‌ තිබූ බව පිළිගත හැක. සෑය හතරපැත්තෙන් ගල්වලින් ලියවැල් නෙළන ලද මල් ආසන හතරකි. දහඅටරියනක්‌ පමණ වූ මැටි ගඩොලින් තනා ඇති සැතපෙන පිළියමයක නටබුන් දක්‌නට ද ඇත.

මෙතරම් වටිනා වූත් වැදගත් වූත් පුණ්‍ය භූමියක්‌ අප සතුව තිබුණද මේ රට ආක්‍රමණකාරී යුගයන් හිදී මෙම පුණ්‍ය භූමි බොහෝදුට විනාශවී ගොස්‌ හමාරය. පැරණියේ සිරිලක්‌ රජවරු මෙම සිද්ධස්‌ථාන දියුණුවට කටයුතු කළද අද දින විනාශ මුඛයට පත්වනු දැකීම ශෝකජනකය. අභාග්‍යවන්ත සළකුණකි. අපේ බාල පරම්පරාවට සිදුවන අපරාධයකි.

ඉතිහාසය යනු මළ අයගේ වත ගොත හා ගල් ගරාවැටුන ගල් හා ගඩොල් ගොඩවල් ආශ්‍රිතයෙන්, ලේඛන මගින් තොරතුරු සොයන විෂයයකි. විෂයේ නිපුනත්වයට පත් තැනැත්තා ඉතිහාසඥයායි මම සිතමි. ඔහු නිහඬය. නිර්භයය, කල්පනාකාරීය විවේකීව සිත ගත මෙහෙයවයි. පැරණියේ වූ ජනතාවත් ඔවුනගේ සිතුම් පැතුම්, ගති පැවතුම්, සිරිත් විරිත් හා විවිධ ආගමික බලපෑම් හා හැකියාවන් සොයා බලා හේ තීරණය කරයි. ඒ පිළිබඳව විනිශ්චය උගත් බුද්ධිමත් පාඨකයා සතුය. එහෙත් ඉතිහාසය තොරතුරු සොයන්නා අසීමිත වූ මනෝ වින්දනයක්‌ ලබයි. ඒ අපේ බුදුහාමුදුරුවන්ගේ සම්මා සම්බුදු ගුණය සංකලනය වූ ඉතිහාසය ප්‍රවෘත්තීන් හා තොරතුරු ගවේෂණය කිරීමෙනි.

බොදුනුවන් වන අපි ජීවමානව වැඩ විසූ අපේ බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී අපට ලැබුණ මෙම මහඟු දායාදය රැකගැනීම, සුරක්‍ෂිත කිරීම අප රටේ යුතුකමයි.

ඔබටත් ඇති හැකි වෙලාවක ගිරිහඬු සෑය නොහොත් ගිරිඛණ්‌ඩ ෙච්තිය දැක වැඳ පුදා අසීමිත නිරාමිස ප්‍රීතිය විඳගන්න.

"බුද්ධෝ තපස්‌සු සහ භල්ලිකවානිජාතං දානං ලභිසමයු පිණඩික ලාජ පුණණං තේසං සුදින්න නිහිතං මුනිකේස ධාතුං වන්දාමි සුන්දරතරං ගිරිකණ්‌ඩි ථූපං"

අති සුන්දර වූ මෙම සංචාරයේදී වාහන පහසුකම් සැපයූ මල්දෙනිය විශ්‍රාමික පොලිස්‌ නිලධාරි පියරත්න මහතාට ස්‌තුතිය පුදකරමි.

සටහන හා ඡායාරූප රාජා ඒ. කුලතුංග